උතුරු වාසීන් බහුතරයත් වෙස්ටෙරොස් වල අනෙක් ප්‍රදේශ කිහිපෙක සුළුතරයකත් ඇදහීම වෙන්නෙ පැරණි වන දෙවිවරු. පැරණි වන දෙවිවරු කියලා හැඳින්වුවත් නිශ්චිත ගණනක්, නමක් ගමක් නැති දෙවිවරු තමා ඉන්නෙ. මේ දෙවිවරු කොටසට අයිති වෙන්නෙ ගස් ගල් වගෙම වතුර පාරවලුත්.
පැරණි වන දෙවිවරු ඇදහීමෙදි විශ්වාස කරන දේවල් හා ආචාර විධි මොනවද කියලා බැළුවොත්, සැමරීම් උත්සව, පූජනීය පොත් පූජකවරු එහෙම කවුරුවත් ඇත්තෙ නැහැ. ඒ වෙනුවට තියෙන්නෙ වනයෙ කොටසක් සීමා පවුරු වලින් කරලා හදපු ගොඩ්වුඩ්ස්, මිනිස්සුන්ට නිහඬව මනස ඒකාග්‍ර කර ගන්න හදපු. ගොඩ්වුඩ් එකක මැද තියෙන වියර්වුඩ් ගහට කියන්නෙ හදවත කියලා. මේ පූජනීය වියර්වුඩ් ගස් අල තමයි මූණු කැටයම් කරලා තියෙන්නෙ. අනෙක් විශේශ දේ තමයි පරණ දෙවිවරු අදහන අය දිවුරුම් දෙන්නෙ, පොරොන්දු දෙන්නෙ මේ වියර්වුඩ් ගහ ලඟ ඒ ගහ සාක්ශි කරගෙන.
පැරණි වන දෙවිවරු වන්දනාව ඇරඹෙන්නෙ කැළෑ ළමයින්ගෙන් - Children of the forest. අවුරුදු දහස් ගනනකට කළින් වියර්වුඩ් ගස් වල මූණු කැටයම් කරන්නෙ මේ කැලෑ ළමයි තමයි. ඊට තවත් අවුරුදු ගානකට පස්සෙ පළමු මිනිස්සු එනවා. ඒ අය එක්ක කැළෑ ළමයි සටන් කරලා ගිවිසුමකට එනවා ඝන වනය ඒ අයටත්, සාමාන්‍ය භූමිය පළමු මිනිස්සුන්ටත් කියලා.. එයින් තවත් කාලෙකට පස්සෙ තමයි පළමු මිනිස්සුත් පැරණි වන දෙවිවරු අදහන්න ගන්නෙ.
පහු කාලීනව වයිට් වෝකර්ස් ලගෙ ආක්‍රමණයත් එක්ක කැළෑ ළමයි අතුරුදහන් වෙලා ගියත් පළමු මිනිස්සු පැරණි වන දෙවිවරු දැඩිව ග්‍රහනය කරගෙන තිබුණා. තවත් කාලෙකට පස්සෙ අන්දාල් වරුන්ගෙ ආක්‍රමණය එනකල්ම මේ ඇදහීම තදට තිබුණත් ඒ ආගමනයත් එක්ක පැරණි වන දෙවිවරු ඇදහීම තරමකට සීමා වෙනවා. ඒ අයගෙ ඇදහීම වෙන්නෙ සත්හි ආශිර්වාදය නිසා වෙස්ටෙරොස් පහ්ළ ප්‍රදේශය පුරාම වගේ තියෙන වියර්වුඩ් ගස් අන්දාල් අය කපා දානවා. අන්දාල් වරුන්ට උතුර ආක්‍රමණය කර ගන්න බැරි වෙන නිසා උතුරෙදි ඇදහීම ඉතිරි වෙනවා. උතුරු පළාතෙත් සත් හි ආශිර්වාදය අදහන අය නැතුවම නෙමේ. ඒත් ඒ සුළුතරයක් විතරයි. ප්‍රාකාරෙන් එපිට උතුරු ප්‍රදේශය ගත්තම ඒ මුළු උතුරු වාසීන්ගෙම එකම ඇදහිල්ල වෙන්නෙ පැරණි වන දෙවිවරු විතරයි.
පැරණි වන දෙවිවරු ඇදහීමෙදි විශ්වාස කරන දේවල් හා ආචාර විධි මොනවද කියලා බැළුවොත්, සැමරීම් උත්සව, පූජනීය පොත් පූජකවරු එහෙම කවුරුවත් ඇත්තෙ නැහැ. ඒ වෙනුවට තියෙන්නෙ වනයෙ කොටසක් සීමා පවුරු වලින් කරලා හදපු ගොඩ්වුඩ්ස්, මිනිස්සුන්ට නිහඬව මනස ඒකාග්‍ර කර ගන්න හදපු. ගොඩ්වුඩ් එකක මැද තියෙන වියර්වුඩ් ගහට කියන්නෙ හදවත කියලා. මේ පූජනීය වියර්වුඩ් ගස් අල තමයි මූණු කැටයම් කරලා තියෙන්නෙ. අනෙක් විශේශ දේ තමයි පරණ දෙවිවරු අදහන අය දිවුරුම් දෙන්නෙ, පොරොන්දු දෙන්නෙ මේ වියර්වුඩ් ගහ ලඟ ඒ ගහ සාක්ශි කරගෙන.
ජොන් ස්නෝ, සෑම් නිශාචර සුරැකුම් බලකායෙ දිවුරුම දීම |
පැරණි වන දෙවිවරු වන්දනාව ඇරඹෙන්නෙ කැළෑ ළමයින්ගෙන් - Children of the forest. අවුරුදු දහස් ගනනකට කළින් වියර්වුඩ් ගස් වල මූණු කැටයම් කරන්නෙ මේ කැලෑ ළමයි තමයි. ඊට තවත් අවුරුදු ගානකට පස්සෙ පළමු මිනිස්සු එනවා. ඒ අය එක්ක කැළෑ ළමයි සටන් කරලා ගිවිසුමකට එනවා ඝන වනය ඒ අයටත්, සාමාන්‍ය භූමිය පළමු මිනිස්සුන්ටත් කියලා.. එයින් තවත් කාලෙකට පස්සෙ තමයි පළමු මිනිස්සුත් පැරණි වන දෙවිවරු අදහන්න ගන්නෙ.
No comments:
Post a Comment