එඩාඩ් ස්ටාක් කින්ග්ස් හෑන්ඩ් ලෙස කවුන්සිලයේ මුලසුන හොබවමින්
සත් රාජධානිය පාළනය කරන රජුට සහ රාජ්‍ය පාළනයට අවශ්‍ය කරන සහය , උපදෙස් ලබා දෙන්න තියෙන වියූහයක් තමයි 'කුඩා මණ්ත්‍රන සභාව' (Small Council) කියන්නේ (මේ කවුන්සිලය අපේ රටේ තියෙන කැබිනට් මණ්ඩලය වගේ එකක්). මේ කවුන්සිලයට පුද්ගලයන් පත් කරන්නේ පාළනය ගෙනියන රජු විසින්. ඒ වගේම තමයි ඒ පුද්ගලයන් කවුන්සිලයේ තනතුරු වලින් ඉවත් කිරීමත් රජුට කරන්න පුළුවන්. ඒත් ඉතින් ඒ වගේ දේකින් ඇති වෙන දේශපාලනික ගැටුම්, කුමන්ත්‍රන සහ ලේ වැගිරීම් වලින් තමයි නතර වෙන්නේ.
කවුන්සිලය මගින් ඉදිරිපත් කරන යෝජනා ආදියට ඇහුම්කන් දෙන රජු තමයි කවුන්සිලයේ ප්‍රධානියා විදියට සැලකෙන්නේ. කවුන්සිලයෙන් ඉදිරිපත් වෙන යෝජනා නීතියක් විදියට සම්මත කරන්න පුළුවන් බලය තියෙන්නෙත් රජුට විතරයි. කවුන්සිලයේ ඉන්න රජුගේ ප්‍රධානම උපදේශයා වන 'කින්ග්ස් හෑන්ඩ්', රජු කවුන්සිලයේ අසුන් ගන්නේ නැති අවස්ථා වලදි රජුගේ නිත්‍ය නියෝජිතයා විදියට කවුන්සිලයේ ප්‍රධාන තැන ගන්නවා. ඒ වගේම තමයි බලයේ ඉන්න රජු නියමිත වයසට පත් වෙලා නැත්නම්, ඔහු හෝ ඇය වෙනුවෙන් රාජ්‍ය පාළනය ගෙනියන පුද්ගලයා (Regent) මේ කවුන්සිලයේ රජුගේ තැන අරන් ක්‍රියා කරනවා.
මේ ස්මෝල් කවුන්සිලය පැවැත්වෙන්නේ 'කින්ග්ස් ලෑන්ඩින්' වල 'රෙඩ් කීප්' බළකොටුවේ.
සංයුතිය
කවුන්සිලය සමාන්‍යෙන් තනතුරු හතකින් සමන්විත වෙනවා. කොහොම උනත් තනතුරු හතම කවුන්සිලයේ නියෝජනයක් වෙනවා නම් දක්නට ලැබෙන්නේ නෑ.
හෑන්ඩ් ඔෆ් ද කින්ග් - කවුන්සිලයේ ප්‍රධානත්වය ගනී. රජු නොමැති අවස්ථා වලදී රජු වෙනුවෙන් තීරණ ගෙන ක්‍රියාත්මක කරයි.
මාස්ටර් ඔෆ් වෝ(ර්) - රාජධානියේ ප්‍රධාන උපායදූතයා මෙන්ම හමුදා අණ දෙන්නා ය. පෙනුන විදියට මේ තනතුර සර්සි ලැනිස්ටර් ගේ නිර්මානයක්.
මාස්ටර් ඔෆ් කොයින් - රාජධානියේ භාණ්ඩාගාරිකවරයා ය.
මාස්ටර් ඔෆ් විස්පරර්ස් - රාජධානියේ බුද්ධි අංශ ප්‍රධානියා ය. රාජධානියෙත් ඉන් පිටතත් සිදු වන වැදගත් සිදුවීම ගවේශනය කොට තොරතුරු එක් රැස් කොට වාර්ථා කිරීම මොහුට අයත් වේ.
මාස්ටර් ඔෆ් ලෝ(ව්)ස් - රාජධානියේ ප්‍රධාන නීති උපදේශකවරයා ය. රාජ නීතිය රැකීම සහ රෙඩ් කීප් බළකොටුවේ සිර මැදිරි පාලනය මොහුට අයත් වේ.
මාස්ටර් ඔෆ් ෂිප්ස් - රාජකීය නාවික හමුදාව සහ නාවික ආරක්ශන විධික්‍රම අධීක්ශනය කිරීම මොහුට අයත් වේ.
ලෝඩ් කමාන්ඩර් ඔෆ් කින්ග්ස් ගාර්ඩ් - රාජධානියේ ප්‍රධාන ආරක්ශක උපදේශකයා ය. මූලික වශයෙන් ගොඩබිම සිදුවන හමුදා කටයුතු පිළිබඳව උපදේශකවරයෙක් ලෙසට ක්‍රියා කරයි.
ග්‍රෑන්ඩ් මේස්ටර් - රෙඩ් කීප් බළකොටුව වෙත අනුයුක්ත කොට ඇති මේස්ටර් වරයා ඉබේම වාගේ ස්මෝල් කවුන්සිලයේ තනතුරකට පත් වෙයි. අනෙක් ඒවා මෙන් මේ තනතුර සඳහා රජුට කෙනෙකුන් පත් කල නොහැක, ආර්ක්මේස්ටර්වරු තෝරා එවන මේස්ටර් කෙනෙක් මේ තනතුර සඳහා පත් වෙයි. ඒ නිසාම මෙම තනතුර අනෙක් ඒවාට වඩා විශේෂත්වයක් උසුලයි.
සමාජිකයින්
දෙවනි ඒරිස් ටාගේරියන්(Mad King) යටතේ
හෑන්ඩ් ඔෆ් ද කින්ග් - ටයිවින් ලැනිස්ටර්.
මාස්ටර් ඔෆ් කොයින් - සඳහනක් නැත.
මාස්ටර් ඔෆ් විස්පරර්ස් - වේරිස්.
මාස්ටර් ඔෆ් ලෝ(ව්)ස් - සඳහනක් නැත.
මාස්ටර් ඔෆ් ෂිප්ස් - සඳහනක් නැත.
ලෝඩ් කමාන්ඩර් ඔෆ් කින්ග්ස් ගාර්ඩ් - සෙර් ජෙරල්ඩ් හයිටවර්.
ග්‍රෑන්ඩ් මේස්ටර් - පයිසෙල්.
මාස්ටර් ඔෆ් වෝ(ර්) (මෙම කාලය වන විට මෙවැනි තනතුරක් තිබුනේ නැත)
රොබට් බැරතියන් යටතේ
හෑන්ඩ් ඔෆ් ද කින්ග් - ජොන් ඇරින්.
එඩාඩ් ස්ටාක් (ජොන් ඇරින් ගේ හදිසි මරණයෙන් පසුව)
මාස්ටර් ඔෆ් කොයින් - පීටර් බේලිෂ් හෙවත් ලිට්ල් ෆින්ගර්.
මාස්ටර් ඔෆ් විස්පරර්ස් - වේරිස්.
මාස්ටර් ඔෆ් ලෝ(ව්)ස් - රෙන්ලි බැරතියන්.
මාස්ටර් ඔෆ් ෂිප්ස් - ස්ටැනිස් බැරතියන්.
ලෝඩ් කමාන්ඩර් ඔෆ් කින්ග්ස් ගාර්ඩ් - සෙර් බැරිස්ටන් සෙල්මි.
ග්‍රෑන්ඩ් මේස්ටර් - පයිසෙල්.
මාස්ටර් ඔෆ් වෝ(ර්) (මෙම කාලය වන විට මෙවැනි තනතුරක් තිබුනේ නැත)
ජොෆ්‍රි බැරතියන් යටතේ
ක්වීන් රීජන්ට් - සර්සි ලැනිස්ටර්
හෑන්ඩ් ඔෆ් ද කින්ග් - ටිරියන් ලැනිස්ටර් (ටයිවින් ලැනිස්ටර් වෙනුවට කින්ග්ස් හෑන්ඩ් තන්තුරේ වැඩ බලන ලදි )
මාස්ටර් ඔෆ් කොයින් - පීටර් බේලිෂ් හෙවත් ලිට්ල් ෆින්ගර්.
මාස්ටර් ඔෆ් විස්පරර්ස් - වේරිස්.
මාස්ටර් ඔෆ් ලෝ(ව්)ස් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
මාස්ටර් ඔෆ් ෂිප්ස් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
ලෝඩ් කමාන්ඩර් ඔෆ් කින්ග්ස් ගාර්ඩ් -
ග්‍රෑන්ඩ් මේස්ටර් - පයිසෙල් (ටිරියන් ලැනිස්ටර් විසින් පයිසෙල් ව එම තනතුරින් ඉවත් කොට සිරගත කරන ලදී. නමුත් එම තනතුරට වෙනකෙක් පත් කිරිමේ බලයක් ටිරියන් ට නොතිබුන නිසා තනතුර යම් කාලයකට හිස්ව පැවතුනි.)
මාස්ටර් ඔෆ් වෝ(ර්) (මෙම කාලය වන විට මෙවැනි තනතුරක් තිබුනේ නැත)
*බ්ලැක්වෝටර් යුද්ධයෙන් පසුව ස්මෝල් කවුන්සිලයේ තනතුරු වල ඉක්මන් වෙනසක් සිදු විය.
ක්වීන් රීජන්ට් - සර්සි ලැනිස්ටර්
හෑන්ඩ් ඔෆ් ද කින්ග් - ටයිවින් ලැනිස්ටර්
මාස්ටර් ඔෆ් කොයින් - ටිරියන් ලැනිස්ටර්.
මාස්ටර් ඔෆ් විස්පරර්ස් - වේරිස්.
මාස්ටර් ඔෆ් ලෝ(ව්)ස් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
මාස්ටර් ඔෆ් ෂිප්ස් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
ලෝඩ් කමාන්ඩර් ඔෆ් කින්ග්ස් ගාර්ඩ් -
ග්‍රෑන්ඩ් මේස්ටර් - පයිසෙල්.
ටොම්මන් බැරතියන් යටතේ
ක්වීන් රීජන්ට් - සර්සි ලැනිස්ටර්
හෑන්ඩ් ඔෆ් ද කින්ග් - ටයිවින් ලැනිස්ටර්
මාස්ටර් ඔෆ් කොයින් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
මාස්ටර් ඔෆ් විස්පරර්ස් - වේරිස්.
මාස්ටර් ඔෆ් ලෝ(ව්)ස් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
මාස්ටර් ඔෆ් ෂිප්ස් - මේස් ටයිරෙල්
ලෝඩ් කමාන්ඩර් ඔෆ් කින්ග්ස් ගාර්ඩ් -
ග්‍රෑන්ඩ් මේස්ටර් - පයිසෙල්.
උපදේශක - ඔබෙරින් මාටෙල්
*ජොෆ්‍රි බැරතියන්ට වස දී ඝාතනය කලේ යැයි චෝදනා එල්ල වූ ටිරියන් ලැනිස්ටර් ට එරෙහිව පැවැත් වූ නඩු විභාගයෙන් පසුව සහ ටයිවින් ලැනිස්ටර් ගේ ඝාතනයෙන් පසුව කවුන්සිලයේ තනතුරු වල විශාල වෙනසක් සිදු විය.
ක්වීන් මදර් - සර්සි ලැනිස්ටර්
හෑන්ඩ් ඔෆ් ද කින්ග් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
මාස්ටර් ඔෆ් කොයින් - මේස් ටයිරෙල්
මාස්ටර් ඔෆ් විස්පරර්ස් - කයිබර්න්.
මාස්ටර් ඔෆ් ලෝ(ව්)ස් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
මාස්ටර් ඔෆ් ෂිප්ස් - මේස් ටයිරෙල්
ලෝඩ් කමාන්ඩර් ඔෆ් කින්ග්ස් ගාර්ඩ් -
ග්‍රෑන්ඩ් මේස්ටර් - පයිසෙල්.
*'ෆේත් ඔෆ් සෙවන්' විසින් සර්සි ලැනිස්ටර් සිරගත කිරීමත් සමග ග්‍රෑන්ඩ් මේස්ටර් පයිසෙල්, කාස්ටර්ලි රොක් වල සිටි කේවන් ට (ටයිවින් ලැනිස්ටර් ගේ සහෝදරයා) පැමිණ හෑන්ඩ් ඔෆ් ද කින්ග් වන ලෙසට පණිවිඩයක් යවන ලදි.
හෑන්ඩ් ඔෆ් ද කින්ග් - සෙර් කේවන් ලැනිස්ටර්
මාස්ටර් ඔෆ් කොයින් - මේස් ටයිරෙල්
මාස්ටර් ඔෆ් විස්පරර්ස් - කයිබර්න්.
මාස්ටර් ඔෆ් ලෝ(ව්)ස් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
මාස්ටර් ඔෆ් ෂිප්ස් - මේස් ටයිරෙල්
ලෝඩ් කමාන්ඩර් ඔෆ් කින්ග්ස් ගාර්ඩ් -
ග්‍රෑන්ඩ් මේස්ටර් - පයිසෙල්.
*කේවන් ලැනිස්ටර් විසින් කයිබර්න් කවුන්සිලයෙන් ඉවත් කොට, ඕලෙනා ටයිරෙල් හට කවුන්සිලයේ තනතුරක් නිර්මානය කොට දුන්නාය.
හෑන්ඩ් ඔෆ් ද කින්ග් - සෙර් කේවන් ලැනිස්ටර්
මාස්ටර් ඔෆ් කොයින් - මේස් ටයිරෙල්
මාස්ටර් ඔෆ් විස්පරර්ස් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
මාස්ටර් ඔෆ් ලෝ(ව්)ස් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
මාස්ටර් ඔෆ් ෂිප්ස් - මේස් ටයිරෙල්
ලෝඩ් කමාන්ඩර් ඔෆ් කින්ග්ස් ගාර්ඩ් -
ග්‍රෑන්ඩ් මේස්ටර් - පයිසෙල්.
උපදේශක - ඕලෙනා ටයිරෙල්
සර්සි ලැනිස්ටර් යටතේ
හෑන්ඩ් ඔෆ් ද ක්වීන් - කයිබර්න්
මාස්ටර් ඔෆ් කොයින් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
මාස්ටර් ඔෆ් විස්පරර්ස් - කයිබර්න්
මාස්ටර් ඔෆ් ලෝ(ව්)ස් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
මාස්ටර් ඔෆ් ෂිප්ස් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
ලෝඩ් කමාන්ඩර් ඔෆ් කින්ග්ස් ගාර්ඩ් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
ග්‍රෑන්ඩ් මේස්ටර් - තනතුර සම්පූර්ණ කොට තිබුනේ නැත.
ඩැනේරියස් ටාගේරියන්ගේ කවුන්සිලය
මෙරීන් වල ඔඩු දුවමින් පැවති වහල් භාවය අහෝසි කර එහි රැජින බවට තමන් විසින්ම ප්‍රකාශයට පත් කර ගත් ඩැනේරියස් ටාගේරියන් විසින් තමන්ගේම කුඩා මණ්ත්‍රන සභාව නිර්මානය කර ගන්නා ලදී.
උපදේශක සහ ජෙනරාල් - සෙර් ජෝරා මෝර්මොන්ට්
'සෙකන්ඩ් සන්ස්' හි අණ දෙන්නා - ඩාරියො නහාරිස්
'අන්සලීඩ්' හි අණ දෙන්නා - ග්‍රේ වෝම්
උපදේශක සහ ක්වීන්ස් ගාර්ඩ් හි අණ දෙන්නා - සෙර් බැරිස්ටන් සෙල්මි
උපදේශක, භාෂා පරිවර්ථක සහ උපස්තායිකා - මෙසන්ඩේ
*ජෝරා මෝර්මොන්ට් ඔත්තුකරුවෙක් බවට හෙලි වීමෙන් අනතුරුව ඔහු පිටුවහල් කරන ලදී. ඊට අමතරව මෙරීන් ජනගහනයේ ප්‍රධාන ජන වර්ග නියෝජනය කෙරෙන පරිදි නියෝජිතයන් කවුන්සිලයට පත් කරන ලදී.
'ග්‍රේට් මාස්ටර්ස්' වරුන්ගේ නියෝජනය - හිස්ඩාර් සෝ ලෝරැක්
මෙරීන්හි නිදහස් මිනිසුන්ගේ නියෝජනය - මොසැඩොර්
'සෙකන්ඩ් සන්ස්' හි අණ දෙන්නා - ඩාරියො නහාරිස්
'අන්සලීඩ්' හි අණ දෙන්නා - ග්‍රේ වෝම්
උපදේශක සහ ක්වීන්ස් ගාර්ඩ් හි අණ දෙන්නා - සෙර් බැරිස්ටන් සෙල්මි
උපදේශක, භාෂා පරිවර්ථක සහ උපස්තායිකා - මෙසන්ඩේ
*ටිරියන් ලැනිස්ටර් සහ වේරිස් මෙරීන් වලට පලාවිත් ඩැනේරියස් ටාගේරියන් ට තම පක්ෂපාතීත්වය පල කිරීමත් සමග ඔවුන් දෙදෙනාද කවුන්සිලයට එක් කර ගන්නා ලදි.
කවුන්සිලයේ නායකයා - ටිරියන් ලැනිස්ටර්
මාස්ටර් ඔෆ් විස්පරර්ස් - වේරිස්
'අන්සලීඩ්' හි අණ දෙන්නා - ග්‍රේ වෝම්
උපදේශක, භාෂා පරිවර්ථක - මෙසන්ඩේ
*යාරා සහ තියෝන් ග්‍රෙජෝයි පැමිණ තම සහය ඩැනේරියස් හට පල කරන ලදි. මෙරීන් අත්හැර වෙස්ටෙරෝස් බලා යාත්‍රා කිරීමට ප්‍රථම ඩැනේරියස්, මෙරීන් වල පාලනය ඩාරියො නහාරිස් හට පැවරුවේය. ඊට අමතරව ඩෝන් වල සහ ටයිරෙල් සහයද ඩැනේරියස් වෙත ලැබුනේය.
හෑන්ඩ් ඔෆ් ද ක්වීන් - ටිරියන් ලැනිස්ටර්
මාස්ටර් ඔෆ් විස්පරර්ස් - වේරිස්
'අන්සලීඩ්' හි අණ දෙන්නා - ග්‍රේ වෝම්
'අයන් ෆ්ලීට්' හි අණ දෙන්නා - යාරා ග්‍රෙජෝයි
ඩෝන් වල නියෝජනය - එල්ලාරියා සෑන්ඩ්
රීච් වල නියෝජනය - ඕලෙනා ටයිරෙල්
උපදේශක, භාෂා පරිවර්ථක - මෙසන්ඩේ
No comments:
Post a Comment