එසොස් පිහිටලා තියෙන්නෙ වෙස්ටෙරොස් වලින් නැගෙනහිර පැත්තෙ. වෙස්ටෙරොස් නුත් එසොස් නුත් අතරෙ තියෙන්නෙ පටු මුහුද. එසොස් වල උතුරත් බස්නාහිරත් අතරෙ කොටසෙ තමයි නිදහස් නගර පිහිටලා තියෙන්නෙ. දකුණු වෙරලෙ පැත්තට වෙන්නයි මකර බොක්ක තියෙන්නෙ. එසොස් මහද්විපෙ සම්පූර්ණෙන්ම විග්‍රහ වෙන්නෙ නෑ මේ වෙනකල්ම. එසොස් වල වෙස්ටෙරොස් පැත්තට තියෙන පැති ගැන විතරයි කතා කලේ.
එසොස් වල ප්‍රදේශ ගැන කතා කරද්දි ප්‍රධානම දෙයක් තමා නිදහස් නගර. මේවා නිදහස් නගර වෙන්න කලින් මුලින්ම තිබිලා තියෙන්නෙ වැලිරියානු යටත් විජිත විදියට. ඒත් බ්‍රාවොස් ඇරෙන්න. ඒ වගෙම ඒ ඒ නගර වල එක එක විදියෙ සංස්කෘති වෙනම පාලන කේන්ද්‍ර තියෙන්නෙ. මේ එකක වත් නිශ්චිත රජෙකුත් නෑ. ඒ වගෙම මේ නිදහස් නගර වෙස්ටෙරොස් එක්ක සෘජුවම සම්බන්ධකම් පවත්වනවා.
රෙඩ් වේස්ට් - Red Waste
ක්වාත් - Qarth
ක්වාත් කියන්නෙ සම්පූර්න වෙලෙඳ නගරයක් වගේ තැනක්. මකර බොක්කෙ නැගෙනහිර රෙඩ් වේස්ට් වල කෙළවරවල් තමා ක්වාත් වල මායිම් වෙන්නෙ. මේක වෙළෙඳ මධ්‍යස්ථානයක් වගේ උනත් මෙහේ වෙළෙඳාම් වෙන්නෙ වෙස්ටෙරොස් එක්ක. එසොස් වලම ඉන්න අනෙක් අය එක්ක ගණුදෙනුවක් නෑ.
අශායි - Asshai , ජේඩ් මුහුද - TheJade Sea
පළාත් විහිදීම
නිදහස් නගර - Free Cities
එසොස් වල ප්‍රදේශ ගැන කතා කරද්දි ප්‍රධානම දෙයක් තමා නිදහස් නගර. මේවා නිදහස් නගර වෙන්න කලින් මුලින්ම තිබිලා තියෙන්නෙ වැලිරියානු යටත් විජිත විදියට. ඒත් බ්‍රාවොස් ඇරෙන්න. ඒ වගෙම ඒ ඒ නගර වල එක එක විදියෙ සංස්කෘති වෙනම පාලන කේන්ද්‍ර තියෙන්නෙ. මේ එකක වත් නිශ්චිත රජෙකුත් නෑ. ඒ වගෙම මේ නිදහස් නගර වෙස්ටෙරොස් එක්ක සෘජුවම සම්බන්ධකම් පවත්වනවා.
- බ්‍රාවොස් - Braavos
- ලොරාත් - Lorath
- ලිස් - Lys
- මිර් - Myr
- නොර්වොස් - Norvos
- පෙන්ටොස් - Pentos
- ඛෝර් - Qohor
- ටයිරොශ් - Tyrosh
- වොලැන්ටිස් - Volantis
මේ නගර වලට තම තමන්ගෙ ස්වාධීන පාලන ක්‍රම තියෙනවා. මුළු එසොස් මහද්වීපෙන්ම වෙස්ටෙරොස් එක්ක ලොකුවටම වෙළෙඳ කටයුතු, ගණුදෙනු කරන්නෙ මේ නිදහස් නගර ටික තමා.
මේ නිදහස් නගර ටික ඇරුනම ආයෙ වෙන වෙන ලොකු ප්‍රදේශ තියෙනවා.
රොයින් ගඟ - Rhoyne River
වැලිරියන් අර්ධද්වීපය - Valyrian Peninsula
ආදිතම පාලකයො විදියට හඳුන්වන්නෙ වැලිරියානුවන්.. මෙයාල මෙච්චර බලවත් කොටස උනේ එයාලට තමා මුලින් මකරු හම්බ වෙලා මකරු තමන්ගෙ පාලනයට ගත්තෙ. ඒ අයගෙ යටතෙ තමා දැං තියෙන නිදහස් නගර මුලින් තිබුණෙ. වැලිරියාව මැදි වෙලා තියෙන්නෙ නිදහස් නගරත් වහල් බොක්ක අතරෙත්. නිදහස් නගර වහල් බොක්ක අතරෙ ගමන් කරන්නෙකුට වැලිරියාව හරහා යාත්‍රා කරන්නම වෙනවා.
මකර බොක්ක - Bay of Dragons
මකර බොක්ක තියෙන්නෙ වැලිරියාවෙන් නැගෙනහිරට වෙන්න ඩොත්‍රැකි මුහුදට පහලින්. ඩොත්‍රැකි මුහුදයි මකර බොක්කයි වෙන් වෙලා තියෙන්නෙ කඳු පන්තියකින්. මකර බොක්කෙ ඉන්න අය තමයි වැලිරියානුවන්ගෙ පරණම හතුරන්.
මේ වෙනකොට මකර බොක්කෙ ප්‍රධාන නගර 3ක් තියෙනවා. මේවගෙ පාලනේ ගෙනියන්නෙ ගිස් වරු. මේ අයගෙන් ගොඩක් නිදහස් නගර වල ඉඳලා ආපු අය.
- මීරීන් - Meereen
- යුන්කායි - Yunkai
- අස්ටපෝ - Astapor
ඩොත්‍රැකි මුහුද - Dothraki Sea
ඩොත්‍රැකි මුහුද කිව්වට ඇත්තටම මේක මුහුදක් නෙමෙයි.. මෙහේ පිරිලා තියෙන්නෙ අතිවිශාල ඉමක් කෙළවරක් නැති තණ භූමි වලින්.. මෙහේ ජනයා වෙන්නෙ ඩොත්‍රැකි කියන රණශූරයන්ගෙන්. ඉතිං ඩොත්‍රැකියන් ඉන්න අතිවිශාල තණ භූමිය කියන එක තමයි ඩොත්‍රැකි මුහුද කියන නම එන්නෙ.
මේ අයගෙ ප්‍රධාන නගරෙ වෙන්නෙ වේස් ඩොත්‍රැක්.
ලාසර් - Lhazar
ඩොත්‍රැකි මුහුද කිව්වට ඇත්තටම මේක මුහුදක් නෙමෙයි.. මෙහේ පිරිලා තියෙන්නෙ අතිවිශාල ඉමක් කෙළවරක් නැති තණ භූමි වලින්.. මෙහේ ජනයා වෙන්නෙ ඩොත්‍රැකි කියන රණශූරයන්ගෙන්. ඉතිං ඩොත්‍රැකියන් ඉන්න අතිවිශාල තණ භූමිය කියන එක තමයි ඩොත්‍රැකි මුහුද කියන නම එන්නෙ.
මේ අයගෙ ප්‍රධාන නගරෙ වෙන්නෙ වේස් ඩොත්‍රැක්.
ලාසර් - Lhazar
රෙඩ් වේස්ට් - Red Waste
ක්වාත් - Qarth
ක්වාත් කියන්නෙ සම්පූර්න වෙලෙඳ නගරයක් වගේ තැනක්. මකර බොක්කෙ නැගෙනහිර රෙඩ් වේස්ට් වල කෙළවරවල් තමා ක්වාත් වල මායිම් වෙන්නෙ. මේක වෙළෙඳ මධ්‍යස්ථානයක් වගේ උනත් මෙහේ වෙළෙඳාම් වෙන්නෙ වෙස්ටෙරොස් එක්ක. එසොස් වලම ඉන්න අනෙක් අය එක්ක ගණුදෙනුවක් නෑ.
අශායි - Asshai , ජේඩ් මුහුද - TheJade Sea
No comments:
Post a Comment