බොහෝ වතැ'ති දෙවියන් - Many Faced God

බොහෝ වතැ'ති - Many Faced God දෙවියන් එහෙම නැත්නම් මරණයේ දෙවියන් - God of Death ව දේවත්වයෙන් සලකන්නේ අමුතු විදියෙ සංස්කෘතියක් තියෙන බ්‍රාවොස් වාසී "අනන්‍යතාවක් නැති මිනිසුන් - Faceless Men" යනුවෙන් හඳුන්වන රහසෙන් මිනී මරණ කොට්ඨාශයක් විසින්.

ඇත්තටම මුහුණු ගොඩක් තියෙන දෙවියන් කියලා වන්දනාමාන කරන්නෙ 'මරණය', මේ අයගෙ විශ්වාසයට අනුව ඉන්න එකම දෙවියන් තමයි මරණය. ඔවුන් කියන්නෙ මුළු ලෝක වාසීන්ම නොදැනුවත් ව හරි වන්දනා කරන්නෙ මේ මරණය කියලා. අනෙක් හැම ආගමකම ඉන්න දෙවිවරු එක එක විදියෙන් මිනිස්සුන්ට පෙනී ඉඳියත් ඒ දෙවියන්ගෙ අන්තර්ගතය මරනය කියලයි කියන්නෙ.

බොහෝ මුහුණු ඇති දෙවියන් අදහන අයට පූජකවරු නැහැ. දේවස්ථානයක් කියලා තියෙන්නෙත් බ්‍රාවොස් වල තියෙන කළු-සුදු නිවහන The house of Black and White විතරයි.  තමන්ගෙ කියලා එක සංකේතයක් නැහැ. ඒ වෙනුවට අනෙක් ආගම් වල මරණය හඟවන සංකේත ටික ඔක්කොම වගේ කළු-සුදු නිවහනේ සමතැනක් දීලා පිළිරූ විදියට ප්‍රදර්ශනයට තියලා තියෙනවා.


    Black and White Lion of Knight Black GoatBlack and White Stranger
  • සත්හි ආශිර්වාදයේ අමුත්තා                            
  • පැරණි වන දෙවිවරුන්ගේ කැටයම් කළ වියර්වුඩ් ගස
  • ගිළුණු දෙවියන්ගේ පාවෙන කොටයකින් ගත් මිනිස් රුවක්
  • ආලෝකයේ දෙවියන්ගේ දැවෙන හදවත     
  • ඛෝර් හි කළු එළුවා
  • ලිස් හි වැළපෙන ගැහැණිය
  • රාත්‍රියේහි සිංහයා

මරණය කියන්නෙ මුහුණු ගොඩක් තියෙන දෙවියන් ගෙන්  අසනීප වෙලා දුක් විඳින, ජීවිතේ විඳවන මිනිස්සුන්ට ලැබුණු තෑග්ගක් විදියට විශ්වාස අනන්‍යතාවක් නැති මිනිසුන් තමන්ව හඳුන්වා ගන්නෙ ඒ දෙවියන් දෙන දේ දෙවියන් වෙනුවට මිනිස්සුන්ට ලබාදෙන දෙවියන්ගෙ සේවකයන් හැටියට.

මරණයේ දෙවියන්ගේ සේවකයන් විදියට ඔවුන්ට අයිතිය තියෙන්නෙ දෙවියන් තෝරපු කෙනෙක්ට මරණය ගේන්න උදව් කරන එක විතරයි. තමන්ගෙ පෞද්ගලික හේතු වලට අනෙක් අයව මරන එක නම් තහනම් වැඩක්. ඒ වගෙම අනන්‍යතාවක් නැති කෙනෙක් විදියට එන හැම කෙනෙක්ම තමන්ගෙ පෞද්ගලික බැඳීම් හැම දේම අත අරින්න ඕනෙ, තමන් 'කිසිවෙක් නොවේ - No One ' කියන දේ පවත්ව ගන්න පුද්ගලික අනන්‍යතා, ආශාවල් හැම දේකින්ම අයින් වෙන්න ඕනෙ. මේ අනන්‍යතා රහිත මිනිසුන් නිතර භාවිතා කරන වැලිරියන් වාක්‍ය ඛණ්ඩයක් හා එයට පිළිතුරු ඛණ්ඩයක් තියෙනවා. ඒ තමයි,
"සියළු මිනිසුන් මිය යා යුතුයි - Valar Morghulis"
"එසේමැයි, සියළු මිනිසුන් මිය යා යුතුමැයි - Valar Dohaeris"

ආචාර විධි හා වන්දනා ක්‍රම මොකුත් නැති මේ ඇදහීමේදි සිද්ධ වෙන එකම දේ තමයි අනන්‍යතාවක් නැති මිනිසුන් විසින් මැරෙන්න ඉන්න අයව මරණ එක. දේවස්ථානය උන කළු-සුදු නිවහන වේදනාවෙන් පෙළෙන මිනිස්සුන්ට  නිතරම විවෘත වෙලා තියෙන්නෙ, ඒ අයට ඇවිත් දේවස්ථානෙ තියෙන වස මිශ්‍ර වතුර පොකුණෙන් වතුර බීලා වේදනාවෙන් තොර සෞම්‍ය මරණයක් ලඟා කර ගන්න පුළුවන්.

Image result for the house of black and whiteImage result for the house of black and white



ඊලඟට ඒ අය මැරුණම අනන්‍යතාවක් නැති අය ඇවිත් අර මළ සිරුරු ගෙනෙහින් ඒවගෙ තියෙන මුහුණ වෙන් කරලා ගන්නවා. මේ මූණු තමයි මේ අය මිණී මැරුම් කරන්න යද්දි වෙස් වළා ගන්න පාවිච්චි කරන්නෙ.

No comments:

Post a Comment