Tuesday, August 9, 2016

නම්බුවක් නැති මිනිහෙක් - A Man Without Honor 7



වින්ටර්ෆෙල්

මේ වෙද්දි තියොන් වින්ටර්ෆෙල් අල්ලගෙන. තියොන් නැගිටිද්දි දකිනවා රෑ එයාගෙ එක්ක ඉඳපු ඕශා දැං නැති බව. එයා ගිහින් තියෙන්නෙත් බ්‍රැන්, රිකොන්, සමර්, ශැගී ඩෝග් වගෙම හෝඩොර් එක්ක කියලත් තියොන් හොයා ගන්නවා. මේකෙන් කේන්ති ගන්න තියොන් බල්ලොයි අශ්වාරොහකයොයි දම්මලා අර අයව හොයන පටන් ගන්නවා. ඒ යන ගමනට මේස්ටර් ලුවින් වත් බලෙන් අරන් යන්නෙ.

මේ අයගෙ ගමන ගොවිපලට එනවා. මුළු ගොවිපලේම අයගෙන් ඇහුවත් හැමෝම කියන්නෙ ස්ටාක් කොල්ලො දෙන්නව දැක්කෙ නෑ කියලා. තියොන් එහෙ ඉඳන්  මේස්ටර් ලුවින් ගෙන් ප්‍රශ්ණ අහන අතරෙ  ඩැග්මර් ඇට වල පොතු වගයක් හොයා ගන්නවා. රිකොන් මග දිගට කකා ආවෙ ඒවා. ඒ ඇට පොතු හම්බුනාම තියොන් හිතන්නෙ ඒ ලඟම ස්ටාක් ළමයි දෙන්න ඇති කියලා. ඒ නිසා මේස්ටර් ව ආයෙ බලකොටුවට යවනවා. මේස්ටර් ලුවින් යන ගමන් කෑ ගගගා යන්නෙ අනේ තියොන් ඒ පොඩි ළමයි දෙන්නට මොකුත් කරන්න එපා කියලා.
පස්සෙ තියොන් ආයෙම වින්ටර්ෆෙල් ඇවිත් හැමෝවම ඉස්සරහට ගෙන්නලා කියනවා එයා තමයි දැං රජා කාට හරි ඒ ගැන ප්‍රෂ්නයක් තියෙනවද? මට අවනත වෙන්නෙ නැති අයට වෙන්නෙ මේකයි කියලා මරලා පුච්චපු පොඩි ළමයි දෙන්නෙක් ව වින්ටර්ෆෙල් ඉස්සරහා එල්ලලා පෙන්නවා මේ ඉන්නෙ බ්‍රැන්, රිකොන් කියලා..





හැරෙන්හිල් බලකොටුව

ටයිවින් ලැනිස්ටර් මවුන්ටන් එක්ක ඇමොරි ලොර්ච් ගෙ මරණය ගැන කතා කරනවා මෙච්චර වෙලත් ඇයි තවම මිනීමරුවා හොයා ගන්න බැරු උනේ කියලා. මේ අය තවම දන්නෙ නෑ ඒක උනේ ආර්යාගෙ ඕනෙ කමට ජේක්න් හේගර් අතින් බව. මවුන්ටන් මේ වෙහ්ද්දිත් මිනිස්සු 100ක් එල්ලලා මරලා ඉවරයි මිනීමැරුම කරපු කෙනා හොයන්න. ඒත් තවමත් නෑ.. එයා කියන්නෙ සමහරවිට මේක කරන්න ඇත්තෙ 'කොඩි නැති සහෝදරත්වයේ' කෙනෙක් වෙන්න ඇතිලු.


ආර්යා ටයිවින් ගෙ කෑම ලේස්ති  කරලා කතා කලත් ටයිවින් කන්න බෑ කීවම ඒවා අස් කරන්න ලේස්ති වෙද්දි ටයිවින් ආර්යා ට කියනවා කන්නලු. ආර්යා බඩගිනි නෑ කියනවා. ඒත් බල කලාම කන්න පටන් ගන්නවා. මේ කන අතරෙදි ටයිවින් කියනවා ආර්යා ට මේ එයාගෙ අන්තිම යුද්ධෙ වෙයිලු ඒක දිනුවත් නැතත්. ආර්යා එක්ක කතාවට වැටිලා හැරෙන්හල් බලකොටුව ගැන ඒක පාලනේ කල අය ගැන, ටාගේරියන් ආක්‍රමන හා මකරු ගැන කතා කරනවා... ආර්යා ට ඒ ගැන හොඳ දැනුමක් තියෙනවා කියලා ටයිවින් දැන ගත්තම එයා සැක කරනවා ආර්යා ඉහළ පවුලක කෙනෙක් වෙන්නැතී කියලා. ඒත් ආර්යා නම් ඒකට කියන්නෙ එයාට හරියට කතා කරන්න ඉගැන්නුවෙ අම්ම, අම්ම රාජකීයන්ට අවුරුදු ගානක ඉඳන් සේවය කරන නිසා එයා දන්නවා කියලා එතනින් යනවා.


කින්ග්ස්ලෑන්ඩින්

සන්සා එයාට කරපු උදව්ව වෙනුවෙන් හවුන්ඩ් ට ස්තූති කරන්න ඇවිත් එයාගෙ ජීවිතේ බේරුවට ස්තූතිය් එයා බොහොම නිර්භීතයි කියනවා. ඒත් හවුන්ඩ් කියන්නෙ බල්ලෙකුට මීයො මරන්න නිර්භීත කමක් ඕනෙ නෑලු. තව කියනවා කවද හරි දවසක ඔයා රැජිණ උනාම ඔයයි ජොෆ්‍රියි ලඟ ආර්ක්ශාවට ඉන්නෙත් මම කියලා.


තවත් රැයක් ඉවර වෙලා උදේ වෙනවා සන්සා ට නරක හීනෙකුත් එක්ක. එයා හීනෙන් දකිනවා කලින් වෙච්ච සිද්දියම.. ගැස්සිලා ඇහැරුනාම සන්සා දකිනවා එයා දැං බබෙක් ව හදන්න පුළුවන් කෙනෙක් වෙලා කියලා. මේක දැක්ක ගමන් බය වෙන සන්සා ඒක රැජිණ දකින්න කලින් අස් කරන්න යද්දි එතෙන්ට ශේ ත් එනවා. දෙන්නම එකතු වෙලා අස් කරද්දි රැජිණ ගෙ සේවිකාවක් මේක දැකලා පණිවිඩේ රැජිණට කියන්න යද්දි ශේ එයාගෙ පස්සෙ පන්නලා බය කරලා එයාව නවත්තලා කාමරේට එද්දි එතෙනට හවුන්ඩ් ඇවිත්. හවුන්ඩ් ව කොහොමද බය කරන්නෙ රැජිනට කියන්න එපා කියලා. එයා කියනවනෙ කොහොමත්.


සර්සි එපාර සන්සා ට එන්න කියලා ඒ ගැන කතා කරනවා. සන්සා ට දැං ළමයි හදන්න පුළුවන් එක ගැන විස්තර වගෙම සර්සි රොබට් රජතුමා එක්ක ගෙවපු නරක කාලෙ ගැන රොබට් රජතුමා එයාව නොසලකා ඉද්දි ජේමි එයා ගැන බලපු හැටි කියලා කියනවා ජොෆ්‍රි ත් කවදා හරි රොබට් වගෙම වෙයි ඒ නිසා එයාගෙන් වැඩිය බලාපොරොත්තු වෙන්න එපා කියලා නොකිය කියනවා.

සර්සි තනියම ටිරියන් ව හම්බ වෙන්න යනවා. ගිහින් ටාගේරියන් පව්ල ගැන කතා කරනවා. ඒ පවුලෙ වැඩියෙන් තිබුනෙ සහෝදර විවාහා, ඒවගෙන් ලැබුණ ළමයිනුත් ගොඩක්ම පිස්සො මහ නරක මිනිස්සු නේද.. සර්සි දැං දුක් වෙනවා එයාට ජේමිගෙන් ළමයි ඉන එක ගැන. ජොෆ්‍රි ගෙ වැඩත් එක්ක බැලුවම. මේ ගැන කිය කිය සර්සි අඬන්න පටන් ගත්තම ටිරියන් එයාගෙ හිත හදන්න කියන්නෙ ජොෆ්‍රි එහෙම උනාට මිර්සෙලා ටොමෙන් දෙන්නා එහෙම නෑනෙ. ඒ දෙන්න අහිංසක හොඳ ළමයි දෙන්නෙක්නෙ , ඒ නිසා දුක් වෙන්න එපා කියනවා.


රොබ් ස්ටාක් ගෙ කඳවුරු බිමකදී

ඇල්ටන් ලැනිස්ටර් ආයෙ ඇවිත් සර්සි කොන්දේසි ප්‍රතික්ශේප කරපු පණිවිඩේත් එක්ක. රොබ් නම් ඒක හරියට එහෙම වෙයි කියලම හිතාගෙන ඉඳියා වගේ. ඇල්ටන් ව දානවා එපාර ජේමි ව දාල තියෙන කොටුවටම. ජේමි ටිකක් වෙලා ඇල්ටන් එක්ක කතා කර කර ඉඳලා පැනලා යන්න සැලසුමක් හදාගෙන ඇල්ටන් ව මරලා එයත් මැරිලා වගේ ඉන්නවා. මෙතන සද්දෙ බලන්න දුවලා එන රිකාඩ් කාස්ටාක් වත් ජේමි මරලා එයා පැනලා යනවා. ඒත් ජේමි ගෙ පැනලා යන වැඩේ සාර්ථක වෙන්නෙ නෑ. එයාව ආයෙම අහු වෙනවා. ටොරෙන් ගෙ තාත්තා රිකාඩ් කාස්ටාක් හදන්නෙම ජේමි ව මරලා දාන්න. එවෙලෙ මැදට පනින කැට්ලින් ආර්යව රිකාඩ් කාස්ටාක් එක්ක වාද කරලා එවෙලෙ ජේමි ව බේර ගන්නවා.


රෑ වෙද්දි කඬවුරේ කලබලේ වැඩි වෙනවා ජේමි ව මරන්න. මේ නිසාම කැට්ලින් බ්‍රියැන් එක්ක ජේමි ව හම්බ වෙන්න යනවා. ඒ ගිය වෙලේ කැට්ලින් ජේමි ට බනිනවා, ඔයා සේවය කරපු හැමෝටම ද්‍රෝහි වෙච්ච පොරොන්දු කඩපු නම්බුවක් නැති මිනිහෙක් කියලා. ජේමි කැට්ලින් ට මතක් කරනවා ජොන් ගැන.. ඔයා ඔච්චර මහ ලොකුවට කියවන නෙඩ් ස්ටාක් ඔයාව දමලා වෙන ගෑණු කෙනෙක්ගෙ ලමයෙක් ගෙනාව නේද අහලා.මේකෙන් කැට්ලින් ට කේන්ති ගිහින් බ්‍රියැන් ගෙන් එයා ලඟ තියෙන කඩුව ඉල්ල ගනවා එක සැරේම.


ප්‍රාකාරෙන් එපිට

ජොන් තවමත් ඉන්නෙ කෝරින් හාෆ්හෑන්ඩ් එක්ක ආපු කණ්ඩායෙමෙන් වෙන් උන ගමන්. ජොන් ඒ අයව හොයන්න මහන්සි වෙනවා යිග්‍රිට් වත් ගෙට ගහලම අරන් යන ගමන්. යිග්‍රිට් ජොන් එක්ක වාද කරනවා එහෙට ඇවිත් ඒ අය එක්ක සටන් කරන එක ගැන. ජොන් කියන්නෙ එයාගෙ තාත්තා පළමු මිනිස්සුන්ගෙ කෙනෙක්, මෙහේ ඉඳපු අයගෙන් කෙනෙක් කියලා. ඒත් යිග්‍රිට් කියනවා ඉතිං අපිත් මුල් අයගෙන් එන අයමනෙ. ඇයි ඔයාල ඔයාලගෙ මිනිස්සු එක්කම මරාගන්නෙ අහනවා.


මේ යනින් ගමන් යිග්‍රිට් ජොන් ට වෙට්ටුවක් දාලා පැනගන්නවා. ඒ දුවපු පාර පස්සෙ ජොන් ගියාම එයාට හම්බෙනවා යිග්‍රිට් ව ගෙට ගහලා ඉඳපු ලණුව. ඒක ගන්න ලේස්ති වෙද්දිම විසිල් එකක් ඇහිලා බලද්දි ඒ යිග්‍රිට්. එයාගෙ වනචාරී රැලක් එක්ක ඇවිත් ජොන් ව හතර වටෙන්ම වට කරලා.


පටු මුහුදෙන් එපිට ක්වාත් වල


ජෝරා ආයෙම ඇවිත් මකරු නැති උනා කියන ආරංචිය ලැබුන ගමන්ම. ඩැනී එක්ක කතා කරලා අනෙක් පැත්තට එයා මකරු හොයන්න ලේස්ති වෙනවා, ජෝරා යනවා අර කලින් හම්බ උන තමන්ව 'කිසිවෙක් නොවේ' කියලා කියපු ඩැනී ට දැං වෙනදට වඩා ආරක්ශාව ඕනෙ කියපු ගෑණු කෙනාව හම්බෙන්න. එයා කියනවා මකරුන්ව ගත්තු කෙනා මේ වෙලාවෙ ඉන්නෙ ඩැනී එක්කම බව.


මේ වෙද්දි ඩැනී 13 දෙනාගෙ කමිටුවට ගිහින් නැතිවෙච්ච මකරු ගැන අහන්න. කමිටුවේ 11ක්ම වැඩියත්ම කුළුබඩු රජා කියන්නෙ මකරු නැති වෙච්ච එකම හොඬයි කියලා. කිසිම කෙනෙක් එන්නෙ නෑ ඩැනී ගෙ පැත්තට. අනිතිමට සාරෝ සොහාන් නුයි පයට් ප්‍රී නුයි දෙන්න ඩැනී ට කතා කරනවා. එයාලා තමා මකරු අරන් තියෙන්නෙ. ඒ වගෙම එයාලගෙ ලඟ තියෙන්නෙ වෙනම සැලසුමක් ඒ එයාලට රජ වෙන්න. පයට් ප්‍රී ඩැනී ට කියනවා මකරු ඕනෙ නම් නොමියෙන නිවහනට එන්න කියලා.. ඒ අක්කම 13 දෙනාගෙ 11ක්ම එවෙලෙම මරනවාඅ බෙල්ල කපලා. ඒත් ඒක කරන්නෙ පයට් ප්‍රී වගෙම 11ක්.. ඒක කරන්නෙ මැජික් වලින්.

මේක දැකලා බය වෙන ඩැනී කොවාරො එක්ක දුවනවා, ඒත් මගදි එක සැරේම ප්‍රී මතු වෙනවා, ඩැනී ව පස්සට කරලා කොවාරො ඉස්සරහට ඇවිත් ගහන්න හදද්දිම පිටිපස්සෙන් එන ජෝරා පයට් ප්‍රී ට කඩුවෙන් ඇනලා මරනවා.. ඒත් බිම වැටෙන්න පයට් ප්‍රී නෙමේ එයාගෙ ඇඳුම විතරයි. ආයෙ එහා පැත්තෙන් පයට් ප්‍රී මතු වෙනවා. මේ 3 දෙනා එතනින් ඉක්මනින් යන්න යනවා.



No comments:

Post a Comment