නගරාරක්ෂක බළකාය - City Watch




කින්ග්ස් ලෑන්ඩින්ග් වල නීතිය සුරැකීමේ ආයතනයක් විදියට තමයි මේ නගරාරක්ෂක බළකාය (City Watch) එහෙම නැත්නම් 'ගෝල්ඩ් ක්ලොක්' පිහිටුවල තියෙන්නේ. ගොර්ල්ඩ් ක්ලොක් කියන නම මේ අයට වැටිලා තියෙන්නේ මෙයාලගේ නිළ ඇඳුමට රන් පාට එකතු වෙලා තියෙන නිසා.

මේ නගරාරක්ෂක බළකායේ සමාජිකයින් ශක්තිමත්, හොඳින් පුහුනුව ලත් අය වගේම හොඳින්ම සන්නද්ධ උනු හමුදා ඒකයක්. කොහොම උනත් මේ බළකායේ ඉන්නේ 'ඇත්තම' හමුදා භටයන් කියලම කියන්න බෑ. මොකද අපි දැක්කා බ්ලැක්වෝටර් සටනෙදි මේ ඒකකයේ හුඟ දෙනෙක් භය වෙලා සටන අතර මගදි පැනලා ගියපු හැටි. මේ අයගේ පක්ෂපාතීත්වය තියෙන්නේ යකඩ සිහසුනේ වාඩි වෙලා ඉන්න රජු එක්ක විතරයි. ඒ වගේම තමයි මේ අය පිළිපදින්නේත් යකඩ සිහසුනේ වාඩි වෙලා ඉන්න රජු දෙන අණ විතරමයි.

නගරාරක්ෂක බළකායේ උසස් වීම ලබා දෙන්නේ එකිනෙකා පෙන්වන දක්ශතා මත විතරයි, එහෙම නැතුව එකිනෙකාගේ ජන්මයේ උසස් බව මත නෙමෙයි. ඒකට හොඳම උදාහරණය තමයි,  බළකායේ කලින් අණ දෙන්නා උනු ජානොස් ස්ලින්ට් මස් මරන්නෙක්ගේ පුතෙක් උන එක. ජානොස් ස්ලින් ට පස්සෙ අණ දෙන තනතුරට පත් කරපු බ්‍රොන්ටත් තියෙන්නේ පහත් යැයි සම්මත ජන්මයක්.

                                                                                            ජානොස් ස්ලින්ට්

නගරාරක්ෂක බළකායේ නායකයගේ ජන්මය උසස් එකක් උනොත් ඔහුව හඳුන්වන්නේ 'ලෝඩ් කමාන්ඩර්' කියලා, ජන්මය පහත් එකක් උනොත් නිකන්ම කමාන්ඩර් කියලා හඳුන්වනවා. ජානොස් ස්ලින්ට් පහත් ජන්මයක් තිබුන කෙනෙක් නිසා ඔහුට කිවුවේ කමාන්ඩර් කියලා විතරයි. කොහොම උනත් නෙඩ් ස්ටාක් ව අත්තඩංගුවට ගත්තට පස්සේ ජොෆ්‍රි විසින් ජානොස් ස්ලින්ට් ට නම්බු නාම දීලා ඔහුව හැරන්හෝල් වල අලුත් අධිපතිවරය විදියට නම් කරා. ඊට පස්සේ ඉඳලා තමයි ජානොස් ස්ලින්ට් ලෝඩ් කමාන්ඩර් විදියට හඳුන්වන්න ගත්තේ.


No comments:

Post a Comment