ප්‍රාකාරයෙන් එපිට
උතුරට හැමදාමත් රහස් වෙලා තියෙන අවතාර පිරිච්ච කැලෑවෙ, වනචාරී මිනිස්සුන්ගෙ දේවල් පරීක්ශා කරන්න නිශා සුරැකුම් බලකායෙ භටයො3 දෙනෙක් වුන සෙර් වෙමාර් රොයිස්, විල් සහ ගැරෙඩ් ප්‍රාකාරයෙන් පිටත් වෙනවා ... ඒ 3 දෙනාගෙන් දක්ෂ්ම කෙනා වෙච්ච විල් හොයා ගන්නවා තමන්ගෙ පිරිසගෙන් වෙන් කෙරුණ වනචාරී මිනිස්සු(Wildings) කීප දෙනෙක් බිම අමුතු තාලෙකට හැඩ ගැහිලා ඉන්නවා හරියට මොකක් හරි පූජාවකට වගේ.ඒ වගෙම එයා දකිනවා මැරිච්ච වනචාරී (Wilding)පුංචි ගෑණු ළමයෙක්ව ගහක අමුනලා ඉන්නවා.
විල් පුළුවන් ඉක්මනින් අනෙක් දෙන්නට එයා දැකපු දේවල් ටික කියන්න යනවා. ඉතිං ගැරෙඩ් කියනවා "අපි පුළුවන් ඉක්මනින් කාසල් බ්ලැක් ගිහින් මේ ගැන වාර්තා කරන්න ඕනෙ කියලා... ඒත් සෙර් වේමාර් මේක ප්‍රතික්ශේප කරනවා. එයාට ඕනෙ වෙනවා සිද්දිය වෙච්ච තැනට ගිහින් අර වනචාරීන් මැරිච්ච විදිය හොයා ගන්න... ඒත් මේ 3 දෙනා එතෙනට යද්දි අර ඉඳපු කිසිම කෙනෙක් නෑ.
ලේ බරිත වෙච්ච පොඩි රෙදි කෑල්ලක් විතරක් හිම අස්සෙ තිබිලා හම්බෙනවා.
තවදුරටත් පරීක්ශා කරන එක නවතින්නෙ, උස අමුතු මනුස්සය රූපයක් එක්ක දිළිසෙන නිල්පාට ඇස් තිබුණ ධවල ඇවිදින්නෙක් ඇවිත් එක සැරේම සෙර් වේමාර් ව මරලා දැම්මම. ගැරෙඩ් දුවන්න ලේස්ති උනත් එයාට ඒක කරන්න ලැබෙන්න නෑ, එයාවත් මරලා දානවා. විල් පණ එපා කියලා ඉද්දි එයා දකිනවා අර මුළින් ඉඳපු ගෑනු ළමය දැන් නිල් පාට ඇස් දෙකක් එක්ක ඇවිදිනවා කියලා.....
මේ අතරෙ සත් රාජධානියේ මෙහෙම වෙනවා
ඉතිං බය බිරාන්ත වෙලා ඉන්න විල් ප්‍රාකාරෙන් දකුනට යනවා, මොකද එයා දන්නවා කාසල් බ්ලැක් වලට ධවල ඇවිදින්නන්ගෙන් අවදානමක් තියෙන බව. ඒත් එයාගෙ ගමන නවතින්නෙ එයාව අල්ලගන්නවා ස්ටාක් ලට පක්ෂ රැකවලුන්ට.. එයාලා විල් ව අරගෙන යනවා එඩාඩ් ස්ටාක් එහෙම නැත්නම් නෙඩ් ස්ටාක් ලගට... එයා තමා උතුරේ ප්‍රධානියා. නෙඩ්, නිශා සුරැකුම් බලකායෙන් පැනලා ඇවිත් දිවුරුම කඩකරපු විල් ට මර්ණීය දණ්ඩනය දෙන්න අණ කරනවා.
විල් මරණීය දණ්ඩනය පිළිගන්නවා, ඒත් මුළින් නෙඩ් ට ධවල ඇවිදින්නන් ගැන කියනවා ඒ වගෙම ඒ පණිවිඩේ එයාගෙ අම්මට කියන්න කියලත් අන්තිමට ඉල්ලනවා.
ඉතිං නෙඩ් ම තමා විල් ව එලොව යවන්නෙ, එයාගෙ හද්ද පරන කඩු කෑල්ලකින්. පරන කෑල්ලක් කිව්වට පරන නෑනෙ. ස්ටාක් මීමුත්තො වැලේරියන් වානේ වලින් හදපු කඩුවක් ඒක.
මෙතෙනට එනවා රොබ් ස්ටාක්, බ්‍රැන් ස්ටාක්. ඒ කියන්නෙ නෙඩ් ගෙ සහජාත පුත්තු.., තව නෙඩ් ගෙ අවජාතක පුතා වෙච්ච ජොන් ස්නෝ වගෙම නෙඩ් ගෙ රැකවලේ ඉන්න තියෝන් ග්‍රේජෝයි.
මේ වෙද්දි බ්‍රැන් ට අවුරුදු 10ක්.. මේ තමා එයා මරණ දණ්ඩනයක් ඇස් දෙනෙක් දකින පළවෙනි වතාව. ඒත් එයා එක පොඩ්ඩක් වත් බය නැතිව පැකිලෙන්නෙ නැතිව මේක දිහා බලන් ඉන්නවා.... ඉවර උනාට පස්සෙ බ්‍රැන් එයාගෙ තාත්තාගෙන් අහනවා විල් මැරෙන්න කලින් කියපුධවල ඇවිදින්නො ගැන... ඒත් නෙඩ් ඒ කතාව අත් ඇරලා දානව, විල් මරන විකාරෙන් පිස්සුවෙන් කියපු එකක් විදියට. නෙඩ් කියන්නෙ ධවල ඇවිද්දිනො නැති වෙලා දැං අවුරුදු සිය ගානක් වෙනවලු.
ඒක ඉවර වෙලා හැමෝම ආයෙම වින්ටර්ෆෙල් වලට යන්න පිටත් වෙනවා.
බලකොටුවට යන අතරමගදි, එයාලට හම්බ්වෙනවා මැරිච්ච ගෝනෙක්..එපර පොඩ්ඩක් නතර වෙලා බලනවා කොහොමෙද මේක එලොව ගියේ කියලා.. බලනකොට ඊට එහා පැත්තෙන් මැරිලා වැටිලා ඉන්නවා ඩයවුල්ෆ් කෙනෙක්, උගුරු දණ්ඩෙ ගෝන අං කෑල්ලක් ඇනිලා. එයා ඩයවුල්ෆ් අම්මා කෙනෙක්, පන යන්න කලින් කොහොමහරි එයාගෙ පැට්ටො පස් දෙනෙක්ටම උපදින්න දීලා. තියොන් කතා කරනවා පැට්ටො 5දෙනාව එතනම මරලා දාලා යන්න, ඒත් ජොන් ඒකට හරස් වෙලා තාත්තට කියනවා මේ පැට්ටො 5 දෙනා ඇත්තටම හොඳ දෙයක් වෙන්න පුළුවන්, මොකද ස්ටාක් වල සලකුනත් ඩයවුල්ෆ් කෙනෙක් ඒ වගෙම මෙතන 5ක් ඉන්නවා, නෙඩ් ටත් සහජාට ලමයි 5ක් ඉන්නවා නේද කියලා.
ඉතිං නෙඩ් කැමති වෙනවා මෙ චූටි පැටව් ටික ගෙනියන්න.., හැබයි එක කොන්දේසියක් පිට. ඒ තමයි කිසිම කෙනෙක්ට සේවකයන්ගෙන් උදව් ගන්න බෑ මේ අයව බලා ගන්න.
හැමොම එපාර යන්න හදද්දි ජොන් තව එක චූටි පැටියෙක් හොයා ගන්නවා.., ඒ ඇළි ඩයවුල්ෆ් බබෙක්ව. ඇළි කියන්නෙ සම්පූර්ණෙන්ම සුදු පාටයි. එහෙම වෙන්නෙ ජාන වෙනසක් නිසා.. ඉතිං මේ පොඩි ජාන වෙනසක් උන ඩයවුල්ෆ් බබාව තමා ජොන් ට ලැබෙන්නෙ.
තියොන් නෝන්ඩි පාටක් දානවා ජොන් ට.. අවජාතක වෙච්ච උඹට ඉන්නෙත් උඹ වගෙම බාග එකෙක් නේද කියනවා වගේ.
ඊලඟට කින්ග්ස් ලෑන්ඩින් වල ජොන් ඇරින් වංශාධිපතිතුමාගෙ මරනය නිවේදනය වෙනවා. ඇරින් වංශාධිපති තුමා තමා රජතුමාගෙ සහකාර වෙලා ඉඳියෙ..අවමගුල ලේස්ති කරන අතරෙ රැජිණ සර්සි ඒ දිහා බලාගෙන කල්පනා කරනවා ඇරින් මැරෙන්න කළින් එයා ඇත්තෙන්ම දැනගන්න ඕනෙ නැති විදියෙ දෙයක් හොයාගෙනද, ඒ වගෙම ඒ දේ තවත් කාට හරි කියලා තියෙනවද කියලා..
සර්සි මේ හිතපු දේ එයාගෙ නිවුන් අයියා උන ජේමි ලැනිස්ටර් ට කියනවා.. එයා කියනවා එපාර " අයියූ බය වෙන්න එපා සර්සි, රජතුමා තාම සීන් එක දන්නෙ නෑ, ඒ යකා දන්නවා නම් මෙලහකට අපිව මරලනෙ" කියලා. (මේ සීන් එක තමා හැම එකටම මුල වෙන්නෙ, ඒ නිසා මේක මතක තියා ගන්න)
සර්සි ආයෙ කියනවා රජතුමාගෙ අළුත් සහකාර වෙන්න ඕනෙ ජේමි කියලා.., ඒත් මේ මනුස්සයා බෑ වැඩක් නෑ කියනවා.
රේවන් කපුටෙක් ඇරින් වංශාධිපතිතුමාගෙ මරණ ආරංචියත් අරගෙන වින්ටර්ෆෙල් එනවා.. කැටලින් ආර්යාව මේ පණිවිඩේ නෙඩ් ට දුන්නම නෙඩ් බොහොම දුක් වෙනවා මොකද ඇරින් එයා එක්ක ගොඩක් ලඟින් ඉඳි කෙනෙක්.. ඒ එක්කම තවත් ආරංචියක්. ඒ තමා රොබට් ජරතුමා ලොකු රාජකීය පිරිසකුත් එක්ක වින්ටර්ෆෙල් එනවා කියන ආරංචිය. මේක අහපු ගමන් නෙඩ් තෙරුම් ගන්නවා රොබට් එන්නෙ ජොන් ඇරින්ගෙන් හිස් වුන සහකාර තනතුර එයාට දෙන්නයි කියලා.
ඊලඟට එන ටික කාලෙ පුරාවටම ස්ටාක් පවුලෙ ළමයින්ගෙ කාලෙ ගෙවුනෙ ඉක්මනට ලොකු වෙන අර ඇච්චො ටික බලා ගන්න. රොබ් ගෙ ග්‍රේ වින්ඩ්, සන්සාගෙ ලේඩි, ආර්යා ගෙ නයිමීරියා, බ්‍රැන් ගෙ සමර්, රිකොන් ගෙ ශැගී ඩෝග්....., ජොන් ගෙ සමර්.
මේ වෙද්දි කැටලින් ආර්යාව සූදානම් වෙනවා රාජකීය පවුල පිළිගන්න. කළබලේ වැඩ අස්සෙ එයාට අහු වෙනවා බ්‍රැන් ප්‍රාකාර බිත්ති දිගේ බඩ්ගානවා. එක අනතුරක් වෙන්න පුළුවන් නිසා පුතාට කියනවා එහෙම නොකරන්න, වගෙම පොරොන්දුවකුත් ගන්නවා ආයෙ නගින්නෙ නෑ කියලා..,
කැටලින් ආර්යාව විශේශයෙන් ටිරියන් ලොක්කගෙ කාමරේ සූදානම් කරන එක ගැන හොයනවා..මොකද එයා මුළු රෑ පුරාම පොත් කියවන නිසා ඒ කාමරේට වැඩිපුර ඉටිපන්දම් පහන් ලේස්ති කරන්න වෙනවනෙ.
ඉතිං රොබට් ජරතුමා එයාගෙ රැජිණ සර්සි, ජේමි තව නයිට් ලා එක්ක වින්ටර්ෆෙල් එද්දි වින්ටර්ෆෙල් වෙල හැමෝම එයාලව පිළිගන්න බලගෙන ඉන්නවා මග.
මේක කොච්චර ලස්සන පින්තූරයක්ද කියලා හිතෙන්නෙ අන්තිම සීසන් වෙද්දි |
හැමෝවම පිළි අරගෙන ඉවර උනාට පස්සෙ රොබට් ට ඕනෙ වෙනවා නෙඩ් ලගෙ බිම් ගෙට යන්න. ඒ බිම් ගෙයි තමයි ස්ටාක් පවුලෙ මැරුනු හැමෝම ඉන්නෙ. රොබට් ට එහෙට යන්න ඕනෙ වෙන්නෙ නෙඩ් ගෙ මැරුණ නංගි ලියානා ට ගෞරව කරන්න.
"ලියානා අයිති මටයි" |
මේ අතරෙදි රැජිණ සර්සි, ජේමි ව යනවා එයාලගෙ මල්ලි ටිරියන් කොටා ව හොයන්න. ජේමී ටිරියන් කොටා ව හොයාගෙන යද්දි හම්බෙනවා එයාව ගණිකා මඩමක් අස්සක ඉඳලා (කොටා කියන නම තියෙන ඔක්කොම එකයි ) ජේමී තවත් ගණිකාවො 3ක් හොයලා ටිරියන් ට දීලා එන්න එනවා එපාර.
මේ ඉන්නෙ ටිරියන්.., රෝස්..., මතක තියාගන්න රෝස් ව. ගණිකාවක් උනත් සෑහෙන්න දුරට යනවා මෙයා.එයාව මුළින්ම පෙන්නන්නෙ මෙතන.
රොබට් රජතුමා නෙඩ් ට තනතුර පිරිනමනවා ඒත් ඒ ගැන හිතන්න කල් දෙන්න කියලා නෙඩ් ඉල්ලනවා ජරතුමාගෙන්. එයා හා කියලා කියනවා හැබයි තව දෙයක් එක්ක ඒ තමයි ජරා ගෙ පුතා ජොෆ්රියා ට නෙඩ් ගෙ දුව සන්සා දෙන්න කියලා. ජොෆ්රියගෙ හැටි ඈක්:
දැං එතන උත්සවේ තියෙනවා, ඒත් ජොන් ස්නො නෑ. එයා තනියම එළියට වෙලා කඩුසටන් පුරුදු වෙනවා ඇරත් කැටලින් කියලනෙ අවජාතකයෙක් උත්සවේට එන එක හරි නෑ කියලා. ඔහොම ඉද්දි එතනට එයාගෙ මාමා බෙන්ජන් ස්ටාක් එනවා. එයා තමා නිශා සුරැකුම් බලකායෙ සංචාරක බළඇණියෙ ප්‍රධානියා. ජොන් එයාට කියනව අයෙ කාසල් බ්ලැක් යද්දි එයාවත් එක්කන් යන්නලු. බෙන්ජා කියනවා ඉතින් බලමු කියලා. ඔන්න ඔහොම ඉද්දි ඔතනට කොහේදෝ ඉඳලා අර කොටා කඩා පාත් වෙනවා. ඇවිත් ජොන් ට සවුත්තුව දානවා අවජාතක කතාව කියලා, හැබැයි ආයෙ කියනවා ජොන් ට "ජොන් කොල්ලො, නින්දාව සන්නාහයක් කරගන්නවා"
ජොනා කේන්තියෙන් අහනවා "තමුසෙ කොහොමද මට උපදෙස් දෙන්නෙ, තමුසෙට ඒ වේදනාව තෙරෙන්නෙ නෑනෙ"
කොටා කියනවා "හැම කොටෙක්ම එයාලගෙ තාත්තලාට අවජාතකයො තමයි" කියලා.
උත්සවේ ඉවර වෙලා ගොඩක් රෑ උනාට පස්සෙ නෙඩ් ටයි කැටලින් ටයි ලියුමල් ලැබෙනන්වා කැටලින්ගෙ නංගි ලයිසා ගෙන් ඒ කියන්නෙ. ජොන් ඇරින් ගෙ වැන්ඳඹුව. එයා කියලා තියෙන්නෙ ජොන් මැරුවෙ ලැනිස්ටර් ලා එකතු වෙලා, එයාල හිතාගෙන ඉන්න රොබා ට විරුද්දව කුමන්තරනය කරන්නලු. ඒත් ලුවින් කියනවා නෙඩ් ට රොබට් ගෙ වැඩේට කැමති වෙන්නලු එතකොට රජතුමාවත් ආරක්ශා කරන ගමන් ඇරින් ගෙ කතාවෙ ඇත්ත නැත්ත හොයන්න පුළුවන් නිසා. මුළින් අකමති වෙන්න හිතාගෙන ඉඳපු නෙඩ් ලුවින් ගෙ මේ කතාව නිස රොබාගෙ යෝජනාවට කැමති වෙන තීරණේ කරනවා.
ඊළඟ දවසෙ උදේ රොබායි, නෙඩ් උයි දඩයමේ යනවා. බලකොටුවෙ ගොඩක් හිස් වෙනවා ඒ නිසා. ඒ අතරෙදි බ්‍රැන් එයාගෙ සුපුරුදු සෙල්ලම බිත්ති බඩගාන වැඩේ පටන් ගන්නවා.., මේ මැට්ටා කැඩිච්ච බිත්ටියක් දිගේ යද්දි ඇහෙනවා කවුරුහරි කාගහන සද්දයක්. අමාරුව්න් ජනේලෙක එල්ලිලා බලනවා එපාර මොකද සද්දෙ කියලා. හහ් පොඩි එවුන්ට බලන්න හොඳ නැති එකක්. සර්සියි, ජේමියී දෙන්නගෙ. සර්සි දකිනවා බ්‍රැන්ව. එපාර ජේමි ට කිවම ජේමි ඇවිත් බ්‍රැන් ව ඇදලා අරගෙන වයස අහලා පල්ලෙහාට තල්ලු කරනවා. ( ඒ කාලෙ කොටු කොටු දාන්න බෑලූ )
පටු මුහුද හරහා තවත් කතාවක්
දැන් පෙන්ටෝස් වල විසේරිස් ටාගේරියන් නුයි ඩැනේරිස් ටාගේරියන් උයි ඉලීරියෝ මොපාටිස් ලඟ ඉන්නවා. මේ ඉන්න අතරෙ විසේරිස් එයාගෙ නංගි ඩැනී ව ඩොත්රැකි කලසාර් එකක ප්‍රධානියා උන කාල් ඩ්‍රෝගෝ ට බන්දලා දෙන්න ලේස්ති කරනවා.. ඇත්තටම මේක විවාහයකට වඩා බඩු හුවමාරුවක්. විසේරිස් ඩැනී ව දෙන්නෙ, එ වෙනුවට කාල් ඩ්‍රෝගෝ ගෙ 40000 ක හමුදාව විසේරිස් ට දෙන්න කතා කරගෙන. මොකද විසේරිස් ට ඕන ආයෙම යකඩ සිහසුන එයාගෙ කරගන්න.
එයා ඩැනී එක්ක කතා කරන ගමන් එයා දිහා බලල කියනවා "ඔයා දැන් ලොකු වෙච්ච ලස්සන ගෑනු ලමයෙක්" කියලා. ඒත් ඩැනී ගේ මූණෙන් නම් මේ මගුලට කැමති පාටක් පේන්නෙ නෑ.
විසේරිස් ගියාට පස්සෙ ඩැනී එයාට නාන්න ලේස්ති කර කර තිබුණ බේසමට යනවා කල්පනා කර කරම.. එයා වතුරට බහිද්දි වතුරෙන් දුම් යනවත් එක්ක. සේවිකාව කෑ ගහනවා "බහින්න එපා, තවම උණු වතුර වත් කල විතරයි, ඒවා උණු වැඩී" කියලා.. ඒත් ඩැනී ට ඒක ඇහුන පාටක් පේන්නෙ නෑ, ඒ වගෙම වතුරෙ තිබුන රස්නෙත් එයාට පොඩ්ඩක් වත් ගානක් උනා කියලා පේන්නෙත් නෑ.
ඉලීරියො ත් විසේරිස් උත් ආයෙම වෙස්ටෙරොස් යන ගමන ගැනත්, ඩැනී ගෙ විවාහෙ ගැනත් කතා කර කර ඉන්නවා.., ඩැනී මේ මගුලට අකමැති නිසා බෑ කියනවා. ඒත් ඔතනට එන විසේරිස් බොහොම තද්න් ඩැනී ට කියනවා "ඔයා කොහොමහරි කාල් ව බඳින්න ඕනෙ ඩැනී, එහෙම කලොත් විතරයි කාල් අපිට එයාගෙ හමුදාව දෙන්නෙ, ඒ හමුදාව ගත්තෙ නැත්නම් අපි කොහොමද රොබට් බැරතියන් ගෙන් අපේ සිහසුන ආයෙම ගන්නෙ?"...
"ඩැනී.. අපිට හමුදාව ලැබෙනවා නම් ඔයා ඔයාව කාල් ට විතරක් නෙමේ, කාල්ගෙ මුළු හමුදාවට උනත් ඔයාව කැමති විදියකට පාවිච්චි කරන්න දෙන්න ඕනෙමයි"
අන්තිමේ කාල් එනවා ඩැනී ව බලන්න, ඇවිත් අශ්වයාගෙ පිටින් බහින්නෙවත් නැතිව ඩැනී දිහා ටිකක් බලන් ඉඳලා යනවා මොකුත්ම නොකිය. ඉලීරියෝ කියනවා කාල් කැමති උනා නම් අපිට පණිවිඩේ ලැබෙයි කියලා.
ඉතිං අන්තිමේ ඩැනී ගෙයි කාල් ගේයි විවාහාය ලොකු උත්සවයක්....ඒකෙදි මිනිස්සු කීප දෙනෙක්ම මරාගෙන එලොව යනවා. ඉලීරියෝ කියන්නෙ ඒක ඇත්තටම හොඳ දෙයක් ලු, මොකද ඩොත්රැකි විවාහෙක අඩුම තරමෙ දෙන්නෙක් වත් මැරුනෙ නැත්නම් ඒක එච්චර හොඳ මදිලු.. වුෆ් !
ඩැනී ට සෑහෙන්න තෑගි හම්බ උනත් ඔක්කොටම වඩා විශේශ තෑගි දෙකක් ලැබෙනවා, ඒ තමා... එකක් ලස්සන ගල් ගෙඩි 3ක් තිබුණ පෙට්ටියක්. ඒක දෙන්නෙ ඉලීරියෝ. එයා කියන්නෙ ඒ මකර බිත්තරලු. ආශි වලින් එපිට ශැඩෝ බිම් වල තිබිලලු ඒවා හොයාගෙන තියෙන්නෙ, කාලයත් එක්ක ඒව ගල් වෙලාලු. ඩැනී ට ඒවා දැක්කම නම් ගොඩක් ආස හිතෙනවා. අනෙක් තෑග්ග තමා සත් රාජධානියේ කතා තිබුණ පොත් මිටියක්. ඒක දුන්නෙ සෙර් ජෝරා මෝමොන්ට්. එයා පිටුවහල් කරපු නයිට් කෙනෙක්. අන්තිමටම ඩ්රොගෝ ඩැනී ට දෙන්නෙ ලස්සන අලුත්ම අශ්වයෙක්ව..
ඩැනී කාල් එක්ක වෙරලක ඉන්නවා අන්තිමට..............
No comments:
Post a Comment