Thursday, August 11, 2016

සියළු මිනිසුන් මිය යා යුතුයි - Valar Morghulis 10

කින්ග්ස්ලෑන්ඩින්

ටිරියන් ට සිහිය ඇවිත්.. ඒත් තුවාලෙ වේදනාවෙ වෙනසක් නෑ.. ඇස් ඇරල බලද්දි ඉන්නෙ නුපුරුදු තැනක, ඉස්සරහා හිටගෙන මේස්ටර් පයිසෙල්... තව දුරටත් ටිරියන් රාජ්‍ය උපදේශක නෙමෙයි.. කෑ ගහලා පොඩ්‍රික් ට කතා කරලා ටිරිය්න් කියනවා ගිහින් වාරිස් ව හරි බ්‍රොන් ව හරි හොයාගෙන එයාහීවත් වෙලා ඉන්න බව දැනුම් දෙන්න..

ටිරියන් අමාරුවෙන් ගුහාවක් වගේ කාමරේක ඉද්දි ටයිවින් ලැනිස්ටර් ජොෆ්‍රි ඉස්සරා අලුත් රාජ්‍ය උපදේශක විදියට දිවුරුම් දෙනවා.. දැං ජොෆ්‍රි කියන්නෙ නගරෙ ආරක්ශා කලේ ටයිවින් කියලා.. ඊලඟට බේලිශ් ට කතා කරලා එයා කරපු සේවෙ වෙනුවෙන් ටයිරෙල් ලව එක්කන් ආව එක වෙනුවෙන් බේලිශ් ට හැරෙන්හිල් බලකොටුව භාර දෙනවා එහෙට ලැබෙන සම්පූර්ණ ආදායම් එක්කම.
කිසිම කෙනෙක්ට මතක් වෙන්නෙ නෑ.. , මතක් කරන්නෙත් නෑ මේ හැමදේම හරි ගියේ ටයිරින් නිසා බව.


ඒ වගෙම ලොරාස් ටයිරෙල් ට කතා කරලා කින්ග්ස්ලෑන්ඩින් වෙනුවෙන් ඇවිත් සටන් කලාට ස්තූති කරලා ඒ වෙනුවෙන් කැමති දෙයක් ඉල්ලන්න අවසර දෙනවා.. මේ ලැබෙන අවසරෙන් ලොරාස් ඉල්ලන්නෙ එයාගෙ නංගි මාජරී ව විවාහ කර ගන්න... මේක අහලා ජොෆ්‍රි ට ඇත්තටම මාජරී ගැන ආස හිතුනත් ආයෙ කියනවා මං කොච්චර කැමති උනත් මට බෑනෙ.. මං මේ වෙද්දි වෙන කෙනෙක්ට පොරොන්දු වෙලා ඉවරනෙ, ඒ නිසා බෑ කියලා.

එවෙලෙ සර්සි ඉදිරිපත් වෙලා ජොෆ්‍රි ට කියනවා නෑ එහෙම නෙමෙයි.. ඔයාට සන්සා ව අත් අරින්න පුළුවන්. එයාගෙ තාත්ත ද්‍රෝහියෙක් ඇරත් එයාගෙ අයියත් මේ වෙද්දි කැරලි ගහන ගමන් ඉන්නෙ ඔයාට විරුද්ධව. ඉතිං එහෙම කෙනෙක්ගෙ දුවෙක් නන්ංගි කෙනෙක් බඳින්න ඕනෙ නෑනෙ කියලා. ඒත් ජොෆ්‍රි බෑ කියනවා එයා දෙවිවරු ඉදිරියේ පොරොන්දු වෙලා තියෙන නිසා සන්සා ව බඳින බවට.. මෙවෙලෙ ඉස්සරහට පනින්නෙ පයිසෙල්. එයා ඇවිත් කියනවා දෙවිවරු ඔබව නිදහස් කරලා තියෙන්නෙ මේකදි පොරොන්දුව කැඩුවට මොකුත් වෙන්නෙ නෑ කියලා.. ඒ කතාව අහපු ගමන් ජොෆ්‍රි මාජරී ට කැමති වෙනවා,

උඩ ඉඳගෙන බාඅගෙන ඉන්න සන්සා ට හිතා ගන්න බෑ මේ වෙන්නෙ මොකක්ද කියලා. ජොෆ්‍රි මාජරී ව බඳින්වා කියනව ඇහුන ගමන් සන්සා එතනින් යන්න යනවා හනිකට තනියම අඬ අඬ.. ඒත් එක සැරෙටම ඒ මග හරස් කරලා බේලිශ් මැදට පනිනවා.. සන්සා ගෙ හිත හදන්න හිතාගෙන කියනවා ඔයා අම්ම වගේමයි.. අම්ම ඔයාගෙ වයසෙදි ඔයාට වගෙම මෘදු හිතක්මයි තිබ්බෙ.. මට ඔයාව දකිද්දි මතක් වෙන්නෙ අම්මව. එයා මට සහෝදරියෙක් වගේ අරවා මේවා කියලා කියනවා එයා සන්සාට මෙහෙන් යන්න වින්ටර්ෆෙල් යන්න උදව් කරන්නම්ලු. සන්සා කියනවා මට බෑ මගේ ගෙදර මේක කියලා.. ඒත් බේලිශ් සන්සා ට මතක් කරනවා ජොෆ්‍රි ඔයාව බැඳෙ නැති උනාට ඔයාට රිද්දන එක නවත්තන්නෙ නෑ,, එයා තව තව ඒවා හොයා ගනී, ජොෆ්‍රි ඔයාට ගැලවෙන්න දෙන්නෙ නෑ.. මෙහේ ඉන්න කිසිම කෙනෙක් ව විශ්වාස කරන්නත් බෑ..ඒ නිසා මං උදව් කරන්නම් කියලා බේලිශ් සන්සා ට කියන්වා.

මේකෙන් පස්සෙ වාරිස් යනවා රෝස් ව හම්බ වෙන්න බේලිශ් ගෙ මඩමට... ගිහින් රෝස් ට  කියනවා එයාගෙ සගයෙක් වෙන්නලු. බේලිශ් ඔයාව ප්‍රයෝජනේට ගන්නවා විතරයි ඔයාගෙ ඇත්තම හැකියාවන් ගන්නෙ නෑනෙ.. මං ඒක කරන්නම් කියනවා. ඒ වගෙම බේලිශ් දරුණු කෙනෙක් කියලා මතක් කලාම රෝස් ඒක අනුමත කරනවා.

වාරිස් එනවා ටිරියන් ව හම්බ වෙන්න, ඇවිත් වෙච්ච දේවල් කියනවා. එවෙලෙ වාරිස් කියනවා සෙර් මැන්ඩන් ටිරියන් ව මරන්නෙ ආවෙ සර්සි ගෙ කීමටලු. දැං බ්‍රොන් වත් නගර ආරක්ශක තනතුරෙන් අයින් කරලලු. ඒ වගෙම ටිරියන් ගෙ යටතෙ ඉඳපු කඳුකරයොත්, ඒ අයව ආයෙම ඒ අයගෙ දිහාවල් වලට පිටත් කරලලු.. වාරිස් ටිරියන් ට කියනවා "මේ නගරෙ ඉන්න ගොඩක් අයට හැමදාම මතක තියේවි ඔයා නැතිනම් මේ යුද්ධෙ දිනන්න වෙන්නෙ නැති බව.. රජතුමා හරි වෙන අය හරි ප්‍රංසා නොකලට"

ශේ ත් එනවා ටිරියන් බව බලන්න. ඇවිත් කතා කරනවා එයා එක්ක මේ හැම දේම අතෑරලා පෙන්ටොස් වලට යන්න.. ඒත් ටිරියන් බෑ කියනව එකට.

ආර්යා, ගෙන්ඩ්‍රි හොට් පයි එක්ක හැරෙන්හිල් වලින් එලියට ඇවිත් මග දිගේ යද්දි හිටී හැටියෙම ආයෙ මගදි ජෙකන් හේගර් මතු වෙනව. ආර්යා යනවා එයාට කතා  කරන්න. ආර්යා හම්බුන ගමන් අහන්නෙ අර ඔක්කොම මැරුවෙ කොහොමද කියලා.. ජෙකන් කියන්නෙ ඒ මුහුණු ගොඩක් තියෙන දෙවියන්ගෙ දෙයක් කියලා ආර්යා ගෙ ලඟත් මරන්න මිනිස්සු ගොඩකගෙ නම් තියෙන නිසා එයාටත් එයා එක්ක එන්නලු. ආර්යා කියනවා අම්ම අයියා අනෙක් අයව හොයා ගන්න ඕනෙ නිසා බෑ කියලා.. එතකොට ජෙකන් ආර්යා ට කාසියක් දෙනවා කවද හරි දවසක ආයෙ එයාව හම්බ වෙන්න ඕනෙ උනොත් බ්‍රාවොස් ඇවිත් එහෙ ඉන්න ඕනෙ කෙනෙක්ට මේක දීලා "වලාර් මුගුලිස් - සියලු මිනිසුන් මිය යා යුතුයි" කියන්න ලු. ඊට පස්සෙ ජෙකන් ආර්යා ට සමු දීලා යනවා.


වෙස්ටර්ලන්ඩ්ස්

රොබ් ඇවිත් අම්මා කැට්ලින් එක්ක කතා කරනවා තලිසා ගැන.. ඒත් මේ වෙද්දි රොබ් ෆ්‍රේ පවුලෙ කෙනෙක්ව බඳින්න පොරොන්දු වෙලා ඉවරනෙ. කැට්ලින් පුතාට කියනවා ෆ්‍රේ කියන්නෙ එච්චර හොඳ කෙනෙක් නෙමෙයි, භයානක මනුස්සයෙක්.. ඒ නිසා එයාට වෙච්ච පොරොන්දු කඩන එක එච්චර හොඳ නැති බව.. ඒත් රොබ් කියන්නෙ එයා තලිසට කැමතී, තලිසව ඕනෙමයි ලු... ෆ්‍රේ ලගෙ කෙනා රොබ් දැකලවත් නෑනෙ. කැට්ලින් මතක් කරන්වා රොබ් ට එයා මුලින් නෙඩ් ස්ටාක් ව  බඳිද්දි ඒ දෙන්න හරියට දන්නෙත් නෑ වගෙම වැඩිය කැමති වෙලා ඉඳියෙත් නෑ.. ඒ කැමැත්ත ආදරේ ආවෙ කාලෙත් එක්ක..ඔයාටත් එහෙම වෙයි ෆ්‍රේ ගෙ දුව ව බැන්දම.. ඒ නිස ඒකට කැමති වෙන්න කිව්වත් රොබ් ගෙ හිත වෙනස් වෙන්නෙ නෑ.


මේ වෙද්දි ජේමි එක්ක කින්ග්ස් ලෑන්ඩින් යනින් ගමන් ඉන්න බ්‍රියැන් මගදි අහු වෙනවා ස්ටාක් සෙබළු 3 දෙනෙක්ට. ජේමි කවුද කියන එක හංගන්න හැදුවත් ඒ අය ජේමි ව අඳුනගෙන ගහන්න ලේස්ති වෙනවා.. බ්‍රියැන් ඒ 3 දෙනාවම මරලා දාල ජේමි එක්ක ආයෙ යන්න පිටත් වෙනවා.


ඩ්‍රැගන්ස්ටෝන්

යුද්ධෙන් පරාද වෙච්ච ස්ටැනිස් බැරතියන් ආයෙම ඩ්‍රැගන්ස්ටෝන් වලට පහු බහිනවා. ස්ටැනිස් මෙලිසැන්ඩ්‍රා ව හම්බ වෙලා සම්පූර්ණ වරද එයාගෙ පිටේ පටවනවා.. දිනන්න බැරි යුද්ධෙකට ඇයි යැව්වෙ? කෝ ඔයාගෙ මහ ලොකු ගිනි දෙවියො එයා කොහෙද ගියේ අහලා මෙලී ට හොඳටම බනිනවා, මෙලී ගෙ බෙල්ල මිරිකගෙන. මෙලී අමාරුවෙන් කියනවා දෙවියො ඉන්නෙ ස්ටැනිස් ඇතුළෙ කියලා. ඔන්න එපාර තමා අත් අරින්නෙ.. ස්ටැනිස් ගෙ හිත හදන්න හිතාගෙන එයා කියනවා තවම මේ යුද්ධෙ පටන් ගත්තා විතරනෙ මේක ඉවර වෙන්නෙ තව අවුරුදු ගානකින් ඒ නිසා තවම ඔයා පැරදිලා නෑලු.එහෙම කියලා ස්ටැනිස් ට ආයෙ ගින්දර අතරෙ හෙවනැලි කතා පෙන්නනවා, මේව දැක්කම ස්ටැනිස් ආයෙම මෙලී ව විශ්වාස කරන්න ගන්නවා.



වින්ටර්ෆෙල්

තියොන් ග්‍රේජෝයි හොඳටම කලබල වෙලා.. එලියෙ දිගින් දිගටම නලා සද්දෙ ඇහෙනවා ස්ටාක් ලගෙ මිත්‍ර හමුදාවක් වින්ටර්ෆෙල් එන බව කියන. ඒත් තියොන් ට ඉන්නෙ සෙබළු 20යි.. පිස්සෙක් වගේ කෑ ගගහා ඉනෙද්දි මේස්ටර් ලුවින් කියනවා තියොන් ඔය කල දේවල් කලේ ඇත්තටම හිතලා නෙමේනෙ. මං ඔයා කවුද කියන එක පොඩි කාලෙ ඉඳන්ම දන්නවනෙ.. දැං එන අය එන්න කලින් මෙහෙන් පැනගන්න. උන්ට අහු නොවී යන්න පුළුවන් පාරවල් තියෙනවනෙ කියනවා. ඒත් තියොන් අහන්නෙ පැනලා කොහේ යන්නද යන්න තැනක් නෑලු.. මේටර් කියන්වා නිශාචර සුරැකුම් බලකායට බැඳෙන්න. තියොන් කියනව අපෝ බෑ එහේ ජොන් ස්නෝ ඉන්නවනෙ ඒක මගෙ බෙල්ල කපාවි මං කරපු ඒවට කියලා.. ඒත් මේටර් කියනවා නෑ එහෙම නෙමේ ඒකට බැඳුනම පරණ වැරදි කිසි දේකට ඩඬුවම් ලැබෙන්නෙ නෑ කියලා.


ඒත් තියොන් කියන දේ අහන්නෙ නෑ.. එයා හදන්නෙ ඉන්න මිනිස්සු ටිකත් එකතු කරගෙන සටන් කරන්න. එයා හැමෝවම එකතු කරන් කතා කරගෙන යද්දි පිටිපස්සෙන් එන ඩැග්මර් තියොන් ගෙඔළුවට හෙල්ලකින් ගහලා සිහි නැති කරනවා.. ඊට පස්සෙ ඔලුවට බෑග් එකක් දාලා වහලා එයාල තියොන් ව අරන් යන්න හදද්දි එතෙනට බලන්න එන මේස්ටර් ලුවින් ට අර හෙල්ලෙන්ම බඩට ඇනිනවා.. මේස්ටර් එතනම වැටෙනවා, එයාල තියොන් වත් අරන් යන්න යනවා.



වින්ටෆෙල් විනාස කරලා මේ අය ගියාට පස්සෙ ඕශා බ්‍රැන්, රිකොන් දෙන්න එක්ක බිම් ගෙයින් එළියට ඇව් ඉත් පරන කැලේ දිහාවට යන්න යනවා ඒ යද්දි මේස්ටර් ලුවින් දේව ගහ යට ඉන්නවා තුවාලෙත් එක්ක. බ්‍රැන් රිකොන් දෙන්න බෙහෙත් ගෙනත් උදව් කරන්න හැදුවත් මේස්ටර් ඒකටත් එපා කියනවා. ලුවින් කියන්නෙ ඒ දෙන්නට උතුරට යන්න ගිහින් ජොන් ව හම්බ වෙන්න එයා මේ දෙන්නව බලා ගනීවිලු.. එහෙම කියලා යන්න පිටත් කරනවා.


ක්වාත්

තමන්ගෙ නැතිවෙච්ච මකරු ටික හොයා ගන්න අර මායාකාරයා එන්න කියපු 'අමරණීයන්ගෙ නිවස' ට කලීසි ජෝරා, කොවාරෝ දෙන්න එක්ක යනවා. ගිහිං ජෝරා වයි කොවාරොයි දෙන්න එලියෙන් තියලා එයා ඒකට ඇතුල් වෙනවා.


ඇතුලට ගිහින් පන්දමකුත් අරගෙන දිගට යද්හ්ඩි කලීසි ට දොරවල් හමබ වේවා.. එයා ඒ එකින් එක ඇරගෙන යද්ඩි එක එක ඒවා පේන්න පටන් ගන්නවා, මුලින්ම හිමෙන් වැහුන සිංහාසනාගාරෙ එයා ඉන්නවා, යකඩ සිහසුන ලඟටම යද්ඩි මකරු කෑ ගහනවා ඇහෙන නිසා ආයෙ හැරෙනවා එතනින් එද්දි එයා ඉන්නෙ ප්‍රාකාරෙන් එපිට, ඈත පේන කූඩාරමක් දිහාවට ඇවිදගෙන යද්දි කාල් ඩ්‍රෝගො කලීසි ගෙ පුතා එක්ක කූඩාරමේ, කලීසි කාල් එක්ක කතා කරන්වා
"මේ හූනියම් තමයි ඔයාව මගෙන් වෙන් කලේ, මට තෙරේන්නෙ නෑ මේ වෙන්නෙ මොනවද කියලා.. සමහරවිට මම දැං මැරිලා ඇති මං ඒ ගැන හරියට දන්නෙ නැති උනාට, සමහරවිට මං මේ ඉන්නෙ ඔයාගෙ එක්ක මළවුන්ගෙ ලෝකෙ වෙන්න ඇති"
"එක්කො මම ප්‍රතික්ශේප කරන්න ඇති ඔයා නැතිව තනියම මළ ලෝකට යන්න කලීසි, සමහරවිට මම මහා සෛන්ධවයට  ඌට ඕනෙ මගුලක් කර ගන්න කියලා ඔයා එනකල් මෙතන නවතින්න ඇති....... එහෙමත් නැත්නම් මේක හීනයක් වෙනැති, ඔයාගෙයි මගෙයි හීනයක්... ඒත් මේක හීනයක් නම් මාව මේ හීනෙන් ඇහැරවන ඕනෙම එකක් මං මරනවා"


කලීසි එතනිනුත් එළියට එනවා ඒ ගමනට එයා එන්නෙ මකරු  දෙනා ඉන්න තැනට.. ඒත් එතනට ගිය ගමන් ව වගේ ප්යට් ප්‍රී මතු වෙනවා. ප්යට් ප්‍රී ලා මහ ගොඩක්.. ඒ අය කලීසි ව අල්ලලා අත් දෙකට දම් වැල් දානවා.. ඊට පිටිපස්සෙන් මකරු තුන් දෙනා දම් වැල් දාලා. කලීසි ට දම් වැල් දාපු ගමන් ම වගේ මකරු  දෙනා ප්යට් ප්‍රී දිහා අමුතුවට බලන්න පටන් ගන්නවා.. කලීසි එක සැරේම 'ඩ්‍රකාරිස්' කීව ගමන් මේ  දෙනා ගිණි පිබලා ප්යට් ප්‍රී ගිණි තියනවා.. ඒ ගිණි රස්නෙට බෙල්ලට දාලා තියෙන දම්වල් වැටෙනවා, කලිසි ගෙ අතට දාපුවත් ගැලවෙනව.

කලීසි දැනගන්නවා ක්සාරො ක්සොන් දක්සොස් තමන්ට ද්‍රෝහි උන බව,, ඒ එක්කම එයාට ඩෝරි ත් එකතු වෙලා.. කලීසි අනෙක් අය එක්ක ගිහින් ක්සාරො ගෙ බෙල්ලෙ තියෙන යතුර ගලවගෙන ඒ දෙන්නවත් අරන් අර වස්තුව රැස් කරලා තියෙනවා කියපු තැනට යනවා. ගිහින් ඒක ඇරලා බලද්දි ඒකෙ කිසිම දෙයක් නෑ... කලීසි ක්සාරො වයි ඩොරි වයි දෙන්නම ඒකට දාලා වහලා ක්වාත් වලින් ගන්න තියෙන හැම වස්තුවම අරන් යන්න ලේස්ති වෙනවා.


ප්‍රාකාරෙන් එපිට

ඇටකටු රජා ජොන්, කොරින් වත් අරගෙන මැන්ස් ලඟට යනින් ගමන්.. මේ වෙද්දි කොරින් තේරුම් අරන් ඉන්නෙ මේකෙ හරියට වැඩක් ගන්න නම් එයා මැරෙන්න ඕනෙ බව.. යනින් ගමන් එක සැරේ පැනලා ඉන්න කෙනෙක්ගෙ කඩුව ක් අරන් ජොන් ට ගහන්න පටන් ගන්නවා ද්‍රෝහියා කියලා.. යිග්‍රිට් නුත් ජොන් ට ආයෙ කඩුව දෙනවා අනෙ අය මේක නවත්තන්න බැලුවත් ඇටකටු රජා කියන්නෙ එයාලට ගහගන්න දෙන්නලු.. කොරින් ජොන් ට ගහන්න පටන් ගන්නවා එයාගෙ අම්මා තාත්තා ගැන අපහාස කර කර.. ටික වෙලවක් සටන් කරල ජොන් එක සැරේම කඩුව බස්සනවා කොරින් ගෙ පපුව හරහා කලින් කතා කරගෙන ඉන්න විදියටම.. මැරිලා වැටෙන්න කලින් කොරි කියන්නෙ 'අපි නිශාචර සුරැකුම් බලකායෙ අය' .. ඊට පස්සෙ ඇටකටු රජා මරණෙ පුච්චන්න අණ කරන්වා එහෙම නැත්නම් වයිට් කෙනෙක් වෙන්න ඉඩ තියෙන නිසා.. ඊට පස්සෙ එයාල ජොන් ගෙ බැමි ලිහලා දාලා දිගටම ජොන් වත් අරන් මැන්ස් ඉන්න දිහාවට යනවා.




මේ අතරෙ සෑම්, එඩ්, ග්‍රෙන් තුන් දෙනා කතා කර යනින් ගමන් ඉන්නෙ .. මේ යන අතරෙ එක සැරයක් නලාව පිඹිනවා ඇහෙනවා මේ අය හිතන්නෙ ඒ ජොන් කියලා, ඒ එක්කම තව සැරයක් ඇහෙනවා එපාර ඒ වන්චාරී එනවා කියලා හිතල කඩු එලියට අදිනවත් එක්කම තව සැරයක්..  ඒ කියන්නෙ ධවල ඇවිදින්නො.

ග්‍රෙන්, එඩ් දෙන්න පන එපා කියලා දිව්වත් සෑම් ට දුවන්න බෑනෙ, එයා වැටෙනවා.. කරන්න දෙයක් නැති කමට ලඟම තියෙන ගල පිටිපස්සෙ හැංගෙනවා.. ටිකක් වෙලා ඉනෙද්දි වයිට් ලා තොගයක් පිටිපස්සෙන් ලඟටම ඇවිත්. එයාට දැං පේනවා වයිට් ලා එයාව පහු කරන් යන හැටි.. ඒ එක්කම වයිට් අශ්වයෙකුත්.. ඒ අශ්වයගෙ උඩ ඉන්නෙ ධවල ඇවිදින්නෙක්. සෑම් දැං මැරෙන්න තරම් බය වෙලා.. ධ.ඇ සෑම් ව දකිනවා ඒත් සෑම් ව ගනං නොගෙන දිගටම යන්න පටන් ගන්නවා.




No comments:

Post a Comment