අනන්‍යතාවක් නැති මිනිසුන් - Faceless Men

මූලිකවම බ්‍රාවෝස් නිදහස් නගරය කේන්ද්‍ර කරගෙන, ඒසොස් සහ වෙස්ටරෝස් දක්වා ව්‍යාප්තව තියෙන ඝාතකයන්ගේ නිකායක් තමයි මේ  අනන්‍යතාවක් නැති මිනිසුන් 'ෆේස්ලස් මෙන්' කියලා කියන්නේ. මේ අය ඝාතනයක් සිදු කරන්න අය කරන ගාස්තුව ඉතාමත්ම ඉහල අගයක්. ඒත් මේ අය ඒ ඝාතන සාර්ථකව සිදු කරන නිසා ඒ වගේ ගානක් ගෙවන්න කවුරුවත් දෙපාරක් හිතන්නේ නැහැ.

අනන්‍යතාවක් රහිත මිනිසුන්ට ඔවුන්ගේ මුහුණු වෙනස් කර ගැනිමේ විශේෂිත හැකියාක් තියෙනවා. එහෙම මුහුණ වෙනස් කරගෙන සම්පූර්ණයෙන්ම අලුත් පුද්ගලයෙක් බවට පත් වෙන්න පුලුවන්.

අනන්‍යතාවක් නැති මිනිසුන් තමන්වම සලකන්නේ බොහෝ ව'තැති/එහෙම නැත්නම් මුහුණු ගොඩක් තියෙන දෙවියන්ගේ අනුගාමිකයින් විදියට. ඇත්තටම මුහුණු ගොඩක් තියෙන දෙවියන් කියලා වන්දනාමාන කරන්නෙ 'මරණය', මේ අයගෙ විශ්වාසයට අනුව ඉන්න එකම දෙවියන් තමයි මරණය. ඔවුන් කියන්නෙ මුළු ලෝක වාසීන්ම නොදැනුවත් ව හරි වන්දනා කරන්නෙ මේ මරණය කියලා. අනෙක් හැම ආගමකම ඉන්න දෙවිවරු එක එක විදියෙන් මිනිස්සුන්ට පෙනී ඉඳියත් ඒ දෙවියන්ගෙ අන්තර්ගතය මරනය කියලයි කියන්නෙ.

විශ්වාසයන්

අනන්‍යතාවක් රහිත මිනිසුන් කියල කියන්නේ බොහෝ වත'තැති දෙවියන් අදහන ආගමික ඝාතක නිකායක් කියල කියන්නත් පුලුවන්. ඔවුන් විශ්වාස කරන්නේ මිනිසුන් විඳින වද වේදනා වලට ලබා දෙන්න පුලුවන් අනුකම්පා සහිත අවසානය මරණය කියලා. යම් කිසි මිලකට, ලෝකයේ ඉන්න ඕනම කෙනෙක්ට මරණය නමැති 'තෑග්ග' ලබලා දෙන්න මේ අනන්‍යතාවක් නැති මිනිසුන් එකඟ වෙනවා. බොහෝ මුහුණු ඇති දෙවියන් අදහන අයට පූජකවරු නැහැ. දේවස්ථානයක් කියලා තියෙන්නෙත් බ්‍රාවොස් වල තියෙන කළු-සුදු නිවහන (The house of Black and White) විතරයි. තමන්ගේ වධ වේදනා වලට අවසානයක් ලබා ගන්න ඕනම කෙනෙක් ඒ දේවස්ථානයෙදි තමයි විශ සහිත වතුර බීලා වේදනාවක් රහිත මරණයක් ලබා ගන්නේ.

අනන්‍යතාවක් රහිත මිනිසුන්ට පෞද්ගලික වාසි තකා හෝ පෞද්ගලික තරහක් පිරිමහ ගන්න මිනීමරන්න බෑ. එහෙම මිනීමරන එකත් සපුරා තහනම්. ඒ වගේම තමයි මේ අයට ඝාතනයක් කරන්න භාර දුන්නට පස්සේ, ඒ ඉලක්කගත පුද්ගලයා අහිංසක කෙනෙක්ද නැද්ද, ඒ පුද්ගලයා කාගේ කවුද, මොන තරාතිරමේ කෙනෙක්ද කියන එක මේ අයට අදාල නෑ. යම් කෙනෙක් අනන්‍යතාවක් රහිත මිනිසුන්ගේ ඉලක්කයක් බවට පත් උනාට පස්සේ ඔහුගේ හෝ ඇයගේ මරණය අනිවාර්යයි, බේරෙන්න කිසිම විදියක් නැහැ.

ලෝරත් වල අපරාධකරුවෙක් වූ ජැකන් හැගාර් යනු....


....අනන්‍යතාවක් නැති මිනිසෙක් බවට හෙලි විය.


No comments:

Post a Comment