ඉයිරි වල හවුස් ඇරීන්, විස්ටිරෝස් වල ඉන්න තවත් එක් වංශාධිපති නිවසක්. උතුරේ තියෙන ස්වාධීන රාජධානියක් වන වේල් ප්රදේශයේ පාලනය තියෙන්නේ මේ ඇරින් වංශිකයින් අතේ. ඇරින් වංශිකයින්ගේ නාම මාත්රික ප්රධානියා වෙන්නේ රොබින් ඇරින්. ඒත් රොබින් ඇරින් හරි වයසට එනකන් ඔහුගේ මාමා වෙන පීටයිර් බේලිෂ් තමයි ඇත්තටම ඇරින් වංශික ප්රධානියා වෙන්නේ.
පලමු කතා සමය පටන් ගන්නකොට ඇරින් අධිපති වෙලා ඉඳපු ජොන් ඇරින් සැක සහිත ලෙස මරණයට පත් වෙලා. ජොන් ඇරින්ගේ වැන්දඹුව වුනු ලයීසා(කැටලින් ස්ටාක්ගේ සහෝදරිය), ඒ මරණෙට දොස් තිවුවේ ලැනිස්ටර්ස්ලට. ලැනිස්ටර්ස්ලට දොස් තිවුවත් රජවරු පස් දෙනාගේ යුද්දෙදි ඇය කාගෙවත් පැත්තක් ගන්නේ නැතුව තමන්ගේ පාඩුවේ හිටියා. ලයිසට ඕන වෙලා තිබුනේ තමන්ගේ පුතා නිසි වයසට ඇවිල්ලා ඇරින් වල උරුමක්කාරයා වෙනවා දකින්න. පීටයිර් බේලිෂ්, ලයිසව මරලා දාලා ඒක හදිසි අනතුරක් කියලා ඒත්තු ගැන්නුවා. ඊට පස්සේ බේලිෂ් තමයි රොබින්ගේ භාරකරු උනේ. 'බැටල් ඔෆ් බාස්ටඩ්ස්' එකේදි උතුරෙන් බෝල්ටන්ලා නෙරපන්න ඇරින් අය ස්ටාක්ලට උදවු උනා. පස්සේ හවුස් ඇරින් එක උතුරු රාජධානියත් එක්ක එකතු වෙලා යකඩ සිහසුනට විරුද්ධ උනා.
හවුස් ඇරින් සලකුණ වෙන්නේ නිල් පාට පසුබිමක තියෙන, සුදු පාට අඩ සඳකුත් සහ ෆැල්කන් පක්ෂියෙක්. මොවුන්ගේ ආදර්ශ පාඨය වෙන්නේ, “As High As Honour”.
No comments:
Post a Comment