කින්ග්ස්ගාර්ඩ් - Kingsguard



වෙස්ටරෝස් වල ඉන්න දක්ශතම සහ උසස්ම නයිට්වරු හත් දෙනෙක්ගෙන් සැදුම්ලත් සුවිශේෂිතම ඒකකයක් තමයි කින්ග්ස්ගාර්ඩ් කියන්නේ. මේ අයගේ රාජකාරිය වෙන්නේ අන්දාල්වරුන්ගේ සහ පළමු මිනිසුන්ගේ රජු සහ රාජකීය පවුලේ සමාජිකයින්ගේ පෞද්ගලික අංගාරක්ශයන් විදියට සේවය කරන එක. කින්ග්ස්ගාර්ඩ්වරු රකින දිවුරුම සලකන්නේ ඉතාමත් ශුද්ධ සහ උසස් දිවුරුමක් විදියට. නිශා සුරැකුම් බලකායේ සමාජිකයින් වගේම, කින්ග්ස්ගාර්ඩ් සමාජිකයින්ටත් ඉඩ කඩම් වලට හිමිකම් කීම, විවාහයක් කර ගැනීම සහ දරුවන් ජාතක කිරීම සපුරා තහනම්.

කින්ග්ස්ගාර්ඩ් අය අඳින්නේ ඔවුන්ටම ආවේනික සම්පූර්ණයෙන්ම සුදු දිග සළුවක් සහ රන් පැහැති සන්නාහයක්. රජවරු පස් දෙනාගේ යුද්ධයට ශත වර්ෂ තුනක ඉඳලම සත් රාජධානියේ රැජිනක් පාළනය කරලා නැහැ. ඒත් එහෙම රැජිනක් පාළනය ගෙනියනව නම් මේ ඒකකයේ නම් 'ක්වීන්ස්ගාර්ඩ්' කියලා වෙනස් වෙනවා.

කින්ග්ස්ගාර්ඩ් සන්නාහය


පලවෙනි ඒගොන් ටාගේරියන් රජු තමයි මුළු සත් රාජධානියම එකම රජ කෙනෙක් යටතේ එක් සේසත් කරලා මේ කින්ග්ස්ගාර්ඩ් ඒකකය නිර්මානය කරේ.

කින්ග්ස්ගාර්ඩ් ඒකකයේ සේවය කරපු සහ කරන හැම නයිට්වරයෙක්ගෙම ක්‍රියාවන්, 'ද බුක් ඔෆ් බ්‍රදර්ස්' කියලා පොතක සටහන් කෙරෙනවා. ඒ පොත තැන්පත් කරලා තියෙන්නේ 'වයිට් ස්වෝර්ඩ් ටවර්' එකේ. මේ පොත යාවත්කාලීන කරන වැඩේ භාර වෙන්නේ කින්ග්ස්ගාර්ඩ් ඒකකයේ අණ දෙන ප්‍රධානියට.

කින්ග්ස්ගාර්ඩ්වරුන්ගේ වර්ථමාන අණ දෙන ප්‍රධානියා වෙන්නේ සෙර් ජේමි ලැනිස්ටර්. අණ දෙන ප්‍රධානියා අනෙකුත් නයිට්වරුන්ගෙන් අඳුන ගන්න විෂේශිත සලකුනක් නම් නැහැ. සාමාන්‍යෙන් නම් අණ දෙන ප්‍රධානියා හමුදා කටයුතු සම්බන්ධයෙන් රජුට උපදෙස් දෙන්න ස්මෝල් කවුන්සිලයට සහභාගි වෙනවා. කොහොම උනත් බැරිස්ටන් සෙල්මි නම් එහෙම කවුන්සිලයට සහභාගි උනේ නැහැ. මොකද ඔහු කලින් පක්ෂපාති වෙලා හිටියේ ටාගේරියන් රාජවංශයට නිසා.

සෙර් ආතර් ඩේන්, ජෙරලඩ් හයිටවර් වගේ ඉතිහාසේ නමක් රන්දපු කින්ග්ස්ගාර්ඩ්වරු වගේම සෙර් බැරිස්ටන් සෙල්මි, සෙර් ලෝරස් ටයිරෙල්, සෙර් ජේමි ලැනිස්ටර්, සෙර් මෙරින් ට්‍රාන්ට්, සෙර් මැන්ඩන් මුවර්, සෙර් ග්‍රෙගොර් ක්ලෙගේන්, සැන්ඩෝර් ක්ලෙගේන් (හවුන්ඩ්), බ්‍රියෑන් ඔෆ් ටාත් වගේ අයත් ඉන්නවා.

                               සෙර් ආතර් ඩේන් සහ ජෙරල්ඩ් හයිටවර්, ටාගේරියන් කින්ග්ස්ගාර්ඩ්වරු

No comments:

Post a Comment