Saturday, July 23, 2016

White Walkers- ධවල ඇවිදින්නන්



ධවල ඇවිදින්නො කියලා ජාතියක් ඉන්නවා කියලා පළවෙනි සීසන් එකෙ පළවෙනි කොටසෙදිම අපි දැන ගන්නවා. ඊට පස්සෙ සැරින් සැරේ ඇවිත් අපේ මොළේ නරක් කරලා ගියාට අපි ඇත්තටම එයාලා ගැන දැන ගන්නෙ සීසන් 6 වල 5 කොටසෙදි .(The Door- දොරටුව )



ධවල ඇවිදින්නො

අපි දැක්කා එයාල ඉන්නෙ උතුරෙ ප්‍රාකාරෙන් එහා පැත්තෙ සීතලම සීතල අයිස් පැත්තෙ. එයාලට සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩක් සමාන රූපයක් තියෙනවා. ඒ වගෙම එයාලව මරන එකත් සෑහෙන්න අමාරුයි. අධිමානුශිකයි හැකියාවන් තියෙනවා වගේ. මිනිස්සුන්වත් පේන්න බෑනෙ. දකින දකින මනුස්සයට කොටාගෙන කොටාගෙන යන්නනෙ හදන්නෙ.
වයිට් වෝකර්ස් ලා එහෙම ඉද්දි ආයෙ ඉන්නවා වයිට්ස් ලා. වයිට්ස් කියන්න අය හැදෙන්නෙ මැරුණු සාමාන්‍ය මිනිස්සුන්ගෙනුයි, මැරුණු සත්තුන් ගෙනුයි.

අපි හරියටම වයිට්  වෝකර්ස් ලා ගැනයි, වයිට්ස් ලා ගැනයි දන්නෙ මොනාද?


  • සාමාන්‍ය පාවිච්චි කරන කිසිම ආයුදේකින් එයාලට අනතුරු කරන්න, එයාලව විනාස කරන්න බෑ එයාලට අනතුරක් කරන්න පුළුවන් උනේ දේවල් දෙකකින් විතරයි. ඒ ලෝ ගල් (Dragon glass) වලිනුයි වැලේරියන් වානේ ( Valyrian steel)වලිනුයි විතරයි.
  • සාමාන්‍ය ආයුධ වලින් පහරදෙන්න පුළුවන්. ඒත් වයිට් වෝකර්ස් ලට ඒකෙන් හානියක් වත් වේදනාවක් වත් නෑ. වයිට් කෙනෙක්න්ගෙ අතක් පයක් කපලා වෙන් කලත් ඒ යකා ටත් ගානක් නැතුව අත පය නැතුව හරි දිගටම යන්නත් පුළුවන් මැරෙන්නෙ නෑ.
  • ධවල ඇවිදින්න්න්ට පුළුවන් වයිට්ස් වලව නිර්මාණය කරන්න. ඒත් එක හරියටම කරන්නෙ කොහොමද කියන්න දන්නෙ නෑ. ඕක නිසා එයාල අධිමානුශිකයි කීවෙ.
  • වයිට් වෝකර්ස් එහෙම නැත්නම් ධවල ඇවිදින්නන්ට එයාලගෙම භාෂාවක් තියෙනවා, ඒ තමා ස්ක්‍රෝත්. ඒත් වයිට්ස් ලා ට එහෙම එකක් නෑ, කතා කරනවා පෙනුනෙම නෑනෙ.
  • මැරිච්ච සතෙක්, මනුස්සයෙක් වයිට් කෙනෙක් උන ගමන් එයාලගෙ ඇස් දිළිසෙන නිල් පාටයි.
  • වයිට්ස් ලව ගින්නෙන් විනාස කරන්න පුළුවන්. ඒත් වයිට් වෝකර්ස් ලට ගින්නෙන් මොකුත් වෙන්නෙ නෑ.   (මේක නම් සෑහෙන්න ප්‍රෂ්නයක්, එතකොට ඩැනී නෙමෙයිද මෙයාලව ඉවර කරන්නෙ, අර ඩ්‍රැගන් ග්ලාස් ටිකත් නැති උනා. වැලෙරියන් කඩු 3යි නේද තියෙන්නෙත්???)
  • වයිට්ස් ල ටික ඉවර කර ගන්න පුළුවන් පුච්චලා දාල.
අතීත කතාව

වෙස්ටෙරොස් පුරාවෘත වල හැටියට, අවුරුදු 8000 කට එහා වෙස්ටෙරොස් භූමියෙ මුලින් ජාති දෙකක් ඉඳලා තියෙනවා. 
  1.  උතුරුදිගවාසීන් උන පළමු මිනිසුන්, උතුරු වනචාරී මිනිස්සුන්ගෙ මුතුන්මිත්තො
      හා පහු කාලීනව අන්දාල් අයගෙ ආක්‍රමන නිසා අනාථ වුන දකුණුදිග යකඩ දූපත් වාසීන්.
  2. මිනිස්සුන්ගෙ ගණයට නොවැටෙන කැළෑ ළමයි (Children of the forest) 

ඊලඟට හැමෝම කතා කරන දේ තමා දීර්ග අඳුරු රැය. එසෝස් වලින් එහා ඉන්න අයත් මේ ගැන දන්නවා..මිනිස්සු මේ ගැන කතා කරන්නෙ මීට කලින් එකම වතාවක් හරි ඒ දේ වෙලා තියෙන ගානට.

කියන විදියට මේ කැළෑ ළමයි තමා මිනිස්සුන්ට ගස් ගැන කියලා දෙන්නෙ, ගස් වල පූජනීය කම ගැන. වෘක්ශ දේවතාවන් ගැන වගෙම ගස් වලට වඳින එක ගැනත්. 
මෙහෙම ඉනෙද්දි කාලෙත් එක්ක මිනිස්සු මේ පූජනීය ගස් විනාස කරන්න පටන් ගන්නවලු.. අන්න ඒකෙන් මිනිස්සුන්ව නවත්තන්න ඕනෙ නිස, තමන්ව මිනිස්සුන්ගෙන් ආරක්ශා කර ගන්න ඕනෙ නිසා ඒකට විසඳුමක් කියලයි මේ කැළෑ ළමයි මුල්ම ධවල ඇවිදින්නා නිර්මාණය කරන්නෙ. සාමාන්ය මුල්ම මනුස්සයෙක්ගෙ පපුව හරහා ලෝ ගල් පතුරක් බස්සනවනෙ.. ඒත් මේ ලෝ ගල් පතුරු වලින්ම තමා ආයෙම මෙයාලව විනාස කරන්නත් පුළුවන්.

Leaf Children of the Forest Game of Thrones

මේ අඳුරු දිග රැයේදි පළමු මිනිස්සු වගෙම කැළෑ ළමයිනුත් එකම විදියට ප්‍රහාරයට ලක් වෙනවා, උතුරට ගොඩක් ඈත ඉඳලා එන දෙයකින්.හැම වෙලාවකදිම වගේ අඳුරු අබූත දේ යුද්ද දිනාගෙන දිනාගෙන දකුණු පැත්තට එන්න ගන්නවා. ඒ ගමන එක තැනකදි නවතිනවා. එක තැනකින් එයාලගෙ ගමන වෙනස් වෙනවා.. ඒ තමා නිශාචර සුරැකුම් බලකාය. නිශ්හ්චර සුරැකුම් බලකායෙ මුල්ම සාමාජිකයො. මුලින්ම ලෝ ගල් (Dragon glass)වලින් මේ අභූතයෝ විනාස කරන්න පුළුවන් කියලා හොයා ගත් අය.


වයිට් වෝකර්ස් ලට මොනවද ඇත්තටම ඕනෙ?

එයාලට ඇත්තටම මොනවද ඕනෙ කියන එක හිතා ගන්න එක ටිකක් අමරුයි. එයාලා ප්‍රාකාරෙන් මෙහාට එන්න ලොකු උත්සාහයක් තිබුණෙ නෑ. එයාලට ගින්දර පහු කරන්න පුළුවන් උනාට පීනන්න පුළුවන්ද කියන එක ප්‍රශ්ණයක්. හාර්ඩ් හෝම් වල යුද්දෙ දි එක්කො එයාලට පීනන්න බැරිඋනා, එක්කො එයාලට එතනින් එහාට ඇටෑක් එක ගෙනියන්න ඕනෙ වුණේ නෑ.ඒ වගෙම කැළෑ ලමයින්ට එයාල අනතුරු කරන්න උත්සාහා ගන්න බවක් පේන්නෙත් නෑ. 

අන්තිම දේ .... නිශා රජු දන්නවා එයාව විනාස කරන්න පුළුවන් අයගෙන් එක්කෙනෙක් වෙන්නෙ බ්‍රැන් කියලා, මොකද දැං බ්‍රැන් තමා තිනෙත් රේවන්. හිටපු තිනෙත් රේවන් ව එයාලා මරණවනෙ. ඒ නිසයි දැං එයාලා බ්‍රැන් ව හොයන්නෙ... කොහොම හරි නිශා රජුට බ්‍රැන් ව දකින්න පුළුවන් උනා බ්‍රැන් එයාගෙ හීන වල ඇවිදිද්දි.
බ්‍රැන් ඒ වතාවෙ හීන වල ඇවිද්දෙ තනියම.., හැම වෙලේම අතීත දේවල් දැක්කත් බ්‍රැන් එවෙලෙ දකින්නෙ ඒ වෙලාවෙ වෙන දෙයක් වෙන්න ඔනෙ.. නිශා රජුට අසාමාන්‍ය බලයක් තිබුණා බ්ර්‍අන් ගෙ හීනෙදි බ්‍රැන් ව දැකලා එයාගෙ අතෙ සලකුණක් හිටින්න අතින් අල්ලන්න තරම්.. බ්‍රැන් කොච්චර හීන වල ඇවිද්දත් කිසිම කෙනෙක් එයාව දැක්කෙ නෑ කොහෙදි වත්.



             

No comments:

Post a Comment