වටපිටාව ගැන හොයන්න යවපු රුහිරාරක්ශකයො 3 දෙනාගෙන් කොවාරො ආයෙම එනවා. ඒ එන්නෙ හොඳ පණිවිඩයක් අරන්. ඒ තමා ක්වාත් නගරය තියෙන්නෙ මේ ලඟ කියලා. ඒ වගෙම ක්වාත් වල අය මකර මාතාව දකින්නත් කැමැත්තෙන් ඉන්නෙ කියලා. ඒත් ජෝරා කියන්නෙ ක්වාත් වටේට තියෙන්නෙ කාන්තාරයක්. ඒකට කියන්නෙ 'මිණී ඇට උයන' කියලාලු, ක්වාත් වලින් කට්ටියව එලියට දාන හැම වතාවකම උයන තව තවත් වැඩි වෙනවලු.
වටපිටාව ගැන හොයන්න යවපු රුහිරාරක්ශකයො 3 දෙනාගෙන් කොවාරො ආයෙම එනවා. ඒ එන්නෙ හොඳ පණිවිඩයක් අරන්. ඒ තමා ක්වාත් නගරය තියෙන්නෙ මේ ලඟ කියලා. ඒ වගෙම ක්වාත් වල අය මකර මාතාව දකින්නත් කැමැත්තෙන් ඉන්නෙ කියලා. ඒත් ජෝරා කියන්නෙ ක්වාත් වටේට තියෙන්නෙ කාන්තාරයක්. ඒකට කියන්නෙ 'මිණී ඇට උයන' කියලාලු, ක්වාත් වලින් කට්ටියව එලියට දාන හැම වතාවකම උයන තව තවත් වැඩි වෙනවලු. කියලා ඩැනී එයාගෙ කලසාර් එකත් එක්ක ක්වාත් යන්න යනවා.
යද්දි ක්වාත් වල දොරටුව ලඟ ක්වාත් පාලනේ කරන 13 දෙනා කලීසි ව පිළිගන්න එතෙන්ට ඇවිත්. මුලින්ම කතා කරන 13න් එක්කෙන් වුන කුළුබඩු වෙලෙන්දා කලීසි ට කියනවා ඇතුලට ගන්න නම් මකරු පෙන්නන්න කියලා. කලීසි අකමැති උනාම හා එහෙනම් එලියෙ ඉන්න කියලා යන්න ලේස්ති වුනාම කලීසි කෑ ගහනවා මගේ මකරු ලොකු උනාම මං මේ නගරෙ මුලින්ම ගිනි තියනවා කියලා. මේ කතාවෙන් පස්සෙ එලියට එනවා 13න් තව කෙනෙක්. ක්සාරො ක්සෝන් දක්සොස්.. එයා කැමති වෙනවා කලීසි ව කලසාර් එකත් එක්ක ඇතුලට ගන්න... කලීසි මකරුයි, කලසාර් එකයි එක්ක ක්වාත් වලට ඇතුල් වෙනවා.
වෙස්ටර්ලන්ඩ් වල ඕක්ස්ක්රොස් බිම
රොබ් ස්ටාක් එයාගෙ හමුදාව එක්ක ලැනිස්ටර් කඳවුරකට රෑක හදිසියේ පහර දෙනවා. ඔක්ස්ක්රොස් වල යුද්ධ්ය තමා මේ. මේකෙනුත් රොබ් හොඳ ජයග්රහනයක් ලබනවා. යුද්ධෙ ඉවර උනාට පස්සෙ රොබ් බෝල්ටන් එක්ක යුධ බිමේ ඇවිදිනවා.. ඒ ඇවිද්දි දකිනවා නිහඬ සොයුරියන් යුද්ධෙන් තුවාල උන ලැනිස්ටර් සෙබළුන්ට වගෙම උතුරෙ සෙබළුන්ටත් එක වගේ ප්‍රතිකාර කරනවා. මේක දකින බෝල්ටන් කියන්නෙ හිරකාරයො විදියට ලැනිස්ටර් තුවාලකාරයො ගන්න එක අපිට පාඩුවක්, මේ තියෙන සැපයුම් අපේ සෙබළුන්ටත් මදි කොට තවත් අයට කොහොමද දෙන්නෙ ඒ නිසා මරලා දාමු කියලා කිව්වත් රොබ් ඒකට අකමැති වෙනවා. එයා කියන්නෙ මේ සෙබලු යුද්ධෙදි හරියට සටන් කළ අය ඒ නිසා බෑලු. එපාර ආයෙ බෝල්ටන් කියනවා එහෙනම් මේ ඉන්න අයගෙ ලැනිස්ටර් නිලධාරි ප්‍රයෝජනවත් වෙයි අපි ඒ අයට වධ දීල ප්‍රශ්න කරමු කීවත් රොබ් ඒකටත් අකමැති වෙනවා.
ඊලඟට රොබ් තව විශේශ ශෙයක් දකිනවා. ඒ තමා සුපුරුදු විදියට තුවාලකාරයන්ට සාත්තු කරන නිහඬ සොයුරියෝ ඇරුනම වෙනම කෙනෙක් ඒක කරනවා. ඒ ගෑනු කෙනා එක තුවාල කාරයෙක්ගෙ කුණු වෙච්ච කකුලක් තවත් ආසාදනය පැතිරෙන්න නොදී ඒ කකුල කපන්න හදනවා. ඒකට රොබ් උදව් කරනවා.. ඒ ගෑණු කේනා තමන්ව හැඳින්නුවෙ තලිසා කියලා. එයා ආවෙ වොලැන්ටිස් වලින් ලු. මේ යුද්ධෙ කරන එක ගැන තලිසා රොබ් ව විවේචනය කරද්දි රොබ් කියන්නෙ මේක කරන්නෙ තාත්තා මරපු පලිය ගන්නයි නංගිලා දෙන්නව බේර ගන්නයි මිසක් යකඩ සිහසුනට නෙමේ කියලා කීව තලිසා පුදුම වෙනවා.
හැරෙන්හිල්
ආර්යා, ගෙන්ඩ්‍රි , හොට් පයි අනෙක් හිරකාරයොත් එක්ක හැරෙන්හිල් වලට ගේනවා. මෙහෙදි තමා ආර්යා එයාගෙ මන්තරේ පටන් ගන්නෙ නිදා ගන්න කලින් කියන.. "සර්සි, ජොෆ්රි, ඉලෙන් පෙයින්, හවුන්ඩ්....පොලිවර් , මවුන්ටන්" මුළු හැරේන්හිල් කඳවුරම පාලනය තියෙන්නෙ ග්‍රෙගර් ක්ලේගන් මවුන්ටන්. නෙඩ් ස්ටාක් මෙයාව සියලු තනතුරුවලින් අයින් කරලා පිටුවහක් කලා මතකනෙ, රිවර්ලන්ඩ්ස් විනාස කරන නිසා. ඒත් දැං මවුන්ටන් ට තිබුණට වඩා බලයක් ලැබිලා.. ලැනිස්ටර් ලා නිසා.
මෙතනට ගෙනත් ඉන්න හිර කාරයො එකින් එක්කෙනාව තෝරගෙන වධ දෙන්න පටන් ගන්නවා. ඒ වධ දෙන ගමන් අහන්නෙ ඒ අය තමගෙ වටින කියන දෙවල් හංගපු තැන් ගැන.. තව 'සහෝදර සංගමේ' කියලා පිරිසක් ගැන. ගෙන්ඩ්‍රි ගෙ අවස්ථාවත් එනවා.. එයාට වද දෙන්න පටන් ගනිද්දිම එහෙට ටයිවින් ලැනිස්ටර් එනවා.. ඒක හැරෙන්හිල් වල අය බලාපොරොත්තු නොවුන ආගමනයක්. හිරකාරයො ගොඩක් එලියෙ ඉන්න නිසා ටයිවින් අහනවා ඇයි මේ එලියෙ කියලා. එතකොට කියන්නෙ ඉඩ මදි නිසාලු. වධ දෙන පුටුවෙ ඉන්න ගෙන්ඩ්‍රි ව දකින ටයිවින් අහනවා එයාට මොනවද පුළුවන් කියලා. ගෙන්ඩ්‍රි ඉතින් කම්මල් කාරයෙක්නෙ, එය ඒක කීවම ගෙන්ඩ්‍රි ව වද දෙන එකෙන් නිදහස් කරනවා... අනෙක් දේ තමා ටයිවින් ආර්යා වත් දකිනවා. පුදුමෙට වගේ එයා එක සැරේටම අඳුනගන්නවා ආර්යා ගෑණු ලමයෙක් කියලා පිරිමි ළමයෙක් වගේ වෙස් වලාගෙන ඉඳියට.. ඉතිං ටයිවින් අණ කරනවා ආර්යා ව එයාගෙ පෞද්ගලික සේවකයා විදියට එවන්න.
කින්ග්ස්ලෑන්ඩින් වල
මේ වෙද්දි ජොෆ්රි ට රොබ් ස්ටාක් ලැනිස්ටර් ලට විරුධ්දව කරන සටනෙන් සෑහෙන්න ජයක් අරගෙන තියෙන බව දැනගෙන හොඳටම කේන්තියෙන් ඉන්නෙ. ජොෆ්රි සන්සා ව සිංහාසනගාරෙ ඉස්සරහාට ගෙනත් එයාට හරස් දුන්න දික් කරගෙන බනිනවා රොබ් ගේ දේවල් කියලා. ලාන්සෙල් තවත් මේකට පෝර දානවා. ජොෆ්රි එයාගෙ හරස් දුන්න සන්සා ට දික් කරගෙන කියනවා මේ වෙන ඒවගෙ හැටියට සන්සා ව මරලා රොබ් ට යවන්න ඕනෙ, ඒත් අපේ අම්මා මරන්න දෙන්නෙ නැහැනෙ කියලා.
ඒ නිසා ඒ වෙනුවට වෙන විදියකට අපි රොබ් ට පණිවිඩයක් යවමු කියලා ජොෆ්රි සෙර් මෙරින් ට කියනවා හැමෝගම ඉස්සරහා සන්සාගෙ ඇඳුම් ගලවන්න කියලා.. මූන විතරක් හොඳින් ඉතුරු කරන්නලු. මෙරින් කඩුව උස්සලා සන්සා ට ගහන්න හදද්දිම එතෙන්ට ටිරියන් එනවා. බ්‍රොන් එක්ක. ටිරියන් මෙරින් ට බැන්නත් මෙරින් ජොෆ්රි ගෙ හයිය අරන් ටිරියන් ට ආයෙම බනිනවා. ටිරියන් කියනවා කවුරු හරි සන්සා ට ඇඳුමක් දෙන්න කියලා. මෙවෙලෙ රෙද්දක් දෙන්න එන්නෙ හවුන්ඩ්. එයා එයාගෙ එක තමා දෙන්නෙ.
"උබට පිස්සුද මිනිහෝ මේ රැජිණ වෙන්න ඉන්න කෙනාට ඔහොම කරන්වද? ගෞරව කරන්න දන්නෙ නැද්ද"
"මං එයාට දඬුවම් කලේ, එයාගෙ අයියා කල දේට"
"පිස්සුද, අයියා කල ඒවට මෙයා පළිද"
"මම කරන්නෙ මට ඕනෙ දේ, මමයි රජා"
"නෑ එහෙම කරන්න බෑ"
ඔන්න සෙර් මෙරින් මැදට කඩා පැනලා කෑ ගහනවා ටිරියන් ට රජතුමාට අපහාස කරනවා කියලා.
"මං තර්ජනය කරනවා නෙමෙයි සෙර් මං මේ මගේ බෑණට උගන්නනවා.. බ්‍රොන්, සෙර් මෙරින් ආයෙ කියෙව්වොත් මරලා දාන්න..... අන්න පේනවනෙ ඒක තර්ජනයක්, පෙනවනෙ වෙනස"
ටිරියන් සන්සා ව නැගිට්ටවනවා. යනින් ගමන් ජොෆ්රි කල දේට සමාව ඉල්ලනවා.
ජොෆ්රි ගෙ මේ බූත වැඩ නවත්තන්න හිතාගෙන බ්‍රොන් ටිරියන් ට යෝජනා කරනවා ජොෆ්රි ට වස ගෙනත් දෙමු කියලා. වස කියන්නෙ වස. බේලිශ් ගෙ මඩමෙ වස. බේලිශ් මෙ මඩමෙ ඉන්න දෙන්නෙක් ව ජොෆ්රි ගෙ කාමරේට එවනවා.. ඒත් ජොෆ්රි ආවට පස්සෙ ජොෆ්රි කරන්නෙ ඒ දෙන්නට වද දෙන එක. වද දීලා එයාලව ටිරියන් ලඟටම යවනවා පණිවිඩේකුත් එක්ක. ඒ ආයෙම සන්සාගෙ ඒවට මැදිහත් වෙන්න එපා කියලා.
පස්සෙ ටිරියන් එයාගෙ කාමරේ ඉද්දි ලාන්සෙල් සර්සි ගෙ පණිවිඩයක් අරන් එනවා.. ඒ පයිසෙල් ව නිදහස් කරන්න වරෙන්තුවක්. ලාන්සෙල් එන්නෙ ටිකක් ලොකු කමෙන්.. වරෙන්තුව සත පහකට වත් ගනං නොගන්න ටිරියන් ලාන්සෙල් ට කියන්න පටන් ගන්නවා එයාගෙයි සර්සි ගෙයි තියෙන ගණුදෙනු ගැන එයා දන්න දේවල.. මේවගෙන් ලාන්සෙල් බය වෙනවා. ටිරියන් කියනවා මං මේවා ගිහින් ජොෆ්රි ට කියනවා කියලා. ලාන්සෙල් වඳිනවාඅ අනේ එපා කියලා. ටිරියන් කියන්නෙ හොඳයි එහෙනම් ඔයා සර්සි එක්ක ඉන්න හැබැයි සර්සි යන එන තැන්, හම්බෙන අය, කතා කරන ඒවා ඔක්කොම ඔයා මට කියන්න ඕනෙ. එහෙම කලොත් ම්න් කාටවත් නොකිය ඉන්නම්.ටිරියන් පොරොන්දු වෙනවා උදේ වෙද්දි පයිසෙල් ව එලියට දාන්න.
මේ අතරෙ ස්ටෝමෙන්ඩ් වල
බේලිශ් ස්ටෝම් එන්ඩ් වලට ඇවිත්. එයා රෙන්ලි ව හම්බ වෙන්න ආවත් රෙන්ලිගෙන් හොඳ පිළිගැනීමක් නම් ලැබෙන්නෙ නැහැ. ඒ වෙනුවට බේලිශ් ට රෙන්ලිගෙන් අහන්න ලැබෙන්නෙ බේලිශ් ගෙ නරක වැඩ ගැන අපහාස කතා.. රෙන්ලි ගෙ හිත දිනාගන්න හිතාගෙන බේලිශ් රෙන්ලි ට කියනවා එයා කින්ග්ස්ලෑන්ඩින් එද්දි උදව් කරන බව.. ඒත් ඒකෙනුත් රෙන්ලි ගෙ හොඳක් පේන්නෙ නැහැ.
රෑ බේලිශ් ව මාජරී හම්බ වෙනවා එයාට එයාගෙ කූඩාරම පෙන්නන්න. මේ යන ගමන් වෙන කතාවෙදි බේලිශ් උත්සාහා කරන්නෙ මාජරී ට පොඩ්ඩක් අනින්න රෙන්ලිගෙයි ලොරාස්ගෙයි ගනුදෙනු ගැන කියලා.. ඒත් මාජරී නම් ඒවට හරියන්න අනෙක් පැත්තට කතා කියලා බේලිශ් ගෙ කට වහනවා.
පස්සෙ බේලිශ් ඒනවා කැට්ලින් ව හම්බවෙන්න එයාගෙ කූඩාරමට. කැට්ලින් බේලිශ් ව පිළිගන්නෙ කිරිච්චියක් දික් කරලා. කෑ ගහනවා ද්‍රෝහියා කියලා.. බේලිශ් කියනවා එපාර 'කැට් මං ඔයාට ආදරේ කලේ පොඩි කාලෙ ඉඳන්මයි, සමහරවිට මේ අවස්තාව දෛවයෙන් ලැබුනා වෙන්නැති අපිට හම්බෙන්න" කැටලින් ආයෙ කිරිච්චිය දික් කරන් යනවා.. එන පොට හොඳ නැති නිසා බේලිශ් ආයෙ කතාවක් දානවා. සන්සා ගැනයි ආර්යා ගැනයි බොරු කියනව්වා ඒ දෙන්නම හොඳින් ඉන්නවා ඔයාට ආයෙ ඒ දෙන්නව හම්බෙන්න ඕනෙද අහනවා.. මේකෙන් නම් කැට්ලින් පොඩ්ඩක් පස්සට යනවා.
කතා කරලා බැලුවම බේලිශ් ඇවිත් ඉන්නෙ හුවමාරුවකට. කැට්ලින් ගෙ දුවලා දෙන්නා වෙනුවට ජේමි.... කැට්ලින් කැමති වෙන්නෙ නෑ.. එයා කියන්නෙ රොබ් කීයට වත් කැමති වෙන්නෙ නෑ කියලා... බේලිශ් කියනවා එයා කැට් ට තෑග්ගක් ගෙනාවලු. කැට් එපා කියනවා. ඒත් බේලිශ් නිහඬ සොයුරියෝ දෙන්නක් ලවා ඒක ඇතුලට ගේනවා.. ඒ පෙට්ටියක්.
නෙඩ් ස්ටාක් ගෙ ඉතුරු කොටස් තියෙන පෙට්ටිය. කැටලින් මේක දැක්කම ගොඩක් දුක් වෙනවා. පෙට්ටිය ඇරලත් බලලා ආයෙ වහලා දානවා.
ස්ටැනිස් මෙලිසැන්ඩ්‍රා, සෙර් ඩාවොස් සහ සේනාවත් එක්ක රෙන්ලි ඉන්න දිහාට ඇවිත්. රෙන්ලි ව හම්බ වෙලා පොඩි කතාවක් දාන්න යනවා. ඒ යන ගමනට කැට්ලින් නුත් රෙන්ලි එක්ක යනවා. ස්ටැනිස් කියන්නෙ එයා තමයි රජ වෙන්න ඉන්නෙ ඒ නිසා එයා එක්ක එන්න, නැත්නම් රෙන්ලි ව මරලා දානවලු. එයා එක්ක ආවොත් රාජ සබාවෙ තැනක් දෙන්නම්ලු.. ඒත් රෙන්ලි කැමති වෙන්නෙ නෑනෙ රෙන්ලි ත් දිගටම ස්ටැනිස් එක්ක වලිය දාගෙන යනවා. ස්ටැනිස් කොඩිය වෙන්ස් කරපු එකටයි, ආගම වෙනස් කල එකටයි, නෝන්ඩි කතා. මේක දකින කැට්ලින් කෑ ගහනවා ඔය දෙන්න මගේ ලමයි දෙන්නෙක් උනා නම් මං ඔළු ගෙඩි දෙක එකට හප්පලා කාමරේකට දාලා වහනවා සහෝදරකම මතක් වෙනකල් කියලා.
මේ කතාව ඉවර වෙලා ස්ටැනිස් යනවා රෙන්ලි ට මේ ගැන තව හිතන්න හෙට උදේ වෙනකල් කල් දෙනවා කියලා. යනින් ගමන් මෙලී රෙන්ලි ට කියාගෙන යනවා "ඔයාගෙ නෑයො බලා ගන්න රෙන්ලි උතුමානනි, රාත්‍රිය අඳුරුයි, ත්‍රාසයෙන් අනූනයි"
මේ වැඩ ඉවර වෙලා මෙලිසැන්ඩ්‍රා සෙර් ඩාවොස් එක්ක එහේ තියෙන ගුහාවකට යනවා. ඒ ගිහින් ගුහාව මගදි නැවතිලා ඩාවොස් ඉස්සරහම මෙලී එයාගෙ ඇඳුම අයින් කරනවා. එතකොට ඩාවොස් දකිනවා මෙලී ගැබිණියක් කියලා.. ඔන්න දැං තමා වැඩේ. ඩාවොස් බයෙන් පැත්තකට වෙනවා දකින දේ නිසා.. මෙලී ගෙ කකුල් දෙක අතරින් එන්නෙ කලු හෙවනැල්ලක් බලෙන් වගේ. ඇවිත් එයාලා ඉස්සරහා වැඩිච්ච මනුස්සයෙක්ගෙ රූපයක් වගේ හිට ගන්නවා.
No comments:
Post a Comment