පෙන්ටෝස් වලින් එහා
ඩ්රෝගෝ, ඩැනී එක්ක ඩොත්රැකි කලසාර් එක පෙන්ටෝස් වලින් පිටත් වෙනවා. ඩොත්රැකි අය කියන විදියට එයාලට ජාති දෙකක් තියෙනවා. ඒ අශ්වයොයි, තණකොලයි.පටන් ගනිද්දිම ඩැනී ගෙ මූණ හරිම සවුත්තුයි, බයෙන් කළකිරීමෙන් වගේ ඉන්නෙ. දැං ඇත්තටම එයා කලීසි කෙනෙක්. කලසාර් එකක් පාලනය කරන කෙනා කාල් කෙනෙක් වෙද්දි එයාගෙ බිරිඳ කලීසි වෙනවා.
ඒ එක්කම විසේරිස් නුත් කලසාර් එක එක්කම යනවා.. එයා කලසාර් එකත් එක්ක යන්නෙ එයාට ඕනෙ ඩ්රෝගෝ එයාගෙ කේවල් කරන එක ඉවර කරලා විසේරිස් ට ආයෙ වෙස්ටෙරොස් යන්න ඩොත්රැකි හමුදාව දෙන්න එකඟ වෙනකල්.
ඊලඟට විසේරිස් ට සෙර් ජෝරා ව හම්බවෙලා එතන කතාවක් යනවා. ඒ කතාවෙ හැටියට ජෝරා එයාගෙ ලොක්කා උන නෙඩ් ස්ටාක් ව තරහා කරගෙන. ඒ එයා වහල් වෙළෙඳාම් වලට උදව් කරලා.. මේක දැනගත්තම නෙඩ් ජෝරාට මරණ දඬුවම දෙන්න තීරණය කරලා. එපාර ජෝරා මරනෙන් බේරෙන්න එසොස් වලට පැනලා ඇවිත්.. ඒ කතාවෙන් පස්සෙ විසේරිස් නෝන්ඩි හිනාවක් දාල කියනවා මගේ පාලනයක් තියෙද්දි නම් ඔය වගේ ඒවට දඬුවම් දෙන්නෙ නෑ කියලා.
වින්ටර්ෆෙල් වල
හම්මේ මේක නම් ශෝක්. මතකනෙ මුලින්ම ටිරියන් උදේ පාන්දර ඉන්නෙ බලු කූඩුවක් අස්සෙ. එතනට ජොෆ්රි ඇවිත් මාමට සවුත්තුව දාල කියනවා අද ආයෙම එයාල කින්ග්ස් ලෑන්ඩින්ග් යනවා කියලා. එතකොට කොටා ජොෆ්රිට කියනවා යන්න කලින් අනිවාරෙන්ම ස්ටාක් උතුමානන් වයි ආර්යාවයි හම්බවෙලා කණගාටුව ප්රකාශ කරන්න කියලා. ජොෆ්රි හරිම මුරණ්ඩු විදියට බෑ කියන්නෙ ඒකට. ජොෆ්රි බෑ කියන එක නවත්තනකල්ම කොටා කම්මුල් පාරවල් දෙනවා. ජොෆි මහ උද්දච්ච කුණු මාලු කෑල්ලක් වගේ පොඩි කොල්ලෙක්. ඔතන ඉන්නවා ජොෆ්රි ගේ ආරක්ශකයා උන සෙර් සැන්ඩොර් ක්ලේගන්.
ක්ලේගන්- ඔබ ගහපු එක කුමාරයා මතක තියා ගනිවි ටිරියන් උතුමානනි.
ටිරියන්- ඔව් මාත් හිතනවා එහෙම වෙයි කියල... අහ් මේ ඌට ඒක අමතක උනොත් උඹ හොඳ බල්ලා වගේ ජොෆ්රි ට ඒක මතක් කරපන්කො.
මේ අතරෙ බ්රැන් ට බොහොම දරුණු විදියට තුවාල වෙලා සිහි නැතිව ඉන්නවා. එයාගෙ අම්ම කැටලින් ආර්යාවත් ඒ ලඟිනින්ම ඉඳන් ඉන්නවා. ඒ කාමරේට සර්සී ඇවිත් කැටලින් ආර්යාවට කතා කරනවා. ඇවිත් කියන්නෙ එයාගෙ ප්ලැවෙනි ලමයා කළු කොණ්ඩයක් තිබුන ලස්සන බබෙක්, මීට අවුරුද්දකට කලින් එයා නැති වුණා. ඒක එයාටයි රොබට් ටයි දෙන්නටම දරා ගන්න බැරි දුකක් වුනා. දැං එයා උදේ හවස බ්රැන් වෙනුවෙන් යාඤා කරලා ප්රාර්ථනා කරන්නෙ බ්රැන් ට ඉක්මනින් හොඳ වෙන්නයි කියලා.
ජොන් ස්නෝ ඊලඟට වින්ටර්ෆෙල් වල කම්මල්කාරයා උන මික්කෙන් ලවා පොඩි කඩුවක් හදනවා. ඒ එයාගෙ පොඩි නංගි ආර්යා ට. ජොන් නිශාචර සුරැකුම් බලකායට පිටත් වෙන්න කලින් ආර්යාට සමුදෙන්නයි ඒ තෑග්ගත් අරන් යන්නෙ. ආර්යා ඒ පුංචි ලස්සන කඩුවට "නීඩ්ල්" කියලා නම තියනවා.
ඒ වගෙම එයා යනවා බ්රැන් ට සමු දෙන්නත්.., කැටලින් ආර්යාව ඒ වෙලාවෙදි වත් ජොන් ට සුහද බවක් පෙන්නන්නෙ නෑ. අන්තිමටත් කියන්නෙ එයාට ඔනේ ජොන් එහෙන් පිට වෙනවා දකින්නයි කියලා. එතන නෙඩ් නුත් ඉන්නවා. ඒත් එයා නිහඬයි.

නෙඩ් එන්නෙත් සමුගන්න කින්ග්ස් ලෑන්ඩින් යන්න කලින්. කැටලින් ආර්යාව තවමත් කැමති නැහැ නෙඩ් රොබට් රජතුමා එක්ක කින්ග්ස් ලෑන්ඩින් යනවට. එයා නෙඩ් ට මතක් කරලා දෙනවා මීට අවුරුදු 17කට කලිනුත් ඔයා රොබට් එක්ක පිටවෙලා ගියා, ඒ ගිහින් අවුරුද්දකට පස්සෙ වෙන ගෑණු කෙනෙක්ගෙ ළමයෙක් අරන් ගෙදර ආව ඒත් දැං ආයෙමත් ඔයා රොබට් එක්ක යන්න ලේස්ති වෙනවා නේද කියලා.
හැමෝම වින්ටර්ෆෙල් වලින් යන්න පිටත් වෙනවා. ජොන්, ටිරියන් , බෙන්ජන් කාසල් බ්ලැක් යන්නත්.., රොබට් රජතුමයි එයාගෙ පවුලෙ අයයි පිරිවරයි, නෙඩ් සන්සා වගෙම ආර්යා කින්ග්ස් ලෑන්ඩින් යන්නත් පිටත් වෙනවා. ඒ යද්දි ජොන් නෙඩ් ගෙන් එයාගෙ අම්ම ගැන අහනවා. එතකොට නෙඩ් කියන්නෙ ඔයාට මගේ නම නැති වුනාට ඔයාට මගේ ලේ තියෙනවා. අපි ඊලඟ වතාවෙ හම්බුනාම මං ඔයාට ඔයාගෙ අම්ම ගැන කියන්නම්. මං ඒකට පොරොන්දු වෙනවා කියලා.
යන ගමන අතරෙදි පොඩ්ඩක් රොබට් ගමන නවත්ත්නවා නෙඩ් එක්ක කතාකරන්න. ඒ අලුතෙන් ආව පණිවිඩ්යක් ගැන කියන්න.. ඒත් ඊට කලින් රොබට් නෙ ගෙන් අහනවා ජොන් ගෙ අම්මා ගැන.. නෙඩ් තමන්ගෙ ගෞරවේ ගැන වත් හිතන්නෙ නැතුව ඒ පස්සෙන් ගිය ගෑණු කෙනාගෙ විශේශත්වෙ මොකක්ද, ඔයා මට කවදාවත් එයා ගැන කියලා නෑනෙ කියනවා. එවෙලෙ නෙඩ් කියන්නෙ ඒ වයිලා කියලා. ඒ ගෑනු කෙනාගෙ නම වයිලා. ඊට පස්සෙ රොබට් නෙඩ් ට පණිවිඩේ කියනවා. ඒ පණිවිඩේ තමයි ඩැනී ඩොත්රැකි නායකයෙක් වුණ ඩ්රොගෝ එක්ක විවාහ උන සිද්ධිය.
රොබට් කියන්නෙ ඒ නිසා යුධ්දයක් ඒවිලු, විසේරිස් ඩ්රොගෝ ගෙ හමුදාවත් අරගෙන ආවොත් ලොකු යුධ්දයක් ඒවිලු.. නෙඩ් කියනවා නෑ එහෙම වෙන්නෙ නෑ. ඩොත්රැකි අයට නැව් නැහැ.. ඒ නිසා එයාලට පටු මුහුද තරණය කරලා මෙහේ එන්න බෑ කියල. ඇරත් නෙඩ් ටාගේරියන් ලා ගැන වැඩි උනන්දුවක් දක්වන්නෙ නෑ..එතකොට රොබට් නෙඩ් ට මතක් කරනවා ටාගේරියන් අය ඔයාගෙ පවුලට කරපු විනාසෙ අමතක කරන්න බෑනෙ.., වැඩියත්ම රේගාර් ලියානා ට කරපු දේ. ඒත් නෙඩ් ගෙ ලොකු උනන්දුවක් පේන්නෙ නෑ.
මේ අතරෙදි මේස්ටර් ලුවින් කැටලින් ආර්යාව හම්බවෙන්න එනවා වින්ටර්ෆෙල් වෙල ඉදිරි වැඩ ගැන කතා කරන්න. එයා බ්රැන් ලඟ ඉද්දි. ඒත් එයා ඒ ඔක්කොම ප්රතිකෙශේප කරනවා. එතකොට රොබ් ඒ දේවල් ටික කරන්න බාර ගන්නවා.. ඔය අතරෙදි රොබ් දකිනවා ගින්නක් තියෙනවා කියලා. එයාගෙ අම්මට එතනම ඉන්න කියලා රොබ් ගින්න ගැන බලන්න යනවා. හැරිලා බලද්දියි කැටලින් දන්නෙ කාමරේ ඝාතකයෙක් ඉන්න බව. බ්රැන් ව මරන්න. ගින්න තමන්ව නොමග යවන්න ඝාතකයොන් අටවපු උගුලක් බව දන්නෙ එතකොට. කැටලින් ඝාතකයා එක්ක පොර බදනවත් එයාට නවත්ත ගන්න බැරි වෙනවා. එතකොටම බ්රැන් ගෙ ඩයර්වුල්ෆ් සමර් ඇවිත් ඒකව මරලා දානවා.
පස්සෙ දවසෙ වගේ කැටලින් ආර්යාව යනවා බ්රැන් වැටුන තැනට. එතනින් උඩ ජනේලයක් තියෙනවා දැක්ක නිසා එයා එහෙට නැගලා පොඩ්ඩක් බලද්දි එයාට හම්බෙනව ලා පාට කොන්ඩ ගහක්. ඊට පස්සෙ රොබ්, තියොන් ලුවින් කැඳවලා මේ ගැන කතා කලාම, සෙර් රොඩ්රික් කියන්නෙ මේක ලැනිස්ටර් ලා කරපු දෙයක් වෙන්න ඇති කියල. කැටලින් මේ ගැන නෙඩ් ට කියන්න ඕනෙ නිසා කින්ග්ස් ලෑන්ඩින් යන්න තීරනේ කරනවා. වින්ටර්ෆෙල් වල වැඩ සේරම රොබ් ට භාර දීලා.

No comments:
Post a Comment