House Martell - හවුස් මාටෙල්



මාටෙල් කියන්නේ නෂ්ට වෙලා ගියපු වෙස්ටෙරෝස් වල වංශාධිපති නිවසක්මාටෙල්වරු සන්ස්පියර් නමැති ඔවුන්ගේ මාලිගාවේ ඉඳන් ඩෝර්න් කියලා ලොකු අර්ධද්වීපයක් පාලනය කරාමේ මාටෙල්වරු අනිත් වංශාධිපති නිවෙස් වගේ ලොකුවට සිංහාසන අරගලයට මැදිහත් උනේ නෑ. 'රොබට්ස් රිබෙලියන්' (Robert’s Rebellion) එකෙන් පස්සේ ඔවුන් තමන්ගේ පාඩුවේ හුදෙකලා විදියට තමයි හිටියේ.

මාටෙල්වරු දක්ෂ සටන්කාමින් කියල හුඟක්ම ප්‍රසිද්ධයි. ටාගේරියන් ආක්‍රමණ වලට සාර්ථකව මුහුණ දීලා ජයග්‍රහණය කරපු එකම වංශය විදියට සැලකෙන්නෙත් මාටෙල්වරු. පස්සේ, ටාගේරියන්වරු, මාටෙල් අයත් එක්ක විවාහ ගිවිසුමකින් සම්මුතියක් ඇති කර ගත්තා. ඒ විවාහය සිද්ධ උනේ රේගාර් ටාගේරියන් සහ එලා මාටෙල් අතර. එලා කියන්නේ මාටෙල් පවුලේ මද්දුමයා. ටාගේරියන්වරුන්ට එරෙහිව සිද්ධ උනු 'රොබට්ස් රෙබෙලියන්' එක අතරතුරදි ග්‍රෙගොර් ක්ලේගේන්, එලා මාටෙල් දූෂණය කරලා ඇගේ දරුවන් දෙන්නත් එක්කම මරලා දැම්මා.

ඩොරාන් මාටෙල් කුමරු සහ ඔහුගේ එකම උරුමක්කාරයා උනු ට්රිස්ටෙන් කුමාරයගේ ඝාතන වලින් පස්සේ මාටෙල් වංශය නෂ්ට වෙලා ගියාකොහොම උනත් ඩොරාන් මාටෙල්ගේ සහෝදරයා උනු ඔබෙරයින් මාටෙල්ට උලර් වංශයේ (House Uller) ගෑණු උදවියත් එක්ක පොඩි පොඩි "ගණුදෙණුතිබුන නිසා මාටෙල් ලේ උරුමය නැත්තටම නැති වෙලා ගියා කියලා කියන්නත් බෑමොකදමාටෙල්වරු නෂ්ට වෙලා ගියා උනත්මාටෙල් ලේ ඇඟේ දුවන 'සෑන්ඩ් ස්නේක්"ලා මාටෙල්වරුන්ගේ සලකුණ තමන්ගේ එකක් විදියට පාවිච්චි කරනවා.


මාටෙල්වරුන්ගේ සලකුණ වෙන්නේ තැඹිලි පට පසුබිමකරතු පාට ඉර පසාරු කරගෙන ගියපු කහ පාට හෙල්ලයක රූපයක්නයිමීරියා කුමරියගේ ලාංජනය උනු රතු පාට ඉරේ රූපයත් ඔවුන් තමන්ගේ සලකුණ විදියට පාවිච්චි කරාඔවුන්ගේ ආදර්ශ පාඨය වෙන්නේ, “Unbowed, Unbent, Unbroken”.

No comments:

Post a Comment