හයිගාර්ඩ්න්
වල හවුස් ටයිරෙල් කියන්නේ විස්ටිරෝස් වල තියෙන තවත්
එක් වංශාධිපති නිවසක්. විස්ටිරෝස් වලින් නිරිතදිග දෙසට වෙන්න තියෙන ජනාකීර්ණ භූමි ප්රදේශයක් තමයි
ටයිරෙල්ලගේ පාලනය යටතේ තියෙන්නේ. මේ අයගේ ලොක්කා
වෙලා ඉඳියේ මේස් ටයිරෙල්. මේ වෙනකොට ටයිරෙල්
පාලනය කරන්නේ මේස්ගේ අම්මා ඕලෙනා ටයිරෙල්, හවුස් ටයිරෙල් වල අවසන් සමාජිකයා
විදියට.
මේස්ගේ පුතා උන ලෝරස් තමයි
රෙන්ලි බැරතියොන්ගේ ආදරවන්තය. රෙන්ලි සහ ඔහුගේ පියා
අතර තිබුන සාමග්ගිය තව තවත් ශක්තිමත්
කරන්න ඕන කමට, මේස්ගේ
දුව මාගරි රෙන්ලිට විවාහ කරලා දුන්නා. රෙන්ලිගේ මරණෙන් පස්සේ ජොෆ්රිත්, ජොෆ්රිගේ මරණෙන් පස්සේ ටොම්මෙන් බැරතියොනුත් මාගරි එක්ක විවාහ උනා. මාගරි ටයිරෙල්, ලෝරස් ටයිරෙල් සහ මේස් ටයිරෙල්
ගේ මරණ වලින් පස්සේ තමයි ඕලෙනා ටයිරෙල්, ටයිරෙල් වල අධිපති වෙන්නේ.
දැනට
කතාව යන විදියට ඕලෙනා
ටයිරෙල්ගෙන් පස්සේ ටයිරෙල් වංශාධිපති පරම්පරාවට මොනවා වේවිද කියලා කියන්න අමාරුයි. පේන විදියට ඕලෙනාගෙන් පස්සේ ටයිරෙල් වලට උරුමකම් කියන්න දැනට කවුරුත්ම නෑ. මේ විදියට කතාව
ඉස්සරහට ගියොත් ටයිරෙල් නෂ්ට වෙලා යාමේ අවධානමක් තියෙනවා.
ටයිරෙල්
වංශාධිපතීන්ගේ සලකුණ වෙන්නේ ලා කොළ පසුබිමක
රත්තරනින් හැඩ උන රෝස මලක්.
ඔවුන්ගේ ආදර්ශ පාඨය වෙන්නේ, “Growing Strong”.
No comments:
Post a Comment