රිවරන් වල ටලී කියන්නේ විස්ටීරියස් වලින් පිටුවහල් කරපු හවුස් එකක්. මේ හවුස් එකේ වයසින් වැඩි ජ්‍යෙෂ්ඨ සමාජිකයන්ව හදුන්වන්න භාවිතා කරන්නේ රිවරන් වල අධිපති කියන නාමය. එහෙම නැත්නම් ලෝඩ් පැරමවුන්ට් ඔෆ් ට්‍රයිඩන් කියලා. මේ ට්‍රයිඩන් කියලා කියන්නේ විස්ටීරියස් වල තියෙන ප්‍රධාන ගංගාව කියලා දන්නවා නේ. රෙඩ් වෙඩින් එක වෙනකන් ඒ දේවල් එහෙමම පැවතුනා. ටලීලගේ ලොක්කා තමයි එඩ්මුර් ටලී, පරලෝ සැපත් උනු හොස්ටෙර් ටලීගේ පුත්‍රයා.
රජවරු පස් දෙනාගේ යුද්ධය ඔන්න මෙන්න කියලා තියෙද්දි, ලැනිස්ටර්ලා ඇවිත් ටලීලට ගැහුවා. රිවර්ලෑන්ඩ්ස් නැවත මුදා ගත්ත සටනෙදි, ස්ටාක්ලා ටලීලට උදවු කරපු නිසා ටලීලත් පෙරලා ස්ටාක්ලට උදවු කරා. එදා ඉඳන්, ටලීලට අයිති වෙලා තිබුන සියලුම ඉඩ කඩම් වලිනුයි ඔවුන්ට තිබුන සියලුම පට්ටම වලිනුයි ඔවුන්ව අයින් කරලා දැම්මේ යකඩ සිහසුනට එරෙහිව ටලීලා විරුද්ධ උනා කියලා. රෙඩ් වෙඩින් එකෙන් පස්සේ හවුස් ෆ්රේ විසින් එඩ්මුර් ටලීව අල්ල ගත්තා.
පස්සේ, බ්‍රයිඩන් ටලී හමුදාවත් එක්ක ගිහින් ෆ්රේලගේ ග්රහනයෙන් රිවරන් ආයිමත් මුදා ගන්නවා. මේකෙන් ලොකු යුද්ධයක් ඇති වෙන්න ගියා. එක පැත්තකින් ටලීලා. අනිත් පැත්තෙන් ෆ්රේ සහා ලැනිස්ටර්ලා. කොහොම හරි ජේමි ලැනිස්ටර්ට පුලුවන් උනා එඩ්මූර්ට ඒත්තු ගන්වන්න හමුදාව (ටලීලගේ) යටත් උනොත් ඔවුන්ගේ ජීවිත වලට හානියක් වෙන්නේ නෑ කියලා. අන්තිම සටනෙදි බ්රයිඩන්ට මැරුම් කන්න උනා. එඩ්මූර් ටලී, ඔහුගේ බිරිඳ රොස්ලින් ෆ්රේ සහා ඔහුගේ දරුවා කාස්ටර්ලි රොක් වලට පිටුවහල් කරා.
හවුස් ටලී සලකුණ වෙන්නේ රතු හා නිල් පාට පසුබිමක පිනුමක් ගහනවා වගේ ඉන්න රිදී පාට මාලුවෙක්. ටලීලගේ ආදර්ශ පාඨය වෙන්නේ "පවුල, යුතුකම්, ගෞරවය" කියන එක.
No comments:
Post a Comment