බ්‍රාවොස් - Braavos

බ්‍රාවොස් - Braavos


එසොස් වල වයඹ කෙලවරේ... බටහිරින් පටු මුහුදෙනුත් උතුරෙන් ශිවරින් මුහුදත් මායිම් වෙලා තියෙන එසොස් වල තියෙන නිදහස් නගර 9න් බ්‍රාවොස් විශේශ වෙන හේතු ගොඩක් තියෙනවා.. ඒවගෙන් පළවෙනි එක තමා අනෙක් නගර වගේ බ්‍රාවොස් ඉස්සර වැලිරියානුවන්ගෙ කොලනියක් නෙමෙයි.. මේ නගරෙ ගොඩ නගලා තියෙන්නෙ වහල් මිනිස්සු. වැලිරියානුවන්ගෙ බලේ මායිම් නොකර. මුලින් ලොකු එළියක් තිබුණෙ නැති බ්‍රාවොස් වැලිරියා සංහාරයෙන් පස්සෙ සෑහෙන්න ගොඩ නැගුනා.. කොච්චරද කීවොත් මුළු ලෝකෙම තියෙන පොහොසත්ම බැංකුව තියෙන්නෙත් බ්‍රාවොස් වල.වහල් අයගෙන්ම ගොඩනැගුනු නගරයක් නිසාම බ්‍රාවොස් වල වහල් සේවකයන් වහල් වෙළෙඳාම් කියන දේ ගෑවිලා වත් නැහැ.. එයාල සම්පූර්ණෙන්ම වහල්ලු කියන සංකල්පෙ නැතිව ඉන්නෙ.

Iron Bank of Braavos            Image result for iron bank of braavos
මේ තියෙන්නෙ බ්‍රාවොස් වල අයන් බැංකුව (Iron Bank). වෙස්ටෙරොස් වල ගොඩක් අය මෙහෙට ණයයි.




මෙහේ පාලකයා ව හඳුන්වන්නෙ 'සී ලෝඩ්' (Sea Lord) කියලා. සීලෝඩ් කෙනෙක්ව තෝරගන්නෙත් ඡනදයක් තියලා.අපි දන්න එක හිටපු සීලෝඩ් කෙනෙක් තමා සිරියො ෆොරෙල්.

බ්‍රාවොස් වලටම අනන්‍ය වුන සටන් කලාවකුත් තියෙනවා.. 'දිය නැටුම්' (Water Dance) කියලා කියන කඩු හරඹ ක්‍රමයක්.මේ අය කඩු හරඹයේ දක්ශයන් උනත් මොනම වෙලාවක වත් සන්නාහ නම් අඳින්නේ නෑ.




බ්‍රාවොස් වල තියෙන විශේශ දේවල් වලින් ප්‍රධානම දෙයක් තමා 'බ්‍රාවොස් ටයිටන්'(Titan of Braavos) .. මේක බ්‍රාවොස් වලට ඇතුල් වෙන වරායෙ දොරකඩම තියෙන යෝධ මනුස්සයෙක්ගෙ පිළිරුවක්.
Image result for titan of braavos


තව එක විශේශ තැනක් තමයි හවුස් ඔෆ් බ්ලැක් ඇන්ඩ් වයිට්. (House of black and white)  නෝවන්, ජැකන් හැගාර්, ෆේස්ලස් මෑන්.. මේ කෙනා ඉන්න දිහාව තමයි ඒ. ඒක ඇත්තටම පුදබිමක්.. දේවාලයක්, පන්සලක් , පල්ලියක් වගේ තැනක්. බහු මුහුණු දෙවියන්ට කැපවුණු තැනක්.

Image result for house of black and white      Image result for house of black and white  Image result for jaqen h'ghar




No comments:

Post a Comment