Showing posts with label සීසන් 3. Show all posts
Showing posts with label සීසන් 3. Show all posts

Friday, September 23, 2016

අඳුරු පියාපත් හා නපුරු වදන් - Dark Wings Dark Words 2

අතරමග තැං වල

බ්‍රැන් ආයෙම හීන දකින්න අරගෙන. එයා දුන්නයි ඊතලෙයි මානගෙන යන ගමං දකිනවා අර තිනෙත් රේවන් ව ආයෙම සැරයක්. රේවන් ට විදින්න ඉලක්කෙ ගනිද්දි එයාට දැනෙනවා එයාලෙ ලඟ ජොන්, රොබ් ඉඳගෙන උපදෙස් දෙනවා. හීය විද්දත් ඒක වරදිනවා .. ඒ එක්කම ජොන් රොබ් මහ හයියෙන් හිනා වෙනවා ඇහෙනවා, ආයෙම සැරයක් රේවන් ට විදින්න ඉලක්කෙ ගනිද්දි මේ සැරේ පිටිපස්සේඳන් කතා කරන්නෙ වෙන පිරිමි ලමයෙක්. එයා බ්‍රැන් ට කියනවා කීයටවත් රේවන් ව මරන්න බෑලු, ඒ රේවන් බ්‍රැන් ම තමයිලු..  බ්‍රැන් ට ඇහැරෙද්දි ලඟ ඉන්නව සමර්, ශැගී ඩෝග් දෙන්නත් හෝඩොර් ඕශා ත්. ඕශා අහනවා ආයෙම හීන හැක්කද කියලා. බ්‍රැන් හීනෙ ගැන කියන හැදුවත් ඕශා ඒක වළක්වලා කියනවා ඔයිට වඩා වද වෙන්න දේවල් තියෙනවා අපේ පස්ස්න් කවුරු එනවද දන්නෙ නැ.. ප්‍රාකාරෙත් දුර නිසා අපි ඉක්මනින් යන්න පිටත් වෙමු කියලා.

ටික වෙලාවකට පස්සෙ, බ්‍රැන් ඇත්තටම හීනෙන් දැකපු පිරිමි ළමයව දකිනවා.. එයා සමර් ගෙ නම දන්නවත් එක්ක. සමර් මුලින් එයාට ගෙරෙව්වත් ටිකකින් එයාගෙ අත ඉඹලා යන්න යනවා.. ඒ ජෝජන්. එයාගෙ අක්ක මීරා එක්ක ඇවිත් ඉඳියෙ බ්‍රැන් ව බලන්නමයි.
බ්‍රැන්, ජෝජන්, ඕශා, හෝඩොර්, මීරා, රිකොන් වගෙම සමර් ශැගී ඩෝග් දෙන්නත් එක්ක මේ හැමෝම එකට යන්න යනවා.. ඒ යන ගමන් බ්‍රැන් ජෝජන් දෙන්න ඒ දෙන්න දැකපු හීන ගැන කතා කරන්න ගන්නවා.. සමර් ගෙ හිතට ඇතුල් වෙලා එයාව පාලනය කරන්න පුලුවන් උන එක, තිනෙත් රේවන් ගැන.. නෙඩ් ස්ටාක් මැරුන එක ගැන එහෙම...

Image result for game of thrones season 3 episode 2 branImage result for game of thrones season 3 episode 2 branImage result for game of thrones season 3 episode 2 bran

මෙන්න බ්‍රියැන් ඉන්නවා ජේමි ලැනිහ්ස්ටර් එක්ක.., තවම කින්ග්ස්ලෑන්ඩින් යනින් ගමං. ජේමි මග දිගටම බ්‍රියැන් ට අපහාස කර කර යන්නෙත්.


Image result for game of thrones season 3 episode 2 arya
තවත් තැනක..රිවර්ලන්ඩ් වලට කිට්ටුව ආර්යා, ගෙන්ඩ්‍රි, හොට් පයි 3 දෙනා යනින් ගමන්.. මග දිගට ගෙන්ඩ්‍රි ආර්යා ට මැසිවිලි කිය කිය යන්නෙ හැරෙන්හිල් වලින් පනින්න 3 දෙනෙක් ව මරන්න අවස්ථාව ලැබුන වෙලේ ඇයි ඒකෙන් ජොෆ්‍රි ව හරි ටයිවින් ව හරි මරන්න ඉල්ලුවෙ නැත්තෙ කියලා.. මේ ගමනෙදි හිටි හැටියේ එයාල කොටු වෙනවා කොඩි නැති සහෝදරයන්ට..


කොඩි නැති සහෝදරයෝ ටික මේ 3 දෙනාව එක්කගෙන තානායමකට ගිහින් කන්න බොන්න දෙනවා.. කාලා යන්න ලේස්ති වෙනකොටම එයාලා අල්ලගෙන එනවා කින්ග්ස්ලැන්ඩින් දමලා ගහලා ගියපු සැන්ඩොර් ක්ලේගන්- හවුන්ඩ්.. ආර්යා එයාව දැක්ක ගමන් හෙමීට මාරු වෙන්න හදන්නෙ.. ඒත් මාරු වෙන්න ලැබෙන්නෙ නෑ.. එක සැරේටම හවුන්ඩ් ආර්යා ව අඳුන ගන්නවා.. එතන හැමෝටම ඇහෙන්න කියනවා ඒ ස්ටාක් කෙල්ලෙක් කියලා. 

මෙන්න තියොන් ග්‍රේජෝයි ව අල්ලගෙන. එයාව ගෙටගහලා ඉන්නෙ, කවුද කෙනෙක් පිහියකුත් අරගෙන තියොන් ලඟට එනවා තියොන් ගෙ ඇඟිලි කපන්න. මේ ඉන්න අයගෙන් සමහරු ඇඳගෙන ඉන්නෙ අයන්බොර්න් ඇඳුම්.. ඒ කියන්නෙ තියොන් ලගෙ අයම අඳින ඇඳුම්.

Image result for game of thrones season 3 episode 2 theon and ramsayමේ අය තියොන් ව  කෙලින් දඬුකඳක ගහල සැරින් සැරේ කකුල් තද කරනවාඅ.. ඒ අතකර ඉස්කුරුප්පුකින් කකුල් හිල් කරනවත් එක්ක. එහෙම කර කර අහන්නෙ ඇයි වින්ටර්ෆෙල් ඇල්ලුවෙ කියලා.. තියොන් දෙන උත්තර එකක් වත් එයාලට ගානක් නෑ වගේ.. අන්තිමට ඔලුවට මල්ලක් දාලා වහලා ඒ යන්න යන්න යනවා.. එයලා ගියාම එතනට එනවා වැඩ කර කර හිඳපු කොල්ලෙක්.. මෙය අර මල්ල ගලවලා තියොන් ට කියනවා එයාව එව්වෙ තියොන් ගෙ අක්ක යාරා.. දැනට ඔහොම ඉන්න. රෑ වෙලා මේ ඉන්න අය නිදා ගතම මං ඔයවා ගන්න එන්නම් කියලා ආයෙ මල්ල ඔලුවට දාල.. දඬුකඳ ටිකක් ලිහිල් කරලා එයා යනවා.


හැරෙන්හල් කඳවුරේදි

රොබ් ස්ටාක් එයාගෙ ආර්යාව තලිසා එක්ක ඉනෙද්දි එතනට ඇවිත් බාධා කරන්නෙ රූස් බෝල්ටන්. නිකම් නෙමෙයි.. රේවන් පණිවිඩ 2ක් එක්ක. ඒ දෙකේම තියෙන්නෙ නරක ආරංචිලු. එකක් ටලී පවුලෙ ප්‍රධානියා, රොබ් ගෙ සීයා කැට්ලින් ආර්යාවගෙ තාත්තා නැතිවෙලා රිවරන් බලකොටුවෙදි. අනෙක එවලා තියෙන්නෙ රැම්සේ ස්නෝ.. ඒකෙ තියෙන්නෙ තියොන් ලා ඇවිත් වින්ටර්ෆෙල් විනාස කරපු බව, බ්‍රැන් රිකොන් අතුරුදහන් වෙච්ච බව.

තාත්තාගෙ මරණෙ ගැන අහලා කැට්ලින් ආර්යාව ගොඩක් දුක් වුණා අඩුම තරමෙ අවුරුදු ගානකින් වත් එයාව දැකලා වත් නැති නිසා. රොබ් එයාගෙ අයත් එක්ක රිවරන් යන්න ලේස්ති වෙන්න පටන් ගත්තා. 
මේ යන ගමන අතරතුරෙදි කාස්ටාක් ලොක්කා රොබ් එක්ක කතා කරනවා තව දුරටත් මේ යන යුද්ධෙ දිනුමක් පේන්නෙ නැති බව කියන ගමන්. එයාට තව දුරටත් මේක ගැන විශ්වාසයක් නෑ වගේ.. එතනින් යන්න යන්න තලිසා ස්ටාක් ව දක්න කාස්ටාක් රොබ් ට කියනවා "ඔයා අර ගෑණු ළමයව බැන්ඳ දවසෙ ඔයා මේ යුද්දෙන් පැරදුනා" කියලා.

මග මහන්සියට නැවතිලා කැට්ලින් ආර්යාව ආශිර්වාද මල්දමක් ගොතන අතරෙ එතනට එනවා තලිසා.. එයත් ඒකට උදව් කරන්න ඇහුවම කැට්ලින් ආර්යාව එපා කියනවා ඒවා හදන්න පුළුවන් ළමයි ඉන්න අම්මලාට විතරයි කියලා. තලිසා අහනවා මේ වගේ ඒවා කලිනුත් හදලා තියෙද, ඒ වගෙම ඒවා වැඩ කරලා තියෙද කියලත්? කැට්ලින් ආර්යාව ඔව් දෙවතාවක්ම කියලා පටන් ගන්නවා මුල් වතාවෙදි ඒකක් හදපු එක ගැන. ඒ ජොන් ස්නෝ වෙනුවෙන්.. එයා වසංගතයක් හැදිලා පන ඇද ඇද ඉනෙද්දි ඒකක් හදපු එක ගැන.  මුලින් නෙඩ් ස්ටාක් ජොන් ව අරගෙන ආපු වෙලේ තමං ජොන් ව මරන්න කියලා දෙවියන් ගෙන් ඉල්ලපු එක.. පස්සෙ ජොන් ඒ අසනීප උනාම ඒ කියපු කතා අත් ඇරලා දෙවියන්ගෙන් සමාව ඉල්ලලා ජොන් ගෙ ජීවිතේ බේරලා දෙන්න කියල ඉල්ලපු හැටි, එයාව තමන්ගෙම ළමයෙක් වගේ හදා ගන්නව, ස්ටාක් වාසගම දෙනවා ඉයලා පොරොන්දු උන හැටි.. ඒ වගෙම ජොන් සනීප උනාට පස්සෙ තමන්ට ඒ පොරොන්දු සේරම අමතක උන හැටිත් කිව්ව.. කැට්ලින් ආර්යාව කියන්නෙ තමන්ගෙ පවුලට ආපු හැම නරකක්ම එන්න පටන් ගත්තෙ පස්සෙ තමං ඒ කරපු නරක වැඩෙන් කියලා. ජොන් ට කරපු අසාධාරනේට දෙවියො තමන්ට දඬුවම් දෙන බව.

කින්ග්ස්ලෑන්ඩින් 

ජොෆ්‍රි ගෙ ඇඳුම් මහන කෙනා ජොෆ්‍රි එක්ක රෙදි තෝරන අතරෙ පැත්තක වාඩි වෙලා ඉන්න සර්සි ජොෆ්‍රි එක්ක ටයිරෙල් ලා ගැන කතා කරන්න ගන්නවා. මාජරී ගැන වැඩියෙන්ම එයා අඳින ඒව ගැන එයාගෙ සමාජ සේවෙ ගැන එහෙම. ඒත් ජොෆ්‍රි ව නම් කතාවට අල්ල ගන්න බැරි වෙනවා.. මේක පලක් නැති කතාවක් කියලා ජොෆ්‍රි කතාව අත් අරිනවා.

මේ අතරෙ සන්සා සූදානම් වෙන ගමන් ඉන්නෙ, ඇඳුම් අඳින්න උදව් කරන ශේ ඒක කරන අතරෙදි සන්සා ගෙන් අහනවා බේලිශ් ගැන. බේලිශ් කියපු දේවල් ගැන.. එයා විශේශ දෙයක් කීවොත් හරි සන්සා ට මොනා හරි කරන්න හැදුවොත් හරි ශේ කියන්නෙ එයාට ඒක කියන්නලු.. සන්සා අහනවා ඇයි මං ඔයාට කියන්නෙ කියලා.. ශේ කියනවා එතකොට එයාට බේලිශ් ව නවත්තන්න පුළුවන්ලු.
ඒ එක්කම වගේ සන්සා ව හම්බ වෙන්න එනවා සෙර් ලොරාස් ටයිරෙල්. එයා එන්නෙ සන්සා ව එක්කගෙන යන්න මාජරී ගෙ පණිවිඩේකට.

Image result for game of thrones season 3 episode 2 sansaමාජරී, එයාගෙ ආච්චි ඔලෙනා ටයිරෙල් ආර්යාව එක්ක සන්සා එනකල් බලාගෙන ඉන්නෙ. ඒ ඇවිත් කතා කරනකොට ඔලෙනා ආර්යාව සන්සා එක්ක කියනවා හයිගාඩ්න් වල මේස් ටයිරෙල් රෙන්ලි ට රජ වෙන්න උදව් කරපු එක මෝඩකම්ක් කියලා.., එයා දිගටම ටයිරෙල් අයගෙ මෝඩ වැඩ ගැන කතා කරන්නෙ හරියට සන්සා ගෙ විශ්වාසෙ ගන්න වගේ.. ඒ අතරෙරෙන්ලි ගෙ හොඳත් අරහෙන් මෙහෙන් කියනවා.. මේ කතාවලින් ඔලෙනා ආර්යාව කතාව හරවනවා ජොෆ්‍රි පැත්තට. සන්සා ගෙන් අහනවා ජොෆ්‍රි මොන වගේ කෙනෙක්ද? අපිට එයාගෙ සමහර දේවල් ආරංචිය් කියලා.. ඒත් සන්සා නම් උත්තර දෙන්න යන්නෙ නෑ මුලින්. පස්සෙ ඔලෙනා ආර්යාව එක එක ඒවා කියලා සන්සා ව ඇත්ත කියන තත්වෙට ගන්නවා. එතකොට කියනවා සන්සා ජොෆ්‍රි රාක්ශයෙක් වගේ කෙනෙක් බව.

ටිරියන් තාත්තා එක්ක කතාවෙන් පස්සෙ එයාගෙ තැනට එද්දි මෙන්න එහෙ ශේ ඇවිත් ඉන්නවා... ටිරියන් ශේ ව දැකපු ගමන් කරන්නෙ අනටුරු අඟවන එක.. තවත් ආයෙ මෙහෙ එන්න එපා මොකද එයාගෙ තාත්තා හොයන නිසා කියලා.. ශේ ඇවිත් ඉන්නෙ විශේශ පණිව්ඩියක් එක්ක. ඒ තමයි සන්සා ව ආරක්ශා කර ගන්න ඕනෙ කියන එක කියන්න, විශේශෙන් බේලිශ් ගෙන්.

Image result for game of thrones season 3 episode 2 joffrey

ඊලඟ දේ තමයි.. ජොෆ්‍රි ගෙ කැඳවුමකට මාජරී එනවා ජොෆ්‍රි ව හම්බ වෙන්න. ජොෆ්‍රි එන්න කියලා තියෙන්නෙ එයා දඩයම් වලට පිටත් වෙන්න කලින් මාජරී ට ඕනෙ හැම දේම මෙහෙ තියෙනවද බලන්න.. ඒ ලැබුන අවස්ථාවන් මාජරී උපරිම ප්‍රයෝජන ගන්න බලන්නෙ ජොෆ්‍රි ට රෙන්ලි ගෙ වැරදි එහෙම කියලා ජොෆ්‍රි ව නම්ම ගන්න.






ප්‍රාකාරෙන් එපිට

ජොන් මැන්ස් රේඩර් එක්ක යනින් ගමන් මැන්ස් ජොන් ට පැහැදිලි කරනවා එයා මේ සේනවා එකතු කර ගත් හැටි. එකිනෙක්ට වෙනස් භාශා 7ක් කතා කරන එක එක ජාතියට හතුරු ගෝත්‍ර මෙච්චර ගොඩක් එකතු කරගෙන හමුදාවක් හදා ගත් හැටි. මැන්ස් ඒ අයව එකතු කර ගත්තෙ ඒ අය හැමෝම ඉක්මනින් දකුණට ගියේ නැත්නම් හැමෙටම මැරුම් කන්න වෙන්වා කියන කතාව කියපු නිසාලු.. ඔන්න මග තව දෙයක්. උඩ බලාගෙන හෙල්ලෙන්නෙ නැතුව ඉන්න, ඇහේ සුදු විතරක් පේන මේ තමයි ඔරෙල්..  ඔරෙල් කියන්නෙ ***** කෙනෙක්. එයාට පුළුවන් සත්තුන්ගෙ ඇඟට ඇතුල් වෙලා ඇවිදින්න, ඇතුල් වෙච්ච සතාව පාලනේ කරන්නත්.. මේ වැඩේ කරන්නෙ ඔත්තු බලන්න.

මේ අතරෙ අනෙක් පැත්තෙන් අණ දෙන ප්‍රධානී ජියෝ මොර්මන්ට් එක්යාගෙ ගෝලයො ටිකත් එක්ක ආයෙම ප්‍රාකාරෙට යන ගමන්. සෑම් යන්නෙ අන්තිමටම අඬ අඬ. ඒ උනාට රාස්ට් කිට්ටුවට ඇවිල්ලා සවුත්තුව දානවා හෙමින් යන එකටයි, අඬන එකටට්යි යුද්ධෙ වෙලේදි හැංගුන එකටයි. අන්තිමේ සෑම් බිම වැටෙනවා,, රාස්ට් සෑම් ව දාලා යන්න යද්දි සෑම් වැටිලා ඉන්නවා දකින ග්‍රෙන් , එඩ් දෙන්න ඇවිත් සෑම් ව උස්සනවා... 
ඒ එක්කම එතනට එනව අණ දෙන ප්‍රදානී ජෝ සෑම් හැරි හැරි ඉන්නෙ ඇයි බලන්න. එයා ඇවිත් කියනවා සෑම් ඔයාට මැරෙන්න තහන්ම් කියලා.



Thursday, September 22, 2016

එසේමැයි, සියළු මිනිසුන් මිය යා යුතුමැයි! - Valar Dohaeris 1

ප්‍රාකාරයෙන් එපිට

Image result for game of thrones season 3 episode 1 jeorකතාව පටන් ගනිද්දිම අපිට පේන්නෙ කළුවර, ඒත් කඩු වදින සද්දෙ ඇහෙනවා.. ටිකකින් සෑම් මතු වෙනවා. දැං මතකනෙ මේ තමයි අර ෆිස්ට් ඔෆ් ෆස්ට් මෙන් තැන වයිට් වෝකර්ස්, වයිට් ලා නිශාචර සුරැකුම් බලකායෙ අය එක්ක යුද්ධෙ පටන් ගත්තෙ.. මේ තමයි ඒක. සෑම් තනියම දුවගෙන ඉස්සරහට එද්දි එයා දකිනවා එයාලගෙන් එක්කෙනෙක්ව බිම දණ ගහගෙන ඉන්නවා, සෑම් එයාව දකින්නෙ පිටිපස්සෙන්, ලඟටම ගිහින් ඉස්ස්‍රහට ගියාමයි දකින්නෙ එයාගෙ බෙල්ල කපලා බව.. ඒ එක්කම සෑම් ට පිටිපස්සෙන් මොනවා හරි දැනිලා හැරිලා බලනකොට මෙන්න වයිට් කෙනෙක් එනවා කැත්තකුත් අරගෙන.. වයිට් සෑම් ට කිට්ටු වෙද්දිම කොහේදෝ ඉඳලා එක සැරේටම එතනට ආපු ගෝස්ට් වයිට් ගෙ ඇඟට පනිනවා. වයිට් ගෙ කකුලක් ගලවලා ගත්තත් වයිට් සෑම් ලඟටම ඇදෙනවා. ඒ එක්කම වයිට් ගිනිගන්නවා. එතනට අණ දෙන නිලධාරී තුමා අනෙක් අයත් එක්ක ඇවිත්. අණ දෙන ප්‍රධානී තුමා දැං සෑම් එක්ක කේන්තියෙන් ඉන්නෙ. වයිට් වෝකර්ස් ලගෙ ඇටෑක් එක ගැන පණිවිඩේ කියලා රේවන් කෙනෙක් එව්වෙ නැති එක ගැන. ඒක ගැන සෑම් ට දොස් කියලා ඉවර වෙලා එයා කියනවා දැං අපි ආයෙම ප්‍රාකාරෙට යන්න ඕනෙ, මෙහෙ ඉන්න බෑ. මේ තත්වෙ ගැන  අපි අනෙක් අයට දැනුම් දෙන්න ඕනෙ කියලා..
Image result for game of thrones season 3 episode 1 giant
මේ අතරෙදි ඇටකටු රජා, යිග්‍රිට් අනෙක් වනචාරී ටිකත් එක්ක ජොන් ස්නෝ ව අරගෙන යනවා මැන්ස් රේඩර් ලඟට. කඳවුරට එනවත් එක්කම ජොන් දකිනවා එහේ ඉන්න යෝධයෙක්ව. ඒ තමා ජොන් ජීවිතේ පලවෙනි වතාවට එයින් කෙනෙක් දකින්නෙ.. ජොන් පුදුම වෙලා ඒ දිහා බලන් ඉනිද්දි යිග්‍රිට් කියන්නෙ ඒ අය දිහා වැඩිය බලන් ඉන්න එපා එහෙම බලන් ඉඳියම ඒ අයට කේන්ති යනවා. කේන්ති ගිහින් මිටියකින් ඇනේකට ගහනවා වගේ පොළවට බස්සනවලු.

ඒකෙන් පස්සෙ ජොන් ඇතුලට එද්දි කඳවුරේ ඉන්න අනෙක් ඇච්චො බැච්චො එහෙම ගල් වලින් ගහන්න තලු කරන්න ගන්නවා ජොන් ව 'කපුටෙක්' කපුටෙක්' කියලා කෑ ගහන ගමං. යිග්‍රිට් ජොන් ව ඒවගෙන් බේරගෙන මැන්ස් ගෙ කූඩාරමට එක්කගෙන එනවා ඇටකටු රජා එක්ක. ඇතුළට එනකොටම මෙන්න ඉන්නවා ටොර්මන්ඩ් ජයන්ට්ස්බේන්.. එය කන ගමන් ඉන්නෙ. ඒක නවත්තෙන්නෙත් නැතිව ජොන් දිහා බලන්නෙත් නැත්ව කතා කරනවා. එයා ඔන්න ජොන් දිහාවට අවදානෙ වෙනස් කරන්නෙ එයා කෝරින් හාෆ්හෑන්ඩ් ව මැරුවා කියලා ඇහුවම. ඊලඟට ජොන් ලඟට ඇවිත් කතා කරද්දි ජොන් එක සැරෙම ටොර්මන්ඩ් ලඟ දණ ගහනවා.. මේ සිද්ධිය නිසා එතන ඉන්න හැමෝම හිනා වෙන්න පටන් ගන්නවා ජොන් ට. එතකොට මෙච්චර වෙලා අයිනක ඉඳපු මැන්ස් එළියට එනවා, එළියට ඇවිත් ජොන් ට කියනවා ප්‍රාකාරෙන් මෙපිටදි හැමෝටම දඇන ගහන්නෙ නෑ කියලා.

මැන්ස් ඇටකටු රජාටයි, යිග්‍රිට් ටයි යන්න කියලා ජොන් එක්ක කතාව පටන් ගන්නවා. ජොන් ගෙන් අහනවා ඇයි කෝරින් ව මරලා අපි එක්ක එකතු උනේ, මොකක්ද හේතුව කියලා. ජොන් කියන්නෙ නිදහස ඕනෙ නිසයිලු. ඒත් මැන්ස් කියනවා නෑ ඒක නෙමේ හේතුව මං තව අවස්ථාවක් දෙන්නම් කියන්න කියලා. එතකොට ජොන් කියන්නෙ එයා ක්‍රැස්ටර් ගෙ ගෙදර ඉනෙද්දි දැකපු සිද්දිය. ක්‍රැස්ටර් එයාගෙම පුත්තු බිලි දෙන එක තමංගෙ ඇස් දෙකෙන් ම දැකපු එක ගැන.. ජොන් වයිට් වෝකර් කෙනෙක් දැක්කා කිව්වම මැන්ස් පුද්ඩුම වෙනවා. ඒ වගෙම ජොන් කියනවා එයා මේ සිද්දිය ජෝ මොර්මන්ට් එක්ක කිව්වම එයා ඒ වෙනකොටත් ඒ ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ජෝ ඒක ගැන මොකුත් නොකළ නිසත්, ඉස්සරම අතීතෙ පලමු මිනිස්සු වයිට් වෝකස් ලට විරුධ්දව සටන් කරලා දිනලා තියෙන නිසාත් ලු තමං මෙහෙට ආවෙ.
මේ කතාවෙන් නම් මැන්ස් සෑහීමකට පත් උනා වගේ.


මේ අතරෙ කින්ග්ස්ලෑන්ඩින් වල


සර්සි එයාගෙ වසළ ආරක්ශකයො දෙන්නෙක් එක්ක ටිරියන් ව හම්බ වෙන්න එනවා, මේ අතරෙදි පොඩ් ටිරියන් ගෙ පණිවිඩියක් අරගෙන යනවා සෙර් බ්‍රොන් ට. ඒ වෙලාවෙ බ්‍රොන් ඉන්නෙ ගණිකා මඩමක. සර්සි ඇවිත් ටිරියන් ට කතා කරද්දි ටිරියන් දොර අරින්න කැමති වෙන්නෙ නෑ. බැරිම තැන සර්සි කියනවා මට ඔයාව මරන්න ඕනෙ නම් මට මේ ලී දොර කඩලා එන එන මහ දෙයක් නෙමේ කියලා. එතකොට ටිරියන් දොර ඇරලා සර්සි ව විතරක් ඇතුලට ගන්නවා. ආවට පස්සෙ සර්සි ටිරියන් ගෙ මූණෙ තියෙන කැලල ගැන අහන්නෙ එයා ඒ ගැන මොකුත්ම දන්නෙ නෑ වගෙ.


ටිරියන් එයාගෙ තාත්තා ටයිවින් ව හම්බ වෙන්න ඇවිත් එයා කරපු දේවල් වෙනුවෙන් එයාගෙ උරුමය ඉල්ලනවා. ඒ කියන්නෙ කාසලි රොක් ඉල්ලන්නෙ. තමන්ට ඒකට තියෙන උරුමෙ ගැන පැහැදිලි කලත් ටයිවින් ඒවා කනකට වත් ගන්න බවක් අම් පේන්නෙ නෑ. එයා කියන්නෙ ටිරියන් ට බලය තනතුරු දීල තිබුනත් මොනවත් කරලා නෑ, පරණ පුරුදු ජීවිතේ විදියටම බේබදු වෙලා ගණිකාවො එක්ක ඉඳපු එක විතරනෙ කරලා තියෙන්නෙ කියලා දොස් කියනවා. ඒ වගෙම මතක් කරනවා තමන්ගෙ අම්මව මරාගෙන නේද මේ ලෝකෙට ආවෙත් තමුන්, නීතිය නිසා ලැනිස්ටර් වාසගම ලැබුනට මට උඹව මගේ පුතෙක් නෙමේ කියලා අපහාස කරලා ටිරියන් ව එලවනවා.

Image result for game of thrones season 3 episode 1 sansaඅනෙක් දේ.. වරාය අයිනෙ සන්සා ශේ එක්ක වාඩි වෙලා නැව් ගැන කතා කර කර ඉනෙද්දි එතනට එනවා බේලිශ් රෝස් එක්ක. ඇවිත් සන්සා ට තනියම කතා කරනවා සන්සා ගෙ මෙහෙන් පිටත් වෙන එක ගැන. ඒ අතරෙදි රෝස් ශේ ට කියනවා සන්සා ව ආරක්ශා කරගන්න, විශේශයෙන් බේලිශ් ගෙන්.

Image result for game of thrones season 3 episode 1 margaery flea bottomමෙන්න ජොෆ්‍රි එක දෝලාවකත්, මාජරී තව දෝලාවකත් බොටම් ෆ්ලී හරහා යන ගමන් හදිසියේම මාජරී ගේ දෝලාව මග නවත්ත්නවා.. ඒ නැවැත්තුවේ ඇයි බලන්න ජොෆ්‍රිත් නවත්තනවා. මාජරී දෝලාවෙන් බැහැලා මුඩුක්කු දිහාවට ඇව්දගෙන යනවා. එයා යන්නෙ අනාථ ළමයි ඉන්න තැනකට. ගිහිං කතා කරලා ඒ අයව සනසලා එනිං ගමන් එතන පාලිකාවට කියලා එන්නෙ ඒ අයට ඕනෙ දෙයක් තිබුණොත් ඇවිත් එයාට කතා කරන්න කියලා...
මේ ගැන දැනගන්න ජොෆ්‍රි සතුටු වෙනවා මාජරී ගෙ සමාජ සේවා කටයුතු ගැන.ඒ වගෙම සර්සි. එයාට වැඩියම පුදුමයි මීට ටික දවසකට කලින් ජොෆ්‍රි ට ගහන්න ආපු ඒ ෆ්ලී බොටම් එකේ අයම මාජරී ට මෙහෙම සලකපු එක ගැන.


ඩ්‍රැගන්ස්ටෝන්

මෙන්න ඉන්නවා ඩාවොස් සීවත්. මුහුද මැද තියෙන ගලක් උඩ පෙරලිලා, මූණ පුරාම තුවාල කැළල්. ඩාවොස් අමාරුවෙන් නැගිටලා බලද්දි මෙන්න මූදෙ පොඩි රුවල් නැවක් තියෙනවා. ඩාවොස් නැගිටල අත් දෙක වන වන ඒ නැවට කෑ ගැහුවත් ඒ අයට ඇහෙන පාටක් නෑ.. අහ් ටිකකින් වැඩේ හරි ගිහිං. ඩාවොස් ලඟට නැවේ ඉඳලා පොඩි බෝට්ටුවක් ඇවිත්. ඒත් බෝට්ටුවෙ ඉන්න අය ඩාවොස් ලඟට එන්න කලින් අහනවා ඔයා කවුද මොනවද කලේ කියලා. ඩාවොස් කියනවා එයා බ්ලැක්වෝටර් සටනෙදි ඉඳපු බව. ඊලඟට ඒ අය අහනවා මොන රජතුමා ටද වැඩ කලේ කියලා. ඩාවොස් ටිකක් හිතල උත්තර දෙනවා ස්ටැනිස් ට කියලා. එපාර ඒ අයව ඩාවොස් වත් අරගෙන නැවට යනවා. ඒ තමා සැල්ලදෝර් සාන් ගෙ නැව. එයා කියන්වා ඩාවොස් ට ස්ටැනිස් ජීවත් වෙන බව, තමංව ඩ්‍රැගන්ස්ටෝන් වලට ගෙනියන්න කීවත් සැල්ලදෝර් ඒක බෑ කියනවා ඩාවොස් ට.

අන්තිමේ කොහොමහරි ඩාවොස් ඩ්‍රැගන්ස්ටොන් වලට එනවා. මේ එද්දි ස්ටැනිස් ඉන්නවා මෙලී එක්ක. ඩාවොස් එතන ස්ටැනිස් ඉනෙද්දිම මෙලී ට බනිනවා. ඒත් මෙලී කියන්නෙ ඔයලා යුද්ධෙ පැරදුනු වෙලේ මං එහේ ඉඳියෙ නෑනෙ, ඇරත් මාව එහේ එක්කගෙන යන්න එපා කියලා ස්ටැනිස් අ කීවෙත් ඔයාමනෙ කියල දොස් කියනවා. ඒ එක්කම ඩාවොස් කිරිච්චියක් අදිනවා මෙලී ට අනින්න, එතන ඉන්න සෙබළු දෙන්නෙක් ඒක නවත්තනවා, ස්ටැන්ස් අණ කරනව ඩාවොස් හිර කරන්න.



හැරෙන්හිල්
Image result for game of thrones season 3 episode 1 harrenhal qyburn
රොබ් එයාගෙ සේනාඅවත් එක්ක හැරෙන්හිල් එනවා. ඒ ආවම දකින්නෙ එහෙ ඉඳපු හැම කෙනෙක්ම සමූලඝාතනය කරලා තියෙන හැටි. මේ මිණී  අතරෙ තිබිලා යන්තම් පන ඇද ඇද ඉන්න කෙනෙක් ව හම්බ වෙනවා මෙයාලට. මේ තමයි මේස්ටර් කෙනෙක් වෙච්ච ක්විබර්න්.






පටු මුහුදෙන් එපිට

කලීසි සෙර් ජෝරා, එයාගෙ ඉතිරි වෙලා ඉන්න ඉතිරි ඩොත්‍රැකි අය වගෙම මකර බබාලා 3 දෙනත් එක්ක අස්ටපොර් දිහාවට යනින් ගමන් ඉන්නෙ.

Image result for game of thrones season 3 episode 1 khaleesi astaporඅස්ටපොර් ආවට පස්සෙ ඩැනී ජෝරා නිකැලැල් හමුදාපති ක්‍රේස්නිස් එක්ක නිකැලැල් හමුදාවෙ අයව බලන්න යනවා. ඒ එක්කම ක්‍රේස්නිස් ගෙ වහල් සේවිකාව, පරිවර්තිකාව උන මිසැන්ඩෙයි නුත් ඉන්නවා. ඒ ගමනෙදි ක්‍රේස්නිස් පැහැදිලි කරනවා නිකැලැල් හමුදාව කොච්චර ශක්තිමත් ද කියන එක, ඒ අය කොච්චර වේදනාව දරන්න පුරුදු වෙලාද කියන එක. නිකැලැල් හමුදාවට එක් වෙන්න ලැබෙන්නෙත් අළුත උපන් දරුවෙක් ව එයාගෙ අම්මා ඉස්සරහා ම මරලා පෙන්නුවාම. හැබැයි ක්‍රේස්නිස් මේ ඔක්කොම කියන්නෙ කලීසිට අන්තිම නරක භාශාවෙන්, බොහොම නරක වචන වලින්. ඒත් මිසැන්ඩෙයි ඒවා එහෙම්ම පරිවර්තනේ නොකර කලීසි ට වෙන වෙන ඒවා කියනවා.

Image result for game of thrones season 3 episode 1 khaleesi astaporමේ ගමනනෙන් පස්සෙ කලීසි ජෝරා එක්ක එද්දි මගදි චූටි ගෑණු ලමයෙක්ව හම්බ වෙනවා, පොඩි බෝලයක් අතේ තියාගෙන සෙල්ලම් කර කර ඉන්න. කලීසි ඒ ළමයගෙ පස්සෙන් යනවා. මේ අතරෙම එහෙට එනවා කළු ලෝගුවකින් වහගෙන එන අමුත්තෙකුත්.  ගෑණු ළමය නිදහස් තැනකට ආවම කලීසි දිහාවට බෝලෙ පෙරලලා එවනවා. කලීසි ඒක අහුල ගත්තම, ලමයා කියනවා බෝලෙ කරකවන්නලු පියනක් වගේ. කලීසි ඒක කරන්න හදනවත් එක්කම අර අමුත්තා ඇවිත් එයාව තල්ලු කරනවා. බෝලෙ විසි වෙනවා, ඒත් දැනටම බෝලෙන් බාගයක් ඇරිලනෙ. ඉතිරි ටිකත් ඇරගෙන ඒක ඇතුලෙන් එලියට එනවා ගෝනුස්සෙක්. ඒ ගෝනුස්සගෙ මූන ප්යට් ප්‍රී ගෙ වගේ. ඒකා අන්තිම විස එකෙක්.. ඒකා කලීසි ලඟට එනවත් එක්කම අර අමුත්තා එයාගෙ කිරිච්චියෙන් ඇනලා ගෝනුස්සව මරලා දානවා. ගෑණු ළමය දකින කලීසි දැනගන්නවා ඒ ප්යට් ප්‍රී බව, ඒත් ලමය වතුරට පනිනවා පේනවා. වතුරට එබිලා බැලුවත් එයා ඉන්න පාටක් නේ..

Image result for game of thrones season 3 episode 1 khaleesi astapor barristan
ඔන්න දැං ආපු අමුත්තා එයා වහගෙන ඉඳපු ලෝගුව අයින් කරනවා.. මේ ඇවිල්ලා ඉන්නෙ වෙන කවුරුවත් නෙමෙයි. සෙර් බැරිස්ටන් සෙල්මි. කලීසි නම් අඳුනනෙ නෑ එයාව. ජෝරා කියනවා මේ ඉන්න කෙනා මුලු රාජධානි 7ම ඉන්න දක්ශම අයගෙ කෙනෙක්ලු.. ඊලඟට බැරිස්ටන් එයාව ඩැනී ට අඳුන්වලා දෙනවා. එයා ඉස්සර ඩැනී ගෙ පවුලෙ අයව ආරක්ශා කරන්න ඉඳියෙ, ඒත් ඒක බැරි වුනා.. ඒත් මට අවස්ට්ථාවක් දෙන්න, මං ඔයාව අසමත් කරන්නෙ නෑ රැජිනියනි කියලා කලීසි ට දිවුරනවා.