House Lannisters - හවුස් ලැනිස්ටර්ස්

                 


කාස්ටර්ලි රොක් වල ලැනිස්ටස්ලා කියන්නේ විස්ටීරියස් වල ඉන්න පොහොසත්ම සහ බලවත්ම පවුලක් වගේම ඉතාමත් දිගු ඉතිහාසයකට උරුමකම් කියන රාජ වංශයක්. හවුස් බැරතියොන් ඔෆ් කින්ග්ස් ලෑන්ඩින්ග්ස් වල නෂ්ට වීමත් එක්කම සෙවන් කින්ඩම්ස් වල වර්ථමාන රජ පවුල වෙන්නෙත් මේ ලැනිස්ටස්ලා තමයි.

මහද්වීපයේ බටහිර දිගට වෙන්න තමයි ලැනිස්ටස්ලාගේ භූමිය වැටී තියෙන්නේ. මුහුදු පතුලේ සැඟවී යන හිරු දිහාට මූණ පාලා, ලොකු ගලක් උඩ යෙහෙන් වැජඹිලා තියෙන කාස්ටර්ලි රොක් වල ඉඳන් තමයි ලැනිස්ටස්ලා විස්ටීරියස් දිහා ඇහැ ගහගෙන ඉන්නේ. ඉතාමත් කෙටි කාල සීමාවක් ඇතුලත ලැනිස්ටස්ලට පුලුවන් හැට දහසක හමුදාවක් රැස් කර ගන්න. විස්ටීරියස් වල ඉන්න පොහොසත්ම හවුස් එක වෙන නිසාම  ලැනිස්ටස්ලගේ හමුදාව හොඳිනම සන්නද්ධ වෙලා ඉන්නේ. කොහොම උනත් ෆයිව් කින්ග්ස් යුද්ධය, බ්ලැක්වෝටර් යුද්ධය සහ රොබ් ස්ටාක් එක්ක තිබුන යුද්ධය නිසාම ලැනිස්ටස්ලාගේ යුධ ශක්තිය දරුණු ලෙස හීන වෙලා ගියා. රිවරන් වටලෑමෙදි පෙනුන විදියට ලැනිස්ටස්ලාට ඉතුරු වෙලා ඉන්නේ අට දාහක භට පිරිසක්.

ලැනිස්ටර් අක්කා මලො දෙන්නෙක් වෙන සර්සි සහ ජේමි අතර සිද්ධ වෙන සමාජ පටහැනි සම්බන්ධය විස්ටීරියොස් වල සාමය බිඳ වැටෙන්න හේතුවක් උනා කියලා කිවුවත් වැරදි නෑ. රොබට් බැරතියොන් රජුගෙන් පසු ජොෆ්රි බැරතියොන්ව යකඩ සිංහාසනයේ වාඩි කරවන්න මේ අක්කා මලො දෙන්න කටයුතු කරේ ජොෆ්රි , රොබට් බැරතියොන්ට දාව උපන් එකෙක්ය කියලා. ඕලෙනා ටයිරෙල් සහ ලිට්ල් ෆින්ගර් ගේ සැළසුමකට අනුව ජොෆ්රි විෂ ශරීරගත වෙලා මැරෙනවා. මේ වෙනකොට ඒ කියන්නේ හයවෙනි කතා සමය අවසාන වෙනකොට යකඩ සිහසුනේ වාඩි වෙලා ඉන්නේ සර්සි.

ලෝහිත පැහැති පසුබිමක රත්රන් පැහැයෙන් දිස්නය දෙන සිංහයෙක්ගෙන් සලකුණු වී ඇති ලැනිස්ටස් නිවසේ ආදර්ශ පාඨ දෙකක් තියෙනවා. එකක් තමයි “Hear me roar”, එහෙම නැත්නම් "මා ගර්ජනය කරනු අසවු". මේ ආදර්ශ පාඨය කලාතුරකින් තමයි ලැනිස්ටස් කෙනෙක්ගෙන් පිට වෙනවා ඇහෙන්නෙත්. ලැනිස්ටස් කෙනෙක් කටක් ඇරියොත් කියන තව දෙයක් තියෙනවා. ඒ තමයි “A Lannister is always pays his debts”. ඒ කියන්නේ ලැනිස්ටස් කෙනෙක් කිසිම වේලාවක අනිත් අයගේ ණය කාරයෙක් වෙලා ඉන්නේ නෑ කියන එක. ඒකේ අර්ථය ඕන විදියකින් ගන්න පුලුවන්.

No comments:

Post a Comment