නිශා සුරැකුම් බලකාය (Night’s Watch) කියන්නේ ප්‍රකාරය (The Wall) නමින් හඳුන්වන ඝන අයිස් වලින් නිර්මාණය උනු සැකිල්ලක ආරක්ශාව බාරව ඉන්න නිකායක්. මේ ප්‍රාකාරයෙන් තමයි සත් රාජධානියයි (Seven Kingdoms), ප්රාකාරයට උතුරෙන් තියෙන ප්රදේශයයි වෙන් වෙලා තියෙන්නේ. ප්රාකාරයේ තියෙන ප්‍රධාන බලකොටුව හඳුන්වන්නේ 'කසල් බ්ලැක්' කියලා. මේ නිකායේ ලොක්කා උනේ අණදෙන ප්‍රධානී ජොන් ස්නෝ. ඒත් කාසල් බ්ලැක් වල ඇති උන කැරැල්ලක් නිසා ජොන් ස්නෝට පිහි ඇනුම් කාලා මැරෙන්න උනා. ජොන් ස්නෝට කලින් අණදෙන ප්‍රධානියා උනේ ජෝ මෝර්මොන්ට්. එයාටත් මැරෙන්න සිද්ධ උනේ කැරැල්ලක් නිසා. නිකායේ වර්ථමාන අණදෙන ප්‍රධානිය කවුද කියන එක ගැන මේ වෙනකන් තීරනයක් නෑ. කවුරු හරි පත් කර ගන්නකම් එඩිසන් ටොලෙට් තමයි වැඩ බලන අණදෙන ප්‍රධානියා විදියට ඉන්නේ.
නිශා සුරැකුම් බලකාය කණ්ඩායම් තුනකින් සමන්විතයි;
රේන්ජර්ස් (Rangers)
බිල්ඩර්ස් (Builders)
ස්ටුවර්ඩ්ස් (Stewards)
රේන්ජර්ස්ලගේ කාර්ය වෙන්නේ ප්‍රකාරය ආරක්ශා කරන එකයි 'හෝන්ටඩ් ෆොරස්ට්' නමින් හඳුන්වන, ප්‍රකාරයට උතුරෙන් තියෙන විශාල වනාන්තරයේ මුර සංචාර කරන එකයි. බිල්ඩර්ස්ලට තියෙන්නේ ප්රාකාරයයි, ප්‍රාකාරය ඇතුලෙ තියෙන මාලිගා ටිකයි නඩත්තු කරන එක. බලකායේ සමාජිකයින්ට කෑම හදලා දෙන එකයි අවශ්‍ය උපකාර කරන එකයි තමයි ස්ටුවර්ඩ්ස්ලට කරන්න තියෙන්නේ.
ඉතිහාසය....
පුරාවෘත වල හැටියට නිශා සුරැකුම් බළකාය පිහිටුවලා තියෙන්නේ මීට අවුරුදු අටදහසකට විතර කලින්. උතුරු දේශ සීමාවට එහායින් ඉඳලා එන විවිධාකාරයේ තර්ජන (White Walkers, Wildings, Giants) වලින් සත් රාජධානිය රැකගන්න එක තමයි මේ අයගේ ප්‍රධාන කාර්ය වෙන්නේ. හුඟක්ම උතුරුකරයට වෙන්න තියෙන ප්රදේශයි සත් රාජධානියයි වෙන් කරලා ඉදි කරලා තියෙන අඩි හත්සීයක් උස ඝන අයිස් ප්‍රාකාරය නිසා ඒ එන තර්ජන හුඟක්ම අවම වෙලා තියෙනවා.
ඉස්සර නම් මේ නිකායට සෑහෙන පිළිගැනීමක් තිබිලා තියෙනවා. මේකට බඳවගෙන තියෙන්නෙත් වංශාධිපති නිවෙස් වලින් ස්වෙච්චාවෙන් එකතු වෙන අයව විතරයි. මේ නිකායට එකතු වෙලා සේවය කරන එක ඔවුන් සැලකුවේ පාරාර්ථකාමී දෙයක් විදියට. ඒ උනාට දැන් නම් තත්වේ හොඳටම වෙනස් වෙලා. මේ වෙනකොට නිකාය පිරිලා ඉන්නේ අපරාධකාරයොයි, විවිධ වංශාධිපතීන්ගේ අවජාතක ළමයින්ගෙනුයි, උන්ට පේන්න බැරි ඈයොයි, තව සමාජයෙන් කොන් උනු එවුනුයි. මේ නිකාය ආරම්භ කරපු දවසේ ඉඳන්ම මෙහි සමාජිකයින්ගේ ඇඳුම උනේ තනි කලුපාට එකක්. ඒ නිසාම මොවුන් එකිනෙකා හඳුන්වා ගත්තේ 'කළු සහෝදරවරු' කියලා. තවත් සමහරෙක් මේ අයට 'කාක්කො' කියලත් කියනවා. නිකායේ සලකුණ වෙන්නෙත් කළු පාට කාක්කෙක්.
රොබට් බැරතියොන් රජාගේ කාලේ තමයි නිශා සුරැකුම් බළකාය අන්ත විදියට පරිහානියට ලක් උනේ. මොකද 'යකඩ සිහසුන' විසින් සම්පූර්ණයෙන්ම වගේ මේ නිකාය අමතක කරලා දැම්මා. ඒ නිසාම නිකායේ පිරිස් බලයත් සෑහෙන්න අඩු උනා. පිරිස අඩු නිසා ප්‍රාකාරය ඇතුලේ තිබුන මාලිගා හුඟක්ම වගේ අතෑරලා දාන්න සිද්ධ උනා. මේ වෙනකොට නිකායේ සමාජිකයින් විසින් භාවිතා කරන්නේ මාලිගා තුනක් විතරයි. එයිනුත් ලොකුම මාලිගාව වෙන 'කාසල් බ්ලැක්' තමයි ඔවුන් ප්‍රධාන බලකොටුව විදියට පාවිච්චි කරන්නේ.

ප්‍රාකාරය

'කාසල් බ්ලැක්' මාළිගාව
සංවිධාන සැකැස්ම....
කලින් සඳහන් කරපු ආකාරයට මේ නිකාය කොටස් තුනකින් සමන්විතයි. රේන්ජර්ස්, බිල්ඩර්ස් සහ ස්ටුවර්ඩ්ස් විදියට. මේ අයට අයිති කාර්යයනුත් තුන් විදියක්. මේ කණ්ඩයම් තුනටම නායකයන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා පත් කරන්නේ අණදෙන ප්‍රධානී විසින්. ඒ තුන් දෙනා 'ෆ්රස්ට් රේන්ජර්', 'ෆ්රස්ට් බිල්ඩර්', 'ෆ්රස්ට් ස්ටුවර්ඩ්' කියලා හඳුන්වනවා.
නිකායට අයිති හැම මාළිගාවකටම 'මාස්ටර්' (Maester) කියලා කෙනෙක්ව පත් කරලා තියෙනවා. මේ මාස්ටර් පදවියට පත් වෙන අයව සැලකෙන්නේ 'ෆුල් බ්ලැක් බ්‍රදර්ස්' ලා කියලා. හැබැයි මේ අය ඉහතින් සඳහන් කරපු කණ්ඩායම් තුනට අයිති වෙන්නේ නැහැ. මේ මාස්ටර් පදවියට පත් කරන අය අනිත් අයට වඩා හැකියාවෙන් සහ බුද්ධියෙන් වැඩි අය. ඒ වගේම තමයි අනිත් අයට වඩා ඉහල අධ්‍යාපනයකුත් ලබාගෙන තියෙනවා. මේ වෙනකොට මාළිගා තුනක් විතරක් පාවිච්චි කරන නිසා, මාස්ටර්ලා ඉන්නෙත් තුන් දෙනෙක් විතරයි.
නායකත්වය....
නිශා සුරැකුම් බළකායේ නායකයා හඳුන්වන්නේ අණදෙන ප්‍රධානී (Lord Commander) කියලා. අණදෙන ප්‍රධානී තනතුරට පත් වෙන කෙනෙක් තම ජීවිත කාලය පුරාවටම එම තනතුරේ ඉන්නවා. හදිසියේ වත් අණදෙන ප්‍රධානියා මැරුනොත්, නිකායේ අනිත් සමාජිකයින් විසින් වෙන කෙනෙක්ව එම තනතුරට ප්රජාතන්ත්රවාධීව පත් කර ගන්නවා.
කොහොම උනත් හදිසි අසනීප තත්වයක් නිසා හරි තනතුරේ වැඩ පැහැරහැරීම නිසා හරි අණදෙන ප්රධානියෙක්ව තනතුරෙන් පහ කරලා අලුතෙන් කෙනෙක්ව පත් කර ගන්න පුලුවන්ද, එහෙම ක්‍රමයක් තියෙනවද කියන එක ගැන සඳහනක් නම් නෑ.
යුධ ශක්තිය....
රොබට් බැරතියොන්ගේ පාලනයේ අවසාන කාලේදි වගේ නිශා සුරැකුම් බළකාය හොඳටම පිරිහිලා ගියා. ඒ වෙනකොට බළකායේ හිටියේ වයසට ගියපු අයයි, හරි හමන් පුහුණුවක් ලබපු නැති පොඩි කොල්ලො ටිකකුයි, තව අපරාධකාරයො විතරයි. ඒ වෙනකොට ප්‍රාකාරය ඇතුලේ මාළිගා දහනමයක් තිබුනත් මිනිස්සු මදිකම නිසා එයින් දහසයක්ම අතැරලා දැම්මා. මේ වෙනකොට බළකාය පාවිච්චි කරන්නේ මාළිගා තුනක් විතරයි. මැද තියෙන කාසල් බ්ලැක් එක තමයි ප්‍රධාන මාළිගාව විදියට පාවිච්චි කරන්නේ. බටහිර පැත්තෙන් තියෙන 'ෂැඩෝ ටවර්' එකයි, නැගෙනහිර පැත්තෙන් මුහුදට මූණ දාලා වරායේ තියෙන මාළිගාව තමයි අනිත් මාළිගා දෙක.
ජෝ මෝර්මොන්ට් යටතේ බළකාය ප්‍රාකාරයෙන් ඔබ්බට, තව උතුරට වෙන්න ගියපු සංචාරයෙදි බළකායේ සමාජිකයින් තුන්සීයක් විතර නැති උනා. හතරවෙනි කතා සමයෙදි ඇති වෙන 'බැටල් ඔෆ් කාසල් බ්ලැක්' ගැටුමේදි සහ 'වයිල්ඩින්ග්ස්' එහෙම නැත්නම් 'ෆ්‍රී ෆෝක්ස්' අයගෙන් එල්ල උන ප්‍රහාර නිසා, බළකාය තව තවත් පිරිස් බලය අතින් පිරිහිලා ගියා.
ද ගිෆ්ට්....
ද ගිෆ්ට් ප්‍රදේශයේ තියෙන 'මෝල්ස් ටවුන්' නගරය
ප්රාකාරයට දකුණෙන් තියෙන ප්‍රදේශය තමයි 'ද ගිෆ්ට්' කියලා හඳුන්වන්නේ. මේ ප්‍රදේශය, නිශා සුරැකුම් බළකායේ සෘජු පාළනය යටතේ තියෙන්නේ. බළකාය ආරම්භ කරපු අවධියේ හවුස් ස්ටාක් අය තමයි මේ ප්‍රදේශය බළකායට පවරලා දීලා තියෙන්නේ. මේ ප්‍රදේශයෙන් තමයි බළකායට අවශ්‍ය ආහාර පාන සහ වෙනත් දේවල් සැපයෙන්නේ. ද ගිෆ්ට් කියන මේ ප්‍රදේශය වින්ටෆෙල් වල බළාධිකාරයට යටත් ප්‍රදේශයක් නෙමෙයි. ඒ වගේම තමයි මේ ප්‍රදේශය උතුරුකරයේ කොටසක් විදියටත් සැලකෙන්නේ නැහැ.
මේ ප්‍රදේශයේ ඉන්න බහුතරයක් අය 'ස්මෝල්ෆෝක්' කියලා හැඳින්වෙන සාමාන්‍ය
මිනිස්සු. සරලවම කියනව නම් කිසිම වංශාධිපති පවුලකට අයිති නැති මිනිස්සු තමයි මේ ප්‍රදේශයේ ඉන්නේ. ප්රාකාරයට ලඟින්ම තියෙන නගරය තමයි 'මෝල්ස් ටවුන්' කියන්නේ.
දිවුරුම....
නිශා සුරැකුම් බළකායට එකතු වෙන හැම සමාජිකයෙක්ම ශපථ කරන්න ඕන දිවුරුමක් තියෙනවා.

"Hear my words and bear witness to my vow. Night gathers,
and now my watch begins. It shall not end until my death.
I shall take no wife, hold no lands, father no children.
I shall wear no crown and win no glory. I shall live and die at my post.
I am the sword in the darkness. I am the watcher on the walls.
I am the shield that guards the realms of men. I pledge my life and honor
to the Night's Watch, for this night and all the nights to come"
මේ දිවුරුම දෙනවත් එක්ක මොවුන් පොරොන්දු වෙනව විවාහ ජීවිත වලින් ඈත් වෙලා ඉන්නත්, පවුලේ අයගෙන් ඈත් වෙලා ඉන්නත්, ඉඩකඩම් වලට අයිතිවාසිකම් නොකියන්නත්. මේ අයගේ පක්ශපාතිකම රැඳිලා තියෙන්නේ නිශා සුරැකුම් බළකාය එක්ක විතරයි. බළකායට එකතු වෙන අයගේ අතීතේ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. 'මිනිස්සු දාහක්' උනත් මරලා ඇවිත් බළකාය එක්ක එකතු වෙන්න පුලුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ඇවිල්ලා කාලයත් එක්ක බළකායේ ඕනම තනතුරකට පත් වෙන්නත් පුලුවන්. බළකායේ සමාජිකයින් මේ දිවුරුම දෙන්නේ ජීවිත කාලයටම උනත්, සමාජිකයෙක්ට පුලුවන් දඬුවම් විඳින්නේ නැතුව බළකාය හැර දමලා යන්න. ඒත් ඒකට පාලනයේ ඉන්න රජුගේ විශේෂ අවසරය ඕන.
No comments:
Post a Comment