Wednesday, August 10, 2016

වින්ටර්ෆෙල් හි කුමරු - The Prince of Winterfel 8

වින්ටර්ෆෙල් වල

තියොන් හතර වටේම ඉඳපු රේවන් කපුටන් ව මරලා දානවා, මොනම හේතුවක් නිසා වත් එලියට පණිවිඩයක් යැවෙන්නෙ නැති වෙන්න.. ඒ කරලා අනෙක් පැත්ත හැරෙද්දි යාරා එනවා සෙබළු කට්ටියක් එක්ක වින්ටර්ෆෙල්. ඒ ඇවිත් තියොන් කළ දේට බනිනවා, තියොන් ට නෝන්ඩියට කතා කරන්නෙත් 'අහ් වින්ටර්ෆෙල් වල කුමාරයා' කියලා.. යාරා බනිනවා කරපු මහ ලොකු වීර කම අර අබ්බගාත කොල්ලා වයි, අවුරුදු 7ක කොල්ලවයි මරපු එකද, උබ නම් මහ මෝඩයෙක් අමනයෙක් කියලා නොසෑහෙන්න බනිනවා.. මේවා රොබ් දැනගත්තොත් ඔයාව ඉතුරු කරන්නෙ නෑ ඒ නිසා දැං මේක දාල්ල මං එක්ක එන්න කියලා යාරා තියොන් ට කතා කලත් තියොන් යන්න බෑ කියනවා.



මේස්ටර් ලුවින් එලියෙ ඉනෙද්දි හදිසියේම දකිනවා ඕශා පාන් වගයක් අරගෙන හොරෙන් බිම්ගෙට යනවා.. එපාර මේස්ටර් නුත් ඒ පස්සෙන් කාටත් හොරෙන් ගිහින් ඕශා ට කතා කරලා දැනගනන්වා බ්‍රැන් රිකොන් හොඳින් ඉන්න බව. එවෙලෙ තම හරියට දැනගන්නෙ ඒ මරලා තියෙන්නෙ ගොවිපළේ ඉඳපු පොඩි ළමයි දෙන්න බව, බ්‍රැන් ට ඇහෙන්නෙ නැති වෙන්න හෙමින් කතා කලත් බ්‍රැන් අහගෙනයි ඉන්නෙ.



ප්‍රාකාරෙන් එපිට


යිග්‍රිට් ජොන් ස්නෝ ව ඇටකටු රජා ලඟට ගෙනත්.. ඒ යද්දි කෝරින් වත් එයාලා අල්ලගෙන. ඇටකටු රජා කියන්නෙ කෝරින් ඉන්න නිසා ජොන් ගෙන් වැඩක් නෑ මරලා දාන්න කියලා.. ඒත් යිග්‍රිට් කියනව එහෙම නෙමේ අපි මෙයාව මැන්ස් ලඟට ගෙනියමු මෙයා නෙඩ් ස්ටාක් අවජාතකයා නිසා මොකක් හරි ප්‍රයෝජනයක් තියේවි එහෙම නැත්නම් කරන දේ මැන්ස් තීරණේ කරාවිලු.


කෝරින් වයි ජොන් වයි අරගෙන යන ගමනෙදි කෝරින් ජොන් එක්ක වළියක් දා ගන්නවා. ඒ වනචාරීන් ව නොමග යවන්න.

සෑම්, ග්‍රෙන්, එඩිසන් දැං වෙනම ඉන්නෙ. එයාලා ආයෙ යනින් ගමන්. ජොන් නැති එක ගැන කතා කර කර එයාල හිමේ වලවල් හාර හාර ඉන්න ගමන් ග්‍රෙන් ගෙ සවල එක සැරේ තද දේක වදිනවා. ග්‍රෙන් එතන පිහදාලා බැලුවම ඒ සලකුණක් එක්ක ගල් පතුරක්. සෑම් කියනවා ඒක මුල් මිනිස්සුන්ගෙ සලකුණක්ලු.. ගල් පතුර අයින් කලාම ඒක යට නිශාචර සුරැකුම් බලකායෙ කෙනෙක්ගෙ කබායක මොනවද ඔතලා.. එලියට අරන් ලෙහලා බැලුවම නලාවක් එක්ක ගල් පතුරු ගොඩක්. සැම් කියන්නෙ ඒ ඩ්‍රැගන්ස්ටෝන් ලු.


පටු මුහුදෙන් එහා ක්වාත් වල


ඩැනී ට තවම මකරු හම්බුනෙ නෑ.. ජෝරා ඩැනී ට කතා කරනවා හෙට අස්ටපො යන නැවක් තියෙනවා යමු කියලා ඒකෙ.. ඩැනී බෑම කියනවා එයාගෙ ඉන්න එකම ළමයි මකරු 3 දෙනා, එයාලව දාලා කොහෙවත්ම යන්නෙ නෑමයි ඒ නිසා අර 'අමරණීයන්ගෙ නිවස' හොයාගෙන යමු කියලා ජෝරා ට කතා කරන්වා.



කින්ග්ස්ලෑන්ඩින්


ටිරියන් මාලිගාවෙ ඉඳගෙන වෙස්ටෙරොස් ඉතිහාස පොත් කියනවා පරන යුද්ධ වෙච්ච හැටි බලන්න, ඒවගෙන් මේ එන යුද්ධෙට දෙයක් කර ගන්න. මෙතන බ්‍රොන් ඉන්නවා ඒ වගෙම වාරිස් නුත් එනවා. 3දෙනාම බලන්නෙ යුද්ධෙ දිනන්න විදියක් හොයන්න.


සර්සි එක්ක ටිරියන් සාකච්චාවක, ටිරියන් හදන්නෙ ජොෆ්‍රි වත් සෙබළු එක්ක සටනට යවන්න. සෙබළුන්ට ධෛර්යක් එන්න. ඒත් සර්සි කියන්නෙ ටිරියන්ට ඕනෙ ජොෆ්‍රි ව මරා ගන්නලු. සර්සි ටිරියන් ට කියනවා මගේ පුතාට කරන්න හදන දේ වෙනුවට ම්න් ඔයාගෙ ආසම ගණිකාව ගෙනත් තියාගෙන ඉන්නෙ. ජොෆ්‍රි ට දෙයක් උනොත් ඒවම ඊට දෙගුණයක් වෙලා අරයට ලැබෙයිලු. ටිරියන් හිතන්නෙ මේ ශේ කියලා. ඒත් බලද්දි මේ රෝස්.. ඒත් මේකෙන් ටිරියන් සර්සි එක්ක තරහක් පටන් ගන්නවා..

"මේකට මං ඔයාට රිද්දනවා, දවසක් ඒවි ඔයා සතුටෙන් වගෙම ආරක්ශිතයි කියලා දැනෙන ඔයා හිතන,ඒත් ඒ සතුට ඔයාගෙ කට ඇතුළෙම මං අළු කරලා දානවා, එතකොට ඔයාට මතක් වෙයි ණය ගෙව්ව බව"

ටිරියන් වාරිස් එක්ක පවුර උඩ ඉඳන් ඉස්සරහට එන යුද්ධෙ ගැන කතා කර කර ඉන්නවා.. ඒ දෙන්න කියන්නෙ අවංක බුද්ඩ්ඉමත් මිනිස්සු සගයො දෙනෙක් විදියට ඒ දෙන්නට ඉන්න පුළුවන්ලු.. වාරිස් ට අලුත් ඔත්තුවක් හම්බෙලා
"මට අද උදේ අලුත් දෙයක් අහන්න ලැබුනා,, ක්වාත් වලින්, ඩැනේරිස් එහේ ජීවත් වෙනවා"
"ලෝකෙ එහා කෙළවරේ ඉන්න පොඩි කෙල්ලෙක් අපිට ප්‍රශ්නයක් නෙමෙයි"
"එයාට මකරු ඉන්නවා..3 දෙනෙක්.. කතාව මොකක් උනත් උන් හොඳටම වැඩෙන්න අවුරුඩ්දක් වත් යාවි.. ඊට පස්සෙ අපි කාටවත් උන්ගෙන් හැන්ගිලා ඉන්න ලැබෙන්නෙ නෑ"

මේ අතරෙ ස්ටැනිස් එයාගෙ නාවික බලඇණියත් එක්ක කින්ග්ස්ලෑන්ඩින් දිහාවට යනින් ගමන් ඉන්නෙ, ඒ යන අතරෙ ස්ටැනිස් ඩාවොස් ට කියනවා එයා රජ උනාම උපදේශක තනතුර ඩාවොස් ට දෙනවලු එයා නූගතෙක්ගෙ පුතෙක් උනත්.


හැරෙන්හිල්

ටයිවින් ලැනිස්ටර් එයාගෙ කමිටුවත් එක්ක කතා කරනවා දැං වෙන්න යන දේ ගැන. එහෙන් ස්ටැනිස් කින්ග්ස්ලෑන්ඩින් එනවා අනෙක් පැත්තෙන් රොබ් එනවා. පැහැදිලි විසඳුමක් නැතිව ටයිවින් තීරනේ කරනවා එදාම වෙස්ටර්ලන්ඩ්ස් යන්න. හැරෙන්හිල් වල සේරම දේවල් මවුන්ටන් ට බාර දෙනවා, ඒ වගෙම ආර්යා වත් එහෙම නවත්තලා ටයිවින් එයාගෙ කට්ටියත් එක්ක යන්න යනවා.


ආර්යා ජෙකන් හේගර් ව හම්බවෙලා කියනවා ටයිවින් මෙහෙන් ගියා එයා යන්නෙ රොබ් වයි අනෙක් අයවයි මරන්න ඒ නිසා ටයිවින් මරන්න කියලා. ඒත් ජෙකන් ඒක බෑ කියනවා.. ඊලඟට ආර්යා කියනනවා ජෙකන් වම නම් කරනවා එයාවම මරා ගන්න. ජෙකන් කියනවා බෑ කියලා.. ආර්යා ආයෙ කියනවා එහෙනම් මටයි යාළුවො 3 දෙනාටයි මෙහෙන් පැනලා යන්න හදලා දෙන්න කියලා.. ජෙකන් ආයෙ බෑ කියන්න හදද්දි ආර්යා ආයෙම ජෙකන් ගෙ නමම මරන්න කියනවා. අන්තිමෙ ජෙකන් එකඟ වෙනවා එයාලට පැනලා යන්න උදව් කරන්න.. ඒත් එක කොන්දේසියක් පිට..
"මෙකේන් පස්සෙ ගෑණු ලමයා කීකරු වෙන්න ඕනෙ"

රෑ වෙලා ආර්යා, ගෙන්ඩ්‍රි, හොට් ප‍යි හැරෙන්හිල් වලින් එලියට යන්න බලද්දි ජෙකන් කිව්ව විදියටම එයාලගෙ මග ඉඳපු සෙබළු ඔක්කොම මරලා.. ඉතිං 3 දෙනාම එහෙන් යන්න යනවා.


ස්ටෝම්ස්ලෑන්ඩ්

රොබ් තලිසා එක්ක කතා කර කර ඉන්න අතරෙ පණිවිඩකාරයෙක් එනවා. ඒ ජේමි පැනලා ගිහින් කියන ආරංචියත් අරගෙන.. රොබ් දැනගන්නවා මේක කලේ අම්මා බව. ඇවිත් කැට්ලින් ට කියනවා ඇය ද්‍රෝහි උනා කියලා වගේම කඳවුරට අසමගිය ගෙනාවා කියලත්. මොකද එවෙලෙත් එතන රිකාඩ් කාස්ටාක් කෑ ගගහා ඉන්නෙ කැට්ලින් ට ජේමි ට යන්න දුන්නට.. කැට්ලින් කියන්නෙ එහෙම කලේ කින්ග්ස්ලැන්ඩින් වල හිර කරන් ඉන්න ගෑනු ළමයි දෙන්නා වෙනුවෙන් කියලා.. ඒත් රොබ් සෙබළුන්ට අන කරනවා කැට්ලින් ව දිවා රෑ මුර කරන්න කූඩාරමෙන් එලියට යන්න නොදී.


මේ අතරෙදි බ්‍රියැන් කැට්ලින් ආර්යාවගෙ අණෙන් ජේමි ව අරගෙන යනවා.. මගකට ගිහින් ආව අශ්වයො
දෙන්නව ආයෙම එලවන බ්‍රි‍යැන් පොඩි බෝට්ටුවකින් ගඟ දිගේ යන්න යනවා ජේමි එක්ක.

Brianne takes Jaime with her

රූස් බෝල්ටන් රොබ් එක්ක කතා කරලා කියනවා වින්ටර්ෆෙල් වලින් පණිවිඩයක් නෑනෙ තාම ඒ නිසා මගෙ අවජාතක පුතා රැම්සි ව එයාගෙ කට්ටියත් එක්ක එහෙට යවමු බලන්න කියලා. රොබ් කියනවා රැම්සි ට කියන්නලු ග්‍රේජෝයි ලා කැමැත්තෙන් යටත් උනොත් ඒ අයට යන්න දෙන්න.

පස්සෙ තලිසා එනවා රොබ් එක්ක කතා කරන්න, ඒ කතා කරන ගමන් එය කියනවා එයා ලෙඩ්ඩුන්ට සාත්තු කරන්න පටන් ගනිපු අතීත කතාව ගැන, මේ කතාව ඉවර වෙනවත් එක්කම රොබ් තලිසට කියනවා එයාට ෆ්‍රේ ලගෙ පවුලෙන් යෝජනා වෙලා තියෙන කෙනා ඕනෙ නෑ එයාට ඕනෙ තලිසා කියලා.

No comments:

Post a Comment