වින්ටර්ෆෙල් වල
බ්‍රැන් දකිනවා තිනෙත් රේවන් කෙනෙක් බිම්ගෙයි දොර ලඟ වෘක රූපෙ උඩ ඉන්නවා, එයා ඒ රේවන් ගෙ පස්සෙන් යද්දි රේවන් බිම්ගෙට යනවා. බ්‍රැන් ට ඇහැරෙනවා. ඒක හීනයක්. ඒත් එක්කම වගේ තියොන් ඇවිත් කතා කරනව බ්‍රැන් ට එලියට ය්න්න ඕනෙ කියලා... බ්‍රැන් ව එක්ක උස්සගෙන යන්න කතා කරන්නෙ හෝඩොර් ට... රොබ් කියනවක නිශාචර සුරැකුම් බලකායෙ ඉඳන් එන ඕනෙ කෙනෙක්ට හොඳම ආගන්තුක සත්කාර දෙන බව වගෙම, හෙමීට අඟවනවා ටිරියන් ඒ සත්කාර විඳින්න තරම් සුදුසු නැති බව.
බ්‍රැන් උත් එතනට එනවා.. ටිරියන් ට බ්‍රැන් ව දැක්කම පුදුම හිතෙනවා.. එයාව උස්සගෙනනෙ එන්නෙ. බ්‍රැන් ගෙන් අහනවා අශ්වයො පදින්න කැමතිද කියලා, බ්‍රැන් කියනවා ඔව් ඉස්සර නම් ආසවෙන් ඉඳියා මෙහෙම වෙන්න කලින් කියලා. "අහ් දැං උනත් ඔයාට පදින්න පුළුවන්, අබ්බගාත උන එක ගැන හිතන්න එපා, මෙන්න මේ විදියට සෑදලයක් හදා ගත්තම ඔයාට අශ්වායාගෙ පිටෙ නගින්න විතර්යි තියෙන්නෙ" කියලා සෑදලේක සැලසුමක් ටිරියන් බ්‍රැන් ගෙ අතට දෙනවා..
ඊට පස්සෙ රොබ් අහනවා, මොකක්ද මේ වැඩේ හදිසියෙම මෙහෙම කරුණාවක් පහල වෙන්නෙ ඔයාගෙ තවත් මොකක් හරි කපටිකමක්ද කියලා.. එතකොට ටිරියන් "නෑ.. මගේ හිතේ මෘදු දේවල් තියෙනවා අබ්බගාතයන්, අවජාතකයන් වගෙම අබලි වෙච්ච දේවල් වෙනුවෙන් වෙන වෙනම"
රොබ් කියනවා හොඳයි මෙහේ නවතින්න එහෙනම් කියලා. ඒත් ටිරියන් කියන්නෙ නෑ මං වැඩිය කැමතියි නගරෙන් පිට තියෙන ගණිකා මඩමක ඉන්න කියලා. එහෙම කියලා යන්න පිටත් වෙද්දි එලියෙදි හම්බ වෙනවා තියොන් ව. එතනදි කැටලින් ආර්යාව පේන්න නැති එක ගැන ඇහුවත් තියොන් හරි උත්තරයක් ටිරියන් ට දෙන්නෙ උනෑ...., එතකොට ටිරියන් නෝනියට වගේ කියනවා බේලන් ග්රේජොය් ගෙ ඉතිරි උන එකම පුතා දැං එයාලගෙම හතුරන්ගෙ සේවකයෙක් නේද කියලා. ඒකෙන් තියොන් ගෙ මූණ හොඳ නැති වෙනවා.
මේ අතරෙ ප්‍රාකාරෙදි
ජොන් ට මේ ගැන කේන්ති යනවා.. ඒ නිසා එයා අර කෙනාව නැගිට්ටවන්න යනවා.. ඒත් ඒකෙන් සෙර් ඇලිසර් කේන්ති ගන්නවා. ඒ නිසා කියනවා අනෙක් 3 දෙනාටම ජොන් එක්ක ගහ ගන්න කියලා.. ඒකෙන් පළක් වෙන්නෙ නෑ. ජොන් 3 දෙනාටම ගහලා බිම දානවා.. ඒත් කවුද මේ අලුතෙන් ආව කෙනා. ඒ තමයි සෑම්. සෑම්වෙල් ටාලි. ඇලිසර් ට නම් "ඌරා".. සෑම් එයාටම කියා ගන්නවා එයා බය ගුල්ලෙක් කියලා.
ජොන් ප්‍රාකාරෙ මුදුනෙ රෑ ඉනෙද්දි එතනට සෑම් වෙවුල වෙවුල එනවා. සෙර් ඇලිසර් සෑම් ව එවන්නෙ ජොන් ගෙ සහකාරයා විදියට. සෑම් කියනවා එයාඋස තැන් වලට බයයි කියලා. "ඔයා උස තැන් වලට බයයි, සීතල දරන්න බෑ, ගහගන්නත් බෑ... එහෙම තියෙද්දි මොන එකකට ඔයා මෙහේ ආවෙ" ජොන් අහනවා... සෑම් කියනවා එයාගෙ 18 වෙනි උප්නදිනේ දවසෙ තාත්තා කීවලු, ටාලි පවුලෙ උරුමක්කරයා සෑම් උනත් එයා එකට ගැලපෙන්නෙ නෑ, ඒකට ඇති වෙන්න සුදුසුකම් නෑ එයාට ඒ නිසා ඔයා නිශාරචර සුරැකුම් බලකායට බැඳෙන්න එහෙම බැරිනම් ම්න් ඔයාව කැලේ හ්දිසි ගමනක් යවලා මැරෙන්න සලස්වනවා. ඒතකොට ඔයා හදිසි අනතුරකින් මැරුණා කියන්න පුළුවන් නිසා කියලා.
කොහොමින් හරි පස්සෙ, ජොන් අනෙක් අයට කියනවා ආයෙ පුහුණුවිම් කරද්දි අපි කවුරුවත් සෑම් ට කරදර කරන්නෙ නෑ කියලා.. ඒත් රාස්ට් විතරක් අකමැතීඉ "ඊලඟ වතාවෙ ම්න් ඔය ගැණු ඌරව කීතු කීතු කරනවා" කියලයි කියන්නෙ.. රාස්ට් කියන දේ ඇහුවෙ නෑනෙ.. රෑ හැමොමෙ නිදා ගත්තම ජොන් ගෝස්ට් ව එක්කගෙන ගිහින් රාස්ට් ට තර්ජනය කරනවා ආයෙ සැම් ට කරදර කරන්න එපා කියලා.
ඊලඟ දවසෙ කවුරුවත් සෑම් ට කරදරෙ කරන්නෙ නෑ. සෙර් ඇලිසර් දැනගන්නවා මේක කලෙ ජොන් කියලා. ඉතින් ජොන් ට බනිනවා.. ඊට පස්සේ..
සෑම් ජොන් එක්ක මේස අස් කර කර කතා කරනවා ඒ අයගෙ විස්තර. ඒ දෙන්නම මේ වෙනකල් ගෑණු කෙනෙක් එක්ක ඉඳපු නැති එක ගැන.. ජොන් කියන්නෙ එයාට ගෑණු කෙනෙක් එක්ක ඉන්න බැරි වුන හේතුව එයා ස්නෝ කෙනෙක් එහෙම නත්නම් අවජාතකයෙක් නිසා කියලා.. එයා බය උනාලු හදිසියෙවත් ගෑණු කෙනා ගැබ් ගත්තඔත් ඒ උපදින ළමයත් ස්නෝ කෙනෙක් වෙනවනෙ, ඉතිං තවත් ළමයෙකුට ස්නෝ කෙනෙක්ගෙ ජීවතයක් දෙන්න එයාට ඕනෙ නැති නිසා කියලා.
පටු මුහුදෙන් එහා ඩොත්රැකියන් අතර
කාල් ඩ්‍රෝගෝ ගෙ කලසාර් එක වේස් ඩොත්රැක් කියන නගරයට ලඟා වෙනවා. සේර් ජෝරා කියන්නෙ ඒ අශ්ව හිමියන්ගෙ බිම කියලා. විසේරිස් ගෙ නම් මූණ හොඳ නෑ, එයා තරහෙන් කියන්නෙ තමන්ගෙ හමුදාව ඩ්‍රෝගෝ වැරදි පැත්ත්කට ගෙනියන්නෙ කියලා.
ඊලඟට විසේරිස් ඩොරිහ් එක්ක සුහද හමුවක් තියෙනවා. ඔව් සුහද හමුවක් මකරු ගැන කතා කරන බාත් ටබ් එකක ඉඳන්.
පස්සෙ කලීසි එයාගෙ අයියා විසේරිස් ට රෑ කෑමක් සූදානම් කරලා ඩෝරිහ් ගෙ අතෙ පණිවිඩේ යවනවා එන්න කියලා. ඒත් මේකෙන් විසේරිස් කේන්ති අරගෙන ඇවිත් කලීසි එක්ක රන්ඩු වෙනවා මට අණ දෙන්න ලේස්ති වෙන්න එපා කියලා. කලීසි එයාට සූදානම් කරලා තිබුණ කෑම, ඇඳුම් සේරම විසිකරනවා.. ඒත් මේ පෙරෙතයා තවම ඉන්නෙ පෙන්ටෝස් වල ඇඳගෙන ඉඳපු ඇඳුමෙන්මයි. විසේරිස් "උඹ හදන්නෙ මේ ඩොත්රැකි ඉලව්වක් අන්ඳලා මාවත් ඩොත්රැකියෙක් කරන්නද?.. ඒ මදිවට ඊලඟට උඹ මගේ කොණ්ඩෙත් ගොතාවි උන් එකෙක්ම වගේ "
කලීසි "පිස්සුද? තමුසෙගෙ කොණ්ඩෙ ගොතන්න තමුසෙ යුද වීරයෙක් වෙන්න එපැයි. තමුසෙට එහෙම එකක් නෑනෙ"
ඔන්න පෙරළගෙන මරා ගන්නවා කලීසියි විසේරිස් නු, "උඹ අශ්වයො අයිතික්කාරයෙක්ගෙ නිකම්ම ගෑණියෙක් විතරයි" ... ඒත් එක්කම විසේරිස් ට මදි නොකියන්න පාරක් වදිනවා කලීසිගෙන්.. කලීසි කියන්නෙ "මමයි කාල් ගෙ බිරිඳ, මගේ බඩෙයි කාල්ගෙ දරුවා ඉන්නෙ. .. තව එක සැරයක් හරි මට අත ඉස්සුවොත් ඒ අත උස්සන අන්තිම වතාව වේවි"
කින්ග්ස් ලෑන්ඩින් වලදී
සෙප්ටා මොර්ඩෙන් එක්ක සන්සා කතා කර කර සිංහාසනාගරය පැත්තට යනවා. කතා කරන්නෙ සන්සාගෙයි ජොෆ්රි ගෙයි අනාගතේ කොහොම වෙයිද, කවදා හරි සන්සාගෙ දරුවෙක් මෙතන මේ සිංහාසනේ ඉඳියි නේද කියලා.. ඒත් සන්සා හරස් වෙනවා, එයා අහනවා මට හැමෝමව දුවලම විතරක් ලැබුනොත් හැම කෙනෙක්ම මට වෛර කරාවිනෙ උරුමක්කාරයෙක් දුන්නෙ නැති නිසා එතකොට ඊට පස්සෙ රජතුමා කවුරු වෙයිද..එතකොට සෙප්ටා කියනවා එහෙම උනොත් ඊලඟ කෙනා ජොෆ්රි ගෙ මල්ලි ටොමෙන් වේවි...
කුඩා කවුන්සිලේදි නෙඩ් දැනගන්නවා රජතුමා මේ ලෑස්ති කරලා තියෙන උත්සවේ නිසා හතර වටේම ප්‍රෂ්ණ බව. නෙඩ් හෙම්බත් වෙලා වගේ.. ඒත් කරන්න දෙයක් නැහැනෙ... දැනටම මුළු නගරෙම සෙනග පිරිලා නිසා ඊයෙ තැබෑරුම ලඟ කෝලාහලේකුයි, ගණිකා මඩමෙ ගින්නකුයි, පිහි ඇනුම් 3ක් වගෙම පහල වීථියේ වේගෙන් අශ්වයෙක් පැදලා අනතුරකුත් වෙලා කියලා ජනොස් ස්ලින්ට් පණිවිඩයක් අරන් එනවා. ඒත් එයා කියන්නෙ මේ තත්වෙ පාලනේ කරන්නෙ එයාගෙ ලඟ ඉන්න මිනිස්සු මදි කියලයි. එපාර නෙඩ් තව අළුත් අය 50කුත් ඊට අමතරව එයගෙ පෞද්ගලික ආරක්ශකයන්ගෙන් 20කුත් දෙන්නම් කියලා පොරොන්දු වෙනවා.
හැමෝම කුඩා කවුන්සිලෙන් විසිර යනවා. ඒත් නෙඩ් මේස්ටර් පයිසෙල් ට කියනවා එයා එක්ක කතා කරන්න ඔනේ බව. ඒ කතාව තමා ජොන් ඇරින් ගෙ අවසාන කාලෙ ගැන. නෙඩ් ට ඕනෙ ඇරින් ගෙ අන්තිම කාලෙ ගෙවුන හැටි, එයා වැඩිපුර අවදානයක් දීපු දේවල් ගැන හොයන්න... පයිසෙල් කියනවා ඇරින් අන්තිමට හෙව්වෙ එක පොතක් ගැන එ අවගෙම අන්තිම කාලෙ වැඩියම වගේ එයාගෙ කටේ තිබුණෙ "වංශය ශක්තිමත්"
ඉන් පස්සෙ නෙඩ් පොතත් අරගෙන එද්දි මගදි ආර්යා ව හම්බවෙනවා එයා තනියම පුහුණුවීම් කරනවා. ආර්යා තාත්තගෙන් අහනවා දැන් බ්‍රැන් ඇහැරලා නිසා එයාට මෙහේ එන්න පුළුවන් නේද කියලා. ඒත් නෙඩ් කියන්නෙ බ්‍රැන් තව සනීප වෙන්න ඔනෙ කියලයි...ආර්යා අහනවා "බ්‍රැන්ට ඕනෙ උනේ කින්ග්ස්ගාඩ් වල නයිට් කෙනෙක් වෙන්න, ඒත් දැන් එයාට බෑනෙ කියලා.. නෙඩ් කියනවා එහෙම නැති වුනාට එයාට දක්ශයෙක් වෙන්න පුළුවන්, හොල්ඩ්ෆාස්ට් වල වංශාදිපති වෙන්න හරි, කවුන්සිලේ කෙනෙක් හරි වෙන්න පුළුවන් නේද කියනවා. එතකොටම ආර්යා අහනව ඇයි මට හෝල්ඩ්ෆාස්ට් යන්න බෑද කියලා.. "නෑ ආර්යා.., ඔයා කවදා හරි වංශාධිපති කෙනෙක් ව බඳිනවා, එතකොට ඔයාට එයා එක්ක පාලනේ කරන්න පුළුවන්"... ඒත් ආර්යා "නෑ ඒ මම නෙමේ" කියලා ආයෙම එයා කර කර ඉඳපු වැඩේට යනවා.
බේලිශ් නෙඩ් ව හමබ වෙනවා. බේලිශ් නෙඩ් ගෙන් අහනවා එයා වේල් වල හියු දන්නවද අන්න එයා ඇරින් ගෙ ආරක්ශකයෙක් ඒත් හැබැයි එයා ඇරින් මැරුන ගමන්ම වගේ නයිට් කෙනෙක් උනා කියලා. අන්න එයා ගැන බලන්න වගෙම නගරෙ තියෙනෙ කම්මල ගැනත් පොඩ්ඩක් බලන්න කියනවා. මොකද ඇරින් ගෙ අන්තිම කාලෙ එයා නිතරම ඒ කම්මලට ගියා කියනවා..
ඉතිං මේවත් එක්ක නෙඩ් හිතන්වා එයා මුලින් බේලිශ් ව විශ්වස නොකරපු එක හොඳ මදි.., තමන් හිතුවට වඩා බේලිශ් විශ්වාසයි කියලා හිතවා.. ඒත් බේලිශ් කියනවා නෑ එහෙම නෙමෙයි මං මේ ඔයාට උදව් කරන්නෙ කැටලින් නිසා ඇරත් ඔයා මෙහේ ඉන්න කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා.. මේ හැම තැනම හැම කෙනෙක්ගෙම ඔත්තුකාරයෝ ඉන්නවා කියනවා
ඊට පස්සෙ නෙඩ් එයාගෙ කෙනෙක් වුන ජෝරි කැසෙල් ව හියු ව හම්බ වෙන්න යැව්වත් හියු ජෝරි එක්ක කතා කරන එක ප්‍රතික්ශේප කරනවනෙ. එහෙම්ම වගේ නෙඩ් ජෝරි එක්ක යනවා අර කිව්ව කම්මල පැත්තෙ.. ඒ ගිහින් කම්මල් අයිතිකාරයා ඒ කියන්නෙ ටොබෝ මොට් එක්ක කතා කරනවා ඇරින් එහේ ආපු ගියපු එක ගැන. එතකොට දැනගන්නවා ඇරින් ආවෙ කම්මලේ ඉඳපු කොල්ලෙක් ව හම්බ වෙන්න කියලා. ඒ කොල්ලා තමා ගෙන්ඩ්‍රි. ඉතිං නෙඩ් නුත් ඒ කොල්ලව හම්බ වෙලා කතා කරන්න ගන්නවා ඇරින් ඇවිත් එයාගෙන් අහපු දේවල් ගැන.. එයාගෙ අම්මා ගැන, අම්ම මොන වගේද කියන ඒවා තමා ඇරින් අහලා තියෙන්නෙ.... ගෙන්ඩ්‍රි ගෙ අම්මගෙ කොන්ඩෙ කහ පාටයිලු... ටිකක් කතා කරද්දි නෙඩ් ට තේරෙනවා ගෙන්ඩ්‍රි රොබට් රජතුමාගෙ අවජාතකයෙක් කියලා.
පස්සෙ නෙඩ් ජෝරි ගෙ අතේම රොබට් රජතුමාට පණිවිඩ්යක් යවනවා කොලේක ලියපු එකක්. ඒ යද්දි ජරතුමාගෙ කාමරේ ඇතුලෙන් ගෑණු ගොඩක් හයියෙන් කෑ ගහන හිනා වෙන සද්දෙත් ඇහෙනවා. කාමරේ දොර නම් වහලා ඒත් එතන එවෙලෙ රාජකාරි ඉඳියෙ ජේමි. ජේමි ගොඩක් තරහෙන් ඉඳියෙ. එයා කියනවා රොබට් මේ අමන වැඩේ කරන්නෙම එයා රාජකාරි කරන වෙලාවටලු. ඒ එයාගෙ නංගි සර්සි ට අපහාස කරන්න ඕනෙ නිසාලු. ජෝරි අහනවා ජේමි ගෙන් අර ගෙනාපු පණිවිඩේ ගන්නවද කියලා.. ජේමි "නෑ එපා.. ම්ං වැඩ කරන්නෙ නෙඩ් ස්ටාක් ට නෙමෙයි"
තරඟාවිලිය පටන් අරගෙන ජරතුමා, රැජින එයාළගෙ ළමයි ටික, සර්සි, ආර්යා, සන්සා හැමෝම ඒක බලන්න ඇවිත්.. සන්සා ජොෆ්රි දිහා බැලුවත් ඒකා නපුරු විදියට අහක බලා ගන්නවා.. එතකොටම වගේ එතනට බේලිශ් එනවා "අහ් පෙම්වතුන්ගෙ වලියක් නේද" අහගෙන... ජරා ඒ වෙනකොටත් හොඳටම බීලා "ඔය තරඟෙ දැං වත් පටන් ගන්නවා ඔය ඉලව් ගෞරව නවත්තලා, මට බලං ඉඳලා ඇති වෙලා" ..
පළවෙනි තරඟෙ වේල් වල හියු එක්ක සෙර් ග්‍රෙගර් ක්ලේගන්... වට දෙකක් යන්නත් කලින් ග්‍රේගර් හියු ව ඉවර කරනවා.. ඒ අතරෙදි බේලිශ් සන්සා ට කියලා දෙනවා අයියාගෙයි මල්ලිගෙයි කතාව.. ඒ ජොෆ්රි ගෙ ආරක්ශක සෙර් සැන්ඩොර් ක්ලේගන් ගෙයි, සෙර් ග්‍රෙගර් ක්ලේගන් ගෙයි කතාව. ඒ දෙන්න පොඩි කාලෙ ග්‍රේගර් සැන්ඩොර් ගේ මූණ ගිණි අඟුරු ගොඩකට අල්ලලා තියන් ඉඳපු කතාව.
ඊට පස්සෙ සර්සි නෙඩ් ව හම්බ වෙන්න එයාගෙ කුටියට එනවා. ඇවිත් කතාව පටන් ගන්නවා ඔයා වෙනුවෙන් සූදානම් කරපු උත්සවේ ඔයා ඉඳියෙ නෑ නේද කියන එක ගැන.. ඒත් එක්කම කතාව හරවනවා රජවීථියේදි උන සිද්දිය ගැන.... මහ උද්දච්ච විදියට කතා කරන්නෙත්.
මේ අතරෙදි රිවර්ලන්ඩ්ස් වල
කැටලින් ස්ටාක්, සෙර් රොඩ්රික් කැසෙල් එක්ක ආයෙ වින්ටර්ෆෙල් යනින් ගමන් මගදි පොඩ්ඩක් තානයමක නවතිනවා. හැබැයි කාටවත් අඳුන ගන්න බැරි විදියටයි කැටලින් ඉන්නෙ. මේ අතරෙදි ඒ තානායමටම රිංගනවා කොටා ටිරියන් නුත්. ඒකෙ ඉන්න ඉඩ නෑ කියලා අයිතිකාරයා කියද්දිත් එන්නෙ..ඔන්න බ්‍රොන් හම්බෙනවා එතනදි. බ්‍රොන් එයාගෙ කාමරෙන් ඉඩක් දෙන්නම්ලු ටිරියන් ට. ඒ ඇවිත් දකිනවා කැටලින් ආර්යාව ඉන්න බව, පුදුම වෙනවා එයා. ඒ වගෙම හයියෙන් හැමෝටම ඇහෙන්න කියනවා කැටලින් ආර්යාවනි ඔබව මෙහෙදි හම්බවුන එක පුදුමයක් කියලා.. ඒ එක්කම කැටලින් නැගිටලා මූන වහන් ඉඳපු වේල් එක අයින් කරනවා, ඊලන්ගට ටිරියන් ව තවත් පුදුම කරවල එතන ඉන්න ගොඩක් අයගෙ නම් වලින් කතා කරලා එ අයට කියනවා ටිරියන් එයාගෙ පුතාව මරන්න හදපු බව.. ඒ නිසා ටිරියන් ව අල්ල ගන්න උදව් කරන්න කියලා කියනවා.

No comments:
Post a Comment