ඉතාමත් දක්ශ රණශූරයන්ගෙන් සමන්විත උනු විශේෂිත හමුදා ඒකකයක් තමයි 'අන්සලීඩ්' කියන්නේ. අස්ටපෝ වල පුහුණු කරන මේ සොල්දාදුවන් හැම කෙනෙක්ම වහල්ලු. මේ වහල් සොල්දාදුවන් යුද්ධ වලදි පෙන්නන දක්ශකම් සහ ඔවුන්ගේ හික්මීම නිසා ඔවුන්ට තියෙන්නේ ඉතාමත් ඉහල ඉල්ලුමක්.
මේ හමුදා ඒකකයේ මූලික ආයුධය වෙන්නේ හෙල්ලය සහ පලිහ. ඊට අමතරව මොවුන් කඩුවත් භාවිතා කරනවා. මොවුන්ගේ පුහුණුව ආරම්භ වෙන්නේ මේ වහලුන් කුඩා කාලයේ ඉඳලමයි. ඒ පුහුණුව අවසාන ඵලය තමයි යුද්ධ කිරීමට ඉතාමත් දක්ශ, මනා හික්මීමකින් යුක්ත උන සොල්දාදුවන්. මොවුන්ගේ පුහුණුව කොයිතරම් දරුණුද කියනව නම් හැම හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි අවසානයෙදි ඉතුරු වෙන්නේ.
මේ සොල්දාදුවන්ගේ වෘශන කෝශ ඉවත් කරලා තියෙන්නේ. ඒ නිසා යුද්ධයක් අතරමැදදි මොවුන් වියරු වැටෙන්නෙවත්, විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ෂනය වීමක් වත් වෙන්නේ නෑ. ඔවුන් ඉටු කරන්නේ ඔවුන්ට අණ ලැබුන දේ විතරයි, ඉන් එහාට යාමක් නැහැ. කොහොම උනත්, මේ සොල්දාදුවන්ට හැඟීම් තියෙනවා.
No comments:
Post a Comment