ලිස් - Lys
එසොස් වල තියෙන නිදහස් නගර 9න් තව එකක් තමා ලිස්. පෙන්ටොස් වලට දකුණින්, වයඹින් වොලැන්ටිස් උතුරෙන් ගිම්හාන දූපත් වලට මැදි වෙලා එසොස් වෙරළට එපිටින් තමයි ලිස් වල පිහිටීම තියෙන්නෙ.
පොඩි පොඩි දූපත් කීපෙක අයිතිය වගෙම ප්රධාන භූමියෙන් වෙලා ඉඳියත් ප්රධාන භූමියෙ ටයිරොශ් වල කොටසකටත්, මිර් වල කොටසකටත් ලිස් භූමියෙන් අයිතිවාසිකම් තියෙනවා.
වෙළෙඳ නගරයක් කියලා හඳුන්වන ලිස් වල තියෙන විශේශම දේවල් තමයි මුළු ලෝකයෙන්ම හොඳම ගණිකාවන්, ලිංගිල වහල්ලු පුහුණු කරවන්නෙ මෙන්න මෙහේ තමයි. ඒ වගෙම ඒ පුරුදු කරවන අයව විකුනන්නත්, අපනයනය කරන්නත් ලිස් හොඳටම ප්රසිද්ධයි..
තව එක දෙයක් තියෙන්වා.. 'ලිස් ගෙ කඳුළු' මේක ගොඩක් දරුණු විසක්.. ගඳක් සුවඳක් තියා පාටක් වත් නැති ලෝකෙ තියෙන දුර්ලභ ම විසක් තමයි මේ.
ජෝන් ඇරින් ගෙ මරණෙ වෙන්න ඇති කියලා මේස්ටර් පයිසෙල් සැක කලෙත් මේ ලිස් ගෙ කඳුලු වලින් වෙන්නැති කියලනෙ.
මේ ලිසියානුවන් කීපදෙනා හැමෝටම මතක ඇති
වාරිස් |
සැල්ලදෝර් සාන් |
මෙයා තමා අර ස්ටැනිස් බැරතියන් බ්ලැක්වෝටර් යුද්ධෙට් යද්දි නැවි ටික දුන්න කෙනා.
ඩෝරිහ් |
මේ ඩැනේරිස් ටාගේරියන් ට විවාහෙ
දවසෙ තෑගි ලැබුන කෙනෙක්. මෙයා තමයි අර ක්වාත්
වලදි ක්සාරෝ එක්ක අරින්න බැරි කාමරේකට දාලා වහන්නෙ.
No comments:
Post a Comment