Monday, August 8, 2016

House Florent - හවුස් ෆ්ලෝරන්ට්



හවුස් ටයිරෙල් යටතේ තියෙන තවත් එක් වැසල් හවුස් එකක් තමයි ෆ්ලෝරන්ට් කියන්නේ. මේ අයගේ වාසස්ථානය වෙන්නේ 'බ්රයිට්වෝටර් කීප්' කියන මාළිගාව. මේ හවුස් එකේ ප්රධානියට හිමි වෙන පට්ටම තමයි බ්රයිට්වෝටර් කීප් හි අධිපතියා කියන එක.

ටාගේරියන් යුද්ධයට කලින් හවුස් ෆ්ලෝරන්ට්ස් අයට, වෙස්ටෙරෝස් වලින් නෂ්ට වෙලා ගියපු වංශාධිපති පවුලක් උනු හවුස් ගාඩර්නර් අයත් එක්ක බොහොම ලඟ සම්බන්ධකම් තිබුනා. උනත් 'ඒගොන්  කොන්කරර්' එහෙම නැත්නම් පළමුවන ඒගොන් ටාගේරියන් එක්ක තිබුන සටෙනෙන් මර්න් ගාඩනර් රජතුමා මැරුම්කෑවැයින් පස්සේ, හවුස් ටයිරෙල් තමයි දකුණේ පාලකයින් විදියට පත් කරේ. හේතුව නිසාම හවුස් ෆ්ලෝරන්ට්ස් අයට, ටයිරෙල් අයව පේන්න බෑ. ෆ්ලෝරන්ට්ස් අය හිතන විදියට ඔවුන්ට තමා තනතුරට පත් වෙන්න හොඳටම සුදුසුකම් තියෙන්නේ කියලා. රජවරු පස් දෙනාගේ සටනෙදි මේ අය ස්ටැන්නිස් බැරතියොන් යටතේ සටන් කරනවා.

No comments:

Post a Comment