Tuesday, July 26, 2016

වෘකයා සහ සිංහයා - The Wolf and The Lion 5

වේල් වලට යන මගේදි

අපි කළින් කොටස නැවැත්තුවෙ කැට් කොටා ව අල්ල ගන්න එකෙන්නෙ.. දැං කොටා ගෙ මූණ වහලා අරගෙන යනවා. කැටලින් ආර්යාව, සෙර් රොඩ්‍රික්, කොටා ඒ එක්කම බ්‍රොන් නුත් ඇවිත්.. අතරමගදි ටිරියන් ව අශ්වයාගෙන් බස්සලා මූණ වහපු එක අරිනවා. එතකොට එයා අහන්නෙ "මේ වින්ටර්ෆෙල් යන පාර නෙමෙයිනෙ ඔයා කීවෙ වින්ටර්ෆෙල් යනවා කියලනෙ"

 "අහ් ඔව් මං කිව්වා තමා, ඒත් මං ඊට වඩා සද්දෙට කිව්ව සමහරවිට කියන වචනෙ"
ටිරියන් ටිකක් වටපිට බලලා තේරුම් ගන්නව මේ කැටලින් ගෙ නංගි ලයිසා ඉන්න දිහාවට යන පාර බව.. එතකොට "හපොයි මාව ඔයාගෙ නංගි ගාවට ගෙනියනවට වඩා හොඳයි මෙතනම මරලා දාන්න"
(මේ වෙද්දි ලයිසා ඉන්නෙ ලැනිස්ටර් ලා එක්ක තරහින්. එයා කියන්නෙ ඇරින් මැරුවෙ ලැනිස්ටර් ලා කියලා.)

ඒ වගෙම එයා බ්‍රැන් ව මරන්න උත්සාහ කලේ නෑ කියන එකත් කියනවා, ඒත් ඒ වාද කිරිල්ලවැඩිය කරන්න හම්බ වෙන්නෙ නෑ.. එයාලට ගහන්න පටන් ගන්නවා කඳුකරයො ඇවිත්... ඒත් බ්‍රොන්, සෙර් රොඩ්‍රික් දෙන්නා කොහොමහරි ඒක නවත්ත ගන්නව. උන්ගෙන් එකක් කැටලින් ට ගහන්න එද්දි එවෙලෙ කැටලින් ගෙ ජීවිතේ බෙරගන්නෙත් ටිරියන්.


කොහොමහරි එයාල ඉයිරි වලට එනවා.. ඉයිරි ගොඩක් ලස්සන ගොඩක් උසින් තියෙන තැනක්..ඒත් ලයිසා නම් පොඩ්ඩක් වත් කැමති වෙන්නෙ නෑ ටිරියන් ව දකින්න, එයා කැටලින් ට කෑ ගහනවා මං ඔයාට කීවෙ ලැනිස්ටර්ලගෙන් ඈත් වෙලා ඉන්න මිසක් උන්ව අල්ලන් එන්න නෙමෙයි කියලා..ජොන් ඇරින්ගෙයි ලයිසා ගෙයි පුතා රොබින් ගොඩක් ලොකු ළමයෙක් උනත් තවම අම්මගෙන් කිරි බොනවා. ගොඩක් කේන්තියෙන්. පස්සෙ ටිරියන් ව හිර කරනවා.

වින්ටර්ෆෙල් වල

මේස්ටර් ලුවින් බ්‍රැන් ට එයාගෙ පාඩම් කියලා දිදී ඉන්න අතරෙ තියොන් දුනු ඉල්ලක්කෙට විදිනවා. බ්‍රැන් කේන්තියෙන් ඉන්නෙ එයාට ඇහැරුනු දවසෙ ඉඳන්ම අම්මා ලඟ ඉඳියෙ නැති එක ගැන. අම්මා නැති හේතුව මොකක්ද කියලා ඇහුවත් ලුවින් කියන්නෙ ඒක දැංම කියන්න බෑ කියලා.



ඊට පස්සෙ තියොන් යනවා එයාගෙ ආ...සම වෛශ්‍යාව උනු රෝස් ව බලන්න. බලන්න කියන්නෙ බලන්න තමයි.. ඒ ගියපු වෙලේදි තියොන් එයාගෙ වංශෙ ලොකු කම් ගැන කියන්න ගියත් රෝස් එයාව සවුත්ටු කරනවා ඔය මොන ලොකු කම් කීවත් ඔයාලා ස්ටාක් ලය යටයි නේද ලු.


කින්ග්ස්ලෑන්ඩින් වල නම් ගොඩක් දේවල් වෙනවා

නෙඩ් යනවා හියුගෙ මරණෙ බලන්න, ඒ යනකොට ඒ මරණෙ සූදානම් කරනවා. එතන ඉන්නවා සෙර් බැරිස්ටන් සෙල්මි ත්. එතනදි කතා කලාම නෙඩ් දැන ගන්නවා හියු ට නගරෙ දන්න කෙනෙක් වත්, නෑ කෙනෙක් වත් නෑ කියලා. ඒත් තවත් දෙයක් දැනගන්නවා.. හියු නයිට් කෙනෙක් උන ගමන්ම එයාට අලුත්ම සන්නාහයකයුත් ලැබිලා තියෙන බව.  එතනින් කතා කරලා එද්දි බැරිස්ටන් නෙඩ් ට මතක් කරනවා රොබට් ගෙ කැරැල්ලෙදි ඒ දෙන්න විරුද්ධ පැති දෙකක ඉඳියත්, දැං එකට හම්බුනා නේද කියලා


ඊලඟට නෙඩ් යනවා ජරා ව බලන්න.. ඒ යනකොට දකින්නෙ රොබට් ලාන්සෙල් ට වද දෙන හැටි.. ලාන්සෙල් තමා රජතුමාගෙ සේවකයා. ලාන්සෙල් ලැනිස්ටර්. බයාදු පොඩි එකෙක්. එතන කෑ ගහන්නෙ රොබට් ට එයාගෙ සන්නාහය අන්දගන්න ලාන්සෙල් ට බැරි වෙන නිසා. ඇත්තටම අන්දන්න බැරි රජතුමා මහත් වෙලා වැඩී එකට.. ඔන්න නෙඩ් ඒක කිවම තමයි රොබට් පිළිගන්නෙ එයා මහතයි කියලා... ඊට පස්සෙ ලාන්සෙල් ව එලවනා අලුත් එකක් එකක් හදාගෙන එන්න.

පළවෙනි තරඟෙ.. සෙර් ග්‍රෙගර් ක්ලේගන් එහෙම නැතන්ම් මවුන්ටන් එක්ක සෙර් ලොරාස් ටයිරෙල්. ලොරාස් ට තමා 'මල් වල නයිට්' කියන්නෙ. මේ තරඟෙ බලන්න නම් නෙඩ් ඇවිත් ඉන්නවා.  තරඟෙ පටන් ගන්න කලින් ලොරාස් සන්සා ට මලකුත් දෙනවා.., ඒ මල දෙන ගමන් සන්සා ට උඩින් වාඩි වෙලා ඉන්න රෙන්ලි එක්ක ආදරේ හිතෙන බැල්මකුත් හුවමාරු කර ගන්නවා. ම්ම්හු කවුද හිතන්නෙ අර මවුන්ටන් එක්ක තරඟ කරලා දිනන්න පුළුවන් කියලා. මේ නිසා එක සැරේටම බේලිශ් නැගිටලා ඔට්ටු අල්ලනව මවුන්ටන් ට, ලොරාස් වෙනුවෙන් නැගිටින්නෙ රෙන්ලි.

පටන් ගන්නවා.. මෙන්න හිතපු නැති විදියට මවුන්ටන් ගෙ හෙල්ල කුඩු කරගෙන එයා බිම වැටෙනවා.. ඇයි ඒ? ඒ තමයි ලොරාස් පදින්නෙ වෙළබක්, මවුන්ටන් ගෙ අශ්වයා ට පිස්සු හැදෙනවා අරයව දැකලා.. ඔන්න ඕකයි එයා වැටෙන්නෙ..  මේකෙන් මවුන්ටන් ට හොඳටම කෙන්ති ගිහින් කඩුවක් අරගෙන එයාගෙ අශ්වයගෙ බෙල්ල කපනවා එතනම.. (මල්ලිගෙ මූණ පුච්චපු එකාට ඕක මොකක්ද.., උහ්.. මවුන්ටන් ව කීතු කරන්න ඕනෙ ) ඊට පස්සෙ කඩුවත් අරන් එනවා ලොරාස් ට ගහන්න.. එතනදි හනිකට සැන්ඩොර් මැදට පනිනවා ලොරාස් ව බේර ගන්න.. ඔන්න ඒ අයියඉ මලිය් මරා ගන්නවා. රොබට් කෑ ගහනව ඔය මඟුල නවත්තන්න කියලා.. මවුන්ටන් යන්න යනවා. ලොරාස් සැන්ඩොර් ගෙ අත උස්සල සැන්ඩොර් දිනුවා කියලා පෙන්නනවා.

මාළිගාවෙදි වාරිස් හොර රහසෙම නෙඩ් ව හම්බ වෙන්න එනවා. ඇවිත් රජතුමා මහ මෝඩයෙක් ඒත් දැං වෙන්න යන දේවල් එක්ක රජතුමා ව බේරගන්න පුළුවන් ඔයාට විතරයි කියනවා.
නෙඩ් "ඇයි දැං මේව කියන්නෙ, කලින් කියන්න තිබුණනෙ"
වාරිස් "කලින් ම්න් ඔයාව විශ්වාස කලේ නෑ.. මෙහෙ විශ්වාස කරන්න පුළුවන් කිසිම කෙනෙක් නෑ.. ඉන්නෙ ටික දෙනයි එහෙම පුළුවන්.. ඔයා තමා පළවෙනි කෙනා"..
මේවා අහලා නෙඩ් අවුල් උනත් වැඩිය පෙන්නන්නෙ නෑ.. එයාට පේන්නෙ දැං හැම දේම පැටලිලා වගේ
ඒ වගෙම වාරිස් සහතිකේටම කියනවා ඇරින් මැරුණෙ වස දීලා කියලා.. ඒ වසට කියන්නෙ "ලිස් ගෙ කඳුලු" කියලලු.. අන්තිම කාලෙ වෙද්දි ඇරින් හැම දේම ගැන හොයන්න ප්‍රශ්ණ කරන්නත් ගත්ත නිසාලු එහෙම උනේ.
    මේ අතරෙ ආර්යා පූසෙක් ගෙ පස්සෙ දුවනවා, ඒ දුවන ගමන නතර වෙන්නෙ එයා බිම් ගෙයක් ඇතුළට ආවම. ඒ බිම් ගේ තියලා තියෙන්නෙ මකර ඔළු. එයා එනවත් එක්කම එයාට ඇහෙනවා කවුරු හරි කතා කර කර ඒ පැත්තට එන සද්දෙ. ඒ නිසා එයා හනිකට මකර ඔළුවක් අස්සෙ හැංගෙනවා..

"එයා දැනටම අවජාතකයව හොයාගෙන, එ වගෙම එයා ලඟ පොතත් තියෙනවා, අනිත් අයත් ඒවි"
"එයා ඇත්ත හොයා ගත්තොත් මොකක් වෙයිද"
"දෙයියො තමා දන්නෙ, එයාගෙ පුතාවත් මොකෙක්ද මෝඩයෙක් මරන්න හදලා"
"මොන ඉලව්වක්ද ඒ?"
"නෑ ඒක එච්චර අවුලක් නෑ... වෘකයයි, සිංහයයි දැං දෙගොල්ලන්ගෙ උගුර් දන්ඩට ලං වෙලා ඉවරය්... ඉතිං ඉක්මනින්ම යුධ්ධයක් ඒවී"
"කාටද යුහ්ධෙ වාසිය?, අපි තවමත් ලේති වෙලත් නෑ... ඒත් රජතුමාගෙ එක උපදේශකයෙක් මැරුවා නම් ඇයි අනිත් එකාව බැරි"
"නෑ නෑ එහෙම නෙමෙයි, දැං ඉන්න කෙනා ඊට වඩා වෙනස්"
"අපිට කල් ඕනෙ"
"කාල් ඩ්‍රෝගො එයාගෙ පුතා ඉපදෙන කල් මොකුත්ම කරන්නෙ නෑ"

ආර්යා මේ දෙන්නව දැක්කෙ නැති උනත් මේ තමා. වාරිස් නුයි ඉලීරියො යි. ඒ කියන්නෙ මේ දෙන්නා හම්බුනේ හොරෙන්, ඒ වගෙම මෙයාල අඳුනනවා. ඉලීරියෝ මතකයිනෙ. කලීසි යි විසේරිස් නුයි දෙන්නා නැවතිලා ඉඳියෙ මෙයා ලඟනෙ.. දැං ඒ දෙන්න ගියාට පස්සෙ ආර්යා  එතනින් පැනලා දුවනවා..

ආර්යා තාත්තව හම්බවෙන්න ගිහින් විස්තරේ කියනවා. නෙඩ් ඇහුවත් ඒ අය මොන වගේද කියලා ආර්යා දන්නෙ නෑ ඒ අයගෙ හැඩ හුරුකම් කියන්න. කතා කර කර ඉනෙද්දි එතෙන්ට යොරෙන් එනවා. යොරෙන් මතකනෙ. එයා ඇවිත් කියනව දැං මට නිශා සුරැකුම් බලකායට ගෙනියන්න මිනිස්සු හොයලා දෙන්න ආයෙ තව පණිවිඩ්යක් තියෙනවා ඒක ඔබේ බිරිඳ කැටලින් ගැන.. දැනටම ගොඩක් අය සිධ්දිය දන්නවා... හෙට උදේ වෙද්දි හැමෝම දැනගනී.. එයා ටිරියන් ව අත් අඩංගුවට ගත්තා."

ඕක වෙන අතරෙදි සිංහාසනාගාරෙදි බේලිශ් වාරිස් ව හම්බ වෙලා කතා කරනවා.. වාරිස් කියනවා එයා දැක්කලු බේලිශ් නෙඩ් එක්ක තනියම කතා කර කර ඉන්නවා.. ඒත් බේලිශ් දන්නවා ඒක දැක්කෙ වාරිස් ගෙ ඔත්තුකාරයෙක් බව. ඒ නිසාම බේලිශ් කියනවා "අහ් මං දැක්කා ඔයා නෙඩ් ගෙ කාමරේටම ගිහින් නෙඩ් ට කතා කරනවා, ඒ වගෙම ඊට පස්සෙ ඔය අමුත්තෙක් එක්ක යනවත්" බේල්ශ් දැනගෙන ඉලීරියො ඇවිත් ගිය බව. එයාලට කතාව දිගටම කරන්න ලැබෙන්නෙ නෑ.. එතනට එන රෙන්ලි කියනවා රජතුමා රැස්වීමක් කැඳවලා, ඉක්මනට එන්න කියලා.

ඊලඟට හැමෝම කවුන්සිලේ ට යනවා.. ඒ ගියාට පස්සෙ රජතුමා කියනවා දැං ඩැනී ට බබෙක් හම්බ වෙන්න ඉන්න නිසා එයාලා ඒවිලු ආයෙම සිංහාසනේ ගන්න.  ඒ නිසා එයාට දැන්ම ඩැනී, එයාගෙ හම්බ වෙන්න ඉන්න ළමය වගෙම විසේරිස් නුත් මරලා දාන්න ඕනෙලු.. එතකොට නෙඩ් කියනවා ඕක මහ අසමජ්ජාති වැඩක්, ඒක කරන්න බෑමයි කියලා. ඇරත් ඩොත්‍රැකියො කොහොමත් පටු මුදෙන් මෙහාට එන්නෙත් නැති කොට ඕක ට බය වෙන්න එපා කියනවා..

ඒත් කවුන්සිලේ අනෙක් හැමෝම කියන්නෙ ඩැනී එයාගෙ බබා එක්ක මැරෙන්න ඕනෙමයි කියලා.. මේකත් එක්ක රොබට් නෙඩ් එක්ක කෙනති අරගෙන කෑ ගනවා.. මගේ උපදේශක නම් මගේ විදියට වැඩ කරන්න, නැත්නම් මං ඕක වෙන කෙනෙක්ට දෙනවා කියලා.. නෙඩ් කරන්නෙ අර බැජ් එක ගලවලා දමලා ගහල යනවා.

නෙඩ් ගිහින් එයාගෙ බඩු ලේස්ති කර ගන්නවා ආයෙ වින්ටර්ෆෙල් යන්න, එතනට බේලිශ් ඇවිත් කියනවා තව පොඩක් කල් ඉන්න, රජතුමා ඔයාට කල් දුන්නා කියලා. ඒත් නෙඩ් ඒක අහන්න කැමති නෑ. එපාර බේලිශ් කියනවා එහෙනම් අද රෑ වෙනකල් විතරක් වත් ඉන්න, ඔයාට අළුත් කෙනෙක්ව හම්බ වෙන්න සලස්වන්නම්, ඇරින් එක්ක ගනු දෙනු තිබුන කෙනෙක්ව.. ඒකට මහ වෙලාවක් යන්නෙත් නෑ.

ඔන්න ඊලඟට තියෙනවා ලස්ස්ස්සන කතාවක්. ලොරාස් ගෙයි රෙන්ලිගෙයි පරම පිවිතුරු ආදර කතාව ගැන.. ඒ දෙන්නා රෙන්ලි ගෙ කාමරදි හම්බ වෙලා කතා කරනවා. ඒ කතා කරද්දි රෙන්ලි කියනවා රොබට් එයාට සලකන්නෙ පොඩි එකෙක්ට වගේ, එයා ඒකට ආස නෑලු.. ඒ කතා කරද්දි ලොරාස් අඟවනවා රෙන්ලි ට රජකමට හරියන්නෙ රෙන්ලි කියලා.

හදිසියේම වගේ රොබට් එක්ක කතාවක් සෙට් වෙනවා සර්සි ට.. රොබට් කතා කරන්නෙ ඩොත්‍රැකි ආක්‍රමණයක් උනොත්  කොහොම වෙයිද කියලා.. ඒත් සර්සි පුදුමෙකට වගේ නෙඩ් ගෙ පැත්තට කතා කරලා කියනවා ඩොත්‍රැකියො පටු මුහුද පහු කරලා මෙහේ එන්නෙ නෑ කියලා.. ඒ වගෙම ඒ දෙන්නගෙ පරණ කාලෙ ගැනත් කතා කරනවා..
එතනින් කතාව මාරු වෙනව ලියානා ස්ටාක් දිහාවට. සර්සි කියනවා එයා හිතුවලු රොබට් කවදා හරි එයා ගැන අමතක කරාවි කියලා... මෙ අවුරුදු 17 ටම එයා ලියානා ගැන මතක් කරලා වත් නැතිලු.. ඒත් එතකොට රොබට් "ඔයාට ඕනෙ තිත්ත ඇත්ත දැනගන්නද සර්සි? .... මට ඇත්තටම මතක නෑ දැං ලියානා මොන වගේද කියලා වත්. මට මතක මට ඕනෙ උන එකම දේ එයා කියලා විතරයි.. ලියානා නැති අඩුව පුරවන්න මෙච්චර කාලෙකටම සත් රාජධානියටම බැරි උනා"

ඊලඟට නෙඩ් බේලිශ් එක්ක බේලිශ් ගෙම ගණිකා මඩමකට යනවා අර කියපු අනිත් කෙනාව හම්බ වෙන්න.. ජොන් ඇරින් අන්තිමටම ආව තැනට. ඒ ලා පාට කොණ්ඩයක් තිබුන මේගන් කියලා කෙනෙක්ව. මේගන් ටත් පුංචි බබෙක් ඉන්නවා, ඒ ගෑණු ළමයෙක්. නෙඩ් එයා එක්ක කතා කලාම තහවුරු කර ගන්නවා ඒ ළමයත් රොබට් ගෙ අවජාතකයෙක් කියලා..
මේක ඇත්තටම ප්‍රශ්නයක්නෙ.. ඇයි ඇරින් රොබට් ගෙ අවජාතකයො බලන්න ගියේ, නෙඩ් මේක අහනවා බේලිශ් ගෙන්. එයා කියන්නෙ ඉත්ං දන්නෙ නෙ කියලා තමා. ඒත් ආයෙ කියනවා සමහරවිට රොබට් ට ඒ ළමයි ගැන හොයලා බලන්න හිතෙන්න ඇතිලු.. ඒකයිලු ඇරින් එන්න ඇත්තෙ.

එතනින් ඒ වැඩේ ඉවර කරගෙන එලියට බහිද්දි, මෙන්න ජේමි එනවා කට්ටියකුත් අරගෙන. ඒ කියන්නෙ ජේමි ට ආරංචි වෙලා ටිරියන් ට උන දේ ගැන..  ජේමි නෙඩ් ට තරජනය කරනවා මරණවා කියලා, ඒත් නෙඩ් කියන්නෙ එයාව මැරුවොත් අනෙක් පැත්තට ටිරියන් නුත් මැරෙයි කියලා. එපාර ඉතිං එතන මරා ගන්න පටන් ගන්නවා. නෙඩ් ගෙ ආරක්ශකයො දෙන්නෙක් මැරෙනවා. ඒ නිසා නෙඩ් නුයි ජෝරියි ගිහින් ලැනිස්ටර් ලගෙ අය ක් ඉවර කරනව, ඊලඟට ජෝරි යනව ජේමි ලඟට නෙඩ් වෙනුවට. එතන වැඩි යමක් කරගන්න වෙන්නෙ නෑ. ජේමි කිරිච්චියක් ජෝරි ගෙ ඇහැ හරහා යවනවා.


ඊලඟට නෙඩ් පැටලෙනවා ජේමි එක්ක.. නෙඩ් ගෙ දක්ශකම් එක්ක ජේමි ට හැරෙන්න වත් බෑ. මේකෙ අස්සෙදි ජේමි ගෙ කෙනෙක්  හෙල්ලකින් නෙඩ් ගෙ කකුලකට ඇනලා තුවාල කරනවා. නෙඩ් වැටෙනවා.. ඒත් මේකෙන් ජේමි ට කේන්ති ගිහින් අර සෙබළා ව තල්ලු කරලා දානවා.. එයා යන්න යනවා කෑ ගගහා එයාගෙ මල්ලිව කොහොම හරි ආයෙ ඕනෙ කියලා.



No comments:

Post a Comment