Sunday, July 31, 2016

උතුරට තවම මතකයි - The North Remembers 1



ප්‍රාකාරයෙන් එපිට


නිශාචර සුරැකුම් බලකායෙ අණදෙන ප්‍රධානී තුමකත එයාගෙ ගෝලයො ටිකත් එක්ක ක්‍රැස්ටර් ගෙ ගෙදරට එනවා. ඒ එද්දි එයාලට අත් ඇරලා දාපු වන්චාරී ගම් කීපෙකුත් පහු කරගෙනයි එන්නෙ. ක්‍රැස්ටර් ට බිරින්දෑවරු ගොඩක් ගොඩක් ඉන්නවා. ඒ අයගෙන් ගොඩක්ම එයාගෙම දූවරු.. ඒත් කොහෙවත් ක්‍රැස්ටර් ගෙ පුත්තු නම් පේන පාටක් නෑ.

දෙන ප්‍රධානී තුමා ක්‍රැස්ට්‍ර ගෙන් බෙන්ජන් ගැනයි, අර මගදි හම්බුන පාළුවට ගිය ගම් ගැනයි ඇහුවම ක්‍රැස්ටර් කියන්නෙ එයා අවුරුදු 3කින් විතර බෙන්ජන් ව දැක්කෙ නෑලු. ඒ වගෙම ගම් අත් ඇරලා දාලා තියෙන්නෙ ඒ ගම්න් වල මිනිස්සු ප්‍රාකාරෙන් මෙප්ට රජා වුනු මැන්ස් රේඩර් ගෙ හමුදාවට එකතු වෙන්න ගිහින්ලු.
මේ කතා අතරෙ ජොන් ක්‍රැස්ටර් එක්ක පොඩී වලියක් දා ගන්නවා මේ වලිය දා ගන්නෙ ක්‍රැස්ටර් ජොන් ලට කතා කරන්නෙ දකුණෙන් ආව අය කියලා. මොර්මොන්ට් ප්‍රධානී තුමා ජොන් ට කෑ ගහලා ඒක නවත්තනවා.



කතා කරලා එලියට එද්දි ප්‍රධානී තුමා ජොන් ව අල්ලගෙන බනිනවා වෙච්ච වැඩේට කවදා හරි නායකයෙක් වෙන්න ඕනෙ නම් මුලින් අනුගමනය කරන්න ඉගෙන ගන්නලු.






කින්ග්ස්ලෑන්ඩින් වලදී

ජොෆ්‍රි රජා තරඟාවලියල් ලේස්ති කරලා තියෙනවා එයාගෙ උපන්දිනේ දවසෙ රෙඩ් කීප් මාළිගාවෙ. මේ තරඟෙදි සෙර් ඩොන්ටාස් එයාගෙ වාරෙදි ටිකක් පරක්කු වෙලා බාගෙට ඇඳ ඇඳ එන්නෙත්. ජොෆ්‍රි එපාර මේ මනුස්සයව අල්ලගෙන මඩවන්න පටන් ගන්නවා. එයාගෙ ගෝලබාලයන්ට කියනවා පුනීලෙකින් සෙර් ඩොන්ටාස් ට වයින් බැරල් එකක් පොවන්න කියලා. අන්තිමේදි කියනවා මරන්නලු. ඒත් සන්සා කියනවා උපන්දිනේ දවසෙ කෙනෙක්ට මරන දඬුවම දෙන එක අසුබ දෙය කියලා. ජොෆ්‍රි ඒක ගනන් ගත්තෙ නැති තැන සන්සා ආයෙම කියනවා සෙර් ඩොන්ටාස් රාජකීය කවටයා විදියට හොඳයි නේද කියලා.

මේ අතරෙදි ටිරියන් ආයෙම කින්ග්ස්ලෑන්ඩින් එනවා. ජොෆ්‍රි නම් ඒ ආපු එක ගැන වැඩි කැමතක් නෑ වගේ, ඒත් මිර්සෙලායි ටොමෙන් නුයි නම් ගොඩක් සතුටු වෙනවා එයා ආව එක ගැන.
ඒ වෙලාවෙ සර්සි ඉන්නෙ කුඩා කවුන්සිලේ රැස්වීමක. සර්සි අණ කරනවා නගරෙ ගේට්ටු වහන්නලු රිවර්ලන්ඩ්ස් යුධ්දෙන් අනාථ වෙලා එන අයව නගරෙට ඇතුල් වෙන එක වලක් වන්න.ටිරියන් ඔන්න එතනටත් එනවා.  එයා එන එක සර්සි ට පුදුමයක් වගේ. ඇරත් ටිරියන් එන්නෙ රජතුමාගෙ උපදේශක තනතුරට බැජ් එකයි ලියුමකුයිත් අරගෙනම එයාගෙ තාත්තා ටයිවින් ගෙන්. මේක දැනගත්තම සර්සි ට කට උත්තර නැති වෙනවා.

එකයි ලියුමකුයිත් අරගෙනම එයාගෙ තාත්තා ටයිවින් ගෙන්. මේක දැනගත්තම සර්සි ට කට උත්තර නැති වෙනවා. කොහොම උනත් ටිරියන් සර්සි ට බනිනවා නෙඩ් ව මරපු එක ගැන.. ඊටත් වඩා බනිනවා ආර්යා පැනලා ගිහපු එක දැනගත්තම.. ස්ටාක් ලට විරුධ්දව තමන්ට පාවිච්චි කරන්න ඉඳපු ස්ටාක් අය 3දෙනාගෙන් 2ක්ම නොසැලකිල්ල  නිසා නැති කරගත්තා කියලා ටිරියන් බනිනවා සර්සිට.

ලඟට තව දෙයක්, ඒ තමා ටිරියන් ශේ ව එහෙට එක්කගෙන ඇවිත්, දැං ශේව හංගලා ඉන්නෙ ටිරියන් ගෙ කාමරේ. හේතුව තමයි ටිරියන් ගේ තාත්තා තදින්ම කියලා තියෙනවා ශේ ව එක්කගෙන යන්න එපා කියලා. ශේ නම් කින්ග්ස් ලෑන්ඩින් ආපු එක ගැන ගොඩක් සතුටෙන් ඉන්නෙ.



මේවගෙ පස්සෙ තව දෙයක් වෙනවා, බේලිශ් ඇවිදගෙන යන අතරෙ ඒ පැත්තටම එනවා සර්සි ත්. ඇවිත් බේලිශ් ට කියනවා දැං හොයාගන්න බැරිව ඉන්න ආර්යා ව හොයා ගන්නලු. එහෙම කියලා බේලිශ් ට මතක් කරනවා එයා කැටලින් ආර්යාවට කැමැත්තෙන් ඉඳි එක ගැන. කැටලින් වෙන කෙනෙක්ට කැමති උන එක ගැන.. ඒකෙන්ම අනෙක් පැත්තට බේලිශ් කියනවා එයා දන්නවලු සර්සි ගෙ ජේමි එක්ක තියෙන සම්බන්ධෙ ඒ ළමයි ගැන....
"දැනුම තමයි බලය රැජිණියනි"
"මේකව අල්ල ගන්න.., බෙල්ල කපන්න...: ආහ් නෑ ටිකක් ඉන්න . එපා කපන්න ඕනෙ නෑ, මං අදහස වෙනස් කළා"
"බලයයි බලය වෙන්නෙ.. ඒ නිසා ඔයාගෙ තියෙන දෙවල් යොදවලා මට ආර්යා ව හොයලා දෙනවා නම් මම කැමතියි"


ජොෆ්‍රි සිංහාසනාගාරය අලුතෙන් වෙනස් කරන්න ගන්නවා එයාට ඕනෙ තාලෙට. ඒ වෙලාවෙ එතෙන්ට එන සර්සි කියනවා හමුදාව දාල නැතිවෙලා ඉන්න ආර්යා ව හොයමු කියලා. ජොෆ්‍රි කැමති වෙන්නෙ නෑ.  ජොෆ්‍රි සර්සිට කියනවා එයාට අම්මයි මාමයි ගැන කටකතා අහන්න ලැබුනා කියලා, ඒ වගෙම රොබට් රජතුමාට ඉඳපු අවජාතකයො ගැනත් අහනවා. ඒක අහපු ගමන් සර්සි ජොෆ්‍රි ට කම්මුල් පාරක් දෙනවා. මෙකෙන් ජොෆ්‍රි ට කේන්ති ගිහින් කියනවා අම්මට"මේ කල වැඩෙන් මරන දඬුවම උනත් දෙන්න පුළුවන්, ආයෙ නම් මෙහෙම කරන්න ලේස්ති වෙන්න එපා"

මේ සිධ්ධියෙන් පස්සෙ ජානොස් ස්ලින්ට් යනවා ලොකු වැඩකට. මුළින්ම බේලිශ් ගෙ මඩමට. ඒ ගිහින් රොබට් රජතුමාගෙ අවජාතක ළමයා බරා ව මරනවා එයාගෙම අම්මයි, රෝස් ගෙයි ඉස්සරහම. අනෙක් පැත්තට ආයෙ යනවා කම්මලට ගෙන්ඩ්‍රි ව හොයාගෙන. ඒත් ඒ වෙද්දි ගෙන්ඩ්‍රි නිශාචර සුරැකුම් බලකායට යන්න පිටත් වෙලා යොරෙන් එක්ක. ඒ එක්කමයි ආර්යා ඉන්නෙත්.


මේ අතරෙදි වින්ටර්ෆෙල් වල

වින්ටර්ෆෙල් වලට ගැති වංශාදිපති නිවෙස් වල වංශාදිපතිවරු ඇවිත් බ්‍රැන් ස්ටාක් ට එයාලගෙ දුක කියන්න, දුක කියන්නෙ මේකයි රොබ් ස්ටාක් ඒ එආ නිවෙස් වල අයට යුධ පෙරමුණට එන්න කතා කරලා නිසා ඒවගෙ ඉඳපු තරුණ ළමයි නැති එක ගැන. මේස්ටර් ලුවින් මේ අතරෙදි කියලා දෙනව බ්‍රැන් ට දං වින්ටර්ෆෙල් බලා ගන්න ඕනෙ බ්‍රැන් නිසා අකමැත්තෙන් උනත් ඒ අයගෙ කතා අහන්නලු. පස්සෙ බ්‍රැන් ආයෙම හීනයක් දකිනවා එයා කැලේ ඇවිදිනවා ඒ ඇවිදිද්දි එයා රතු වල්ගා තරුවක් දකිනවා, ඊලඟට වතුර වලක් ලඟ නැවතිලා එබිලා බැලුවම එයා දකින්නෙ එයාව නෙමෙයි සමර් ව. හීනෙන් ඇහැරුනාම එයා ඕශා වයි, හෝඩොර් නුයි එක්ක ඒ කැලේට අර වතුර වල ලඟට යනවා. ඒ යද්දි අර රතු වල්ගා තරුව ඇත්තටම දකිනවා. බ්‍රැන් ඕශා එක්ක රතු වල්ගා තරුව ගැන මිනිස්සු කියන කතා ගැන කතා කලත්, ඕශා කියන්නෙ රතු වල්ගා තරු වලින් පෙන්නන්නෙ ආයෙම මකරු එනවා කියන එකලු.

ඩ්‍රැගන්ස්ටෝන් වල දූපතේදි

ස්ටැනිස් බැරතියන් රජතුමා එයාගෙ උපදේශක උන මෙලිසැන්ඩ්‍රා ඉඩ දෙනවා සත් ආශිර්වාදයේ දෙවිවරුන්ගෙ රූප ගිනිතියන්න. එයා අදහපු අගිනි දේවතාවට පූජාවක් විදියට. ඒත් මේස්ටර් ක්‍රෙසන් ට මේක නවත්තන්න ඕනෙ වෙනවා. සෙර් ඩාවොස් ට ඒක කීවත් සෙර් ඩාවොස් කිව්වෙ 'නෑ දැන්ම නෙමෙයි' ඒත් මේක ඉවසන්න බැරි උන මේස්ටර් ක්‍රෙසන් ඉස්සරහට ඇවිත් කෑ ගැහුවත්මොකුත් කර ගන්න බැරි වෙනවා.
මෙලිසැන්ඩ්‍රා දෙයක් කියනවා , ඒ තමයි "පරන පොත් වල තියෙන්නෙ, ගින්නෙන් දැවුනු අසිපතක් තියෙන රනශූරයා තමයි රජ වෙන්නෙ" (Doesn't ring a bell)

මේ වෙද්දි ස්ටැනිස් ට නෙඩ් එවපු ලියුම හම්බ වෙලා, ඒකෙ තියෙන්නෙ රොබට් බැරතියන් ගෙන් පස්සෙ සිහසුනේ නියම උරුමක්කාරයා ස්ටැනිස් කියලා. රොබට් ගෙ දරුවො කියාගෙන ඉන්න ජොෆ්‍රි, ටොමෙන් ඇත්තටම රොබට් ගෙ දරුවො නෙමෙයි ඒ අය ජේමි ගෙ ළමයි, ඒ නිසා ඒ අයට සිහසුන උරුම නෑ කියලා. දැං මේ ලියුමෙ පිටපත් හදනවා රාජධානිය පුරාම යවන්න.

සෙර් ඩාවොස් කියනවා යුධ්දෙට යනවා නම් ස්ටැනිස් ගෙ අනෙක් සහෝදරයා වෙච්ච රෙන්ලි එක්ක හරි නැත්නම් රොබ් ස්ටාක් එක්ක හරි එකතු වෙන්න කියලා. ස්ටැනිස් කැමති වෙන්නෙත් නෑ. ඒ අස්සෙ මෙලිසැන්ඩ්‍රා ත් කියනවා අර මගුල් අග්නි දෙවියො ඉන්න නිසා ස්ටැනිස් ට කාගෙවත් සහය ඕනෙ නැලු.


මේ කතාව යන අතරෙ මේස්ටර් ක්‍රෙසන් හොරෙන්ම වස වගයක් දානවා වයින් වීදුරුවට. මේක ඩාවොස් දකිනවත් එක්ක. ක්‍රෙසන් වයින් එකත් අරන් නැගිටලා එන්න හදද්දි ඩාවොස් නවත්තන්න හැදුවත් නවතින්නෙ නෑ. ඇවිත් වයින් ඒක මෙලිසැන්ඩ්‍රා ට දෙනවා, මෙලිසැන්ඩ්‍රා ඒක ගන්න අදි මදි කලාම ටිකක් බීල පෙන්නලා මෙලිසැන්ඩ්‍රා ට දෙනවා.. ක්‍රෙසන් නහයෙන් කටින් ලේ දාන්න පටන් අරන් මැරිලා වැටෙනවා. ඒකෙන් පස්සෙ මෙලී අර ඉතිරි වයින් ටික බීවත් එයාට නම් වස වලින් මොකුත් වෙන්නෙ නෑ.

රොබ් ගෙ යුධ කඳවුරේදි

රොබ් ට මේ ලියුම ලැබෙනවා. මේක ලැබෙද්දි ජේමි එයාගෙ හිර කාරයෙක්නෙ. රොබ් එනවා ජේමි ව හිර කරලා ඉන්න තැනට. ඒ ආවම ජේමි රොබ් ගෙන් අහනවා මේ හැම යන යන තැන කඳවුරු වලට මාව ගෙනියන්නෙ නැතිව එක තැනක තියන්නෙ නැත්තෙ ඇයි කියලා.. රොබ් කියනවා හුවමාරු ගනුදෙනුවක් කරන්නයි යන්නෙ කියලා. ඒ වගෙම එයා දන්නවා කියනවා බ්‍රැන් ට වෙච්ච දේ ගැන, එහෙම උනේ ඇයි කියලත් දන්නවලු.මේ ප්‍රෂ්න අහන අතරෙ එතෙන්ට ග්‍රේ වින්ඩ් එනවා. පොඩ්ඩක් ජේමි ට සද්දෙකුත් දානවත් එක්ක.

කැටලින් ආර්යාව රොබ් ව හම්බ වෙලා කියනවා එයාට වින්ටර්ෆෙල් යන්න ඕනෙලු, බ්‍රැන් වයි රිකොන් වයි මාස ගානකින් දැක්කෙ නැති නිසා. ඒත් රොබ් කියනවා නෑ යන්න එපා ඒ දෙන්නව බලා ගන්න රොඩ්‍රික් කැසෙල් ව යවමු, අම්මා ඉන්න, අම්මා ගිහින් රෙන්ලි ව හම්බ වෙලා එයාගෙන් සහය ඉල්ලන්නලු.

පටු මුහුදෙන් එහා

ඩැනී එයාගෙ කලසාර් එකත් එක්ක රෙඩ් වේස්ට් පැත්තට යනවා.. එක මහ ඉමක් කෙලවරක් නැති කාන්තාරයක්නෙ. හැමෝම හාමත් වෙලත් එක්ක. මේ යනින් ගමන් ඩැනී සුදු අශ්වයා මැරිලා වැටෙනවා එයා ඉස්සරහම. ඒ ඩ්‍රොගෝ ගෙ පළවෙනි තෑග්ග. මේකෙන් පස්සෙ එතනම නැවතිලා එයාගෙ රුහිරු ආරෝහකයො 3ක් ව දිශා 3කට යවනවා විස්තර හොයාගෙන එන්න.

No comments:

Post a Comment