ප්රාකාරෙන් එපිට
ක්රැස්ටර් ජොන් වත් ඇදගෙන ආයෙම එයාගෙ ගෙදරට එනවා. ඇවිත් කෑ ගහනවා හැමෝටම අනදෙනි ප්රධානී තුමා ඉස්සරහා ඉඳන් අද රෑම හැමෝම පිටත් වෙන්න ඕනෙ කියලා. ප්රධානි තුමා ක්රැස්ටර් ව ශේප් කර ගන්නවා උදේ වෙද්දි යන්න, එහෙම කරගෙන ඇවිත් ජොන් ට කතා කරනවා මොනවද උනේ මොනවද කලේ අහලා. ජොන් විස්තරේ කියනවා ක්රැස්ටර් එයාගෙ පුංචි පුතාව දාලා ආව එක ගැන. ඒ වෙද්දි ප්රධානී තුමා දන්නවා ක්රැස්ටර් එයාගෙ පුත්තු බිලි දෙන එක ගැන, ඒත් එයා ජොන් ට කියන්නෙ අපිට ඕවට ඇඟිලි ගහන්න බෑ. ප්රාකාරෙන් මෙපිට අපේ උදව්වට ඉන්න කෙනා ක්රැස්ටර් විතරක් නිසා කියලා. ජොන් තව කියනවා මොකක් හරි දෙයක් ඒ පොඩි බබව ගත්තා කියලා. ඒ සිදිඩියත් ජියෝර් කලින් දන්නවා වගේ, එයා ජොන් ට කියන්නෙ ඒක මොකක් උනත් ආයෙ වතාවක් ඒක දකින්න ලැබෙයි කියලා.
නිශාචර සුරැකුම් බලකායෙන් ආව අය යන්න ලේස්ති වෙද්දි සෑම් හොරෙන් ඇවිත් ගිලී ව හම්බ වෙලා සෑම් ට අම්මගෙන් ලැබිලා තිබුණ දිදාලයක් ගිලී ට තෑගි දෙනවා ආයෙ හම්බ වෙනකල් ඒක පරෙස්සමෙන් ලඟ තියා ගන්න කියලා.
වින්ටර්ෆෙල් වල
බ්රැන් තවමත් එයාගෙ අමුතු හීන දකිනවා. ඇහැරලා බලද්දි එයා දිහා බලන් ඉන්නෙ සමර්. මේ හීන අමුතු නිසා බ්රැන් මේස්ටර් ලුවින් ගෙන් ඒවා ගැන අහනවා. ඒත් ලුවින් කියන්නෙ ඒ හීනවල තියෙන මායාකරී දේවල් මේ ලෝකෙන් දැං ගිහින් ඉවරලු. ඒ නිසා ඒ හීන ගැන ඕනෙවට වඩා හිතන්න එපාලු.
මේ අතරෙ ස්ටෝම් එන්ඩ් වල
මේ වෙද්දි රෙන්ලි ටයිරෙල් වංශෙ මාජරී එක්ක විවාහා වෙලා. කැට්ලින් ආර්යාව රෙන්ලි ව හම්බ වෙන්න යද්දි එහේ සටන් තරඟයක්. ඒ වෙලාවෙ තියෙන සටනෙන් ලොරාස් ව පරද්දලා උස මහත කෙනෙක් දිනනවා. කවුද මේ? මේ තමා ටාත් වල බ්රියෑන්. සටනෙන් දිනුවම බ්රියෑන් රෙන්ලි රජතුමාගෙන් ඉල්ලන්නෙ රජතුමාගෙ ප්රධාන ආරක්ශකයෙන් වෙන්න දෙන්න කියලා.
මේ සටන ඉවර උනාම කැට්ලින් එයා ආව විස්තරෙ කියන්න ලේස්ති වෙද්දි රෙන්ලි කියනවා එයාගෙ හමුදාව කින්ග්ස්ලෑන්ඩින් අල්ල ගත්තම ජොෆ්රි ගෙ ඔළුව කැට්ලින් ගෙ අතටම ගෙනත් දෙන්නම්ලු.
රෙන්ලියි ලොරාස් නුයි දැං ගේ කුරුල්ලො දෙන්නෙක්නෙ.. ඉතිං රෙන්ලි ලොරාස් එක්ක ටිකක් ආදරෙන් ඉන්න හදද්දි ලොරාස් කියනවා බෑලු. ලොරාස් ටිකක් තරහෙන් ඉන්නෙ රෙන්ලි බ්රියෑන් ව ප්රධාන ආරක්ශකයෙක් කලාට. ඇරත් ලොරාස් රෙන්ලි ට කියනවා ඔයාගෙ අවදානෙ ගන්න ඕනෙ තව ටයිරෙල් කෙනෙක් ඉන්නවා ඒ නිසා එයා එක්ක ඉන්න මං එයාව එවන්නම් කියලා ලොරාස් යනවා.
පස්සෙ එතෙන්ට මාජරී එනවා. එයා ඇවිත් රෙන්ලි එක්ක ආදරෙන් ඉන්න හැදුවත් ඒක කර කර ගන්න බැරි වෙනවා. මාජරී දන්නවා රෙන්ලි ලොරාස් එක්ක තියෙන සම්බන්ධෙ ගැන. ඉතිං මාජරී රෙන්ලි ට කියන්නෙ.. මේ එන යුද්ධෙ හතර වටේම ඉන්නෙ හතුරො. ඒ අයට ඕනෙ අපි දෙන්න වෙන් වෙනවා බලන්න. ඒ නිසා මේක ශක්තිමත් වෙන්න නම් කරන්න ඕනෙ අපිට බබෙක් ඉන්න එක"
මේ අතරෙදි අයන් අයිලන්ඩ්ස් වල
තියොන් ට බලකොටුව ඇතුලෙදි ආයෙම යාරා ව හම්බ වෙනවා. ඉතිං තියොන් රණ්ඩු වෙනවා යාරා එක්ක මගදි අඳුනගෙනත් ඒ ගැන එළි නොකල එකට. එතකොටම වගේ එතෙන්ට බේලොන් ග්රේජොයි එනවා එයාගෙ යුධ සැලසුමත් එක්ක. ඒකෙ තියෙන්නෙ වින්ටර්ෆෙල් අල්ල ගන්න එක ගැන. රොබ් යුද්ධෙත් එක්ක පහළට යද්දි උතුරෙ සේනාංක නැති නිසා ලේසියන්ම උතුර අල්ල ගන්න පුළුවන් කම තියෙන නිසාත්. ඒත් ඇත්තටම මේකෙ බරපැන දෙන්නෙ යාරා ට, නැව් 30ක් එක්ක. තියොන් ට කියන්නෙ එක නැවක් අරන් ගිහින් වෙරළ රකින්න කියලා. මේකෙන් කේන්ති ගන්න තියොන් තාත්තා එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තත්, බේලොන් තියොන් ගෙ කතා අහන්නෙ නැතිව යන්න යනවා.
මේ සිද්ධියෙන් පස්සෙ තියොන් තාත්තගෙ වැඩ ගැන කියලා රොබ් ට ලියුමක් ලියනවා. ඒත් ලියලා ඉවර උනාට පස්සෙ හදිසියේ ආපු සිතුවිල්ලකින් ඒ ලියුම පුච්චලා දානවා. පස්සෙන්දා උදේ තියොන් ව අයන් අයිලන්ඩ් වල කෙනෙක් විදියට බෞතීස්ම කරනවා.
"ග්රේජෝයි පෙළපතේ තියෝන්.. ඔබ අද සිට දිය දෙවියන්ට ඔබව කැප කරනවාද"
"ඔව්"
"දණ ගහන්න .... තියොන් ව ඔබේ සේවකයා කර ගන්න. නැවතත් දියෙන්ම උපදින්න. ඔහුට ලුණු වලින් ආශිර්වාද කරන්න, ඔහුට ගල් වලින් ආරක්ශා කරන්න, ඔහුට ලෝහයෙන් ආශිර්වාද කරන්න"
"මරනය කුමක්ද යත් එය කිසිදා මියෙන්නේ නැත"
"මරනය කුමක්ද යත් එය කිසිදා මියෙන්නේ නැත... නැගිටින්න පෙරට වදා ශක්තිමත්ව"
කින්ග්ස්ලෑන්ඩින්
ටිරියන් පාඩුවෙ ඉනෙද්දි ශේ ඇවිත් නඩුවක් දානවා.. එයාට කොහෙවත් යන්න නොදී මේ කාමරේම තියාගෙන ඉන්න එක ගැන. ටිරියන් කියනවා ඉක්මනින් එයාට ඇවිදින්න පුළුවන් විදියක් හොයලා දෙන්නම්ලු. ඊට පස්සෙ ශේ ට හම්බෙනවා වැඩක්, ඒ සන්සා ගෙ අත් උදව් කාරි විදියට.
ටිරියන් පටන් ගන්නවා පොඩි පහේ කපටි වැඩක්, කුඩා කවුන්සිලේ අයගෙ විශ්වාස පාක්ශික තරම පරීක්ශා කරන්න. මුලින්ම වාරිස් හම්බෙලා කියනවා මිර්සෙලා කුමරියව තියොන් ට විවහා කරලා දෙනවලු සහය ගන්න. ඊලඟට බේලිශ් ව හම්බ වෙලා කියනවා මිර්සෙලා රොබින් ඇරින් ට දෙමු, ඒකෙ ගණුදෙනුව කරන්න බේලිශ් ට මැදිහත් වෙන්නලු. පයිසෙල් ට කියන්නෙ මිර්සෙලා ව ඩොර්න් වලට දෙනවා කියලා.. ඒත් මේ ඔක්කොටම එක දෙයක් කියනවා, ඒ තමා මේ ගැන මොකුත්ම රැජිනට කියන්න එපා කියලා. එහෙම කලාට පස්සෙ අහු වෙනවා කෞද රැජිණට කේලම් කියන්නෙ කියලා. ඒ පයිසෙල්.
ටිරියන් බේලිශ් ට කියනවා ජේමි ව බේරගන්න වැඩේට කැට්ලින් එක්ක කතා කරන්න බේල්ශ් ට මැදිහත් වෙන්නලු.
කාසල් බ්ලැක් යන අතරමග
යොරෙන් එක්ක නිශාචර සුරැකුම් බලකායට යන අය ඔක්කොම රෑ මග තිබුණ තැනක නිදි.. හැමොම නිදාගෙන උන්නත් ආර්යා නැගිටලා. යොරෙන් නුත් නැගිටලා. යොරෙන් ආර්යාට නිදා ගන්න කිව්වත් ආර්යා කියන්නෙ එයාට නින්ද යන්නෙ නෑලු. එතකොට යොරෙන් එයාගෙ පරන කාලෙ කතාවක් කියනවා ආර්යාට.. ඒ කතාව ඉවර වෙනවත් එක්කම එලියෙ නලා සද්දයක්. සෙබළු කාන්ඩයක් ඇවිත්. යොරෙන් ගෙන්ඩ්රි ටයි, ආර්යා ටයි කතා කරලා හැන්ගෙන්න කියනවා. මෙවෙලෙ වැරදුනොත් දුවන්නලු. එහෙම කියලා යොරෙන් අනෙක් අයවත් අඬගහගෙන එලියට බහිනවා. ඒත් මොකුත් කරන්න ලැබෙන්න නෑ. එන උන් යොරෙන් ව මරනවා.
මේ සටන අතරෙදි ජේකන් හේගර් ඉන්න කූඩුව ලඟටත් ගිණි ඇවිලෙනවා. එවෙලෙ එයාලව බේර ගන්නෙ ආර්යා. මේ අතරෙදිම ආපු අයගෙන් එකෙක් උන පොලිවර් ආර්යා ගෙ කඩුවත් ගන්නවා. මේකෙන් පස්සෙ හැමෝවම හැරන්හිල් වලට ගෙනියන්න අණ කරනවා.

No comments:
Post a Comment