Thursday, August 11, 2016

Game of Thrones Season 2

මේ වෙද්දි කතාව මතකනෙ..රොබට් රජතුමා මැරුනා.. එයාගෙ ළමයින්ගෙ ඇත්ත තාත්තාව අපි දැනගත්තා.. ඒක හොයා ගනිපු නෙඩ් ස්ටාක් ට නිකරුනේ මැරෙන්න උනා ද්‍රෝහි චෝදනාවක් පිට. එහෙන් එයාගෙ පුතා රොබ් ස්ටාක් ලැනිස්ටර් ලට විරුද්ධව යුද්ධයක් පටන් අරගෙන.. අනෙක් පැත්තෙන් පටු මුහුදෙන් එහා කාල් ඩ්‍රොගෝ මැරුනා.. ඊට පස්සෙ කලීසි ගෙ මකර බිත්තර පුපුරලා මකර පැටව් ආවා.

දැං තමා යුද්ධ පේළිය පටන් ගන්නෙ.. යකඩ සිහසුනට පොරකන රෙන්ලි, ස්ටැනිස්, ජොෆ්‍රි ලගෙ එක සටනක්.. අනෙක් පැත්තෙන් බලේට කෑදර ටයිරෙල්, ලැනිස්ටර් ලා.. ඊලඟට තමන්ගෙ පළිය අරගෙන උතුර බේරගන්න හදන රොබ් ස්ටාක්.. ආයෙ අයන් අයිලන්ඩ් යන තියොන්.. පටු මුහුදෙන් එහා ඉඳගෙන මකරු ලොකු කරන ගමන් සේනා රැස් කරන්න දඟලන ඩැනී..

ප්‍රාකාරෙන් එහා පැත්තෙ ගැන තියෙන කතා ටික ටික ඇත්ත වෙන්නත් පටන් ගන්නවා.

සීසන් 1 එකෙන් අපිට ලැබුනේ හැම දේම ගැන හැඳිවීමක්.. සීසන් 2 තමයි දැං ඉතිරි  සේරටම කතාව හදාගෙන යන්නෙ. සීසන් 1 වැඩිය මරණ නෑ.. ඒත් මේකෙ ඊට වඩා ටිකක් වැඩී.. බලය අඩු වැඩි වෙන ඒවත් එක්ක. අපිට මුලින් හොඳ උන අය නරක වෙන්න පටන් ගන්නෙත් මුලින් නරකට ඉඳපු අය හොඳ වෙන්න පටන් ගන්නෙත් මේකෙන්.. සමහරු නම් හිටියා වගේමයි..







කොටස
කතාව
1
ටිරියන් කින්ග්ස්ලෑන්ඩින් ඇවිත් එයාගෙ තාත්තා වෙනුවට රාජ්‍ය උපදේශක තනතුර භාර ගන්නවා. ඒ අතරෙ ස්ටැනිස් බැරතියන් ගිනි දෙවියන් අදහන කෙනෙක් වෙලා ඒකෙ පූජකවරියෙක්ට ඕනෙ විදියට සේනා සංවිදානය කරන්න පටන් ගන්නවා.
2
ආර්යා ගෙන්ඩ්‍රි කට්ටිය කාසල් බ්ලැක් යන ගමන්.. තමන් කවුද කියලා ආර්යා ගෙන්ඩ්‍රි ට එලි කරනවා. රොබ් තියොන් ව අයන් අයිලන්ඩ් යවනවා උදව් ඉල්ලන්න. නිශාචරසුරැකුම් බලකායෙ අය ප්‍රාකාරෙන් එලියට ගිහින්.
3
රොබ් ට උදව් ඉල්ලගෙන තාත්තා ලඟට යන තියොන් ට ඒක හරි යන්නෙ නෑ.. මේ අතරෙ කැට්ලින් ආර්යාව රෙන්ලි ලඟට ගිහිං ඉන්නෙ රොබ් වෙනුවෙන් උදව් ඉල්ලන්න ලැනිස්ටර් ලට ගහන්න.
4
කලීසි ගෙ රුහිරාරක්ශකයන් ගෙන් කෙනෙක් හොයාගෙන එනවා ක්වාත් තියෙන්නෙ ලඟ බව මිනී ඇට උයනෙන් වට වෙලා. ආර්යා ගෙන්ඩ්‍රි හොට් පයි කට්ටිය හැරෙන්හිල් වලට එනවා කලිං වෙච්ච ප්‍රහාරෙන් පස්සෙ. ජොෆ්‍රි සන්සා ට වද දෙන්න හදද්ඩි ටිරියන් බේර ගන්නවා.
5
ඩැනී ක්වාත් වල සත්කාර විඳිනවා.. ඒ අතරෙ හැරෙන්හිල් වල ඉන්න ආර්යා ට ජෙකන් හේගර් ව හම්බ වෙනවා... තියොන් රොබ් ට ද්‍රෝහි වෙලා තාත්තට පෙන්නනන් හදනවා එයා ඇත්ත්ම අයන් බෝන් කෙනෙක් බව. නිශාචර සුරැකුම් බලකායෙ අය දිගටම ඇවිදගෙන යනවා.
6
/////නෙඩ් අසනීපෙන් ඉද්දි රජතුමා ආයෙම බැජ් එක එක එයාට දීල දඩයම් සවාරියක් යන්න යනවා.. මේ අතරෙදි විසේරිස් ඔටුන්නක් ඉල්ලලා කලීසි ට තර්ජනය කරන්න ගත්තු නිසා කාල් එයාගෙ ඔලුවට ගිනියම් වෙච්ච රං හැලියක් වක් කරලා මරලා දානවා./////
7
තියොන් ඇවිත් වින්ටර්ෆෙල් යටත් කරගන්නවා. ක්වාත් වල ඉන්න ඩැනී ජෝරා ව යවනවා නැවක් හොයන්න. ස්ටාක් ලගෙ අත් අඩංගුවේ ඉන්න ජේමි ගෙ නෑ කෙනෙක් හමබ වෙනවා ජේමි ට. ආර්යා ටයිවින් ට එයාගෙ ඇත්ත තත්වෙ හංගන්න මහන්සි වෙනවා.
8
තියොන් වින්ටර්ෆෙල් අල්ලගෙන ඉනෙද්දි යාරා ඇවිත් යන්න කතා කරනවා ආයෙ යන්න ඒක ගොන් වැඩක් නිසා.. ඒත් තියොන් කැමති වෙන්නෙ නෑ. ජොන් ට කොරින් හාෆ්හෑන්ඩ් ව හම්බ වෙනවා. ස්ටැනිස් කින්ග්ස්ලෑන්ඩින් යන්න ලේස්ති වෙනවා යුද්ධෙට.
9
ස්ටැනිස් සේනාංකෙත් එක්ක කින්ග්ස්ලන්ඩින් එනවා.. මගදිම ඒකෙන් භාගයක් විනාස වෙනවා ටිරියන් ගෙ සැලැස්මට කළ ලැව් ගිනි වැඩෙන්.. ඒත්ස්ටැනිස් නවත්තන්න බැරි වෙනවා. ජොෆ්‍රි අත් ඇරලා යන යුද්ධෙ ටිරියන් තනියම කරගෙන යද්දි ටයිවින් ලැනිස්ටර් ටයිරෙල් හමුදාව එක්ක එනවා.
10
ඩැනී නැතිවුන මකරු ටිට හොයාගෙන ක්වාත් වලින් පිට වෙන්න ලේස්ති වෙනවා. ජොන් තවම වනචාරීන් ලඟ. සෑම් ධ.ඇ දකිනවා.. ආර්යා හැරෙන්හිල් වලින් පිට වෙන්න යද්දි ජෙකන් ගෙන් තෑග්ගක් හම්බෙනවා.. ඒ අතරෙ රොබ් ෆ්‍රේ පවුල එක්ක සැලසුම් කල විවාහෙට ද්‍රෝහි වෙනවා.