Sunday, July 24, 2016

වංශාධිපති ස්නෝ - Lord Snow 3

කින්ග්ස් ලෑන්ඩින් වල

නෙඩ් ස්ටාක් තමන්ගෙ අය එක්ක කින්ග්ස් ලෑන්ඩින් වලට ඇතුළු වෙනවත් එක්කම වගේ  එයාට පණිවිඩයක් ලැබෙනවා රජතුමාගෙ කුඩා කවුන්සිලේ රැස්වීමකට එන්න කියල. ඒ යද්දි නෙඩ් ට සිංහාසන මැදිරියේදි ජේමි ව හම්බවෙනවා. නෙඩ් ජේමි එක්ක එච්චර හිත හොඳකින් නෙමෙයි ඉන්නෙ පිස්සු රජාව මැරුවට, පිස්සු රජා නෙඩ්ගෙ තාත්තාවයි, අයියා වයි මැරුවා උනත් ජේමි පිස්සු රජා මරපු එක හොඳ දෙයක් නෙමේ කියලයි නෙඩ් කියන්නෙ.නෙඩ් ස්ටාක් තමන්ගෙ අය එක්ක කින්ග්ස් ලෑන්ඩින් වලට ඇතුළු වෙනවත් එක්කම වගේ  එයාට පණිවිඩයක් ලැබෙනවා රජතුමාගෙ කුඩා කවුන්සිලේ රැස්වීමකට එන්න කියල. ඒ යද්දි නෙඩ් ට සිංහාසන මැදිරියේදි ජේමි ව හම්බවෙනවා. නෙඩ් ජේමි එක්ක එච්චර හිත හොඳකින් නෙමෙයි ඉන්නෙ පිස්සු රජාව මැරුවට, පිස්සු රජා නෙඩ්ගෙ තාත්තාවයි, අයියා වයි මැරුවා උනත් ජේමි පිස්සු රජා මරපු එක හොඳ දෙයක් නෙමේ කියලයි නෙඩ් කියන්නෙ.

නෙඩ් ඊලඟට කවුන්සිල් සාමජිකයන්ව හම්බ වෙනවා. එතන රජතුමාගෙ භාණ්ඩාගරික වෙච්ච පෙට්යර් බේලිශ්, මේස්ටර් පයිසෙල්, රජතුමාගෙ බුද්ධි අංශ භාර වාරිස් වගෙම රජතුමාගෙ බාල සහෝදරයා වුන රෙන්ලි බැරතියන්.

සර්සි ජොෆ්‍රි ට පෙන්නලා දෙනවා උතුර අල්ල ගන්න එක හිතන තරම් ලේසි නෑ. ඒකට රජු සෑහෙන්න දක්ශ වෙන්න ඕනෙ කියලා. ඒ වගේම එයා එක්ක විවාහා ගිවිසගෙන ඉන්න සන්සා ට  තව හොඳින් ඉන්න ප්‍රෂ්න ඇති වෙන්න නොදී.. ඒ වගෙම ජොෆ්‍රි ට තදටම කියනවා "අපේ නොවෙන හැම කෙනෙක්ම හතුරො"

සන්සායි ආර්යායි දෙන්නා තවමත් මූණ එල්ලගෙන ඉන්නෙ කලින් උන ජොෆ්‍රි ගෙයි ඩයවුල්ෆ් ගෙයි සිදුවීමට. ආර්යා තරහා වෙලා ගිහින් ඉද්දි නෙඩ් ඇවිත් ආර්යාව හම්බෙලා කියනවා සන්සා ජොෆ්‍රි වරදක් කරලත් සන්සා ට ජොෆ්‍රි ගෙ පැත්ත ගන්න වෙනවා මොකද කවදාහරි එයාගෙ සැමියා වෙන්නෙ ජොෆ්‍රි නිසා කියලා... ඒ වගෙම කියනව අපි මෙ ඇවිත් ඉන්නෙ භයානක තැනකට තව කොයි වෙලේ හරි ශීත කාලය එනවා ඒක ආවම හැමොමේ තම තමන්ව ආරක්ශා කර ගන්න ඕනෙ, ඒ නිසා සන්සා එක්ක තරහා වෙන්න එපා කියනවා. ඒත් ඒ කතා වලින් ආර්යාගෙ හිත හදන්න ලැබෙන්න නැති නිසා නෙඩ් ආර්යාගෙ කඩුව අරන් පොඩ්ඩක් සෙල්ලම් කරලා ආර්යා ට කියනවා කඩුව පුහුණු වෙන්න කියලා.

කැටලින් ආර්යාව සෙර් රොඩ්‍රික් එක්ක කින්ග්ස් ලෑන්ඩින් වලට වැඩි සද්දයක් නැතුවම ඇතුල් වෙන්න උත්සාහා කලත් එයාව බේලිශ් ගෙ අය අඳුන ගන්නවා. ඒ අය කැටලින් ව බේලිශ් ගෙ ගණිකා මඩමකට එක්කගෙන යනවා බේලිශ් ව හම්බ වෙන්න. ඒ යද්දි වාරිස් නුත් ඉන්නෙ එතනයි. වාරිස් ගෙ පුංචි කුරුල්ලන්ගෙනුයි එයාට ආරංචිය ලැබෙන්නෙ එයා එන බව. කොහොම උනත් කැටලින් කේන්තියෙන් ඉන්නෙ මෙහෙම උන එක ගැන, වැඩියත්ම බේලිශ් තමන්ව මඩමකට ගෙන්න ගත්තු එක ගැන.., බේලිශ්
ඒකට සමාව ඉල්ලලා කියනවා කොහොම උනත් ඔයා බල පොරොත්තු උන ඩේ මේතනදි වෙනවනෙ. කිසි කෙනෙක්ට ඔයාව හොයන්න ලැබෙන්න නෑනෙ කියලා. ඊලඟට එයාල බ්‍රැන්ගෙ අනතුර ගැන කතා කරනවා.  එතනට කැටලින් අර ඝාතකයා ගෙනාපු කිරිච්චියත් ගෙනත් තියෙන්නෙ. වාරිස් ට කිරිච්චිය අඳුන ගන්න බැරි උනත් බේලිශ් ඒක අඳුන ගෙන කියනවා "සත් රාජධානියටම ඔයින් එකයි තියෙන්නෙ, ඕක පිරිසිඳු වැලිරියන් වලින් හදලා තියෙන්නෙත්, ඕකෙ කලින් අයිතිකාරයා මමයි. ඒත් ඔට්ටුවකදි මම ටිරියන් ලැනිස්ටර් ට පරාද වෙලා කිරිච්චිය ටිරියන් ට දෙන්න උනා"

කොහොමහරි ඉන් පස්සෙ බේලිශ් ගිහින් නෙඩ් ව මඩමට එක්කගෙන එනවා කැටලින් ව හම්බ වෙන්න. ඒත් නෙඩ් මුලින් විශ්වාස කරන්නෙ නෑ.. එය බේලිශ් ව මඩමෙ බිත්ටියකට තියලා අහන්නෙ "එපාර උබ නටන්න හදන නාඩගම මොකක්ද" කියලා.. එතකොටම වගේ ජනේලෙකින් ඔලුව දාල කැටලින් නෙඩ් ට කතා කරනවා. එතකොටයි නෙඩ් බේලිශ් ගෙ බෙල්ල අතරින්නෙ. කැටලින් නෙඩ් ට වෙච්ච සිදුවීම කිවම නෙඩ් පොරොන්දු වෙනව මේකෙ හැම දේම හොයාගෙන රොබට් රජතුමාට කියන්න, ඒ වගෙම එවෙලෙ බේලිශ් උත් පොරොන්දු වෙනවා නෙඩ් ට උදව් කරන්න කැටලින් වෙනුවෙන්.. කැටලින්ගෙයි බේලිශ් ගෙයි පොඩි කාලෙ යාළු කම වෙනුවෙන්.

ඊලඟට රේවන් කපුටෙක්, බ්‍රැන් ට සිහිය ලැබුණු ආරංචියත් අරගෙන කින්ග්ස් ලෑන්ඩින් වලට එනවා. මේක දැනගන්න සර්සි ගොඩක් කලබල වෙනවා බ්‍රැන් ඇත්තම කතාව එලි කරාවි කියලා.

නෙඩ් අසිපත් ගුරුවරයෙක්ව හොයා ගන්නවා ආර්යා වෙනුවෙන්. ඒ තමයි බ්‍රාවොස් වල සිරියො ෆොරෙල්. එයා ඉඳපු දක්ශම කෙනෙක්... ෆොරෙල් ව මතක තියා ගන්න. මෙතනින් තමා ෆොරෙල් කතාවට එන්නෙ. මට හිතෙන විදියෙ එක විශේශයක් තියෙනවා එයාගෙ. ඒක පස්සෙ කියන්නම්. (I really love his accent)


වින්ටර්ෆෙල් වල

මෙච්චර දවස් සිහි නැතිව ඉඳපු බ්‍රැන් ට සිහිය ඇවිත්.  ඒත් එයාට එයාගෙ අනතුර ගැන කිසිම මතකයක් නෑ. ඒ වගෙම එයාට තවත් ඇවිදින්න බැරි විදියට එයා අබ්බගාත වෙලා ඉවරයි.

මේ අතරෙ ප්‍රාකාරයේ

කාසල් බ්ලැක් වලට අළුතෙන් ආව හැමෝම එහේ තියෙන පුහුණුවීම් කොටුවෙ තම තමන්ගෙ හැකියාවන් පෙන්නන්න, කඩු සටක් හැකියා පරීක්ශා කරන්න ගත්තා සෙර් ඇලිසර් තොර්න් ගෙ අධීක්ශ්නය යටතෙ.. ජොන් ස්නෝ ත් එයාගෙ හැකියාවත් හොඳටම පෙන්නුවා. ඒත් සෙර් ඇලිසර් හැමෝගම පෙන්නපු දේවල් අප්‍රිය කළා වගෙම ජොන් ගෙ හැකියාවන් ගැන උනත් මොකුත් කීවෙ නෑ.. එයා ජොන් ට කීවෙ එතන ඉන්න අයගෙන් අඩුම ප්‍රයෝජනයක් නැති කෙනා කියලා.. ඒ වගෙම අවඤා සහගත විදියට ස්නෝ උතුමානන් කියලයි ජ්න් ට කතා කලෙත්.

ටිරියන් මේ සිද්දිය අණදෙන ප්‍රධානි ජෝ මොර්මොන්ට් එක්ක බලා ගෙන ඉනෙද්දි එයා පැහැදිලිවම දැක්කා සෙර් තෝර්න් ගෙ අමුතු දේවල්.. ඒත් අණදෙන ප්‍රධානී තුමාට නම් ඒක ගානක් වුණ බවක් පේන්න නෑ. එයාට ඕනෙ සෙර් ඇලිසර් මේ අලුතෙන් එක්කන් ආව අයව පැනලා යන්න නොදී නිශාxහර බලකායෙ සැබෑ මිනිසුන් කරවන්න.

ප්‍රාකාරෙ මුදුනෙදි බෙන්ජන් ස්ටාක් ජොන් ව හම්බ වෙන්න යනවා එයා හොලමන් කැලේ මුර සංචාරෙට පිටත් වෙනවා කියලා කියන්න. ජොන් තවම ඒ වගේ ගමනකට සූදානම් නැති නිසා එයාව එක්කගෙන යන්න බෑ කියනවා. එයා ජොන් ට කියන්නෙ මෙහේ ඉන්න කියලා.. අපි ආයෙ හම්බුනාම කතා කරමු කියලා එයා යන්න යනවා.. ඔන්න මේ අවජාතක පුතාට තවත් කෙනෙක් බලා පොරොත්තුවක් දුන්නා හම්බුනාම කතා කරමු කියලා.

ඒ එනින් ගමන් බෙන්ජන් ට යොරෙන් වයි, ටිරියන් වයි හම්බ වෙනවා කෑම කන ශාලාවෙදි. ඔන්න යොරෙන් මුලින්ම හම්බෙන්නෙ මෙතන. මතක තියා ගන්න යොරෙන්ව.. යොරෙන් කියන්නෙ නිශාචර සුරැකුම් බලකායට අලුත් අයව හොයලා ගෙනත්  දෙන කෙනා.

එතනින් පස්සෙ ටිරියන් අණදෙනි ප්‍රධනී තුමයි, එයාගෙ උපදේශක වෙච්ච වයසක ඇස් පේන්නෙ නැති මේස්ටර් ඒමොන් එක්කයි කතා කරන්න යනව. ටිරියන් ව වික්ශිප්ත කරවන ගමන් එයාලා කියන්නෙ ස්ටාක්ස් ලගෙ කතාව ඇත්ත. ශීත කාලය එනවා. ධවල ඇවිදින්නන්ගෙ කතාවත් ඇත්ත. අපේ ශක්තීන් අඩු වීගෙනයි යන්නෙ දැං. ඒ නිසා ඔයාගෙ සහෝදරී සර්සී ගෙන් අපිට උදව් දෙන්න කියනවා.


කාසල් බ්ලැක් වල ඉඳන් කින්ග්ස් ලෑන්ඩින් යන්න කලින්, ටිරියන් එයාගෙ පොඩි කාලෙ ඉඳන් තිබ්බ ආසව
ඉශ්ට කර ගන්නවා. ප්‍රාකාරෙ මුදුනටම නැගලා එහා පැත්තට ********







පටු මුහුදෙන් එහා

කලසාර් එකත් එක්ක යන ගමන් ජෝරා කලීසි ට ඩොත්‍රැකින් ගැන කියලා දෙනවා. කලීසි හිටි හැටියෙ කලසාර් එකට නවතින්න අණ කරනවා, මොකද එයාට ඕනෙ වෙනවා එයාට ලැබිලා තියෙන බලේ ටිකක් ටෙස්ට් කරන්න. ඒත් ඒ හිතෙන්නෙත් අමාරුවෙන් යන සේවකයෙක්ට ගහනවා දැක්කට පස්සෙ. කලීසි අශ්වයගෙන් බැහැලා ඇවිදින්න ගියාම එතනට විසේරිස් කඩා පාත් වෙලා කලීසි ට බනිනව "උබ කවුද මට අණ දෙන්න," කියලා අහලා තර්ජනය කරනවා. ඒත් එතනට එන රකාරෝ, රකාරෝ කියන්නෙ ඩොත්‍රැකි යුධ විරුවෙක්.. එයා තොණ්ඩුවක් දාල විසේරිස් ව අල්ල ගන්නවා.


රකාරෝ අහනවා විසේරිස් මරන්නද කියාලා, ඒත් කලීසි ඒක ශේප් කරලා යන්න පටන් ගන්නවා ආයෙම. ඒ ගියාට පස්සෙ සේවිකාවක් හොයා ගන්නව කලීසි අම්මා කෙනෙක් වෙන්න යන බව. මේක දැන ගන්න ජෝරා හදිසියෙම එයාට ඛෝර් වලට පිටත් වෙන්න ඕනෙ කියලා යනවා බොහොම ඉක්මනින් කලසාර් එක්ක ආයෙම සම්බන්ධ වෙන බව කියලා
හම්මේ.. ඒ කොටස ඉවරයි...

No comments:

Post a Comment