ස්ටෝම්ලෑන්ඩ්ස්
කැට්ලින් ආර්යාව රෙන්ලි එක්ක එයාගෙ කූඩාරමේ කතා කර කර ඉන්නවා රොබ් එක්ක එකඟතාවෙකට ඇවිත් ස්ටැනිස් ව මරලා කින්ග්ස්ලෑන්ඩින් වලට ගහන එක ගැන. එතන බ්‍රියැන් නුත් ඉන්නවා.. කතාව ඉවර වෙලා රෙන්ලි කබාය ගලවද්දිම මේ 3 දෙනාටම දැනෙනවා ලොකු හුලඟක් කූඩාරම ඇතුලට එනවා කියලා.. බලනකොට කළු පාට වලාකුලක් වගේ දෙයක් ඒ හුලඟ එක්ක ඇවිත් රෙන්ලි ප්ටිපස්සෙ මනුස්සයෙක්ගෙ හැඩේට ඇවිත් පිටිපස්සෙ රෙන්ලි ට කිරිච්චියකින් අනිනවා.. රෙන්ලි මැරිලා වැටෙනවා. කළු පාට එකත් අතුරුදහන් වෙනවා. මතකයිනෙ.. මේ කළු අවතාරෙ මෙලිසැන්ඩ්‍රා ගෙයි ස්ටැනිස් ගෙයි පුතා.
මේ එක්කම ඇතුලට එනවා ආරක්ශකයො දෙන්නෙක් ඇතුළෙ සද්දෙ නිසා, ඒ එද්දි රජතුමා වැටිලා. ඒ අය හිතන්නෙ ඒක කලේ බ්‍රියැන් කියලා. ඒනිසා බ්‍රියන් ට පහර දෙන්න එනවා, ඒත් ඒක කරන්න වෙන්නෙ නෑ,, ඊට කළින් බ්‍රියැන් ඉස්සර වෙලා අර ආව දෙන්නව මරලා දානවා.
බ්‍රියැන් එතනම වැටිලා රජතුමාව බදාගෙන අඬන්න ලේස්ති උනත් කැටලින් කෑ ගහනවා මෙතන ඉන්න බෑ පැනලා යන්න එහෙම නැතම් රෙන්ලි ගෙ අය ඔයාව මරාවි කියලා. බ්‍රියැන් යන්න කැමති උනේ නැති උනාම කැට්ලින් ආයෙ කියනවා ඔයා ජීවත් වෙලා ඉඳියොත් විතරයි රෙන්ලි වෙනුවන් පළි ගන්න පුළුවන් ඒ නිසා යන්න කියලා, සෙබළු ඇතුළට එද්දි ඒ දෙන්නම ගිහින්.
මරණෙ සූදානම් කරලා තියෙද්දි ලොරාස් එතෙන්ට ඇවිත් ගොඩක් දුකෙන් ඉන්නවා. මාජරී වගෙම බේලිශ් නුත් ඉන්නවා. මාජරී ලොරාස් ට පැනලා යමු කියද්දි ලොරාස් බෑ කියනවා රෙන්ලි ව දාලා යන්න. එතකොට බේලිශ් කියන්නෙ රෙන්ලි වෙනුවෙන් පළිගන්න නම් බේරිලා ඉන්න ඕනෙනෙ මුලින්, ඒ නිසා යන්න කියලා.
පස්සෙ කැට්ලින් බ්‍රියැන් එක්ක මගක් දුරට ඇවිත් නැවතිලා කතා කරනවා වෙච්ච දේ ගැන. බ්‍රියැන් කියන්නෙම ඒ ස්ටැන්ස් ගෙ හැඩරුව තියෙන හෙවනැල්ලක් කියලා.. දැං ඉතින් බ්‍රියැන් ට වෙන වැඩකුත් නැති නිසා එයා කැට්ලින් ආර්යා වට දිවුරනවා එයා වෙනුවෙන් සේවය කරන්නම් ස්ටැනිස් ව මරන්න අවස්ථාව එනකල් කියලා.
මේ අතරෙදි ස්ටැනිස් යුද්ධෙට සූදානම් වෙනවා. කින්ග්ස්ලෑන්ඩින් යන්න. රෙන්ලි ගෙ ලඟ ඉඳපු සෙබළු දැන් ස්ටැනිස් ගෙ පැත්තට ඇවිත් නිසා.ඩාවොස් ස්ටැනිස් ට කියනවා කින්ග්ස්ලෑන්ඩින් යද්දි මෙලී ව එක්කගෙන යන්න එපා එහෙම උනොත් ඒක මෙලී ගෙ ජයක් මිසක් ඔයාගෙ වෙන්නෙ නෑ වගෙම හැම තැනම කට කතා යනවා ඔයා කරන්නෙ මෙලී කියන දේ විතරයි කියලා.
කින්ග්ස්ලෑන්ඩින් හි
රෙන්ලි මැරුණු ආරංචියත් අරගෙන ටිරියන් සර්සි ව හම්බ වෙන්න ගිහින්. සර්සි නම් ඒකෙන් බොහොම සතුටු වෙනවා. ඒත් ටිරියන් ඒකෙන් කියන්න හදන්නෙ අනිවාරෙන්ම දැං ස්ටැනිස් මෙහෙත් ඒවි අපි යුද්ධෙට ලේස්ති වෙන්න ඕනෙ, ඒක සැලසුම් ගැන බලමු කීවත් සර්සි ඒක සත පහකට ගනන් ගන්නෙ නෑ. එයා කියන්නෙ ජොෆ්රි ජරා ගෙ විශේශ සැලසුමක් තියෙනවා කියලා විතරයි.
ඒත් දැං ටිරියන් ට සර්සි ගෙ ඔත්තු බලන්න කෙනෙක් ඉන්නවනෙ, ලාන්සෙල්. ටිරියන් ලාන්සෙල් ව හම්බ වෙලා දැනගන්නවා සර්සි රසයානගාර් පරීක්ශයො හම්බ උනා කියලා. වගෙම ලැවි ගිනි වලින් මොකක් හරි කරන්න ඉන්න බවත් දැනගන්නවා.
මේ නිසා ටිරියන් බ්‍රොන් එක්ක ඒ කෙනවා හම්බවෙන්න යනව. ගිහින් හරියටම විස්තරේ දැනගන්නවා. බලනකොට සර්සි ලේස්ති කරලා තියෙන්නෙ ලැවි ගිනි වලින් ස්ටැනිස් ගෙ මුළු හමුදාවම විනාස කරන්න. මේ වෙද්දි හදලා තියෙන්නෙ ලැවි ගිනි Wild fire හැළි ගනන 7811ක්.
අයන් අයිලන්ඩ්ස්
තියොන් ග්‍රේජෝයි එයාට හම්බුන නැවත්, නැවේ සේවකයො ත් එක්ක තාත්තා කියපු විදියට අර ගමකට පහර දෙන්න යන්න ලේස්ති වෙනවා.. ඒත් මේ හම්බුන සේවකයො කවුරුවත් තියොන් ව සත පහකට වත් ගනන් ගන්නෙ නෑ. මෙතෙන්ට එනවා තියොන් ගෙ අත් උදව් කාරයා වෙන ඩැග්මර්. එයා කියන්නෙ තියොන් හරියට දෙයක් කරලා පෙන්නන කල් මේ කවුරුවත් තියොන් ව ගනන් ගන්නෙ නෑ කියලා.. මෙවෙලෙදි තමා තියොන් තීරනේ කරන්නෙ. ටොරන් චතුරස්‍රෙ ට පහර දෙන්න. එතකොට එතන වැටුනම ඒක බෙර ගන්න වින්ටෆෙල් වල ඉතිරි සෙබළු ටික එතෙන්ට එනවා වින්ටෆෙල් ව ආරක්ශක සෙබළු නැති වෙනවා.
වින්ටර්ෆෙල්
දැං වින්ටර්ෆෙල් වල කවුන්සිලේ බලන්නෙ බ්‍රැන්.. කන්දුකරේ ඉන්න දුප්පත් මිනිස්සු ඇවිත් ඒ අයගෙ චෝදනා කියන්නෙ බ්‍රැන් ට. මේ කවුන්සිලේ ඉවර වෙලා බ්‍රැන් යන්න හදනවත් එක්ක රොඩ්රික් කැසෙල් පණිවිඩයක් ගේනවා ටොරින් චතුරස්‍රෙ අල්ලගෙන කියලා... එයාල හිතන්නෙ මේක ලැනිස්ටර් ලගෙ වැඩක් කියලා.. ඒක බලන්න යන්න ඇති තරම් සෙබළු නැති උනත් බ්‍රැන් රොඩ්රික් ට කියන්නෙ පුළුවන් තරම් අයව හොයාගෙන එහෙට යන්න.
බ්‍රැන් අශ්වයා පදින්න යන්න ලේස්ති වෙලා.. තිනෙත් රේවන් ගැන ඕශා ගෙන වද කරලා ඇහුවත් ඕශා ඒ ගැන කියන්නෙ නෑ. එයා කියන්නෙ එයා දන්නෙ නෑලු. බ්‍රැන් ආයෙම හීනයක් දැකලා.. මුහුද වින්ටර්ෆෙල් වලට ඇවිත්. මුළු බලකොටුවම යට වෙලා මිනිස්සු මැරිලා පාවෙනවා දැකලා.
හැරෙන්හිල් බලකොටුවෙදි
ටයිවින් ලැනිස්ටර් එයාගෙ සගයො ටිකත් එක්ක සාකච්චාවක්. යුද්ධෙ ගැන, රොබ් ගැන. මෙතන ඉන්න අයට කෑම බීම දෙන්නෙ ආර්යා. හිටි හැටියෙම ලඟට ගිය වෙලේක ටයිවින් ආර්යාගෙන් අහනවා එයා කොහෙද කියලා. ආර්යා බොරු උත්තරයක් දෙනවා එයා මෙයිඩන්පූල් වල ඉඳන් ආවෙ කියලා. ටයිවින් එපාර එහේ පාලනය කරන අය ගැන එහේ සංකේත ගැන ඇහුවම ආර්යා උත්තර දන්නෙ නෑ. ටයිවින් දැනගන්නවා ආර්යා කියන්නෙ බොරු බව, ආයෙ අවස්ථාවක් දීල අහනවා උතුරෙ නේද කියලා.එපාර ආර්යා බරෝටන් ගැන කියලා එහේ විතර ටික කීවම ටයිවින් ආර්යාගෙන් ආයෙම අහනවා එහේ අය රොබ් ගැන කියා දේවල් ගැන.
"එහේ අය එයාට කියන්නෙ තරුණ වෘකයා කියලා"
"තව?"
"එයා යුද්ධෙට යන්නෙ ලොකු ඝෝරවෘකයෙක්ගෙ පිටේලු, එයාට ඕනෙ වෙලාවක වෘකයෙක් වෙන්නත් පුළුවන්ලු, එයාව මරන්නත් බෑලු"
"ඔයා ඒවා විශ්වාස කරනවද"
"නැහැ උතුමානනි"
ආර්යා වතුර අරන් එන්න ගියාම ආර්යා ට හම්බ වෙනවා ජේකන් හේගර් ව. ජේකන් ආර්යා ට කියනවා එදා එයාවයි තව දෙන්නෙකුයි ගින්නෙන් බේර ගනිපු නිසා ඒ වෙනුවට වෙන 3 දෙනෙක්ව මැරෙන්න ඕනෙ. ඔයා කැමති නම් තුනක් කියන්න මං ඒ අයව ඉවර කරන්නම්, දෙවියන් ගෙන් ගනිපු 3 දෙනා ට හිලව් 3 දෙනෙක් දෙන්න ඕනෙ නිසා කියලා.. ආර්ය මුලින්ම කියන්නෙ අර මිනිස්සුන්ට වධ දීපු කෙනාව. ජේකන් තව කියනවා ඔයා මුලින් පිරිමි ලමයෙක් වෙලා දැන් ගෑනු ලමයෙක් උනත් මං මුල ඉඳන්ම දන්නවා ඔයා ගෑනු ලමයෙක් බව. ඔයා ගොඩක් රහස් හංගගෙන ඉන්නවා කියලත් මං දන්නවා කියලා.
පස්සෙ ආර්යා එළියෙ ගෙන්ඩ්‍රි එක්ක ඉද්දි සද්දයක් ඇහෙනව, දුවලා ගිහින් බලද්දි අර වධ දීපු කෙනා මැරිලා. එයාගෙ බෙල්ල සම්පූර්ණෙන්ම අනෙක් පැත්තට කරකවලා. වැටිච්ච තැනක් හොයා ගන්නත් නෑ. පොඩ්ඩක් වටේ බැලුවම ආර්යා දකිනවා ජේකන් උඩ ඉඳන් බලන් ඉන්නවා.
ප්‍රාකාරයෙන් එපිට
අණ්දෙන ප්‍රධානී ජියෝ මොර්මන්ට්, ස්නෝ වයි අනෙක් හැමෝමයි එක්ක ප්‍රාකාරෙන් එපිට පළමු මිනිස්සු ඉඳියා කියලා කියන තැනකට යන්න යනවා. කෝරින් හාෆ්හෑන්ඩ් ව හම්බ වෙන්න. කෝරින් කියන්නෙ නිශාචර සුරැකුම් බලකායෙ හොඳටම පුරුදු උයන්පල්ලෙක්. එතන ඉනෙද්දි කෝරින් ගෙ නලාව ඇහෙනවා එයාලට.
කෝරින් ඇවිත් විස්තර කියනවා වනචාරීන් ගැන, ඒ හැමෝම වගේ දැන් මැන්ස් රේඩර් ට එකතු වෙලාලු. ඒ අය දැන් වෙනදට වඩා සූදානම් වෙලා ලු ඉන්නෙ. ඇරත් මැන්ස් ඉස්සර නිශාචර සුරැකුම් බලකායෙ කෙනෙක් නිසා එයා වන්චාරීන් ට ඒ අයගෙ විදි කියලා දීල ඇති නිසා යුධ්දයක් උනත් අමාරු වෙයිලු. ඒ නිසා හොරෙන්ම ඒ අය මැදට පැනලලු මැන්ස් ව මරන්න වෙන්නෙ. මේ කණ්ඩායමට යන්න ජොන් ඇහුවත් ජියෝ මුලින් බෑ කියනවා.. ආයෙ පස්සෙ හා කියනවා කෝරින් එක්ක යන්න.
පටු මුහුදෙන් එහා ක්වාත්

No comments:
Post a Comment