Wednesday, July 27, 2016

රන් කිරුළ - A Golden Crown 6

කින්ග්ස්ලෑන්ඩින් වල

ජේමි එක්ක වෙච්ච දෙයින් පස්සෙ නෙඩ් ට තුවාල උනානෙ. දැං නෙඩ් එයාගෙ කාමරේ ඉන්නවා. එයාට සිහිය එනකොට එතන එයා දිහ බලාගෙන ඉන්නව රොබට් එක්ක සර්සි.. සිහි ආපු ගමන්ම වගේ සර්සි කඩා පනිනවා නෙඩ් ට තමුන් මොන හයිකටද මගේ අයට අත තිබ්බෙ, ඒ අස්සෙම නෙඩ් නුත් කෑ ගහනවා තමුන් ගෙ අය මොකටඩ මගේ අයව මැරුවෙ. ඕක අහන් ඉන්න බැරිම තැන රොබට් කෑ ගනවා "දැං ඇති ඔය මගුල් මරා ගැනිල්ල, කැටලින් ටිරියන් ව මෙහේ එවනව, ඊලඟ නෙඩ් ජේමි එක්ක සමාදාන වෙනව, එච්චරයි!".. ඒත් සර්සි ට ඒක ඔනෙ නෑ.. එය කෑ ගහනවා රොබට් ට තමුසෙ නම් ගෑණියෙක් වගේ.. ඔය සන්නාහෙ මට දීලා ඔහේ ගවුමක් ඇඬගන්නවා කියලා කෑ ගහනවා.. එහෙම කියලා අනෙක් පැත්තට රොබට් සර්සි ගෙ කම්මුලට ගහනවා.. සර්සි ට ඒක දැනිලා කියනවා "මං මේක හොඳට මතක තිය ගන්නම්"


Robert slaps cersei


රොබට්"අහ් ඔව් මතක තියා ගන්න්ව, සද්ද නැතුව.. නැත්නම් මගෙන් ඊලඟ පාර් ක්න්න්යි වෙන්නෙ" සර්සි එතනින් යන්න යනවා.

රොබට් ඊලඟට නෙඩ් එක්ක කතා කරනවා. එයාගෙ ජීවිතේ රජෙක් විදියට කළකිරිලා ඉන්න හැටි ගැන.. සර්සි ගෙ තාත්තා වෙච්ච ටයිවින් ට රාජ්‍යයෙන් බාගයක් ණය වෙලා ඉන්න එක ගැන.. ඒ වගෙම එයා එයාගෙ සහෝදරයන්ට කවදාවත් ආදරේ කරේ නැති එක ගැන, එයා තමන්ගෙ සහෝදරයා විදියට හිතාගෙන ඉන්නෙ නෙඩ් කියලා.. අන්තිමට රොබට් යන්න යනවා එයාට දඩයමේ යන්න ඕනෙ කියලා. ඒ යන්නෙ අර බැජ් එක නෙඩ් ට දීලා.. "ඕක ආයෙම අරගෙන මං ගියාට පස්සෙ සිංහාසෙන ඉඳගෙන වැඩ කරනවා.. තමුසෙ ඕක ගත්තෙ නැත්ත්නම් දෙය්යම්පා මං ඔය මළ ඉලව්ව අර ජේමි ට දීල දානවා".. "ස්ටාක් ලයි ලැනිස්ටර් ලයි මරා ගත්තා ඔය ඇති දැං.., තවත් මගුල් යුධ්දයක් තමා ඕකෙන් හැදෙන්නෙ"

ආයෙමත් ආර්යා සිරියෝ ෆොරෙල් එක්ක පුහුණුවක්.. ඒත් මේ වෙලාවෙ නම් ආර්යාට පුහුණු වෙන්න කිසිම උවමනාවක් නෑ.. එය කියනවා අද බෑ කියලා. ජෝරි මැරුණ එක ගැනයි, තාත්තට වෙච්ච දේයි නිසා එයාට බෑලු අද.. ඒත් සිරියො කියන්නෙ නෑ අද තමා ඒකට දවස කියලා.. මොකද ඔයා තනියම නිදහසේ ඉනෙද්දි නෙමෙයි යුද්ද කරන්න වෙන්නෙ,, මේ වගේ වෙලාවකදි තමා යුද්ධ එන්නෙ.. ඒ නිසා දැන් කරමු කියනවා...
"ඔයා දෙවියන්ට යාඤ්ඤා කරන්වද?"
"ඔව්.. පරණ වගේම අළුත් දෙවියන්ටත්"
"ඒත් ඉන්නෙ එක දෙවියයි.. ඒ තමා 'මරණය;".. ඒත් අපි මරනයට කියන්නෙ "අද නෙමේ"



රොබට් ජරා රෙන්ලි, සෙර් බැරිස්ටන් වගෙම ලාන්සෙල් එක්ක එයාගෙ දඩයම් සවාරියෙ යනවා.  ඒ යද්දිත් රොබට් බේබදු කමට බිබී යන්නෙ.. පිස්සු නට නට. එයා එක්ක  යහන්ගත වෙච්ච ගෑණු ගැන කිය කිය.. ඒත් මේ වීරකමට කියන කතා ගැන රෙන්ලිට කේන්ති යනවා.. එයා බණිනවා රොබට් ට. මේකෙන් රොබට් ට කේන්ති ගිහින් කෑ ගහන්න ගන්නවා.. රජා ට ඕනෙ මගුලක් කරගන්න කියලා රෙන්ලි එන්න එනවා.. බැරිස්ටනුයි ලාන්සෙල් නුයි ඉන්නවා.



මාළිගාවෙදි හමුවක් තියෙනවා, ඒකට ඇවිත් ඉන්නෙ රිවර්ලෑන්ඩ්ස් වල දුප්පත් මිනිස්සු ටිකක්. රැස්වීමට නොන්ඩි ගගහා නෙඩ් ඇවිත් ඉන්නවා බේලිශ්, මේස්ටර් පයිසෙල් එක්ක... ඒ දුප්පත් මිනිස්සු ගෙ ගම් විනාස කරපු එක ගැන තමා ඇවිත් කියන්නෙ.. විස්තර කියද්දි නෙඩ් තේරුම් ගන්නවා ඒ කියන්නෙ සෙර් ග්‍රෙගර් 'මවුන්ටන්' ගැන කියලා. නෙඩ් තීරණෙ කරනවා මේ මිනිස්සුන්ට සාධාරනයක් කරන්න ඕනෙ නිසා බෙරික් ඩොන්ඩාරියන් ව මිනිස්සු 100ක් එක්ක රිවර්ලන්ඩ්ස් යවන්න හදනවා.. මවුන්ටන් ගෙ ඇම තනතුරකින්ම එයාව අයින් කරලා, එයාගෙ දේපල නැති කරලා මවුන්ටන් ව මරන්න.. මේස්ටර් පයිසෙල් වත් බේලිශ් වත් ඒකට වැඩිය කැමති වෙන්නෙ නෑ. එයාලා කියන්නෙ රජතුමා එනකල් හිටියොත් හොඳයි නේද කියලා. ඒත් නෙඩ් හිතන්නෙ නෑ ඒ ගැන.




ජොෆ්‍රි යනවා සන්සාගෙන් සමාව ගන්න කලින් නපුරු වෙලා ඉඳියට.. ඒ ගිහින් සන්සා ට මාලයක් දීලා සමාව ඉල්ලනවා. (පෙරේතයා)






නෙඩ් එයාගෙ දුවලා දෙන්නට කියනවා එයාලගෙ ආරක්ශාව වෙනුවෙන් ආයෙම වින්ටර්ෆෙල් යන්න ලේස්ති වෙන්න කියලා. දෙන්නම බෑ කියනවා ආර්යාට සිරියො ගෙන් සටන් පුරුදු වෙන්නත්, සන්සා ට ජොෆ්‍රි ව දාලා යන්නත් බෑලු.. එයාට ජොෆ්‍රි එක්ක විවාහා වෙලා ලා පාට කොන්ඩෙ තියෙන ලමයි හදන්න ඕනෙලු (මගුලක් නේ ) නෙඩ් කියනවා නෑ ම්න් ඔයාට වෙන කෙනෙක් හොයලා දෙන්නම් කියලා, ඒත් මේ උද්දච්ච සන්සා ට අර පෙරේතයම ඕනෙලුනෙ. කොහොම උනත් නෙඩ් කියනවා යන්න ලේස්ති වෙන්න කියලා.. එය ආයෙම අර පරන පොත ඩිගෑරල බැරතියන් පෙළපත කියනවා.. මුල ඉඳන්ම හැම බැරතියන් කෙනෙක්ගෙම කොන්ඩෙ කළු පාටයි.. ඒත් ජොෆ්‍රි විතරක් වෙනස් වෙලා.. නෙඩ් ට තේරුම් යනවා වෙච්ච දේ.

මේ අතරෙදි වින්ටර්ෆෙල් වල


ආයෙමත් සැරයක් තිනෙත් රේවන් බිම්ගෙයි දොර ලඟ ඉඳලා බිම් ගේ ඇතුළටම පියාඹගෙන ගියා.. දිගටම ඒ පස්සෙ යන්න හැදුවත් බැරිඋනා.. තවත් හීනයක්. බ්‍රැන්ට ඇහැරුණා. ඇහැරෙද්දි ඇඳ ලඟ හෝඩොර් අර අළුත්ම විදියට හදපු සෑදලෙත් අරගෙන ඇවිත්.


ඒ හදපු එක පොඩ්ඩක් පැද්ලා බලන්න බ්‍රැන්, රොබ් තියොන් එක්ක යනවා.. බ්‍රැන් පදින අතරෙ තියොන් රොබ් ට කියනවා ඔයා යුධ්ධෙකට ලේස්ති වෙන්නලු. ඒත් රොබ් කියන්නෙ නෑ එහෙම නෙමෙයි, ඒකට කාලයක් එවි, එතකල් මං අම්මයි තාත්තයි කියන එක අහන්න ඕනෙලු. මෙ කතා කරලා වටපිට බලද්දි බ්‍රැන් හොයා ගන්න නෑ..
Bran caught by osha

බ්‍රැන් දන්නෙම නැතිව ටිකක් ඈතටම ගිහින්. මේන් එතන ඉඳලා එලියට පනිනවා 3 දෙනෙක්. වනචාරී 3 දෙනෙක්. එයාලා බ්‍රැන් ව අල්ල ගන්නයි හදන්නෙ. ඒත් රොබ් ඇවිත් එක්කෙනෙක් ව
මරනවා. අනෙක් එක්කෙනාව තියොන් මරනවා. අනිත් ගෑණු කෙනා විතරක් ඉතිරි වෙනවා. ඒ ඕශා. රොබ් තීරනේ කරනවා එයාව මරන්නෙ නැතිව අරන් යන්න.

අර තියොන් ගෙ ආසම කෙනා රෝස්.. අන්න එයා වින්ටර්ෆෙල් වලින් යන්න පිටත් වෙලා තියොන් ට මගදි හම්බ වෙනවා. තියොන් ඉන්න කිව්වට එයා නවතින්නෙ නෑ. එයා කියන්නෙ තව ටික කාලෙකින් මෙහේ යුධ්දෙ පටන් ගනී, එතකොට මට මොකුත් නැති වෙනවා ඒ නිසා මං නගරෙට යනවා කියලා.

වේල් වල
Tyrion and Mord

මේ වෙද්දි ටිරියන් ඉන්නෙ මුදුනෙ තියෙන එලිය පැත්තට විවෘත හිර කුටියකනෙ.. මේ ඉන්න අතරෙ ටිරියන් ට නින්ද ගිහින්. දන්නෙම නැතිව ගැට්ටටම රෝල් වෙලා ඇවිත් ඇහැරෙනව.. හම්මේ පල්ලෙහා දැක්කම ටිරියන්ට පිස්සු හැදෙන්නෙ නැතිව විතරයි. ටක් ගාල නැගිටලා දොර ලඟට නැගිටලා ගිහින් හිර කුටි බාරව ඉන්න මනුස්සය මෝඩ් කතා කරනවා.. මෝඩ් කේන්තියන් ඇතුළට ඇවිත් ටිරියන් ගහගෙන ගහගෙන යනවා බැන බැන. එතකොට ටිරියන් කියනවා අනේ මාව නිදහස් කරන්න, ම්න් නිදහස් කලොත් මං ඔයාට රත්තරං දෙන්නම්ලු.. ඒත් එවෙලෙ ලඟ නෑනෙ. ම්ම්හු ඉතිං ඒක හරියන්නෙ නෑ.


ආයෙමත් සැරයක් මෝඩ් ට කතා කරලා කියනවා එයා තමන්ගෙ අපරාධ හෙළි කරන්න කැමතී, ඒ නිසා ලයිසා ආර්යාවට ඒක කියන්නලු. ඔන්න ඒක හරි.. ශාලාවෙ හැමෝම පිරිලා ඉන්නවා. ලයිසා කියනවා දෙවියන්ට අවංකව ඔක්කොම අපරාධ එළි කරන්නලු.

"මං මහ නරක මිනිහෙක් මගේ ආර්යාවෙනි.. මට තෙරේන්නෙ නෑ මගේ අපරාධ කොහෙන් පටන් ගන්නද කියලා.. එච්චරටම ඒව ගණන් කරන්න වත් බෑ.. මං බොරු කියලා රවට්ටලා තියෙනවා, සූදු කෙළියා වගේම ගණිකාවො එක්කත් ඉඳියා.. මං ඇත්ත්ටම අපරාධ කරන්න දක්ශයෙක් නෙමෙයි.. ඒත් මට රිද්දන අයගෙන් නම් මං පළිගන්නව................"

මේකෙ ටිරියන් විකාර විතරයිනෙ කීවෙ, ඒ නිසා ලයිසාට කේන්ති ගිහින් කියනවාආයෙම හිර කරන්න කියලා කලින්ටත් වඩා පොඩි ලිස්සන කුටියක. එතකොට ටිරියන් අහන්නෙ මේකද සාධාරනේ කියන්නෙ.. මට නඩු විහාගයක් ඕනෙ කියනවා. ලයිසා කියනවා හා හොඳයි ඒත් නඩුව රොබින් අහන්නෙ ඊට පස්සෙ චන්ද්‍ර ද්වාරයෙන් ඔබ යාවි කියලා.. මෙක හරියන්නෙ නැති නිසා ටිරියන් ඉල්ලනවා එහෙනම් ද්වන්ධ සටනකඉන් තීරණේ කරමුලු.

ඒ ද්වන්ධ සටනට ලයිසා වෙනුවෙන් ගොඩක් අය ඉදිරිපත් උනත් ටිරියන් වෙනුවට කිසිම කෙනෙක් එන පාටක් නෑ,, අන්තිමට බ්‍රොන් එලියට එනවා. ලයිසා වෙනුවෙන් සෙර් වාදිස් ඒගන් නුත්, ටිරියන් වෙනුවෙන් බ්‍රොන් නුත් සටන් වදිනවා.. ඒක ඇත්ත්ටම හොඳ සටනක්. ඒත් අන්තිමේ බ්‍රොන් දිනනව. ඒගන් ව චන්ද්‍ර ද්වාරයෙන් පහලට අඩි සිය ගානක් ගොඩක් වෙලා වැටෙන්න තල්ලු කරලා ඒක ඉවර කරනවා. ටිරියන් නිදහස් වෙනවා.



පටු මුහුදෙන් එහා වේස් ඩොත්‍රැක් වල

ඩැනී තනියම එයගෙ ම්කර බිත්තර ටික බල බල ඉන්නවා.. එතකොට එයාට නිකමට හිතෙනවා ඒ බිත්තර ගින්දරේ තියලා බලන්න. එයා ඉතිං තියලා බලනව ගිණි අඟුරු ගොඩක. ටිකක් බිත්තරේ ගිනියම් වෙනකල් තියලා අතට ගනිද්දිම එතෙන්ට ඉයිරි එනවා.. එයා කලබල වෙනවා  ඩැනී රත් වෙච්ච එකක් අටහට ගත්තම. ඉයිරි ඒක අයින් කරන්න ගියාම එයාගෙ අත් පිච්චෙනවා.. ඒත් අච්චර වෙලා අතේ තියන් ඉඳලත් ඩැනී ට මොකුත් වෙලා නෑ. එයාට රස්නෙ දැනිලා වත් නෑ.

මේවගෙන් පස්සෙ තව දෙයක් වෙනවා.. ඒ තමා ඩැනී ට නිකම් පූජාවක් වගේ එකක්.. එක කූඩාරමක හැමෝම පිරිලා ඉන්නවා. මේක කරන්නෙ දෝශ් ඛාලෙන් එකෙන්.. එයාලා ගැන වෙනම බලන්න.. මෙතන ලියන්න ගියොත් දිග වැඩිවෙනවනෙ. ඩැනී ට හම්බ වෙනවා අශ්වයෙක්ගෙ හදවතක් කන්න. හැමෝම ඉස්සරහා එයාට මේක කන්න වෙනවා. ලේ බේරෙන අමු එකක්. ඒක ඩැනී අමාරුවෙන් කරන්නෙ, එයාට වමනෙ එන්න ආවත් අමාරුවෙන් කාල දානවා නොකරොත් එයාටයි කාල් ටයි හොඳ නැති නිසා.. කාල ඉවර වෙලා එයා කියනවා එයාගෙයි කාල්ගෙයි පුතාගෙ නම 'රේගෝ' කියලා.
එතන වෙන දේවල් එක්ක විසේරිස් ට තේරුම් යනවා ඒ හැම කෙනෙක්ම ඩැනී ට ආදරෙයි බව.

ටිකකින් බලද්දි විසේරිස් හොයා ගන්න නෑ.. ජෝරා යනවා එයා බලන්න. බලන්කොට මේකා ඩැනී ගෙ කූඩාරමට රිංගලා. ඩැනී ගෙ මකර බිත්තර හොරකම් කරන්න. ජෝරා කතා කලාම විසේරිස් කියන්නෙ ඩොත්‍රැකියො ඩැනී ට සලකන විදියට තමන්ට කවදාවත් කරලා නෑ.. ඒ නිසා මෙහෙන් හමුදාව ගන්න එක ගැන හිතන්න  අමරුයි.. මං මේ බිත්තර විකුණලා නැවකුයි, හමුදාවකුයි ගන්නවලු.. ඒත් ජෝරා ඉඩ දෙන්නෙ නෑ ඒකට. විසේරිස් බිත්තර ටික දාලා යනකල් යන්න දෙන්නෙ නෑ.

ආයෙම රෑ වේස් ඩොත්‍රැක් වල උත්සවයක්.. එතෙන්ට විසේරිස් කෑ ගහහා එනවා හොඳටම බීලා. ඇවිත් ඩැනී ට තර්ජනය කරනවා බඩට කඩුවෙ තුඩ තියාගෙන.. තරජනය කරනවා මට ඕනෙ දේ, මට පොරොන්දු උන ඔටුන්න මට ලැබුනෙ නෑ.. ඒ නිසා මේක කපලා ළමයව ඩ්‍රොගෝ ට දීලා ම්න් උබව අරන් යනවා කියලා තර්ජනය කරනවා. මේ කතා ඔක්කොම කාල් ට වෙන කෙනෙක් පරිවර්තනය කරලා දෙනවා. කාල්ට කේන්ති ගිහින් උඹට ඕනෙ දේ දෙන්නම් කියනවා.. ඊට පස්සෙ දෙන්නෙක් ඇවිත් විසේරිස් ව අල්ල ගත්තම කාල් එයාගෙ රත්තරන් ඉන පටිය මුට්ටියක දාල උනු කරනවා.. විසේරිස් එපා කියලා කෑ ගහද්දි ඒක ගෙනෙහින් ඔලුවට වක් කරනවා මෙන්න උබේ රන් ඔටුන්න කියලා..
විසේරිස් ඉවරයි. කලීසි "එයා මකරෙක් නෙමෙයි.. මකරෙක් ගින්නෙන් මරන්න බෑ"




No comments:

Post a Comment