House Baratheon of Storm's End - හවුස් බැරතියොන් ඔෆ් ස්ටෝම්ස් එන්ඩ්



හවුස් බැරතොයොන් ඔෆ් ස්ටෝම්ස් එන්ඩ් කියන්නේ නෂ්ට වෙලා ගියපු තවත් එක්
වංශයක්මේකේ ප්රධාන ශාඛාව වෙච්චි හවුස් බැරතියොන් ඔෆ් කිංග්ස් ලෑන්ඩින්ග්ස්
තමයි කලින් විස්ටිරෝස් වල රාජකීය වංශය වෙලා හිටියේමේ වෙනකොට ලැනිස්ටර්ස්ලා තමයි පාලනය ගෙනියන්නේ

බැරතියොන් මුතුන් මිත්තන් තමන්ගේ ප්රධාන බලකොටුව විදියට පාවිච්චි කරේ මේ
ස්ටෝම්ස් එන්ඩ්ස්ඒත් රාජකීය වංශය බවට පත් උනාට පස්සේඔවුන් ටාගේරියන්ලට
අයිති වෙලා තිබුන ඩ්රැගන්ස්ටෝන් දූපත් බලකොටුවත් අත්පත් කරගත්තා කොහොම උනත් සත් රාජධානියේ කිංග්ස් ලෑන්ඩින්ග්ස් වල තමයි රජු හිටියේරොබට් බැරතොයොන්ගේ මරණෙන් පස්සේ රජවරු පස් දෙනාගේ යුද්දේ ආරම්භ වුනාඑතෙක් එකට
ඉඳපු බැරතියොන්ලා කොටස් තුනකට කැඩුනාඉන් එක කොටසක් රොබට් බැරතියොන්ගේ ඊනියා පුත්රයා උනු ජොෆ්රි බැරතියොන් පාලනය කරද්දි අනිත් කොටස් දෙක රොබට් ගේ බාල සහෝදරවරු දෙන්නා උනු ස්ටැන්නිස් සහ රෙන්ලි පාලනය කරාබ්ලැක්වෝටර් යුද්දෙන් ඇති උන තුවාල නිසා රෙන්ලි මැරුනට පස්සේ ඔහු යටතෙ ඉඳපු අය ඔක්කොම වගේ ස්ටැන්නිස් එක්ක එකතු
උනාමේ අතරේ ටොම්මෙන් බැරතියොන්ට පක්ශපාති ලැනිස්ටර්ස් සහ ටයිරෙල් හමුදාවන් ස්ටෝම්ලන්ඩ්ස් අල්ලා ගත්තාටොම්මෙන්ගේ මරණයත් එක්කම හවුස් බැරතියොන්ලා නෂ්ට වෙලා ගියාරොබට් බැරතියොන්ගේ අවජාතක පුතා ජෙන්ඩ්රි විතරයි දැනට
ඉතුරු වෙලා ඉන්න එකම බැරතියොන් ලේ තියෙන එකා.


බැරතියොන්ලගේ සලකුණ උනේ රත්තරන් පාට පසුබිමක ඉන්න කළු පාට ගෝනෙක්රොබට් බැරතියොන් යකඩ සිහසුනට පත් උනාට පස්සේ ගෝනගේ කරට රත්තරන්
ඔටුන්නකුත් එකතු උනාබැරතියොන් ආදර්ශ පාඨය වෙන්නේ, “Ours is the Fury”.

No comments:

Post a Comment