House Frey - හවුස් ෆ්‍රේ



රිවලන්ඩ්ස් වල ෆ්රේ කියන්නේ තවත් එක් වංශාධිපති නිවසක්හැබැයි මීට කලින් නම් ෆ්රේ වංශයේ අයහවුස් ටලීලා යටතේ තමයි හිටියේයකඩ සිහසුනට එරෙහිව ටලීලා කැරලි ගැහුවා කියලා නේ ඔවුන්ගේ පට්ටමුයි ඉඩ කඩනුයි ඔවුන්ට අහිමි කරේ අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගත්ත ෆ්රේලා,  ටලීලට ද්රෝහි වෙලා රිවලන්ඩ්ස් වල බලය අත්පත් කර ගත්තාහැබැයි මේ වෙනකොට හවුස් ෆ්රේ වල වර්ථමාන තත්වය ගැන නම් එච්චරටම පැහැදිලි නැහැමොකද ෆ්රේ වංශයේ අධිපති වෙලා උන්නු වෝල්ඩර් ෆ්රේඔහුගේ පුත්තු දෙදෙනෙක් එක්කම ආර්යා ස්ටාක් අතින් පරලෝසැපත් උනා නේඒත් අපිට හිතන්න පුලුවන් වෝල්ඩර් ෆ්රේගේ වැඩිමල් පුත්රයා වෙන ස්ටෙව්රොන් ෆ්රේ රිවලන්ඩ්ස් වලට උරුමකම් කියාවි කියලා.

ට්රයිඩන් ගංගාවේ ඉවුරු දෙක එකට යාකරමින් ඉදි වෙලා තියෙන ෆ්රේ බලකොටුවහැම අතින්ම එක සමාන කුලුනු දෙකකින් සමන්විත වෙලා තියෙන්නේගඟේ ඉවුරු දෙක යා කරමින් ඉදි වෙලා තියෙන පාලමගල් පාලම කියලත් හැඳින් වෙනවාමේ ගල් පාලම තමයි ට්රයිඩන් ගංගාව තරණය කරන්න මිනිස්සුන්ට තියෙන ප්රධාන පාලමට්රයිඩන් ගංගාව දෙපැත්තේ ඉන්න හුඟක් මිනිස්සු ගංගාව හරහා යන්න මේ ගල් පාලම පාවිච්චි කරන නිසාම ඒකේන් ලැබෙන ආදායමෙන්රිවලන්ඩ්ස් වල ඉන්න පොහොසත්ම හවුස් එකක් බවට ෆ්රේ පත් උනා.


හවුස් ෆ්රේගේ සලකුණ වෙන්නෙත් ඔහුන්ගේ බලකොටුවමයිඅලු පාට කුලුණු දෙක යාකරමින් ඇති ගල් පාලමතද අලු පැහැති පසුබිමේනිල් පාටින් පෙනෙන වතුර වලට උඩින් හොඳින්ම දකින්න පුලුවන්. “We stand Together” කියලා ආදර්ශ පාඨයක් ඔවුන් භාවිතා කරත්පවුලේ අය අතරම තිබුන සටන් එක්ක බලද්දි  වගේ ආදර්ශ පාඨයක් ඔවුන්ට තියෙන එකටත් හිනා යනවා.

No comments:

Post a Comment