මේස්ටර්ස් - Maesters

මේස්ටර්ස් (Maesters)

"මේස්ටර්ස්" කියලා කියන්නේ සත් රාජධානියෙම ඉන්න වෙදැදුරුවන්, ගුරුවරුන්ගෙන් සහ බුද්ධිමත් අයගෙන් සැදුම්ලත් විශේෂ නිකායක්. සමහර වෙලාවට මේ අයව "ද නයිට්ස් ඔෆ් ද මයින්ඩ්ස්" කියලත් හඳුන්වනවා. මේ අය ඉන්ද්‍රජාල එහෙම නැත්නම් මැජික් කියන දේවල් වලට වලට වඩා විද්‍යාත්මක පැත්තට බරයි.

මේස්ටර්ස්ලා අනාගාමික පිරිසක්. ඒ අය කිසිම ආගමක් හෝ ඇදහිල්ලක් ගැන විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම තමයි "ෆේත් ඔෆ් ද සෙවන්"(Faith of The Seven) නිකායෙ ඉන්නව වගේ ගැහැණු අයට මේස්ටර්ස්ලා විදියට සේවය කරන්න බෑ.

රාජකාරී

වෙස්ටෙරෝස් වල තියෙන හැම වංශාධිපති පවුලකට සහ හැම මාළිගාවකම වගේ එක මේස්ටර් කෙනෙක් ඉන්නවා. වංශාධිපතිවරුන්ගේ ළමයින්ට අධ්‍යාපනය ලබලා දෙන්න, වෛද්‍ය කටයුතු වලට, අවවාද උපදෙස් ලබල දෙන්න වගේ දේවල් තමයි මේස්ටර් කෙනෙක්ගේ අතින් සිද්ධ වෙන්නේ. එක රාජධානියකින් තවත් රාජධානියකට පණිවිඩ හුවමාරු කරන වැඩෙත් මේස්ටර් කෙනෙක් තමයි කරන්නේ. ඔවුන් මේ සඳහා පණිවිඩ හුවමාරුවටම පුහුණු කරපු කාක්කන් පාවිච්චි කරනවා. ඒ කාක්කො බලාගන්න වැඩෙත් මේස්ටර් කෙනෙක් තමයි කරන්න ඕන. මේස්ටර් කෙනෙක් තමන් ඉන්න ස්ථානයේ වෛද්‍යවරයා විදියටත් සේවය කරනවා. කැඩුනු අස්ථි නැවත හදන වැඩේ ඉඳලා දරුවන් මේ ලෝකෙට ප්‍රසූත කරන එකටත් ඔවුන් උදවු වෙන්න ඕන. ඒ නිසාම මේස්ටර් කෙනෙක්ට ලෙඩ රෝග ගැනත්, බෙහෙත් පැලෑටි ගැනත්, ඕෂදීය පාන ගැනත් හොඳ දැනුමක් තියෙන්න ඕන. ඊට අමතරව, මේස්ටර් කෙනෙක් කාළගුනයේ සිද්ධ වෙන වෙනස්කම් ගැනත් හොයල බලන්න ඕන. සෘතු වල වෙනස් වීම ගැනත් අවදානෙන් ඉන්න ඕන.

 බ්‍රෑන් ස්ටාක්ට පාඩමක් කියා දෙන මේස්ටර් ලූවින්

මේස්ටර් කෙනෙක් විදියට නිකායට බැඳෙනකොට මේ අය තමන්ගේ පවුලේ නම අතාරින්න ඕන. ඒ වගේම තමයි පවුලට තමන්ගේ තියෙන සියලු බැඳීම්, සම්බන්ධකම් නතර කරලා දාන්න ඕන. මේස්ටර් කෙනෙක්ට කිසිම විදියක දේශපාළණ අදහසක් හෝ ගැතිකමක් තියෙන්නත් බෑ. මේස්ටර් කෙනෙක් තමන්ව අනුයුක්ත කරන ඕනම මාළිගාවක සේවය කරන්න ඕන. ඒ මාළිගාවේ ඉන්න වංශාධිපතියා කවුරු උනත්, මේස්ටර් කෙනෙක් බැඳිලා ඉන්නවා ඒ වංශාධිපතියට සේවය කරන්න. අන්න ඒ හේතුව නිසාම තමයි තියෝන් ග්‍රේජෝයි ස්ටාක්ලට ද්‍රෝහි වෙලා වින්ටෆෙල් අල්ල ගත්තට පස්සේ, වින්ටෆෙල් වල මේස්ටර් වෙලා ඉඳපු මේස්ටර් ලූවින් තියෝන්ව වින්ටෆෙල් වල අලුත් වංශාධිපති විදියට පිළි අරගෙන සේවය කරේ.

කාසල් බ්ලැක් හි මේස්ටර් ඒමන්


සංවිධානය

මේස්ටර් නිකායේ මූළස්ථානය පිහිටල තියෙන්නේ 'සිටඩෙල්' (Citadel) , එහෙම නැත්නම් 'හයිටවර්'(Hightower) වල. ආධුනික අයව පුරුදු පුහුණු කරන්නේ සිටඩෙල් වල. ඔවුන්ගේ පුහුණුව සම්පූර්ණ උනාට පස්සේ තමයි ඔවුන් මේස්ටර් කෙනෙක් බවට පත් වෙන්නේ. මේස්ටර් නිකාය පාළනය කරන්නේ 'කොන්ක්ලේව්' (Conclave) කියලා කවුන්සිලයක් මගින්. ඒ කවුන්සිලයේ ඉන්න අයව හඳුන්වන්නේ 'ආර්ක්මේස්ටර්ස්ලා' (Archmaesters) කියලා. ඒ අය තමයි ඉන්න ඉහලම මේස්ටර්වරු.

'ග්‍රෑන්ඩ් මේස්ටර්' (Grand Maester) කෙනෙක් සැළකෙන්නේ නිකායේ ඉන්න ජ්‍යෙෂ්ඨතම සමාජිකයා විදියට. ඔහු තමයි යකඩ සිහසුනේ (Iron Throne) වාඩි වෙලා ඉන්න රජුගේ නියෝජිතයා විදියට සැළකෙන්නෙත්. ග්‍රෑන්ඩ් මේස්ටර් කෙනෙක් පත් කරන්නේ කොන්ක්ලේව් එක මගින්. ඒ පත් කර ගනිපු ග්‍රෑන්ඩ් මේස්ටර් සේවය කරන්න ඕන කින්ග්ස් ලෑන්ඩින්ග්ස් වල රෙඩ් කීප් (Red Keep) බළකොටුවේ ඉඳගෙන. රජුට හෝ 'කින්ග්ස් හෑන්ඩ්' (යුවරජු ) ට පුලුවන් ග්‍රෑන්ඩ් මේස්ටර් සේවයෙන් අයින් කරන්න. ඒත් ඔහුගේ නාමය, පට්ටම අයින් කරන්න බෑ.

ග්‍රෑන්ඩ් මේස්ටර් පයිසෙල්


මේස්ටර්වරු තමන්ගේ බෙල්ල වටේ ලොකු රවුම් තියෙන දම්වැලක් එල්ලගෙන ඉන්නවා. ඒ රවුම්/පුරුක් විවිධ ලෝහ වලින් නිර්මාණය කරපුවා. ඒ ලෝහ වලින් කියන්නේ ඒ මේස්ටර්ට තියෙන දක්ශකම්.

රත්තරන් - මුදල් සහ ගිණුම්කරණය
රිදී             - වෛද්‍ය විද්‍යාව
යකඩ       - යුධ ශිල්පය
කළු යකඩ  - පණිවිඩ හුවමාරුව
ඊයම්         - විශ පිළිබඳ දැණුම
තඹ           - ඉතිහාසය
ලෝකඩ    - තාරකා ශාස්ත්‍රය
වානේ        - ඉදිරීම කර්මාන්ත
එලෙcට්‍රම්   - නක්ශස්ත්‍රය
පේල් ස්ටීල්  - ලෝකුරු වැඩ
වැලේරියන් වානේ  - ඉන්ද්‍රජාලික/ මායම් වැනි දේවල්

මීට අමතරව තව ලෝහ වර්ග කීපයක් ඇතත් ඒවායින් දිස් වෙන දැණුම් ක්ෂේත්‍රය පිළිබඳව සඳහනක් නැත.



No comments:

Post a Comment