Game of thrones වල සිතියමේ හැටියට වෙස්ටෙරොස් තියෙන්නෙ බටහිර පැත්තට වෙන්න.. ඒ කියන්නෙ අනෙක් පැත්තෙ තියෙන්නෙ එසොස්. ඒ දෙක වෙන් වෙලා තියෙන්නෙ පටු මුහුදෙන්. මුළු වෙස්ටෙරොස් ද්වීපයම දකුණු කෙළවරේ ඉඳලා උතුරෙ ප්‍රාකාරෙ ලඟට යනකල්ම පාලනය කරන්නෙ එකම රජෙක්... එයා රාජ්‍ය පාලනය කරන්නෙ කින්ග්ස්ලෑන්ඩින් වල ඉඳගෙන. වෙස්ටෙරොස් තමා සත් රාජධානිය.
වෙස්ටෙරොස් වට වෙලා තියෙන්නෙ, බටහිර පැත්තෙන් හිරුගිලෙන(Sunset Sea) මුහුද දකුණෙන් ගිම්හාන මුහුද ( Summer Sea) හා නැගෙනහිරින් පටු මුහුදත් (Narrow Sea), සැළෙන මුහුදත් එක්ක (Shivering Sea).
වෙස්ටෙරොස් වට වෙලා තියෙන්නෙ, බටහිර පැත්තෙන් හිරුගිලෙන මුහුද දකුණෙන් ගිම්හාන මුහුද හා නැගෙනහිරින් පටු මුහුදත් , සැළෙන මුහුදත් එක්ක. මේක පිරිලා තියෙන්නෙ කඳු, ගංඟා, වනාන්තර වගේම ඒකටම අයිති දූපත් සමූහයක් එක්ක.
අවුරුදු දොළොස්දහසකට කළින් වෙස්ටෙරොස් වල ඉඳියෙ කැළෑ ළමයි. ඒත් එයාලා ඇත්තටම මිනිස්සු නෙමෙයි. එයාලා තමා කැලේ පරණ දෙවියන්ව අදහන එක පටන් ගත්තෙ.. පස්සෙ පළමු මිනිස්සු වෙස්ටෙරොස් ආක්‍රමණය කලා එයාලගෙ ආයුධත් එක්ක.
ආයෙම ඊට අවුරුදු ගානකට පස්සෙ වෙස්ටෙරොස් ආයෙම ආක්රමනය කලා ධවල ඇවිදින්නො... ඒ අවුරුදු ගානක සිසිරයක් තිබුන කාලයක්. පළමු මිනිස්සුයි, කැළෑ ළමයිනුයි එකතු වෙලා "හිමිදිරි සටන" කියන සටනෙන් ඪවල ඇවිදින්නො පරාජය කලා.. ඒකෙන් පස්සෙ කැළා ළමයි නොපෙනී ගියා හරියට හැංගුනා වගේ. ඒ වගෙම බ්‍රැන්ඩන් ස්ටාක් ප්‍රාකාරය ඉද්ඩි කලා ආයෙම වයිට් වෝකර්ස් ලට එන්න බැරි වෙන්න. ප්රාකාරයේ රැකවලට නිශාචර සුර්අකුම් බළකායත් පටන් ගත්තා.
ඊට අවුරුදු දෙදාහකට පස්සෙ වෙස්ටෙරොස් වලට ආයෙමත් ආක්‍රමණයක්. ඒ අන්දාල් වරුන්ගෙන්.. ඒ අය ආවෙ පටු මුහුද හරහා. එයාලා දකුණෙන් බාගෙකටත් වඩා අල්ලා ගත්තත් උතුරට කිට්ටු වෙන්න බැරි උනා. එයාලා අල්ල ගත්තු ප්‍රදේශ පුරාම පුංචි පුංචි රාජධානී ඒ අය පිහිටෙව්වා.
සත් රාජධානිය (Seven Kingdoms)
සත් රාජධානිය පාලන ප්‍රදේශ 9කට බෙදිලා තියෙන්නෙ. ඒ හැම එකක්ම ප්‍රබල වංශාදිපති පවුලක් විසින් වෙනම පාලනය කරනවා. කින්ග්ස්ලෑන්ඩින් විතරක් රජතුමා පාලනය කරන්නෙ මොකද එයා ඉන්නෙ එහේ නිසා.
උතුර - North
ස්ටාක් අය වින්ටර්ෆෙල් වල ඉඳගෙන උතුර පාලනේ කරනවා. වෙස්ටෙරොස් වල ලොකුම කොටස උතුර උනත් ජනගහන තියෙන්නෙ අඩුවෙන් මොකද එහෙට ඉක්මනින් එන නිතර තියෙන ශිශිරය නිසා. ධවල වරාය තමා උතුරෙ තියෙන ප්‍රධාන වරාය. උතුරු කෙලවරේ තමා ප්‍රාකාරයත් නිශාචර සුරැකුම් බලකායත් තියෙන්නෙ.
ඇරින් මිටියාවත - Vale of Arryn
ඉයිරි බලකොටුවෙ ඉඳගෙන ඇරින් වංශය තමා මෙහේ පාලනය කරගෙන යන්නෙ. ඇරින් වල මායිම් වටේම කඳුකර වාසීන්ගෙන් ගැවසිලා තියෙන්නෙ.
රිවලන්ඩ්ස් - The Riverlands
රිවරන් බලකොටුවෙ ඉන්න ටලී වංශය රිවලන්ඩ්ස් පාලනය කරනවා. වෙස්ටෙරොස් වල මැද හරියට වෙන්න තමා රිවර්ලන්ඩ්ස් පිහිටලා තියෙන්නෙ. වෙස්ටෙරොස් වල වෙච්ච යුද්ධ හැම එකක්දිම වගේ රිවර්ලන්ඩ්ස් සම්බන්ධ වෙලා තියෙනවා මේ මැදින් ඉන්න නිසාම.
වෙස්ටර්ලන්ඩ්ස් - The Westerlands
ලැනිස්ටර් වංශෙ අය කාසලි රොක් බලකොටුවෙ ඉඳගෙන වෙස්ටර්ලන්ඩ්ස් පාලනය කරනවා. එයාලගෙ ප්‍රධාන වරාය ලැනිස්පෝර්ට්. වෙස්ටර්ලන්ඩ්ස් වල රන් රිදී බහුලව තියෙනවා. අනෙක් අයට වඩා ලැනිස්ටර්ලා පොහොසත් වෙන්න හේතුව ඒකයි
අයන් දූපත් - The Iron Islands
අයන් දූපතේ තියෙන පයික් කියන බලකොටුවෙ ඉඳගෙන ග්‍රේජෝයි පවුල ඒ දූපත් පාලනය කරනවා. මේක දූපත් කීපෙන් හැදිලා තියෙන්නෙ, මහා වයික්, පරන වයික්, හාලෙව්,බ්ලැක්ටයිඩ්, ඕක්මොන්ට්, සෝල්ට්ක්ලිෆ් හා පයික් දූපත් සමූහයෙන්.
ක්රවුන්ලෑන්ඩ්ස්- The Crownlands
ක්රවුන්ලන්ඩ්ස්. මේ කොටස පාලනේ කරන්නෙ සත් රාජධානියෙ රජතුමා යකඩ සිහසුනේ ඉඳගෙන. කින්ග්ස්ලෑන්ඩින් තමා අගනගරය.
ස්ටෝම්ලන්ඩ්ස් - The Stormlands
ස්ටොර්ම්ලන්ඩ් පාලනය කරන්නෙ බැරතියන්වරු ස්ටොර්ම් එන්ඩ් බලකොටුවෙ ඉඳගෙන. ස්ටොර්ම්ලන්ඩ් වලටම අයිති තව දූපත් කීපෙකුත් තියෙනවා, විශේශයෙන් ටාත් හා එස්ටර්මොන්ට්. හොඳ වර්ශාපතනයක් වගෙම වෙස්ටෙරොස් වල වැඩිම කැලෑ ටික තියෙන්නෙත් මෙහේ.
රීච් - The Reach
හයිගාඩ්න් බලකොටුවෙ ඉඳගෙන ටයිරෙල් වංශයේ අය රීච් වල පාලනය ගෙන යනවා. රීච් අල ප්‍රධාන නගරත් වරාත් වෙන්නෙ 'ඕල්ඩ් ටවුන්'. ඒ වගෙම රීච් හරිම සාරවත්.
ඩොර්න් - The Dorne
මාටෙල් වංශය සන්ස්පියර් බලකොටුවෙ ඉඳගෙන ඩොර්න් වල පාලනය කරගෙන යනවා. සත් රාජදානියේ ඩොර්න් පොඩ්ඩක් ඈතින් ඉන්නෙ මුහුදෙන් වෙන් වෙලා. ඩොර්න් වල එයාලටම විශේශ අනන්‍යතා දේවල් ගොඩක් තියෙනවා.
වෙස්ටෙරොසි ජනයා
අන්දාල් වරු - Andals
පළමු මිනිසුන්- First Men
වනචාරීන් - Free Folk (Wildings)
අයන්බෝන් - Ironborn
රොහ්නාර් - Rhoynar
කැලෑ ළමයි - Children of the forest
යෝධයන් - Giants
ධවල ඇවිදින්නන් - White Walkers
No comments:
Post a Comment