පාඨය - "සිසිරය පැමිනෙනවා" ආසනය - වින්ටර්ෆෙල්
වින්ටර්ෆෙල් වල හවුස් ස්ටාක් කියලා කියන්නේ වෙස්ටෙරෝස් වල වංශාධිපති නිවස. ස්ටාක්ලා පාලනය කරන්නේ උතුරු කොටස. වෙස්ටෙරෝස් වල වංශාධිපති පරම්පරාවේ ඉතාමත් පැරණි, වැදගත් ලේ උරුමයක් තමයි මේ ස්ටාක් කියන්නේ. ඒ උරුමය අවුරුදු අටදහසකටත් එහා ගිය එකක්. හවුස් ස්ටාක් හි ලොක්කා හදුන්වන්නේ වින්ටර්ෆෙල් වල වංශාධිපතිවරයා කියලා. මේ වෙනකොට ජොන් ස්නො තමයි වින්ටර්ෆෙල් වල වංශාධිපතිවරයා.
කට්ටියට මතක ඇති නේ රෙඩ් වෙඩින් එකේදි සිද්ධ උන සමූලඝාතනය. ලැනිස්ටර්ස්ලට පක්ෂපාති වෙලා, ෆ්රේ සහ බෝල්ටන්ලා ස්ටාක්ලට ද්රෝහි උනා. ස්ටාක් සහ ෆ්රේ අතර තිබුන විවාහ ගිවිසුම කඩලා දැම්මා කියලා නේ වෝල්ඩන් ෆ්රේ, ඒ වෙනකොට උතුරේ රජා වෙලා ඉඳපු රොබ් ස්ටාක් මරලා දැම්මේ. රොබ් විතරක් නෙමෙයි, රොබ්ගේ බිරින්දෑ වුනු ටලීසා රැජිනත්, රොබ්ගේ මෑණියන් වුනු කේට්ලින් ආර්යාවත් මැරුම්කෑවා. ඒ උනත් එතන වැඩිය කවුරුවත් දන්නේ නැති දෙයකුත් තියෙනවා. ඒ තමයි එදා ඒ රෙඩ් වෙඩින් එකේදි ඒ සිද්ධ උන ඝාතන වලට හේතු උනේ විවාහ ගිවිසුමක් කඩලා දාපු එක නෙමෙයි. ඒ සමූලඝාතනයේ නියම මොළකාරයා ටයිවින් ලැනිස්ටර්. ඒ වෙනකොටත් රොබ් ස්ටාක් ලැනිස්ටර්ස්ලත් එක්ක තිබුන යුද්ධ හුඟක්ම වගේ දිනලා තිබුනේ. කවුරුවත්ම මුලින් හිතුවේ නෑ කෝඩුකාරයෙක් වෙච්ච රොබ් ස්ටාක් යුද්ධ කරන්න දක්ෂයෙක් වෙයි කියලා. ඒත් කවුරුත්ම පුදුම කරමින් රොබ් ස්ටාක් ලැනිස්ටර්ස්ලට 'දුවන්න ගැහුවා'. ඒ විතරක් නෙමෙයි තමන් යුධ උපක්‍රම වල සමර්ථයෙක් කියලා ඔප්පු කරමින් රොබ්, ජේමි ලැනිස්ටර් ව කුදලගෙනත් ආවා. මේ හේතු නිසා ටයිවින් ලැනිස්ටර්, රූස් බෝල්ටන් සහ වෝල්ඩන් ෆ්‍රේ දෙන්නවත් එකතු කරගෙන ඒ කසාදෙ දවසේ රෑ ස්ටාක්ලවයි, ඒ අයට පක්ෂපාතී වෙලා ඉඳපු අනිත් ප්‍රභූන්වයි මරලා දැම්මා. විවාහ ගිවිසුම කඩලා දැම්ම නිසා මැරුවා කියලා කිවුවේ ඒ ඝාතන සාධාරණීකරන කරන්න. ඊට පස්සේ බෝල්ටන්ලා විසින් වින්ටර්ෆෙල් ඒ අයගේ පාලනය යටතට ගත්තා. ඒ උනාට ඔක්කොම අවුල් වෙලා ගියා සන්සා ස්ටාක් බෝල්ටන්ලගේ ග්රහනයෙන් පැනලා ගියපු නිසා. කොහොම උනත් බැටල් ඔෆ් බාස්ටර්ට්ස් එකෙන් පස්සේ, රිකන් ස්ටාක්ගේ මරනය මධ්යයේ වුවත් ස්ටාක් නිවස කලින් තිබුන ප්රතාපවත් බවට පත් උනා. ඊට පස්සේ ජොන් ස්නෝ උතුරේ රජා උනා කියලත් දන්නවනේ.
හවුස් ස්ටාක්ලගේ සලකුණ වෙන්නේ සුදු පාට පසුබිමක ඉන්න අළු පාට ඩයර්වුල්ෆ් කෙනෙක්. අනිත් හවුසස් වල සලකුණු වගේ ස්ටාක්ලගේ සලකුණෙන් තර්ජනයක් වත් ලොකු කමක්වත් පෙන්නන්නේ නෑ. ස්ටාක්ලගේ සලකුණෙන් දිස් වෙන්නේ අනතුරු ඇඟවීමක්.. ඒක මොන තත්වය යටතේ, කාට උනත් අදාල වෙන විදියේ අනතුරු ඇඟවීමක්. පලමු කතාසමයෙදි නෙඩ් ස්ටාක් සහා ආර්යා අතර සිද්ධ වෙන කතාබහ මතකද? වින්ටර් ඉස් කමින් එහෙම නැත්නම් සිසිරය පැමිණෙනවා වගේ එකක්.... මේ සිසිරය පැමිණෙනවා කියන එක ස්ටාක්ලගේ ආදර්ශ පාඨය. එකේ ටිකක් ගැඹුරු තේරුමක් තියෙන්නේ. උතුරේ පාලකයන් හැටියට ස්ටාක්ලා දන්නවා, ශීත කාලෙදි තමයි ඔවුන්ගේ ඉඩකඩම් වලට ලොකුම හානියක් වෙන්නේ කියලා. ශීත කාලය එනකන් හොඳින් උස් මහත් උන බෝග, ශීත කාලයෙදි විනාස වෙලා යන්න පුලුවන්. ඒ වගේ තමයි හැම දෙයක්ම හොඳින් ශිද්ධ වීගෙන ගියත් ඉස්සරහට නපුරු කාලයක් එන්න පුලුවන්කම තියෙනව කියන්න ස්ටාක්ලා දන්නවා. ඉතින් ඒ නපුරු කාලෙට මූණ දෙන්න කල්තියාම සූදානම් වෙන්න ඕන. වෙන කවුරු හරි ඇහුවොත් ඇයි මෙහෙම කරන්නේ කියලා...., එතකොට ස්ටාක්ලා කියනවා සිසිරය පැමිණෙනවා කියලා.
සඹඳතා
- රිකාඩ් ස්ටාක් (මියගොස්) - හිටපු පවුල් ප්‍රධානී, වින්ටර්ෆෙල් හි වංශාධිපති සහ උතුරු ආඤාදායක. පිස්සු රජා ඒරිස් ගේ අනින් ගිනි වතුර (Wild Fire) යොදා පණ පිටින් මරන ලදී
- බ්‍රැන්ඩන් ස්ටාක් (මියගොස්) - ඔහුගේ වැඩිමහල් පුතු ,ඔහු සමගම ගිනි වතුරින් (Wild Fire) මිය ගියේය.
- එඩාඩ් ස්ටාක් (මියගොස්) - ඔහුගේ දෙවනි පුතු. නෙඩ් ස්ටාක් යන නමින් ප්‍රසිද්ධව සිටි ඔහු වංශ ප්‍රධානී ,උතුරු ආඤා දායක හා රොබට් රජුගේ උපදේශක යන තනතුරු වල සේවය කල ඔහු, ජොෆ්‍රි බැරතියන් ගේ බොරු චෝදනාවකින් හිස ගසා මරණයට පත් උනා.
- කැට්ලින් ස්ටාක් ආර්යාව (මියගොස්) - නෙඩ් ස්ටාක් ගෙ ආර්යාව උන කැට්ලින් ටලී වංශයේ කෙනෙක්. රෙඩ් වෙඩින් එකේ සමූල ඝාතනයෙදි කැට්ලින් ආර්යාවට මිය යන්න සිදු වුනා
- රොබ් ස්ටාක් රජු (මියගොස්) - නෙඩ් හා කැට්ලින් ස්ටාක් ගෙ වැඩිමල් පුතා උන රොබ් උතුරේ හා වින්ටර්ෆෙල් හි රජු විදියට ඉඳලා පස්සෙ යුද්ධෙන් උතුර අහිමි කර ගත්තා. මිනිස්සු රොබ් ව හැඳින්නුවෙ තරුණ වෘකයා කියලා. පස්සෙ රෙඩ් වෙඩිං එකේදි සමූල ඝාතනයෙන් මිය ගියා.
- තලිසා (මියගොස්) - රොබ් ස්ටාක් ගෙ භාර්යාව උන තලිසා වොලැන්ටිස් වැසියෙක්. එයාටත් රෙඩ් වෙඩ්ං එකේදිම මැරෙන්න සිද්ධ උනා එයාගෙ නූපන් දරුවා එක්කම.
- සන්සා ස්ටාක් - ඔවුන්ගේ වැඩිමහල් දුව උන සන්සා එක සැරයක් ටිරියන් ලැන්සිටර් ඊලඟට රැම්සේ බෝල්ටන් එක්ක විවාහා උනා. දැනට වින්ටර්ෆෙල් හි ආර්යාව විදියටයි එයා ඉන්නෙ.
- ආර්යා ස්ටාක් - ඔවුන්ගේ දෙවනි දුව ආර්යා ගැන හැමෝම හිතාගෙන ඉන්නෙ මේ වෙනකොට එයා මැරිලා කියලා. බ්‍රාවොස් වල ඉදලා ආයෙම වින්ටර්ෆෙල් එන ගමනුයි ආර්යා දැං ඉන්නෙ.
- බ්‍රැන්ඩන් (බ්‍රැන්) ස්ටාක් - අබ්බගාත වෙලා ඉන්නෙ බ්‍රැන් මේ වෙද්දි ප්‍රාකාරෙන් එහා පැත්තෙ මීරා එක්ක ඉන්නෙ. එයා ගැනත් හැමෝම හිතාගෙන ඉන්නෙ මැරිලා කියලා.
- රිකන් ස්ටාක් (මියගොස්) - නෙඩ් හා කැට්ලින් ගෙ බාලම පුතා උන රිකන් රැම්සේ බෝල්ටන් අතින් මැරුම් කෑවා.
- ලියානා ස්ටාක් (මියගොස්) - රිකාඩ් ස්ටාක් ගෙ එකම දුව. රොබට් රජතුමා එක්ක විවාහා වෙන්න ඉදපු ලියානා රොබට් ගෙ කැරැල්ල අතරතුරේදි හැමෝටම හොරෙන් එයාගෙයි රේගාර් ටාගේරියන් ගෙයි පුතා ජොන් ස්නෝ ට ජීවිතය දීලා මිය ගියා.
- බෙන්ජන් ස්ටාක් - රිකාඩ් ස්ටාක් ගෙ බාලම පුතා බෙන්ජන්, එයා තමයි නිශාචර සුරැකුම් බලකායෙ පලවෙනි උයන් පල්ලා. හැම කෙනෙක්ම හිතාගෙන ඉන්නෙ එයත් මැරිලා කියලා. එයත් මී වෙනකොට ප්‍රාකාරෙන් එපිට ඉන්නෙ.
සේවකයන් හා ප්‍රාණ ඇපකරුවන්
- මේස්ටර් ලුවින් (මියගොස්) - වින්ටර්ෆෙල් නිවසේ හිටපු උපදේශක හා වෛද්‍යවරයා.
- තියොන් ග්‍රේජෝයි - නෙඩ් ස්ටාක් ගෙ හිටපු ආරක්ශක. ග්‍රේජොයි කැරැල්ලෙන් පස්සෙ නෙඩ් මෙයාව ප්‍රාණ ඇපකාරයෙක් විදියට ගෙනත් තියා ගත්තා. පස්සෙ වින්ටර්ෆෙල් වලට ද්‍රෝහි වෙලා පැනලා යද්දි රැම්සේ ට අහු වෙලා කාලයක් වහලෙක් විදියට එයා ලඟ ඉදලා දැං පැනලා ගිහින් මී වෙහ්දි එයාගෙ අක්කා යාරා එක්ක ඩැනී ට එකතු වෙලා ඉන්නෙ.
- සෙර් රොඩ්‍රික් කැසෙල් (මියගොස්) - වින්ටෆෙල් වල හිටපු යුධ ප්‍රධානී. වින්ටර්ෆෙල් විනාස කරන වෙලාවෙදි තියොන් මෙයාව මරනවා.
වින්ටර්ෆෙල් හි ස්ටාක් වරුන්ට ගැති අනෙකුත් වංශාධිපති පවුල්
- වේල් හි ඇරින්
No comments:
Post a Comment