අතරමග තැං වල
ඊලඟ දේ තමයි.. ජොෆ්රි ගෙ කැඳවුමකට මාජරී එනවා ජොෆ්රි ව හම්බ වෙන්න. ජොෆ්රි එන්න කියලා තියෙන්නෙ එයා දඩයම් වලට පිටත් වෙන්න කලින් මාජරී ට ඕනෙ හැම දේම මෙහෙ තියෙනවද බලන්න.. ඒ ලැබුන අවස්ථාවන් මාජරී උපරිම ප්රයෝජන ගන්න බලන්නෙ ජොෆ්රි ට රෙන්ලි ගෙ වැරදි එහෙම කියලා ජොෆ්රි ව නම්ම ගන්න.
ප්රාකාරෙන් එපිට
බ්රැන් ආයෙම හීන දකින්න අරගෙන. එයා දුන්නයි ඊතලෙයි මානගෙන යන ගමං දකිනවා අර තිනෙත් රේවන් ව ආයෙම සැරයක්. රේවන් ට විදින්න ඉලක්කෙ ගනිද්දි එයාට දැනෙනවා එයාලෙ ලඟ ජොන්, රොබ් ඉඳගෙන උපදෙස් දෙනවා. හීය විද්දත් ඒක වරදිනවා .. ඒ එක්කම ජොන් රොබ් මහ හයියෙන් හිනා වෙනවා ඇහෙනවා, ආයෙම සැරයක් රේවන් ට විදින්න ඉලක්කෙ ගනිද්දි මේ සැරේ පිටිපස්සේඳන් කතා කරන්නෙ වෙන පිරිමි ලමයෙක්. එයා බ්රැන් ට කියනවා කීයටවත් රේවන් ව මරන්න බෑලු, ඒ රේවන් බ්රැන් ම තමයිලු.. බ්රැන් ට ඇහැරෙද්දි ලඟ ඉන්නව සමර්, ශැගී ඩෝග් දෙන්නත් හෝඩොර් ඕශා ත්. ඕශා අහනවා ආයෙම හීන හැක්කද කියලා. බ්රැන් හීනෙ ගැන කියන හැදුවත් ඕශා ඒක වළක්වලා කියනවා ඔයිට වඩා වද වෙන්න දේවල් තියෙනවා අපේ පස්ස්න් කවුරු එනවද දන්නෙ නැ.. ප්රාකාරෙත් දුර නිසා අපි ඉක්මනින් යන්න පිටත් වෙමු කියලා.
ටික වෙලාවකට පස්සෙ, බ්රැන් ඇත්තටම හීනෙන් දැකපු පිරිමි ළමයව දකිනවා.. එයා සමර් ගෙ නම දන්නවත් එක්ක. සමර් මුලින් එයාට ගෙරෙව්වත් ටිකකින් එයාගෙ අත ඉඹලා යන්න යනවා.. ඒ ජෝජන්. එයාගෙ අක්ක මීරා එක්ක ඇවිත් ඉඳියෙ බ්රැන් ව බලන්නමයි.
බ්රැන්, ජෝජන්, ඕශා, හෝඩොර්, මීරා, රිකොන් වගෙම සමර් ශැගී ඩෝග් දෙන්නත් එක්ක මේ හැමෝම එකට යන්න යනවා.. ඒ යන ගමන් බ්රැන් ජෝජන් දෙන්න ඒ දෙන්න දැකපු හීන ගැන කතා කරන්න ගන්නවා.. සමර් ගෙ හිතට ඇතුල් වෙලා එයාව පාලනය කරන්න පුලුවන් උන එක, තිනෙත් රේවන් ගැන.. නෙඩ් ස්ටාක් මැරුන එක ගැන එහෙම...
මෙන්න බ්රියැන් ඉන්නවා ජේමි ලැනිහ්ස්ටර් එක්ක.., තවම කින්ග්ස්ලෑන්ඩින් යනින් ගමං. ජේමි මග දිගටම බ්රියැන් ට අපහාස කර කර යන්නෙත්.
තවත් තැනක..රිවර්ලන්ඩ් වලට කිට්ටුව ආර්යා, ගෙන්ඩ්රි, හොට් පයි 3 දෙනා යනින් ගමන්.. මග දිගට ගෙන්ඩ්රි ආර්යා ට මැසිවිලි කිය කිය යන්නෙ හැරෙන්හිල් වලින් පනින්න 3 දෙනෙක් ව මරන්න අවස්ථාව ලැබුන වෙලේ ඇයි ඒකෙන් ජොෆ්රි ව හරි ටයිවින් ව හරි මරන්න ඉල්ලුවෙ නැත්තෙ කියලා.. මේ ගමනෙදි හිටි හැටියේ එයාල කොටු වෙනවා කොඩි නැති සහෝදරයන්ට..
කොඩි නැති සහෝදරයෝ ටික මේ 3 දෙනාව එක්කගෙන තානායමකට ගිහින් කන්න බොන්න දෙනවා.. කාලා යන්න ලේස්ති වෙනකොටම එයාලා අල්ලගෙන එනවා කින්ග්ස්ලැන්ඩින් දමලා ගහලා ගියපු සැන්ඩොර් ක්ලේගන්- හවුන්ඩ්.. ආර්යා එයාව දැක්ක ගමන් හෙමීට මාරු වෙන්න හදන්නෙ.. ඒත් මාරු වෙන්න ලැබෙන්නෙ නෑ.. එක සැරේටම හවුන්ඩ් ආර්යා ව අඳුන ගන්නවා.. එතන හැමෝටම ඇහෙන්න කියනවා ඒ ස්ටාක් කෙල්ලෙක් කියලා.
මෙන්න තියොන් ග්රේජෝයි ව අල්ලගෙන. එයාව ගෙටගහලා ඉන්නෙ, කවුද කෙනෙක් පිහියකුත් අරගෙන තියොන් ලඟට එනවා තියොන් ගෙ ඇඟිලි කපන්න. මේ ඉන්න අයගෙන් සමහරු ඇඳගෙන ඉන්නෙ අයන්බොර්න් ඇඳුම්.. ඒ කියන්නෙ තියොන් ලගෙ අයම අඳින ඇඳුම්.
මේ අය තියොන් ව කෙලින් දඬුකඳක ගහල සැරින් සැරේ කකුල් තද කරනවාඅ.. ඒ අතකර ඉස්කුරුප්පුකින් කකුල් හිල් කරනවත් එක්ක. එහෙම කර කර අහන්නෙ ඇයි වින්ටර්ෆෙල් ඇල්ලුවෙ කියලා.. තියොන් දෙන උත්තර එකක් වත් එයාලට ගානක් නෑ වගේ.. අන්තිමට ඔලුවට මල්ලක් දාලා වහලා ඒ යන්න යන්න යනවා.. එයලා ගියාම එතනට එනවා වැඩ කර කර හිඳපු කොල්ලෙක්.. මෙය අර මල්ල ගලවලා තියොන් ට කියනවා එයාව එව්වෙ තියොන් ගෙ අක්ක යාරා.. දැනට ඔහොම ඉන්න. රෑ වෙලා මේ ඉන්න අය නිදා ගතම මං ඔයවා ගන්න එන්නම් කියලා ආයෙ මල්ල ඔලුවට දාල.. දඬුකඳ ටිකක් ලිහිල් කරලා එයා යනවා.
හැරෙන්හල් කඳවුරේදි
රොබ් ස්ටාක් එයාගෙ ආර්යාව තලිසා එක්ක ඉනෙද්දි එතනට ඇවිත් බාධා කරන්නෙ රූස් බෝල්ටන්. නිකම් නෙමෙයි.. රේවන් පණිවිඩ 2ක් එක්ක. ඒ දෙකේම තියෙන්නෙ නරක ආරංචිලු. එකක් ටලී පවුලෙ ප්රධානියා, රොබ් ගෙ සීයා කැට්ලින් ආර්යාවගෙ තාත්තා නැතිවෙලා රිවරන් බලකොටුවෙදි. අනෙක එවලා තියෙන්නෙ රැම්සේ ස්නෝ.. ඒකෙ තියෙන්නෙ තියොන් ලා ඇවිත් වින්ටර්ෆෙල් විනාස කරපු බව, බ්රැන් රිකොන් අතුරුදහන් වෙච්ච බව.
තාත්තාගෙ මරණෙ ගැන අහලා කැට්ලින් ආර්යාව ගොඩක් දුක් වුණා අඩුම තරමෙ අවුරුදු ගානකින් වත් එයාව දැකලා වත් නැති නිසා. රොබ් එයාගෙ අයත් එක්ක රිවරන් යන්න ලේස්ති වෙන්න පටන් ගත්තා.
මේ යන ගමන අතරතුරෙදි කාස්ටාක් ලොක්කා රොබ් එක්ක කතා කරනවා තව දුරටත් මේ යන යුද්ධෙ දිනුමක් පේන්නෙ නැති බව කියන ගමන්. එයාට තව දුරටත් මේක ගැන විශ්වාසයක් නෑ වගේ.. එතනින් යන්න යන්න තලිසා ස්ටාක් ව දක්න කාස්ටාක් රොබ් ට කියනවා "ඔයා අර ගෑණු ළමයව බැන්ඳ දවසෙ ඔයා මේ යුද්දෙන් පැරදුනා" කියලා.
මග මහන්සියට නැවතිලා කැට්ලින් ආර්යාව ආශිර්වාද මල්දමක් ගොතන අතරෙ එතනට එනවා තලිසා.. එයත් ඒකට උදව් කරන්න ඇහුවම කැට්ලින් ආර්යාව එපා කියනවා ඒවා හදන්න පුළුවන් ළමයි ඉන්න අම්මලාට විතරයි කියලා. තලිසා අහනවා මේ වගේ ඒවා කලිනුත් හදලා තියෙද, ඒ වගෙම ඒවා වැඩ කරලා තියෙද කියලත්? කැට්ලින් ආර්යාව ඔව් දෙවතාවක්ම කියලා පටන් ගන්නවා මුල් වතාවෙදි ඒකක් හදපු එක ගැන. ඒ ජොන් ස්නෝ වෙනුවෙන්.. එයා වසංගතයක් හැදිලා පන ඇද ඇද ඉනෙද්දි ඒකක් හදපු එක ගැන. මුලින් නෙඩ් ස්ටාක් ජොන් ව අරගෙන ආපු වෙලේ තමං ජොන් ව මරන්න කියලා දෙවියන් ගෙන් ඉල්ලපු එක.. පස්සෙ ජොන් ඒ අසනීප උනාම ඒ කියපු කතා අත් ඇරලා දෙවියන්ගෙන් සමාව ඉල්ලලා ජොන් ගෙ ජීවිතේ බේරලා දෙන්න කියල ඉල්ලපු හැටි, එයාව තමන්ගෙම ළමයෙක් වගේ හදා ගන්නව, ස්ටාක් වාසගම දෙනවා ඉයලා පොරොන්දු උන හැටි.. ඒ වගෙම ජොන් සනීප උනාට පස්සෙ තමන්ට ඒ පොරොන්දු සේරම අමතක උන හැටිත් කිව්ව.. කැට්ලින් ආර්යාව කියන්නෙ තමන්ගෙ පවුලට ආපු හැම නරකක්ම එන්න පටන් ගත්තෙ පස්සෙ තමං ඒ කරපු නරක වැඩෙන් කියලා. ජොන් ට කරපු අසාධාරනේට දෙවියො තමන්ට දඬුවම් දෙන බව.
කින්ග්ස්ලෑන්ඩින්
ජොෆ්රි ගෙ ඇඳුම් මහන කෙනා ජොෆ්රි එක්ක රෙදි තෝරන අතරෙ පැත්තක වාඩි වෙලා ඉන්න සර්සි ජොෆ්රි එක්ක ටයිරෙල් ලා ගැන කතා කරන්න ගන්නවා. මාජරී ගැන වැඩියෙන්ම එයා අඳින ඒව ගැන එයාගෙ සමාජ සේවෙ ගැන එහෙම. ඒත් ජොෆ්රි ව නම් කතාවට අල්ල ගන්න බැරි වෙනවා.. මේක පලක් නැති කතාවක් කියලා ජොෆ්රි කතාව අත් අරිනවා.
මේ අතරෙ සන්සා සූදානම් වෙන ගමන් ඉන්නෙ, ඇඳුම් අඳින්න උදව් කරන ශේ ඒක කරන අතරෙදි සන්සා ගෙන් අහනවා බේලිශ් ගැන. බේලිශ් කියපු දේවල් ගැන.. එයා විශේශ දෙයක් කීවොත් හරි සන්සා ට මොනා හරි කරන්න හැදුවොත් හරි ශේ කියන්නෙ එයාට ඒක කියන්නලු.. සන්සා අහනවා ඇයි මං ඔයාට කියන්නෙ කියලා.. ශේ කියනවා එතකොට එයාට බේලිශ් ව නවත්තන්න පුළුවන්ලු.
ඒ එක්කම වගේ සන්සා ව හම්බ වෙන්න එනවා සෙර් ලොරාස් ටයිරෙල්. එයා එන්නෙ සන්සා ව එක්කගෙන යන්න මාජරී ගෙ පණිවිඩේකට.
මාජරී, එයාගෙ ආච්චි ඔලෙනා ටයිරෙල් ආර්යාව එක්ක සන්සා එනකල් බලාගෙන ඉන්නෙ. ඒ ඇවිත් කතා කරනකොට ඔලෙනා ආර්යාව සන්සා එක්ක කියනවා හයිගාඩ්න් වල මේස් ටයිරෙල් රෙන්ලි ට රජ වෙන්න උදව් කරපු එක මෝඩකම්ක් කියලා.., එයා දිගටම ටයිරෙල් අයගෙ මෝඩ වැඩ ගැන කතා කරන්නෙ හරියට සන්සා ගෙ විශ්වාසෙ ගන්න වගේ.. ඒ අතරෙරෙන්ලි ගෙ හොඳත් අරහෙන් මෙහෙන් කියනවා.. මේ කතාවලින් ඔලෙනා ආර්යාව කතාව හරවනවා ජොෆ්රි පැත්තට. සන්සා ගෙන් අහනවා ජොෆ්රි මොන වගේ කෙනෙක්ද? අපිට එයාගෙ සමහර දේවල් ආරංචිය් කියලා.. ඒත් සන්සා නම් උත්තර දෙන්න යන්නෙ නෑ මුලින්. පස්සෙ ඔලෙනා ආර්යාව එක එක ඒවා කියලා සන්සා ව ඇත්ත කියන තත්වෙට ගන්නවා. එතකොට කියනවා සන්සා ජොෆ්රි රාක්ශයෙක් වගේ කෙනෙක් බව.
ටිරියන් තාත්තා එක්ක කතාවෙන් පස්සෙ එයාගෙ තැනට එද්දි මෙන්න එහෙ ශේ ඇවිත් ඉන්නවා... ටිරියන් ශේ ව දැකපු ගමන් කරන්නෙ අනටුරු අඟවන එක.. තවත් ආයෙ මෙහෙ එන්න එපා මොකද එයාගෙ තාත්තා හොයන නිසා කියලා.. ශේ ඇවිත් ඉන්නෙ විශේශ පණිව්ඩියක් එක්ක. ඒ තමයි සන්සා ව ආරක්ශා කර ගන්න ඕනෙ කියන එක කියන්න, විශේශෙන් බේලිශ් ගෙන්.
ඊලඟ දේ තමයි.. ජොෆ්රි ගෙ කැඳවුමකට මාජරී එනවා ජොෆ්රි ව හම්බ වෙන්න. ජොෆ්රි එන්න කියලා තියෙන්නෙ එයා දඩයම් වලට පිටත් වෙන්න කලින් මාජරී ට ඕනෙ හැම දේම මෙහෙ තියෙනවද බලන්න.. ඒ ලැබුන අවස්ථාවන් මාජරී උපරිම ප්රයෝජන ගන්න බලන්නෙ ජොෆ්රි ට රෙන්ලි ගෙ වැරදි එහෙම කියලා ජොෆ්රි ව නම්ම ගන්න.
ප්රාකාරෙන් එපිට
ජොන් මැන්ස් රේඩර් එක්ක යනින් ගමන් මැන්ස් ජොන් ට පැහැදිලි කරනවා එයා මේ සේනවා එකතු කර ගත් හැටි. එකිනෙක්ට වෙනස් භාශා 7ක් කතා කරන එක එක ජාතියට හතුරු ගෝත්ර මෙච්චර ගොඩක් එකතු කරගෙන හමුදාවක් හදා ගත් හැටි. මැන්ස් ඒ අයව එකතු කර ගත්තෙ ඒ අය හැමෝම ඉක්මනින් දකුණට ගියේ නැත්නම් හැමෙටම මැරුම් කන්න වෙන්වා කියන කතාව කියපු නිසාලු.. ඔන්න මග තව දෙයක්. උඩ බලාගෙන හෙල්ලෙන්නෙ නැතුව ඉන්න, ඇහේ සුදු විතරක් පේන මේ තමයි ඔරෙල්.. ඔරෙල් කියන්නෙ ***** කෙනෙක්. එයාට පුළුවන් සත්තුන්ගෙ ඇඟට ඇතුල් වෙලා ඇවිදින්න, ඇතුල් වෙච්ච සතාව පාලනේ කරන්නත්.. මේ වැඩේ කරන්නෙ ඔත්තු බලන්න.
මේ අතරෙ අනෙක් පැත්තෙන් අණ දෙන ප්රධානී ජියෝ මොර්මන්ට් එක්යාගෙ ගෝලයො ටිකත් එක්ක ආයෙම ප්රාකාරෙට යන ගමන්. සෑම් යන්නෙ අන්තිමටම අඬ අඬ. ඒ උනාට රාස්ට් කිට්ටුවට ඇවිල්ලා සවුත්තුව දානවා හෙමින් යන එකටයි, අඬන එකටට්යි යුද්ධෙ වෙලේදි හැංගුන එකටයි. අන්තිමේ සෑම් බිම වැටෙනවා,, රාස්ට් සෑම් ව දාලා යන්න යද්දි සෑම් වැටිලා ඉන්නවා දකින ග්රෙන් , එඩ් දෙන්න ඇවිත් සෑම් ව උස්සනවා...
ඒ එක්කම එතනට එනව අණ දෙන ප්රදානී ජෝ සෑම් හැරි හැරි ඉන්නෙ ඇයි බලන්න. එයා ඇවිත් කියනවා සෑම් ඔයාට මැරෙන්න තහන්ම් කියලා.
No comments:
Post a Comment