අයන් බෑන්ක්ස් ඔෆ් බ්රාවෝස් කියලා කියන්නේ බ්රාවෝස් නිදහස් නගරයේ තියෙන බැංකුවක්. ඒසොස් වල සහ වෙස්ටරෝස් වල හුඟ දෙනෙක්ම වගේ මේ බැංකුවේ ගණුදෙනුකරුවන්. මේ ගණුදෙනුකරුවන් ගොන්නට සත් රාජධානිවල රජවරුන්, වංශාධිපතිවරුනුත් අයිති වෙනවා. යකඩ සිහසුන පවා මේ බැංකුවට ඉතා විශාල ප්රමාණයක් ණයයි. තව, අපි දැන ගත්ත දෙයක් තමයි බලවත් වගේම ඉතාමත් පොහොසත් ලැනිස්ටර්වරු පවා මේ බැංකුවේ ණයකරුවන් බව.
බැංකුවේ සළකුණ වෙන්නේ රන් ත්රිකෝණ දෙකක් වැලි ඔරලෝසුවක් විදියට යා කරල, ත්රිකෝණ දෙක යා වෙන තැනින් වමට සහ දකුණට අත් දෙකක් එලියට නෙරල තියෙන රූපයක්.
ටයිකො නෙස්ටෝරිස්, බැංකුවේ නියෝජිතයෙක්
No comments:
Post a Comment