Thursday, August 4, 2016

මළබිම් - The Night Lands 2

රිවර්ලන්ඩ්ස් මාවතක

යොරෙන් නිශාචර සුරැකුම් බලකායට අරගෙන යන ආධුනිකයො ටිකත් එක්ක ආර්යා ත් යනින් ගමන් ටිකකට මග නැවතිලා.. එදා දවසට කට්ටිය එතන කඳවුරු බඳින්නයි ලේස්තිය. ආර්යා එයාගෙ උපරිම උත්සාහෙ දෙනවා පිරිමි ළමයෙක් වගෙම ඉන්න.

ආර්යා දර මිටියකුත් උස්සන් එන අතරෙ කූඩුවක ඉන්නවා හිර කාරයෝ 3 දෙනෙක්, ඒ අතරෙ ඉන්නවා විශේශ කෙනෙක්. ජේකන් හේගර්. ජේකන් ආර්යා ට එයාව අඳුන්වලා දීලා බොන්න දෙයක් ඉල්ලනවා මුළු දවසෙම වතුර වත් නෑ කියලා. මේ තමා ආර්යාට ජේකන් ව හම්බෙන තැන.


මේ එක්කම වගේ ඒ පැත්තට එනවා රාජකීය සෙබළු දෙන්නෙක්. මේක දකින ආර්යා හැංගෙනවා ගෙන්ඩ්‍රි ඉන්න තැනම. සෙබළු දෙන්නට කඳවුර ඇතුළට එන්න නොදී යොරෙන් නවත්තලා තර්නජනය කරනවා යන්න කියලා. එතකොට මේ සෙබළු දෙන්නා කියන්නෙ එයාලා ආවෙ ගෙන්ඩ්‍රි කියලා අවජාතකයෙක් හොයන් කියලා. එහෙම කෙනෙක් මෙහෙ නෑ කියලා යොරෙන් කීවම උන් දෙන්නා යනවා. නිකම් නෙමෙයි ආයෙම තවත් අය එක්ක එක්ක ඇවිත් ගෙන්ඩ්‍රි වයි යොරෙන් වයි දෙන්නමත් මරනවා කියලා යන්නෙ.

මේ සිද්ධියෙන් පස්සෙ ආර්යා ගෙන්ඩ්‍රි ගෙන් අහනවා ඇයි ඒ අය ඔයාව හොයන් ආවෙ කියලා. මුලදි අකමැති උනත් පස්සෙ ගෙන්ඩ්‍රි කියනවා ඇරින් වංශාදිපතිතුමා මැරෙන්න කලින් එයාගෙන් ප්‍රශ්න කලාලු, ඒ වගෙම නෙඩ් වංශාධිපති තුමත්. ඒ නිසාලු ආවෙ.. එහෙම කියලා ගෙන්ඩ්‍රි අහනවා ආර්යා ගෙන් ඇයි ඔයා ඒ අය එද්දි හැංගුනේ කියලා.  ආර්යා එයාගෙ ඇත්තම විස්තර ගෙන්ඩ්‍රි ට කියනවා වෙන කෙනෙක්ට එළි නොකරන පොරොන්දුව පිට.

කින්ග්ස්ලෑන්ඩින් වලදී



ටිරියන් එයාගෙ කාමරේට එද්දි, වාරිස් ශේ එක්ක කතා කර කර ඉන්නවා. ඒ කියන්නෙ වාරිස් හොයාගෙන ටිරියන් ශේ ව එයා ලඟ තියගෙන ඉන්නවා කියන එක. වාරිස් ගෙ හැටි දන්න ටිරියන් කියනවා මේක එළි කරන්න එපා, එළි කරොත් වාරිස් ව විනාස කරනවා කියලා.




මේ සිධ්දීයෙන් පස්සෙ කුඩා කවුන්සිලේ තියෙනවා, එතෙන්ට ඇල්ටන් ලැනිස්ටර් ඇවිත් රොබ් ගෙ හුවමාරු පණිවිඩේ අරන්. ඒත් සර්සි ඒක ප්‍රතික්ශේප කරනවා. ඒ එක්කම නිශාචර සුරැකුම් බලකායෙනුත් පණිවිඩයක් ඇවිත් තව මිනිස්සු ඉල්ලලා. සර්සි ඒකත් බෑ කියනවා.

ඊලඟට බේලිශ් ගෙ මඩමේදි.. රෝස් ගොඩක් දුකෙන් අඬ අඬ ඉන්නවා එයාගෙ වැඩ කරන්නෙත් නැතිව.. ඒ එයාට නිතර බරා ව එයාගෙ ඉස්සරහදිම මරපු සිද්ධිය මතක් වෙන නිසා. බේලිශ් ඇවිත් රෝස් ට කතා කරනවා. අද රෑත් විවේක අරගෙන හෙට උදේ වෙද්දි එන්න කියලා බේල්ශ් යනවා.

ඊලඟට තව දෙයක්, ටිරියන් සාදයක් දාලා.. වෙන කාටවත් නෙමෙයි ජානොස් ස්ලින්ට් ට. ඒකෙ අතරෙදි කතා කරන ගමන් ටිරියන් අහනවා ජානොස් ගිහින්  අර ළමයි ව මරන්න ගියපු එක ගැන.
"නගර ආරක්ශාව වෙනුවෙන් දේවල් කලාට, මට හිතා ගන්න බෑ ඇයි ඒක වෙනුවෙන් තව්මා කිරි බොන අත දරුවො මරන්නෙ?"
"අණ කිරීම කියන්නෙ අණ කිරීම් වලට"
"ඔව් ඇත්තෙන්ම, විශේශයෙන් රැජින්ණගෙ?"
"මං කීවෙ නෑනෙ රැජිනගෙ අණක් කියලා"
"නෑ තමා, ඒත් එයාට ඇරෙන්න වෙන කාටද ඕනෙ රොබට් ගෙ අවජාතකයො මරන්න, ඒකි මහ ඉරිසියාකාර ගෑණියෙක්"
"ඔයා මට වඩා රැජිණ ගැන දන්නවනෙ උතුමානනි"   "ඔයා අහලා තියෙනවද මගේ අයියාගෙයි අක්කගෙයි ගැන කට කතා?"
"අනේ මං ඔය කතා අහන්නෙ නෑනෙ උතුමානනි"
"ඒක නම් හොඳයි තමයි, ඒත් නිකමට අහන්න තිබුණා.. මොකද මිනිස්සු කියනවා රොබට් ගෙ අවජාතකයන්ට සර්සි ගෙ ළමයින්ට වඩා සිහසුනට අයිතිය තියෙනවලු"
මේ කතාව තව ඇදගෙන යද්දි ජානොස් වලියක් දා ගන්න හැදුවත් ඒක කරන්න වෙන්නෙ නෑ. ටිරියන් ජානොස් ව අත් අඩංගුවට අරන් එයාට නිශාචර සුරැකුම් බලකායට යන්න කියනවා. ජානොස් ගෙ තනතුර දැං ලැබිලා තියෙන්නෙ බ්‍රොන් ට.

මේ අතරෙදි ඩ්‍රැගන්ස්ටෝන් වල

ඩාවොස් එයාගෙ පුතා මැතොස් එක්ක ලිස් වල යාත්‍රිකයෙක් උන සැලදොර් සාන් ව කැමති කරවා ගන්නවා ස්ටැනිස් එක්ක යුද්ධෙට යන්න සැලදොර් ගෙ නැව් 30ක් එක්කම. සැලදොර් මුලින් අකමැති උනත් පස්සෙ කැමති වෙන්නෙ යුධ්දෙන් පස්සෙ එයාට වස්තුව දෙනවා කියන පොරොන්දුව පිට. ඒ කතාව ඉවර වෙලා ඩාවොස් පුතා එක්ක එද්දි පුතා කියනවා අකුරු ඉගෙන ගන්න කියලා. ඒත් ඩාවොස් කැමති වෙන්නෙ නෑ.

පස්සෙ ස්ටැන්ස් ගෙ කවුන්සිලේ රැස්වීමක් තිබිලා ඉවර උනාම ඒ කවුන්සිලේ තිබුන තැනම මෙලිසැන්ඩ්‍රා ස්ටැනිස් ට පොඩි කතාපුට් ටිකක් කියලා දෙනවා ස්ටැනිස් ට පුතෙක් දෙන්නම් කියලා.

අයන් අයිලන්ඩ්ස්

තියොන් වෙළෙඳ නැවකින් අයන් අයිලන්ඩ් වලට එන්න එනවා.

පටු මුහුදෙන් එහා

ඩැනී එයාගෙ කලසාර් එකත් එක්ක හෙම්බත් වෙලා බලන් ඉන්නවා වතුර හොයාගෙන එන්න යවපු රුහිරාරක්ශකයො 3 දෙනා එනකල්. මෙහෙම ඉද්දි රකාරෝ ගෙ අශ්වයා තනියම එනවා.. ජෝරා බලද්දි අශ්වයාගෙ එල්ලලා තිබුණ මල්ල ඇතුලෙ රකාරෝ ගෙ ඔළුව තිබුනා.  හතුරු කලසාර් එකකින් රකාරො මරලා.... මේකෙන් ඉයිරි හොඳටම දුක් වෙලා කෑ ගගහ අඬනවා ඇඟේ කෑලි වෙන් කරලා නිසා මරණෙ පුච්චලා නැති නිසා රකාරෝ ට ඩොත්‍රැකි මළ බිමට යන්න බැරි වෙයි කියලා..  ඩොත්‍රැකි අය විශ්වාස කරන්නෙ එහෙම. ඒත් ඩැනී ඉයිරි ට පොරොන්දු වෙනවා රකාරෝ වෙනුවෙන් අවමගුලක් අද රෑ තියනවා කියලා.


ප්‍රාකාරයෙන් එපිට

ක්‍රැස්ටර් ගෙ එක බිරිඳක් උන ගිලී ට ගෝස්ට් ඇවිත් පොඩි සද්දයක් දානවා, මෙවෙලෙ ගිලී ව ගෝස්ට් ගෙන් බේරගන්නෙ සෑම්. මේකෙන් සෑම් ගිලී ව යාළු කර ගන්නවා. පස්සෙ සෑම් ගිලී ව එක්කන් එනවා ජොන් ලඟට, ඇවිත් කියනවා ගිලී ව එයාල එක්ක එක්කන් යමු කියලා එයා ගැබිණියක් නිසා. ජොන් අකමැති වෙනවා. 
එහෙම එක්කගෙන් යන්න අහන හේතුව නම් සෑම් කියන්නෙ නෑ. ගිලී ට දන්නෙම නැතිව කටෙන් පිට වෙනව "උපදින ලමයා පිරිමි ළමයෙක් උනොත් එහෙම....." එතනින් කතාව නවත්තලා ගිලී යනවා ඉවර කරෙන්නෙ නෑ.ජොන් ඇහුවත් කියන්නෙ නෑ ඉතිරි ටික,

මේ වෙද්දි නිශාචර සුරැකුම් බලකායෙන් ආව අය ඉන්නෙ ක්‍රැස්ටර් ගෙ ගෙදර. ජොන් රෑ එලියෙ ඉනෙද්දි එයා දකිනවා ක්‍රැස්ටර් කාටත් හොරෙන් පොඩි ලමයෙක්ව අරන් කැලේ පැත්තට යනවා. මේ ඇයි කියලා බලන්න ජොන් නුත් ක්‍රැස්ටර් පස්සෙන් හොරෙන්ම යනවා. මෙහෙම යද්දි කැලේ අතරමගදි ජොන් ට ක්‍රැස්ටර් මග ඇරෙනවා. ජොන් ගහකට මුවා වෙල බලන් ඉද්දි ක්‍රැස්ටර් ආයෙ එනවා හිස් අතින්. එයා ගියාට පස්සෙ ජොන් ක්‍රැස්ටර් ගිහින් ආපු පැත්තට දුවලා ගිහින් බලද්දි අර පොඩි බබා ඉන්නවා ගහක් මුල තියලා, ඒ එක්කම ඈතින් උසම උස කෙනෙක් ඇවිත් ඒ බබාව ගන්නවා. ජොන් අනෙක් පැත්ත හැරෙද්දිම ක්‍රැස්ටර් ජොන් ගෙ ඔළුවට පොල්ලකින් ගහනවා.


No comments:

Post a Comment