ගිළුණු දෙවියන් - Drowned God

ගිළුණු දෙවියන්ව මූලිකවම අදහන්නෙ අයන් අයිලන්ඩ්ස් වල අයන්බොර්න් වරුන් විසින්. වෙස්ටෙරොස් වල ප්‍රධාන ඇදහිල්ල වල සත්හි ආශිර්වාදයට නතු නොවුන ප්‍රදේශ දෙකෙන් එකක් වෙන්නෙ අයන් අයිලන්ඩ්ස්. අනික උතුර.

Image result for drowned god euron
ගිළුණු මිනිසුන් Drowned Men 
නිශ්චිත හැඩයක් රූපයක් නැති මේ දෙවියන්ව අයන්බෝන් වරු මවා ගන්නෙ වතුරෙ ගහගෙන යන කොට කෑළි එකතු කරලා අනුමාන මනුස්ස රූපයක් වගේ හදාගෙන. එහෙම නැත්නම් මනුස්ස හැඩයක් තියෙන වතුරෙ ගහගෙන යන තනි කොටයක්.

මේ ඇදහිලි ක්‍රමයේ ඉන්න පූජකවරු හඳුනවන්නෙ ගිළුණු මිනිසුන් Drowned Men යන නමෙන්. මුහුදු වතුර සළකන්නෙ පූජනීය ජලය විදියට. ඉතිං මේ ගිළුණු මිනිසුන් බැතිමතුන්ට ආශිර්වාද කරන්නෙ මුහුදු වතුර ඔළුවට වත් කරලා. ඒ විතරක් නෙමෙයි බිළිඳුන්ව බෞතීස්ම කරන්නෙත් මුහුදු වතුර ගිල්ලලා. ආශිර්වාද කරන අවස්ථාවෙදි මූදු වතුර කෙණ්ඩියකට දාලා ආශිර්වාද කරන්න තියෙන කෙනාගෙ ඔළුවට වත් කරනවා. මේ අවස්ථාවේදී පූජකයා හා ආශිර්වාද ලබන කෙනා අතරෙ එයාලගෙ ආදර්ශ පාඨයත් ඊට පිළිතුරු වැකියත් හුවමාරු වෙනවා.

"මළවුන් නැවත මියෙන්නේ නැත" (What is dead may never die)
"මළවුන් නැවත මියෙන්නේ නැත, නමුදු නැවත නැගෙයි පෙරට වඩා ශක්ත්මත්ව. " (What is dead may never die, but rises again stronger and harder)
තියොන් බෞතීස්ම කිරීම


මේ විතරක් නෙමේ, අයන්බෝන් වල රජෙක් ව අභිශේක කරද්දිත්  මේ වගෙම දෙයක් කරන්නෙ. ගිළුණු මිනිසෙක් විසින් රජ වෙන්න ඉන්න කෙනාගෙ ඔළුව මුහුදෙ ඔබාගෙන ඉන්නවා එයාගෙ හුස්ම හිර වෙනකල්. ඊට පස්සෙ අතාරිනවා ඊට පස්සෙ අනෙක් අය ගොඩට ඇදගෙන ඇවිත් දානවා හුස්ම ගන්න ආයෙම.

අයන්බෝන් වරුන්ගෙ විශ්වාසයන්ට අනුව, ගිළුණු දෙවියන් ඔවුන්ට ඉඩ ලබා දී තියෙනවා අනෙක් ප්‍රදේශ ආක්‍රමණය කරන්න. ගිළුණු දෙවියන්  මුහුදෙ යට ඉඳලා ගෙනාපු ගිණි දැල්ලකින් අයන්බෝන් වරුන්ව නිර්මානය කරලා තියෙන්නෙ ආක්‍රමණය කරන්න, බලාත්කාරෙන් තමන්ගෙ කර ගන්න හා අනුන්ගෙ දේවල් මංකොල්ල කන්න කියලයි අයන්බෝන් වරුන්ගෙ විශ්වාසය. අයන් අයිලන්ඩ්ස් වල තරුණයෙක් තමන් වැඩුණු මිනිසෙක් බව පෙන්නන්න නම් තමන් විසින් හතුරෙක් ව මරලා පෙන්නන්න ඕනෙ.

ගිළුණු දෙවියන් ඇදහිල්ලේදී පුනුරුප්පත්ථිය තදින් විශ්වාස කරන අයන්බෝන් වරු දියෙහි ගිළීමෙන් නැවත ජීවිතයට එන්න පුළුවන් බව විශ්වාස කරනවා. මේ නිසාම අයන්බෝන් වරු මුහුදට හා මුහුදේ ගිලෙන එකට නම් පොඩ්ඩක් වත් බය නැහැ.

By - +Oshadha Jayasecara 

No comments:

Post a Comment