Thursday, August 11, 2016

බ්ලැක්වෝටර් සටන - Blackwater 9

ස්ටැනිස් නැවි බල ඇණියත් එක්ක දැං ලඟටම ඇවිත්.. ඩාවොස් ගෙ පුතා මේ යුද්ධෙ ජයග්‍රහනය ගැන ලොකු විශ්වාසෙකින් ඉන්නෙ. එයා සතුටෙන් ඉන්නෙ  මේක ඉවර උනාම ස්ටැනිස් රජ වෙලා ඩාවොස් රජුගෙ දෙවනියා වෙනවා නේද කියන එක ගැන. ඒත් ඩාවොස් ගෙ මූණෙ නම් ලොකු බලාපොරොත්තුවක් පේන්නෙ නැහැ.

කින්ග්ස්ලෑන්ඩින් වල හැමෝම දැං යුද්ධෙට ලේස්ති වෙනින් ගමන්. ටිරියන් ස්ටැනිස් එන්න කලින් දවසෙ රෑ ගෙවන්නෙ ශේ එක්ක. ටිරියන් කියන්වා ශේ ට ස්ටැනිස් ආවොත් හැම ලැනිස්ටර් කෙනෙක්ම මරනවලු.

සර්සි ටත් ලොකු බලාපොරොත්තුවක් නෑ වගේ යුද්ධෙ ගැන. එයා මේස්ටර් පයිසෙල් ට කියලා වස බෙහෙතක් ගෙන්න ගන්නවා 'නයිට්ශේඩ් සාරය' .. ඒකෙ බිංදු 1ක් ඇඟේ තෙහෙට්ටුව හිතේ කලබල සංසිඳුවන්නත්, බිංදු 3ක් තදම තද නින්දකට වැටෙන්නත්, බිංදු 10කින් මැරෙන්නත් පුළුවන්.

මේ අතරෙ සතුටෙන් ඉන්න එකම කෙනා බ්‍රොන්, එයා සෙබළු එක්ක තැබෑරුමකට වෙලා සිංදු කිය කිය හොඳටම බිබී ඉන්නෙ.
"and so hes spoke - that Lord of Castarmere
but now the rains - weep o'er his halls
with no one there to hear
yes no the rains - weep o'er his halls
and not a soul to hear" මේ ලැන්ස්ටර්ලගෙ සිංදුවක්.. The Rains of Castamere

මෙතෙන්ට එනවා සැන්ඩො ක්ලේගන්.. ඇවිත් බ්‍රොන් එක්ක වලියක් දා ගන්න ලේස්ති වෙනකොටම යුද්ධෙ පටන් ගන්න බෙල් ගහනවා ඇහෙන නිසා හැමෝම යන්න යනවා.

ටිරියන් පොඩ්‍රික් ගෙ උදව් එක්ක එයාගෙ සන්නාහා අඳින ගමං දැං ඉන්නෙ. එතනම වාරිස් නුත් ඉන්නවා... එයා සිතියමක් අරන් ඇවිත්. ඒ සිතියමේ තියෙන්නෙ නගරේ සම්පූර්න සැලැස්මක්... ටාගේරියන් ලා නගරෙ හදද්දි තිබුණ සැලසුමක්. ඒකෙ තියෙනවා උමං පාරක් වැරදුනොත් පැනලා යන්න. වාරිස් ඒක පෙන්නුවම ටිරියන් කියන්නෙ නෑ මං පැනලා යන්නෙ නෑ, මේක විනාස වෙනව නම් මමත් මේක එක්කම විනාස වෙනවා කියලා

                                     

ජොෆ්‍රි යන්න එලියට බැහැලා.. සන්සා ට කියනවා ඇවිත් එයාගෙ කඩුව ඉඹින්නලු.. ආයෙ ආවමත් ඉඹින්නලු ඒක එතකොට ඒකෙ ස්ටැනිස් ගෙ ලේ තියෙද්දි. සන්සා ශේ මේගර්ස් හෝල්ඩ්ෆාස්ට් වලට යනින් ගමන් ඉන්නෙ. එතන තමා සර්සි කින්ග්ස්ලෑන්ඩින් වල ඉන්න උසස් පවුල්වල හැම ගෑණු කෙනෙක්ටම ආර්ක්ශාවෙන්න එන්න කියලා තියෙන තැන.

සන්සා ශේ එක්ක එතනට යනවා.. ගියාට පස්සෙ සර්සි කරන්නෙ සන්සා ට ලඟට අඬගහලා වයින් බොන්න දීලා කියනවා නගරෙ විනාස උනොත් සිද්ද වෙන දේවල් අපචාර ගැන.., එහෙම උනොත් තමන්ගෙ ගෑනු කම පාවිච්චි කරලා ඒකෙන් බේරෙන හැටි. සර්සි හරියට විකාරෙන් කියවනවා වගේ.මේ විස්තර ගැන කිය කිය ඉන්න අතරෙ සර්සි දකිනවා ශේ ව.. ශේ ට කතා කරලා අහනවා මීට කලින් දැකලා නෑනෙ මං ඔයාව, කොහෙන්ද කවදද ආවෙ.. සර්සි ට නම් වැඩි පැහැදීමක් නෑ කොහෙත්ම ශේ ගැන.

ස්ටැනිස් ගෙ බලඇණිය ලඟටම ඇවිත්.... රෙඩ්කීප් ප්‍රාකාරෙ උඩ ඉඳගෙන හැමෝම ලේස්ති වෙලා, ජොෆ්‍රි ඉවසල්ලික් නැතිව ටිරියන් ට කෑ ගනවා මොනවා හරි කරන්න එයාලා ලඟමයි කියලා.. ඒත් ටිරියන් තවමත් බලන් ඉන්නවා... මඩ ගේට්ටුව ලඟටම වගේ ආවත් කින්ග්ස්ලෑන්ඩින් වල අයගෙ කිසිම සද්ද්යක් පේන්න නැති නිසා ඩාවොස් පොඩ්ඩක් කලබල වෙනවත් එක්ක.. බලාගෙන ඉනෙද්දි එක තනි නැවක් විතරක් ස්ටැනිස් ගෙ නැව් දිහාවට මඩ ගේට්ටුව පැත්තෙ ඉඳන් එනවා පෙනවා.. ඒත් ඒකෙ කිසිම කෙනෙක් එන පාටක් නෑ..

ලඟටම එද්දි ඩාවොස් දකිනවා මේ නැවෙන් වතුරට මොනවා හරි ගලන බව. ඩාවොස් තේරුම් ගන්නවා ඒ ලැව්ගිනි මිශ්‍රනය බව.. ඒ එක්කම ප්‍රාකාරෙ උඩ ඉන්න ටිරියන් පන්දමක් විසි කරනවා මැද හරියක දුන්නකුත් තියාගෙන ඉන්න බ්‍රොන් ලඟට.. මේ වෙද්දි අර ලැව්ගිනි මිශ්‍රනය තියෙන නැව ස්ටැනිස් ගෙ නැව් අතරට පාවෙලා ගිහින්. ඒ ලඟමයි ඩාවොස් ගෙ පුතා මැතොස් ඉන්න නැව තියෙන්නෙත්...

බ්‍රොන් ආපු ගිනි පන්දමෙන් හීයක් අවුලලා ඒ හීයා අර ගිනි වතුර පුරවපු නැව පැත්තට විදිනවා.. මේක දකිද්දිම ඩාවොස් පුතාට අයින් වෙන්න කෑ ගැහුවත් පරක්කු වැඩී.. ඒ ක්ශණයෙන්ම නැව් ගානක් එක පෙළට පුපුරන්නෙ ගිණිකෙළි දර්ෂනයක් වගේ.. කිසි කෙනෙක්ට හිතා ගන්න බෑ වෙන දේ.. අඩුම තරමෙ ටිරියන් ටත් හිතා ගන්න බෑ මේ වෙන දේ.
                                  

නැව් බාගයක්ම වගේ විනාස උනත් ස්ටැනිස් එක පොඩ්ඩක් වත් මේ ලැව් ගින්නෙන් වැටෙන්න නෑ.. ඉතිරි වෙලා ඉන්න හැමෝම කතා කරගෙන ස්ටැනිස් වෙරල දිහාවට සේනාව මෙහෙයවනවා. ටිරියන් වගේම ඉන්න කවුරුවත් හිතන්නෙ නෑ එච්චර දෙයක් වෙලත් ටිරියන් දිගටම ඒවි කියලා.. ඒ නිසා කලබල වෙලා කින්ග්ස්ලෑන්ඩින් සෙබළු ඉක්මනින් පෙළ ගස්වන්න අණ කරනවා.. ඒක බාර දෙන්නෙ ජොෆ්‍රි ගෙ ආරක්ශක උනු හවුන්ඩ් ට.. ස්ටැන්ස් සෙබළු එක්ක වෙරළට එනවත් එක්කම, රෙඩ් කීප් ප්‍රාකාරෙ උඩ ඉඳගෙන සෙබළු ගිනි හී විදිනවා.. ඒ එක්කම හවුන්ඩ් සෙබළු ටිකත් එක්ක එළියට යනවා, බයේ හැංගෙන්න හදන ලාන්සෙල් වත් ඇදගෙනයි යන්නෙ..

සටන පටන් ගත්තම, ලාන්සෙල් ට හීයක් වදිනවා.. ඒත් ලොකුවට නෙමේ. ලාන්සෙල් ඒක පිට දාලා හනිකට හෝල්ඩ්ෆාස්ට් ඇතුළට රිංගනවා. ගිහින් සර්සි ට කියනවා ස්ටැනිස් ආව බව. ඒක අහපු ගමන් සර්සි අහන්නෙ ජොෆ්‍රි කොහෙද කියලා.. ඒ වෙද්දි ජොෆ්‍රි සටනට ලේස්ති වෙලා.. සර්සි ලාන්සෙල් ට අණ කරනවා ජොෆ්‍රි ව එක්කන් එන්න කියලා සිංහාසනාගාරෙට.

හවුන්ඩ් එක්ක ගිය මිනිස්සු බාගයක්ම වගේ විනාසයි ස්ටැනිස් ගේ අයට. ස්ටැනිස් ගෙ අය දැං ඇතුළටම එන ගමන්.. හවුන්ඩ් ඉතිරි වෙලා ඉන්න ටික දෙනාව ඇතුළට එවලා එයත් එන්න එනවා. මේක දකින ජොෆ්‍රි ටිරියන් දෙන්නා හවුන්ඩ් ට කෑ ගහන්න පටන් ගන්නවා මොනවද මේ කරන්නෙ ඔයා ඉන්න ඕනෙ මෙතන නෙමේ එළියට යන්න සටන් කරන්න කියලා.. හවුන්ඩ් බෑ කීවම ජොෆ්‍රි කෑ ගහනවා බල්ලො උබ ඉන්න ඕනෙ එළියෙ කියලා.
"ක්ලේගන් ඔයා රජ්‍යාරක්ශක්, ඔයා උන්ට ගහන්න ඕනෙ නැත්නම් උන් මේ නගරෙ ල්ලා ගනීවි, රජතුමාගෙ නරගෙ"
"හුස්... රාජ්‍යාරක්ශක මකබෑවියන්, නගරෙ මකබෑවියන්, රජා ඌත් මකබෑවියන්"
හවුන්ඩ් ජොෆ්‍රි ඉස්සරහම මේ වචන ටික කියන්නෙ කිසිම ගානක් නැතිව.

මේ එක්කම සර්සිගෙ පණිවිඩේ අරන් ලාන්සෙල් එනවා.. ඇවිත් ජොෆ්‍රි ට පණිවිඩේ කීවම ටිරියන් කියනවා යන්න එපා එහෙම උනොත් මේ සෙබළුන්ගෙ යුධ හැඟීම ධෛර්ය නැති වෙයි... ඔයා  ඉඳගෙන සටන් කරන්න.  ඒත් ජොෆ්‍රි ට ඒ ගැන හැඟීමක් නෑ.. එයා කරන්නෙ සෙර් මුවර්, සෙර් බොරොස් ට එයා වෙනුවට ටිරියන් එක්ක ඉන්න කියලා ජොෆ්‍රි ලාන්සෙල් එක්ක යන්න යනවා.

මේක දකින සෙබළුන්ට තවත් යුද්ධ කරනන් තියෙන උවමනාව නැති වෙනවා. ඉන්න රජා ට උවමනාවක් නැති කොට ඇයි තමන් මැරෙන්න කියලා ඒ අය අත් අරින්න හදන්නෙ.. මේ වෙද්දි ස්ටැනිස් ගෙ අය ප්‍රාකාරෙ උඩට නගින ගමන්, තව කොටසක් ගේට්ටුව කඩන්න ගමන්. කරන්න දෙයක් නැති නිසා ටිරියන් ඉස්සරහට එනවා.. ඒත් ටිරියන් කියන්නෙ කොටෙක්. කිසි කෙනෙක් හිතන්නෙ නෑ ටිරියන් වගේ කෙනෙක් එක්ක ඉස්සරහට යන්න. 

ඒත් මේ ඉන්න අයව නවත්ත ගන්න ඕනෙ නිසා ටිරියන් හැමෝටම ඇහෙන්න කෑ ගහන්න ගන්නවා මේ යුද්ධෙ රජා නිසා වත් නගරෙ නිසා වත් නෙමෙයි තමන් වෙනුවෙන් කරන්න. මොකද ස්ටැනිස් ආවොත් එයා විනාස කරන්නෙ ඔයාලගෙ ගෙවල්. ඔයාලගෙ දේවල් හොරකම් කරන්නෙ. ඔයාලගෙ ගෑණුන්ටයි වධ දෙන්නෙ. මේ කතාවෙන් යන්න ගියපු අය ආයෙ හැරෙනවා.. හැමෝම ටිරියන් එක්ක ඉස්සරහට යන්න යාවා.

මේ අතරෙදි ලාන්සෙල් ආයෙම එනවා සර්සි ව හම්බ වෙන්න ජොෆ්‍රි ආපු පණිවිඩේ කියන්න. ඒක කියලා ලන්සෙල් සර්සි ට ඉන්න කියලා කීවත් සර්සි ඒ කියන දේ අහන්නෙ නැතිව ලාන්සෙල් ව පැත්තකට දාලා ටොමෙන් වත් අරන් යනවා..  සර්සි යනවත් එක්කම හෝල්ඩ්ෆාස්ට් වල ඉන්න අනෙක් ගෑනු අය හිතන්නෙ දැං යුධ්දෙ පරාදයි ඒ නිසා සර්සි පැනලා යනවා කියලා.. මේ දකින සන්සා ඇවිත් ඒ ගෑණු අයට කියනවා නෑ රැජිණ ගියේ නික, මේ වෙද්දි ජොෆ්‍රි සටන් කරන ගමන් ඉන්නෙ. යුද්ධෙ පරදින්නෙ නෑ.. ඒ නිසා බය වෙන්න එපා කියලා හැමෝම එක්ක යාතිකාවක් ගයන්න පටන් ගන්නවා.

ඒත් ශේ ඇවිත් සන්සා ව ඇදලා කියනවා, යන්න ඉක්මනට කාමරේට ගිහින් වහ ගන්න. මෙතන ඉඳලා සෙබළු ආවොත් ඔයාට කරදරයි.. යන්න ගිහින් කාමරේ වහන් ඉන්න. ස්ටැනිස් ඔයාව මරන්නෙ නෑ කියලා.. ශේ ටත් සන්සා එන්න කීවට ශේ එන්නෙ නෑ. ශේ ට ටිරියන් ව හම්බ වෙන්න ඕනෙ නිසා.

සන්සා කාමරේට ගිහින් ඒක වහගෙන එයාගෙ බඩු ලේස්ති කර ගන්න බලද්දි එයාගෙ කාමරේ ඉන්නවා හවුන්ඩ්. සන්සා බය වෙනවා හවුන්ඩ් දැකලා. හවුන්ඩ් කියන්නෙ දැං මෙහේ ඉවරයි මං මෙහේ දාලා ගින්දර නැති දිහාවක් හොයාගෙන යන්න හදනෙ.. උතුර දිහාවටයි මං යන්නෙ. ඔයාට ගෙදර යන්න ඕනෙ නේද? එන්න මන් ඔයාව පරෙස්සමෙන් වින්ටර්ෆෙල් වලට එක්කගෙන යන්නම් කියන්වා.. සන්සා මෝඩි කියනවා බෑ මට මෙහේ හොඳයි කියලා...

දැං ටිරියන් අර සෙබළු ටිකත් එක්ක එලියට ගිහින් සටන් කරන්වාඅ, කොහොමින් හරි රෙඩ්කීප් ගේට්ටුව කඩන්න ආපු එක නවත්ත ගන්නවා.. මේක වෙන තරෙ සෙර් මැන්ඩන් හිටි හැටියෙ වෙනස් වෙනවා, ටිරියන් ව මරන්න කඩු පාරක් ගහද්දි ඒකෙන් ටිරියන් ගෙ මූණ කැපිලා යනවා ඒත් ඒ පාර එච්චර ලොකුවට කරගන්න වෙන්නෙ නෑ පොඩ්‍රික් මැන්ඩන් ගෙ පිටිපස්සෙ ඉඳක් හෙල්ලකින් ඇනලා දාන නිසා.. ටිරියන් කලන්තෙ දාලා වැටෙන්න යද්දිම පොඩ්‍රික් ටිරියන් ව අල්ල ගන්නවා.

තවමත් ස්ටැනිස් ගෙ අයගෙන් බාගයක් වත් ඉවර නෑ... ටිරියන් බිම වැටිලා ඉන්නෙ දැං.. එයාට පේනවා වෙනම සේනාවක් එනවා ස්ටැනිස් ගෙ අයව මග දිගේ මර මර. ඒක ලොකු සේනාවක්මේ.  වෙද්දි සර්සි ටොමෙන් ව අරන් සිංහාසනාගාරෙට ගිහින් යකඩ සිහසුනේ ඉඳගෙන ටොමෙන් කතාවක් කියනවා.කතාව කියන ගමන් සර්සි ලේස්ති වෙන්නෙ අර නයිට්ශේඩ් සාරය ටොමෙන් ට පොවන්න.. ටොමෙන් ගෙ කටට ලං කරන්වත් එක්කම ඇතුළට සෙනගක් කඩාගෙන වදිනවා.. ඒ ටයිරෙල් හමුදාව ඉස්සර කරගෙන එන්නෙ ටයිවින් ලැනිස්ටර්. සර්සි තාත්තව දැකපු ගමන් වස බෝතලේ බිම දානවා,







No comments:

Post a Comment