සත්හි ආශිර්වාදය - Faith of the Seven

සත් රාජධානියේ ප්‍රධාන ඇදහිල්ල තමයි සත්හි ආශිර්වාදය. පැරණි වන දෙවිවරු අදහන උතුරු වැසියන් හා ගිළුණු දෙවියන් අදහන අයන්බෝන් වරු ඇරුනම බහුතර වෙස්ටෙරොසි ජනයාගේ ඇදහීම වෙන්නෙ සත්හි ආශිර්වාදය.උතුරුවාසීන් හා අයන්බෝන් වරු අතරත් සත්හි ආශිර්වාදය අදහන අය නැතුවම නෙමේ. ඒත් ඒක බොහොම සුළුතරයක්.

සත්හි ආශිර්වාදය යන්නෙහි අරුත මුහුණු හතක් ඇති දෙවියා වගේ අරුතක්. සත්හි දෙවිඳුන් God of Seven, අළුත් දෙවියන් New Gods යන මේ හැම නමක්ම කියන්නෙ මේ හතට තමයි. අළුත් දෙවියන් කියන නම නම් ලැබිලා තියෙන්නෙ වෙස්ටෙරොස් වලට අළුතෙන් ආපු දෙවියන් කියන තේරුමත් එක්ක.

තුඩු 7ක් තියෙන තරුවක් තමා මේ හතේ සංකේතය වෙන්නෙ. එකම තරුවක කොන් 7ක් කියන එකෙන් අදහස් කරන්නෙ එකම දෙවියන් විදි 7කින් මිනිස්සුන්ට බලපාන බව. මේ නිසා වෙස්ටෙරොසි ජනයා අතර 7කියන්නෙ පූජනීය ඉලක්ක්මක්. ස්වර්ග 7ක් වගෙම අපාය 7කුත් තියෙන බව වෙස්ටෙරොසි වැසියන් විශ්වාස කරනවා.
මේ මූණු 7ක් තියෙන දෙවියන්ගෙ මූණු හත තමයි,

    Image result for faith of seven
  • පියාණන් The Father - දිව්‍යමය යුක්තිය, මරණය පසිඳලීම
  • මෑණියන් The Mother - කරුණාව, සාමය හා සාරවත් බව පෙන්නුම් කිරීම
  • තරුණිය The Maiden - පිරිසිඳු බව, රූමත් බව, අහිංසක බව හා ආදරය සංකේතවත් කිරීම
  • මැහැල්ල The Crone - බුද්ධිය හා දුර දක්නා නුවණ පෙන්නුම් කිරීම
  • රණශූරයා The Warrior - ශක්තිය හා ධෛර්යය පෙන්නුම් කිරීම
  • කම්මල්කරුවා The Smith - නිර්මාණශීලීත්වය හා ශිල්ප නිපුණ බව සංකේතවත් කිරීම
  • අමුත්තා The Stranger - මරණය


සත්හි ආශිර්වාදයේ මූල තියෙන්නෙ එසොස් වල අන්දාල්වරුන්ගෙ නිජභූමියේ. අන්දාල්වරුන්ගෙ වෙස්ටෙරොස් ආක්‍රමණයත් එක්ක තමයි වෙස්ටෙරොස් වලට සත්හි ආශිර්වාදය එන්නෙ. වෙස්ටෙරොස් වල දකුණට ගොඩබහින අන්දාල් වරු එතන ඉඳන් උතුරට යනකල් පළමු මිනිස්සුන් ව පරාද කරන ගමන් කැළෑ ළමයින් වත් මිලෙඡ්ජ විදියට මරමින් උතුරු දිහාවට ගමන් කරනවා. ඒ විතරක් නෙමේ හැම තැනම තියෙන වියර්වුඩ් ගස් කපලා ගිණි තිය තිය තමා යන්නෙත්.

ටාගේරියන් වංශිකයන්ගේ පාලනය පටන් ගන්න කලින් සත්හි ආශිර්වාදයේ පූජකයන්ට පුළුවන් කම තිබුණා, රජවරු හා සාමාන්‍ය ජනයා වෙනුවෙන් යුක්තිය පසිඳලන්න, නඩු විභාග තියන්න වගෙම මරණ දඬුවම් පවා නියම කරන්න. ටාගේරියන් වරු බලයට පැමිණීමත් එක්ක සත්හි ආශිර්වාදයටට මේ වරප්‍රසාද අහිමි උනා.

පැරණි දෙවිවරු අදහනවා වගේ නෙමේ, සත්හි ආශිර්වාදයේ ආචාර විදි ගොඩක් තියෙනවා. පූජනීය ග්‍රන්ථ, එක එක විදියෙ නීති වගෙම දේවස්ථානත් වෙනම තියෙනවා. මේ දේවස්ථාන හදලා තියෙන්නෙ පැති හතක් තියෙන විදියට. මේ දේවස්ථානවලට තමා කියන්නෙ සෙප්ට් Sept කියලා.ඒ විතරක් නෙමේ, පූජක වරුන්, පූජක වරියන් ඉන්න ආරාමයන් පවා තියෙනවා.
Image result for faith of seven

No comments:

Post a Comment